sabato 30 settembre 2017

"ලේ කිරි දුන් උන් ලේත් උරා බී" 09 - කොටස

෴  සිංහලයින්    එක්වී  ජාතිකත්වය   වෙනුවෙන්  පෙනී  සිටියද  ඉන්  බහුතරයක්.....සුද්දන්ගේ  ක්‍රමයට  හැඩ  ගැහුණු     පරගැති   නිවටයින්  වු  බව  පොඩි  මැණිකෙ  නැන්දා  කියන්නී    හේතු   සාධක  සහිතවය....

සුද්දන්  1948   නිකන්ම   නිදහස  දුන්නේ  නැත...එය  පූර්ණ  නිදහසක්  වූවේද  නැත..... විශාල  රාජ්‍යයක්  වූ  ඉන්දියාව   යටත්  කර  ගැනීමෙන්  පසුව  ආපසු   බාර  දුන්නේ  රටවල්   දෙකක්  කිරීමෙන්  අනතුරුවය....
ඒ  ඉන්දියාව  හා  පාකිස්ථානය   වෙන්කර සදාකාලික   ආරවුලක්  ජම්මු  කාස්මීර්    දේශ  සීමාවේ   නිර්මාණය    කරමින්ය...

එතෙකින්  නොනැවතී  1974  වර්ෂයේදී....පාකිස්ථානයෙන්    බංගාලි  දේශය   වෙන්කර   තවත්  රටක්   නිර්මාණය  කලේය....

ඒ  ආකරයෙන්ම    ලංකාවට   නිදහස  ලබාදීමේදීත්    සුළු  ජාතිකයින්ට    විෂ  පෙව්වේය....සෙල්වනායගම් ලාට  අයිත්වාසිකම්  ගැන  කියාදුන්නේය.... 
**ඔය...හැම  කාලෙකම  සිංහලයාට   විරුද්ධව    සුද්දන්ට   කේලාම්  කියා  බඩ  වඩා  ගත්තු  පිරිසකුත්   හිටිය....බොලව්  **
 පොඩි  මැණිකෙ  නැන්දා   ආවේගය  මැඩගෙන  කියන්නීය...

***හැබැයි  තව  දෙයක්   සුද්ද  ලංකාවට  නාවානම්   අපේ  ගෑණු  තවමත්  හෙළුවෙන්...***
****ඒ....මො.ක.ද.**පොඩ්ඩී   අසන්නී  ඒ  වගක්  නොදැනය..
**ඒ   මොකද   කියන්නෙ.....ඉස්සර    උඩු  කය  වැහෙන්න  ඇඳුමක්  අඳින්න  අවසර  තිබුණෙ...කුලවත්   ගෑණුන්ට   විතරයි....කුල  බේදෙ  බොහොම  තදින්  තිබුණා.....වංශවත්  කෙනෙක්  මගදි  මුණ  ගැහුනොත්   අගලට  බහින්නඕනෑ....හිස  බැඳි රෙදිකඩක්  වේනම්  ඒකත්  අතට  අරගෙන........ඔය  සුද්දො   ලංකාවට   ආව  වෙලාවෙ...*මිඩ්ලන්ඩ්*  ආණ්ඩුකාරය    පිලිගන්න  උත්සවයක්   තිබුණ   කොලොම්  තොටේ...  ඒකෙදි  නැටුම්   ඉදිරිපත්  කරල   සුද්දන්ව  සතුටු  කරන්න   ගෙන්නුව   අඩුකුලේ    ලමිස්සියො   ටිකක්.....අර  විදිහට  උඩුකය  නිරුවත්ව.....ඒක   දැකල...මිඩ්ලන්ඩ්  ආණ්ඩුකාරය  රැජිනට   දන්වා   යවල   තමයි  නීතියක්   ගෙනාවෙ   සෑම  ගැහැණියක්ම   ඇඟ  වැහෙන්න  ඇඳුම්   අඳින්න  ඕනි   කියල....
 ඒ   ආපු   නැටුම්   කණ්ඩායමේ  *ලොවිනා*  කියන  එකිත්  එක්ක  තමයි  ආණ්ඩුකාරය   ඔය  පලහිලව්වක්  ඇති  කර  ගත්තාය   කියන්නෙ...
**ආ   ඒයාට    හදල  දීපු   ගේ  නේද   ගල්කිස්ස  මහ   හෝටලේ....*   පොඩ්ඩී  කතාවට  අඩුවැඩිය   එක්  කලේය.. 
***ඔව්  ඔව්....   ඒ  කතාව   පැත්තකින්  තියමු....ඉස්සර  ඉදන්ම  රට  ජාතිය   වෙනුවෙන්   ඉදිරියට ආපු   රටේ   ජාතියේ    අභිමානය  රැකපු   හැම  එකාටම    ගරහපු    පාවාදීපු   අසික්කිතම...දේශද්‍රෝහීන්    අතීතෙ  ඉඳලම   හිටියා   දැනුත්   ඉන්නවා.....ඒ   අර සුද්දො  යනකොට  තියල ගිය   උන්ගෙ  පැටව්....පරංගින්ගෙ   පැටව්...ලන්සින්ගෙ   පැටව්.....තාන්න  මාන්න  වලට   වතුපිටි  වලට   ජාතිය  පාවා  දීපු   හැතිකරේ....****
  නැන්දාගේ   හඬෙහි   ක්‍රෝධයද   වෛරයද   කලකිරීමද..... අභිමානයද  ගැබිව  ඇතැයි  යුවතියන්   සිතන්නේය..    

