ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට ඉල්ලීමක් (VIDEO)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඇමරිකාව ඉදිරිපත් කරන
යෝජනාවට හවුල්වීමෙන් වළකින්නැයි (29) ඒකාබද්ධ විපක්ෂය රජයෙන් ඉල්ලීමක්
කළේ ය.
ඒ සැප්තැම්බර් 29 පෙරවරුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ය.
රජය දැනටමත් ඇමරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට එකඟවන බව ප්‍රකාශ කිරීමෙන් විශාල පාවාදීමක් සිදුකර ඇති බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, කුමාර වෙල්ගම, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් එක්ව සිටි අතර ඔවුන් ප්‍රශ්න කළේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ලෝකය පිළිගෙන තිබියදී ජාත්‍යන්තර මැදිහත්වීමකට මග පාදන්නේ ඇයිද යන්න යි.