කෝටි එකහමාරක් ගත්තේ නැහැ, ගත්තේ රුපියල් ලක්ෂ 68ක්
හම්බන්තොට වරායේ සමාරම්භක උත්සවයේ ප්‍රසංග කටයුතුවලට රුපියල් කෝටි එකහමාරක මුදලක් ලබානොගත් බව චන්න - උපුලී රංග ආයතනය පවසනවා. එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ තමන් ඒ සඳහා රුපියල් 68 ලක්ෂ 88,125ක මුදලක් පමණක් ලබාගත් බවයි.
හම්බන්තොට වරායේ සමාරම්භක උත්සවයේ ප්‍රසංග කටයුතුවලට රුපියල් කෝටි එකහමාරක් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රවීන නර්තන ශිල්පීන් යුවළක් වන චන්න විජේවර්ධන සහ උපුලි පනීභාරත බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය 22 දා පෙනී සිටියා. හම්බන්තොට - මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය විවෘත කරනු ලැබුවේ 2010 වසරේ නොවැම්බර් මස 18 වනදායි.
එම ආයතනය පෙන්වා දෙන්නේ හම්බන්තොට වරායේ පැවැති මෙම උත්සවයට රංගන ශිල්පීන්, ශිල්පිනියන් 200ක් පමණ සහභාගි වූ බවයි. එමෙන්ම එම රංගනය සඳහා වේශ නිරූපණ ශිල්පීන් හා කොණ්ඩා මෝස්තර ශිල්පීන් ද විශාල ප්‍රමාණයක් සහභාගි වී තිබෙනවා. මේ හේතුව නිසා ඊට අදාළව සාධාරණ මුදලක් තම ආයතනය ලබාගත් බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ. කෙසේ වෙතත්, ඊට අදාළව සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පවුලේ සාමාජිකයින් මෙන්ම නර්තනය හදාරණ සෙසු දරු දැරියන් ද මානසික පීඩාවට පත්ව ඇති බව ද එම ආයතනය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.