හම්බන්තොට නටපු සල්ලිවලින් කරපු දේ මෙන්න
හම්බන්තොට වරාය විවෘත කළ දිනයේ සන්දර්ශනය සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා චන්න - උපුලි දෙදෙනාව ජනාධිපති කොමිසම වෙත පසුගිය දා කැඳවනු ලැබුවා.
වරාය විවෘත කළ දිනයේ සන්දර්ශනය සඳහා ලබාගත් මුදල් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණා.
මේ සම්බන්ධයෙන් චන්න විජේවර්ධන අදහස් කිහිපයක් මතු කර තිබෙනවා.
එම අදහස් පහතින් දැක්වෙනවා.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ලක්ෂ 68ක් මේ සඳහා වියදම් වුණු විදිය කියන්න පුළුවන්ද?
"ළමයි 200යි. ඇඳුම් 200යි. කෝඩිනේටර්ස්ලා 10යි. අම්මලා 30ක් විතර සම්බන්ධ වෙලා හිටියා. මාස එකහමාරක් විතර පුහුණුවීම් ගියා. ඒ හැම දේටම ගෙවන්න ඕන. සමහරදාට රෑ දවල් බලන්නේ නෑ.
රෑ වුණාම ළමයි ගිහින් බස්සන්න ඕන මගේ වාහනෙන්. ඇඳුම් ගනිද්දි ස්පෙෂල් රෙද්දක් ගන්න ඕන. තෙමුණම එහා මෙහා පේන්නේ නැති රෙද්දක්. මොකද තෙමුණොත් මැදින් වතුර එනවා. ඇඳුම් ගනිද්දි උඩින් පේන්නෙ නෑ. මේකප්, රංග වස්ත්රාභරණ, රංග භාණ්ඩ, මේ සියලුම දේවල්වලට තමයි මේ මුදල යන්නේ. හම්බන්තොට ගිහින් ඉන්න ඕන. ඒකටත් අපි ලොකු හෝටල් ගත්තේ නෑ. සාමාන්‍ය තැනක් ගත්තෙ. සමහර ළමයි නිදාගත්තෙ බිම. අපි ලොකු තැනක් ගත්තා නම් වියදම මීටත් වඩා යනවා. අපි ඉල්ලුව නම් අපිට නොදී ඉන්නෙත් නෑ. මට හරි දුකක් ඔය ලක්ෂ 68 මම සාක්කුවේ දාගත්තා කියලා හිතන එක. මගේ මේ අතින් අරන් අනිත් අතින් ඒ ඔක්කොම සල්ලිවලින් ගෙවීම් කළා.
රජයට මම හැමදේම සේවයක් වශයෙන්. ජේ.ආර්. මහත්තයාගෙ කාලේ ඉඳන් අපිට වැඩ එනවා. අපි සාෆ් කරනවා. ඉන්ඩිපෙන්ඩන්ස් කරනවා. මම අවුරුදු ගාණක් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කළා. රජයට සේවයක් කරනවා මිසක් රජයේ මුදල් මගේ නිර්මාණවලට ගන්නේ නෑ. මේ ඉවෙන්ට් එකට මගේ යටතේ නැටුව වෘත්තීය නර්තන ශිල්පියකුට 15,000 ගාණේ දුන්න. 15,000 වැඩි කරන්න දෙසීයෙන්.
එහෙම ගණන් හැදුවොත් අතින් කයිට් කරන් තමයි වැඩේ කරලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් මේ වැඩේ මට පාඩුයි. මම දැක්කා ෆේස්බුක් එකේ මනුස්සයෙක් ලියලා තියෙනවා රජයේ සල්ලි තියෙන්නේ මුන්ට මඟුල් නටන්නද කියලා. මම ගත්තෙ නෑ සත පහක්වත්. වෘත්තීය ශිල්පීන්ට මං ගෙව්වා. ෆේස්බුක් එකේ ලියපු මිනිහට අනිත් පැත්තට ලියන්න මගේ කිසිම අවශ්‍යතාවක් නෑ. මම කළේ සේවයක්. ඒ සේවය අනිත් පැත්තට තමයි දැන් කැරකිලා තියෙන්නේ.
මම වරාය අධිකාරියත් එක්ක තමයි මේ ගනුදෙනුව පැවැත්තුවේ. එයාලට තුන්සීයක් දාලා නටවන්න ඕන වුණේ. තුන්සීයක් දැම්මා නම් තවත් ගාණ වැඩි වෙනවා. මේක ඉතාම ඉහළින් තමයි අපිට ඕන කියලා කිව්වෙ. ඊට කලින් දවසෙ රෑ වැහැලා අපි ග්‍රවුන්ඩ් එකට ගියාම කටුකම්බි කෑලි, වීදුරු කෑලි ළමයි තුන්හතර දෙනෙක්ගේ කකුල් කැපිලා මැහුම් දාලා ඒ.සී. වාහනවල තමයි ගෙනාවේ. කිසි කෙනෙක් ඒවා ගැන කතා කළේ නෑ. "
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න