ශ්‍රී ලංකන් එයාර්ලයින් එකටත් ඥාති සංග්‍රහයක්!
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ඥාති සංග්‍රහයක් අනුව යමින් පත්කර තිබේ. චරිත රත්වත්තේ මහතාගේ සොයුරු, කැප්ටන් සුරේන් රත්වත්තේ මහතා මෙසේ එම තනතුරට පත්කර ඇත.
කැප්ටන් සුරේන් රත්වත්ත ඩුබායි හි ජීවත් වූ අයෙකි. 2015 ඔක්තෝම්බර් මාසයේ ශ්‍රි ලංකා එයාලයින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ වැඩ අරම්භ කරන තෙක් සුරේන් රත්වත්ත මහතා එමිරේට්ස් ගුවන් සමාගමේ සේවය කරමින් සිටී.
එක්සත් ජාතික පක්ෂයට 2004 බලය අහිමිවන්නේ චරිත රත්වත්ත වැනි පුද්ගලයන් නිසාවෙනි. දැන් නැවත ඔහු කරලියට පැමිණ තිබේ. චරිත රත්වත්ත මහතා මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකි.
එක්සත් ජාතික පක්ෂයේ අඳුරු වකවානුව තුල චරිත රත්වත්තේලා නොසිටි බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි පවසයි. එසේම රනිල් වික්‍රමසිංහ මහතා දියවී යන චරිතයක් බව පවා පවසා තිබුනි. මෙවන් වූ රත්වත්තේ දැන් පැමිණ අමාත්‍යවරුන් පාලනය කිරීම හා නනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීම ආදියට සහභාගි වේ. මේ සම්බන්ධයෙන් එජාප අභ්‍යන්තරය පවසන්නේ මොහුගේ අරමුණ වී ඇත්තේ තමන්ගේ හිතවාදීන් සහ යහළුවන් රජයේ තීරණාත්මක තනතුරු සඳහා පත්කිරීමට බවයි.
චරිත රත්වත්තේ ගේ සහෝදරයා ශ්‍රී ලංකා එයාලයින් ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා වූ බව ජනාධිපතිවරයා නොදන්නා බව අපහට විශ්වාසයක් තිබේ.
මෙම ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අයවැයි විවාදයේදී සාකච්ඡා කළ යුතු එකකි. තනතුරු සඳහා පත්කිරීමේ කමිටුවට සම්බන්ධ පුද්ගලයන් දිනා ගනිමින් එම නාමලේඛණ වලට නම් ඇතුලත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී ඇත.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ සභාපතිවරයා චරිත රත්වත්තේ මහතාගේ පාසැල් සගයෙකි.
යහපාලන ක්‍රියාධරයෙකු අප හා පැවසුවේ මෙම රජය සම්බන්ධයේන එතරම් පැහැදීමක් නැති බවත් වික්‍රමසිංහ අගමැතිවරයා තමාගේ පවුලේ උදවිය පරිපාලනයෙන් ඈත් කළා වුවත් ඔහුගේ හිතවාදීන්ට ඒ සඳහා පත්කර ඇත. එම පුද්ගලයන් තම පාසැලේ මිතුරන් සහ අනුගාමිකයන් වෙත දෑත් දිගුකරමින් පවතී.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු සුවිශේෂ කරුණ වන්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ පුර්වගාමියා වන ‘එයාර් ලංකා’ සමාගමේ පලමු සභාපතිවරයා වන කපිතාන් රඛිත වික්‍රමනායක මහතා අසාර්ථක අයෙකු වීමයි. ඔහුව පත්කර ගැනීම සඳහා එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එවක සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මහතාගෙන් පුද්ගලයෙකු ඉල්ලා සිටි විට ලී ක්වාන් යූ මහතා පවසා ඇත්තේ කිසි කලෙක එම ධූරය සඳහා ගුවන් කපිතාන්වරයෙකු පත්කර නොගන්නා ලෙසයි. ඔහු ඒ බව සිය චරිතාප්රදානයේද සඳහන් කොට තිබේ. නමුත් ඊට සවන් නොදුන් ජේ.ආර්.ජයවර්ධන මහතා තම පුත්‍රයාගේ හිතවතෙකු වන කපිතාන් රඛිත වික්‍රමනායක මහතා ඒ සඳහා පත්කර ගන්නා ලදී. නමුත් ඔහුගේ වාසනාවට සාමාන්‍යාධිකාරී ධූරය සඳහා පත්කර ගැනුනේ සිංගප්පූරු එයාර් ලයින් සමාගමේ මූල්‍ය පරිපාලක කුලසේකරම් මහතායි. 1978 වසරේ සිට 1982 දක්වා සිංගප්පූරු ජාතික කුලසේකරම් මහතා එයාර් ලංකා සමාගම පලමු වසර 4 තුලදීම ලාභ ලබන ආයතනයක් බවට පත්කර ලීය. එහි ප්‍රශංසාව හිමිවූයේ කපිතාන් රඛිත වික්‍රමනායකටය. නමුත් 1982 වසරේ කුලසේකරම් මහතා නැවතත් එයාර් ලංකා සමාගමේ තම කොන්ත්‍රාත්තුව අවසන් කොට නික්ම ගිය පසු එයාර් ලංකා සමාගම ඇද වැටීමට ලක්වී කපිතාන් රඛිත වික්‍රමනායකගේ පරිපාලන දුර්වලතාවය මැනෙවින් ප්‍රදර්ශනය විය. පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඔහුට ඉල්ලා අස්වන ලෙස නියෝග කරන ලදී.
මේ උදාවී ඇත්තේ අවුරුදු 35 කට පසු ඉතිහාසය පුනරුච්ඡාරණය වීමේ අවස්ථාව බව ශ්‍රී ලංකන් – එයාර් ලංකා ඉතිහාසය දන්නා ජේෂ්ඨ සේවකයන් සඳහන් කර සිටිති.
උපුටා ගැනීම :-sinhala.srilankanthribune.com