මේ     කළු  සුද්දන්    මහා  වතු  යායවල්  වල  හිමිකරුවන්  වූවේ   නම්බුනාම   ලැබුවේ   රටත්  ජාතියත් අපේ  අභිමානයත්    විදේශිකයන්  හමුවේ කුණු කොල්ලයට    ලංසු  තබමින්ය.....  

***ඊට   පස්සෙ   කාලෙ  මේ  එංගලන්ත රැජිණිට  බැරිවුනා   තුවක්කුවෙන්  ලෝකය   පාලනය   කරන්න......හිරු  නොබසින  අධිරාජ්‍යයක්  පාලනය කලත්   රට  රටවල්  වල  ඊට  විරුද්ධව   ජාතික  සංවිධාන  බිහිවුනා.....
 චීනය...රුසියාව....කියුබාව...යුක්රේනය...බොලිවියාව.. වගේ   රටවල්   සමාජවාදී   කඳවුරක්  ඇතිකලා.....ඒකෙත්  වරදක්  නෑ......ඒ  කාලෙ   අපේ  රටෙත්  හිටියා   එස්  .ඒ. විකුමසිංහ...ඇන්..ඇම්..පෙරේරා...කොල්වින්..ආර් ද.සිල්වා  .පිලිප්  ගුණවර්ධන   වගේ    අය...... ඇන්.ඇම්..පෙරේරා...මහත්තය...හොඳ...මනුස්සයෙක්....රටට  ආදරේ  ඇති   මනුස්සයෙක්.....නමුත්  මේ   ධනපති  පැලැන්තිය...එයාට...ඉඩක්...දුන්නෙ...නෑ.....අපේ   අප්පච්චිත්   එතුමාගෙ   අනුගාමිකයෙක්...ඒ  කාලෙ.. ...ඔන්න...හිත.පල්ලා....දරුවනේ.....1970- 1977   සමගි  පෙරමුණු   ආණ්ඩුවේ    හිටිය   මුදල්   ඇමති   තමයි   මේ....ඇන්  ඇම්   පෙරේරා........හැබැයි   මැරුණ   වෙලාවෙ  මිණීපෙට්ටිය    ගන්නවත්   ⁣ඉතුරුවට   කියල  තිබුණෙ   රුපියල්   හැත්තෑ  පහයිලු.... අපේ    අප්පච්චිත්   රුපියල්  පහක්  දුන්නලු   මිණී පෙට්ටිය  ගන්න   එකතු  කරපු  අරමුදලට... කොහොමද   එදා   මෙදා  තුර   දේශපාලනේ....
අපේ  අප්පච්චි   මැරෙනකල්ම    කිව්වා......සුද්දා   මේ...රට..ද⁣ාල..ගියදා...ඉඳල....පත්වෙච්ච..මිනිස්සු   රටට   වැඩ  කලා  නම්   රට   මේ   වෙනකොට    සුරපුරයක්  වෙලා  තියෙන්න....ඔනි   කියල..
==============(===(===================
****-*මතු  සම්බන්දයි.....විපුල්..*******

තවත් දේ දැක ගන්න පේජ් එකට යන්න..:- https://m.facebook.com/story.php?story_fbid=147766839164243&id=125303478077246


තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...