ජනපති සිරිසේන ගත් අල්ලස නිසා විදෙස් සමාගමක් තහනමට ලක් වේ
===============================================
//Company emails reveal Sri Lankan President Maithripala Sirisena and his adviser allegedly sought a political "donation" to be paid by SMEC when Mr Sirisena was a cabinet minister.//
සුප්‍රකට ඕස්ට්‍රෙලියානු සමාගමක් වන ස්නෝවී මවුන්ටන් ඉන්ජිනියරින් කෝපරේෂන් හෙවත් SMEC නම් සමාගම ලෝක බැංකුව, අාසියානු සංවර්ධන බැංකුව ඇතුථ තවත් අන්තර් ජාතික සංවර්ධන බැංකු ගණනාවක් විසින් තහනම් කරමින් අසාදු ලේඛනගත කොට තිබේ. ඊට හේතුව වන්නේ, ඉහත සමාගම මගින්, ලෝක බැංකුව විසින් අරමුදල් සැපයූ වාරි ව්යාපෘථියක ටෙන්ඩර්ය ලබා ගැනීම සඳහා එවකට හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ වත්මන් ජනපති එම්. සිරිසේන වෙත විශාල අල්ලස් මුදලක් ලබාදීමයි. ලෝක බැංකුව මගින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කොට එහි ප්‍රතිඵලයක් වශයෙන් අදාළ සමාගමට තම කොන්ත්‍රාත් දීම නවතාලීම ඇතුළු තව බොහෝ දඬුවම් ක්‍රියාමාර්ග පසුගිය දා පනවා තිබේ. ඕස්ට්‍රේලියාව තුළ ස්නෝවී මවුන්ටන් සමාගම ලෝක බැංකු ව්‍යාපෘථි ප්‍රදාන ලබන විශාලතම සමාගම ලෙස සැලකේ. මේ අනුව, පනවා ඇති තහනම අදාළ සමාගමට එල්ල වූ මරු පහරක් බව සැලකේ.
මෙවන් දූෂිත ගණුදෙනු හා මගඩි මීට පෙර ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික තලයේ සාකච්ඡා වී නැති අතර, අදාළ ගණුදෙනුව හෙළි වීම හරහා ලංකාවේ ප්‍රතිරූපයට වන හානිය සුළු පටු නොවනු ඇත. දූෂණයට එරෙහි ව සටන් පාට කියමින් බලයට පැමිණි ආණ්ඩුවක ජනාධිපතිවරයා ම මෙවැනි දූෂිත මගඩියක කොටස් කරුවෙකු වීම 2015 වසරේ ලංකාවේ සිදු වූ දේශපාලන බලමාරුව පිළිබඳ සංකේතාත්මක පෙනී සිටීමක් ලෙස සිතිය හැකි ය.
තව කෙනෙකුට කියවන්න Share කරන්න