venerdì 29 settembre 2017

"ලේ කිරි දුන් උන් ලේත් උරා බී" 07- කොටස


෴  ෴   සිංහලේ   රාජවංශය  අවසන්  වීම   ඇරඹුණේය.....එතෙක්  නිවහල්  අදීන  ජාතියක්ව  රජෙකු  යටතේ  පාලනය  වූ   ලංකාද්වීපය     එංගලන්තයේ   මහ  රැජිනගේ  දෙපාමුල   තබන්නට   පිඹුරුපත්   සැකසෙන්නේ    මෙතැන්  පටන්ය...
කණගාටුදායක    කාරනය  වන්නේ....මේ  උත්තරීතර  මාතෘ  භූමිය   පාවා  දෙන්නේ  අතිශයින්ම  පුද්ගලික  වූ   හේතු   නිසාය...

පාවාදීම   අපේ   ජාතියට  අතීතයේ   සිටම  උරුමව තිබූ  බවට  සාධක  ඉතිහාසය  පුරාවට   ඕනෑ  තරම්   සොයාගත   හැක...

ලෝකය   දික්විජය     කල  මහා  රාවණ   කිසිවෙකුටත්  යටත්  කර  ගත  හැකි  කෙනෙකු  නොවන්නේය....ඔහුට   පිට  සක්වල  ග්‍රහලෝක  වල  ජීවත්වන   මිනිසුන්   සමගද  සම්බන්දතා  තිබුණු  බවද  කියැවේ...නමුත්    ඉන්දියානු   රාම  කුමරුට   රාවණ  රජු   පාවා  දෙන්නේ...ඔහුගේම   සහෝදරයාවූ      විභීෂණ   විසිනි..  

ඒ  ඉතිහාසය   අළුත්   කරමින්   ඇහැලේපොල  මහා  අධිකාරම     ශ්‍රී   වික්‍රම   රාජසිංහ  රජු   සුද්දන්ට    අල්ලාදීමට    එකඟ  වන්නේය   ඒ   සුද්දන්ගේ   මුසා  බසට  රැවටීමෙනි..

රැවටීමද   අතීතය   පුරා   අපි     අත්විඳ  ඇත්තෙමු... පරංගියා    රජුගෙන්   අවසර    ඉල්ලුවේ   ගෙරිහංකඩක්   එලා   ගන්නටය...ඉන්  සිදුවුනේ   රටේ  විශාල  ප්‍රදේශයක්  උන්  අත්පත් කර  ගැනීමය...
ඊලඟට   එවුන්   එලවා  දෙන්නට  උදව්වට   පැමිණි   ලන්දේසි.....ඉඟුරු   දී   මිරිස්  ගන්නට  තරම්  අපිව    මෝඩයින්   කලේය...

එලෙසින්ම    ඇහැලේපොල     රාජසිංහ රජු    එලවා   කිරුළු  පලඳින්නට    මැවූ   සිහිනයද   බොඳව    ගියේ    මේ  උතුම්   බිමිකඩ    රැජිනට  යටත්  වීමෙනි...
  
ඇහැලේ  පොලත්   කැප්පෙටිපොලත්     එංගලන්ත   ආණ්ඩුකාරයාගෙන්   ලැබෙන    තනතුරු  වරදාන  වරප්‍රසාද   නිසා      රාජසිංහ   රජු   සොයා   දීමට   එකඟ  වන්නේය.....
ඒ   හෙතුවත්  එකතුව   රාජසිංහ   රජු    ඇහැලේපොල   කුමාරි  හාමි  කැමති  කරවා  ගැනීමට  මාන   බලමින්    ඇයත්   දරුවන්   තිදෙනාත්   සිරබාරයට    පත්  කරන්නේය..

ඒ   සෑම  දිනයකම   රජු   මධ්‍යම    රාත්‍රියේ    කුමාරිහාමි   බලන්නට  පැමිණ    කැමැත්ත  ඉල්ලා  සිටියේය.....නමුත්   ඇය  දිවි   දෙවෙනිකොට    පති  භක්තිය   රකිනා    වීර  හෙළ  දියණියක්  බව   අසාගෙන   රජුට    පරාජය  බාරගෙන    යන්නට   සිදුවිය...

අවසානයේ      රජු   ඇගේ   පුතුන්   දෙදෙනා    හිස  ගසා   මරා  දැමීමටත්   සිඟිති   දියණිය   වංගෙඩියේ  දමා   මොල්ගසෙන්   ඇය   ලවාම   කොටවා  මැරීමටත්  අවසානයේ   තම  දරුවන්  මැරෙන  හැටි   සියැසින්    දැක ගත්    කුමාරි හාමි  බෝගම්බර   වැවේ  ගිල්වා   මැරීමටත්    අණ   කිරීමට  තරම්   රාජසිංහ   රජු    කුරිරු   වුනේය...

දඬුවම්   ලබාදෙන   දවසේ    ඇගේ   වැඩිමල්  පුතු   මරණ යට  බියවී   මවගේ   ඇඟේ   දැවටෙන්නට   ගත්තේය   එය  දැක   දෙවෙනි  පුතු   වූ   මද්දුම   බණ්ඩාර   ඉදිරියට   පැන්නේ  සිංහ  පෝතකයෙකුගේ  විලාසයෙනි.... 
දඟ  ගෙඩිය  මත   හිස  තබා   වධකයා   අමතා  *එකවර  මාගේ  හිස  ගසා  දමනු*  යැයි  ⁣ගර්ජනා  කරන්නට  තරම්  එඩියක්    ඔහු  සතුව  තිබිණ... 

තම  ආදරණීය  බිරිඳත්  දරුවන්  තිදෙනාත්      කුරිරු  රාජසිංහ  රජුගේ   දඬුවමට  යටත්ව  ජීවිතයෙන්  සමුගත්  පුවත  දැනගත්    ඇහැලේපොල   මහ අදිකාරමත්.....තම  සහෝදරිය  වෙනුවෙන්   වෛරය   දල්වාගත්   කැප්පෙටිපොල ත්.....රජුගෙන්   පලිය   ගැනීමට   සිතන්නේය...

ඒ   වන   විට  ඇහැලේපොල   දැන   හඳුනාගෙන සිටි  සබරගමුවේ    *එක්නැලිගොඩ   මොහොට්ටාල*       රජු  ඉන්නා  තැනකින්   අල්ලාගෙන  එන්නට      පිරිසක්  සමග   පිටත්කර   හැරියේය....

එක්නැලිගොඩ   මොහොට්ටාල   හරියටම  වැඩේ   ඉටුකලේය.......පසුවට  සිදුවන  විපත  ගැනවත්   ලක්මවගේ  විලාපයවත්   ඔවුනට   වැදගත්  වූවේ  නැත....

රජු  අල්ලාගෙන    කලවැල්  වලින්   ගැටගසා  බිමදිගේ  ඇදගෙන  එන්නට  තරම්  ඔවුන්  කුපිතව  සිටියේය..... 
පසුව  එංගලන්ත  ආණ්ඩුකාරවරයා   ..දෝලා  දෙකක්  යවා  රජුත්   ඒ  වනවිට   රජු  සමග  සිටි  බිසෝවරු  දෙදෙනාත්     කොලොම්  තොටට   කැඳවාගෙන   අ⁣ාවේය...

==================================
****මතු  සම්බන්දයි....විපුල්....********


තවත් දේ දැක ගන්න පේජ් එකට යන්න...https://m.facebook.com/story.php?story_fbid=147390632535197&id=125303478077246
තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...