ලෝක ළමා දිනය පැවති අද (01) රඹුක්කන කොට්ඨාසයේ ජනප්‍රිය පාසලක් වන සුජාතා විද්‍යාලයේ සිසුන් ලෝක ළමා දිනය සමරා ඇත්තේ මත්පැන් බී රතිඤ්ඤා පත්තු කරමින් හා සංගීත භාණ්ඩ වාදනය කරමිණි.
සිසුන් මේ ආකාරයට හැසිරි ඇත්තේ ලෝක ළමා දිනය සමරමින් පාසලේ සංගීත සංදර්ශනයක් පැවැත්වීමට ඉඩ නොදුන් නිසා බව විද්‍යාලයේ ප්‍රකාශකයෙකු පවසයි.
අද උදෑසන පාසල ආරම්භ කළ අවස්ථාවේදී පාසල ඉදිරිපිට මහ පාරේ උද්ඝෝෂණයක යෙදුණු සිසුන් පොලිසියේ දුන්ම්දීමට අනුව පාසල තුළට ගිය අතර,ඔවුන් පන්ති තුල රතිඤ්ඤා දල්වමින් විවිධ භාණ්ඩ හා ඩෙස් පුටුවලට නාද කරමින් සින්දු කියමින් විරෝධතාවයේ යෙදුණු බවයි වාර්තා වුණේ.
උද්ඝෝෂණය පිළිබදව වාර්තා වීම නිසා රඹුක්කන පොලිසියේ නිළධාරින් කණ්ඩායමක්ද පාසලට පැමිණයද විදුහල්පතිවරයාගේ ඉල්ලීමට පොලිස් කණ්ඩායම පාසල් භුමියෙන් පිටත මහ පාරේ රැදී සිටි අතර,සිසුන් උද්ඝෝෂණය දිගටම සිදු කර ඇති බවත් සඳහන්.
විද්‍යාලයේ සිසුන් කීප දෙනෙකු අධික ලෙස බීමත්ව හැසිරුණු අතර, බීමත්කම වැඩි වු සිසුන් කීපදෙනෙකු ඇද වැටුණු බවද සිද්ධිය දුටුවන් පවසයි. එක් සිසුවෙකු ත්‍රීරෝද රථයකට ඔසවා දමා රඹුක්කන රෝහලට රැගෙන යාමට කටයුතු කළ බව ද සදහන්.
ලොක ළමා දිනය වෙනුවෙන් සංගීත සංදර්ශණයක් පැවැත්වීමට කලින් අවසර ලබාදි පසුව එයට අවසර දිය නොහැකි බව විදුහල්පතිවරාය විසින් දැනුම් දීම නිසාත් සංගීත කණ්ඩායමකට මුදල් බැඳ තිබු නිසාත් උරනවු සිසුන් මෙම උද්ඝෝෂණය පවත්වන බවයි පවසා තිබුණේ.