ISIS වෙත පහර දෙන්න පුටිනුත් සූදානම්.
සිරියාවේ අයි.එස්. අයි.එස්. සටන්කාමීන්ගේ ඉලක්ක වෙත
ගුවන් ප්‍රහාර එල්ල කිරීමට රුසියානු ජනාධිපති වැලැදිමර් පුටින්ට ඒකමතිකව
අනුමැතිය දී තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ අයි.එස්. අයි.එස්. සටන්කාමින් මර්දනයට සිරියානු
ජනාධිපති බසාර් අල් අසාඩ් රුසියාවෙන් කළ ඉල්ලීමට මෙලෙස සහාය ලබා දී ඇති
බවයි.
ඒ සඳහා රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති
බවයි ක්‍රේම්ලීනයේ කාර්යමණ්ඩල ප්‍රධානී සර්ජි එවනොෆ් ප්‍රකාශ කර ඇත්තේ.
මේ අනුව ඕනෑම වේලාවක සිරියාවේ ඉලක්ක වෙත රුසියානු ගුවන් ප්‍රහාර එල්ල විය
හැකි බව විදෙස් වාර්තා සදහන් කරනවා.
කෙසේ වෙතත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනයට සිරියාවට නව නායකත්වයක්
අවශ්‍ය බව අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා පවසනවා. අයි.එස් සටන්කාමීන්
පරාජයට පත් කිරීමට නම් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහ කළ
යුතු බවයි ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසන්නේ.
අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව ගන්නා පියවර නුදුරේදීම ක්‍රියාත්මක කරන ලෙස
ප‍්‍රංශය, රුසියාවෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.
විදෙස් ප්‍රවෘත්ති සේවා සදහන් කළේ අයි.එස්. සටන්කාමීන් සම්බන්ධයෙන් පසුගිය
කාලසීමාව තුළ රුසියාවේ කි‍්‍රයාකලාපය ප‍්‍රංශයේ විවේචනයට ලක්ව ඇති බවයි.
අයි.එස්.අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව පියවර ගන්නා බව රුසියාව අවස්ථා
කිහිපයකදී ප‍්‍රකාශ කළ ද එය මේ වන තුරුත් කි‍්‍රයාවෙන් ඔප්පු කිරීමට අසමත්
වී තිබීම නිසා ප‍්‍රංශය මෙම චෝදනා කරනවා.
ISIS වෙත පහර දෙන්න පුටිනුත් සූදානම්
ISIS වෙත පහර දෙන්න පුටිනුත් සූදානම්
තව කෙනෙකුට කියවන්න Share කරන්න