sabato 23 settembre 2017

"ලේ කිරි දුන් උන් ලේත් උරා බී.." 1 - කොටස

,,,,,  ජයමිණි   ඉස්කෝලෙ   ගිහින්   ආවෙ   ටිකක්  පරක්කු වෙලා  ......
ඒ   නැටුම්  කරන  ළමයින්ට   ...ඔල්ගා   මිස්  ටිකක්  ඉන්න  කියපු  නිසා......
ඇගේ   පන්තියේම   තවත්   යෙහෙළියන්   දෙතුන්  දෙනෙක්   එක්ක   පතිරණ මහත්තයලගේ     තේ   වත්ත  මැද්දෙන්   වැටිල  තියෙන   ගම්සබා    පාරෙන්     ආවෙ    තාර  පාර   මේ  වෙලාවට   ගිනියම්  වෙලා  තියෙන   නිසා  ...
ඒත් ඉතිං  තේ   වත්තෙ  කියල   ඒ  හැටි   වෙනසක්    නම්  නෑ...අව්   කාෂ්ඨකේ   ..

ගෙදර   ඇවිත්   සුදු   ගවුම  ගලවල     පුංචි   මල්  වැටිච්ච  චීත්ත  ගවුමට   මාරු  වෙලා  සුදු  ගවුම  එලියෙ  පිලිවැලට    දාගෙනම    කුස්සියට පැන්නෙ     යකෙක්   කන්න  බඩගිනියි  කියල  හිත...හිතා..මයි..

අම්ම  පිඟානට  බෙදල  මේසෙ උඩ  වහල   තිබුණු  බත්   එක    ලොකු   අහුරු  වලින්  කාල  දැම්මෙ   සාගතෙන්  පෙලෙන  එකෙක්  වගේ....
"හොඳ   වෙලාවට   පොඩි  මැණිකෙ  නැන්ද  පේන්න   නැත්තෙ....නැත්නම්  කන්  දෙකේ ඇබ ගහගන්න  වෙනවා.......එයාටත්   ඉතිං  පේන්නෙ   අපේ   වැරදි    තමා......එයැයිගෙ  දරුවො පිට   රටවල්  වල   ගිහින්...හැඳි  ගෑරුප්පු   වලින්   කනවා  .......මෙයා..අපිට..  ඉඳුල්කට ගාපු   දවසෙ  ඉඳන්  අතින්   කන   අපට  කන   හැටි  කියා    දෙන්න   එනවා.."

පොඩි   මැණිකෙ   නැන්දා   ජයමිණිලාගෙ   ගෙදර     පදිංචියට   ආවෙ මාමාගෙ   මරණින්   පස්සෙ.....නැන්දගෙ  දරුවො   තුන්දෙනාම   ඉන්නෙ   පිට  රටවල්   වල...ලොකු  පුතා   ඕස්ට්‍රෙිලියාවෙ....අනිත්  පුතයි    දුවයි   ඉතාලියෙ.... එයාල   නැන්දගෙ  වියදමට    යූරෝ   එවනවා  ..ජයමිණිගෙ තාත්තටත්    ඉතිං  ඊට  වඩා    දෙයක්    නෑ..

කෑම   කාල   අහවර  වෙලා  ජයමිණි   කාමරයට    ගියෙ   ටිකක්   නිදා  ගන්න  හිතාගෙන      !!!!!!!මො.න....නින්දක්ද...කාමරයට   පිට  පැත්තෙ ගල්වැට     ගාව   තියෙන    සාදික්ක   ගහයට    තියෙන   කලුගලේ   පොඩි  මැණිකෙ     නැන්ද   කැත්තක්    මුවහත්   තියනවා   ⁣අපේ  පොඩ්ඩිත්  එතන.ට    වෙලා    මොනවද    කියවනවා....
**ෂ්ෂෙහ්.....මල  කරදරේ...***ජයමිණි   එහෙම   කියාගෙන    ඇඳෙන්   බැහැල   ජනේලෙ   ගාවට    ගියෙ   පොඩ්ඩිට   රවන්ඩ   හිතාගෙන..
ඒ.ත්...ඉතිං. එකිත්  පව්   කියල  හිතුන   නිසා..  අරමුණකින්   තොරවම  කාමරයෙන්  එලියට   ඇවිත්   ගියා   එතනට...

**මො.කට.ද...නැන්.දා...ඔය...**ජයමිණි    ඇහැව්වෙ    නැන්දා   කැත්⁣ත   මුවහත්  තියන්නට   හීනි   වැලි   ටිකකුත්  කලුගල  මතට  දමද්දි   ඒකෙන්   නික්මෙන    අමිහිරි    ශබ්දය  ට  ඇඟ   හිරිවැටීගෙන   යද්දි...
****මී  අඹ   ගහේ   පිළිල  හැදිල...ඒක   කපල   දාන්ට***නැන්දා   අත  ඉක්මන්   කරන  ගමන්    කියන්නීය..
***ආ...අපට...කොහෙ.න්.ද.මී..අඹගස්..**
එක  පාරටම  එහෙම  කියවුනේ......නැන්දට    පිස්සුවක්  වත්   හැදිලද   කියල   යටි  හිත   කියද්දි...

***තියෙනවා.....මේ  වගේ  අඹ   ගහක්   ලෝකෙ   කොතනකවත්   නෑ....අපේ    මුතුන්  මිත්තො    මේ   මී  අඹ  ගහ   බොහොම    පරිස්සම්  කලා....    ඒ  කාලෙත්   ඉඳහිට  ඔය   එක  එක   නොසන්ඩාලයො    නැගල    තියෙනව   ගහට......ඒත්   අපේ  පරම්පරාවල   ඇත්තො  මුරකලා   හරියට....දුන්නෑ   එක  එක  පරයින්ට   ගෙඩි   කන්ට......ඒ   කාලෙත්   ඉතිං   දවල්ට.....කුරළු  කොබෙයියො    රිලා   වඳුරො   වගේ  උන්ට   අනුකම්පා  කොරල  ගෙඩි   කන්ට  ඉඩ   දුන්නා  ....රෑටත්   ඔය  නිශාචර   වවුල්ලු   උල ලේනු    මේ   ගහේ  වැහුවා    ...****
නැන්දා    කියන  කතාවෙ  අගක්   මුලක්   නොතේරුනත්   ඒ   කියන     ආකාරයෙන්    අහන්   ඉන්න   හිතුනා..... පොඩ්ඩි   ඒ  අතරෙ  අතුරු    ප්‍රශ්නෙකුත්  දැම්මා....

***නැන්දා...මොක්කුද...උලලේනු   කියන්නෙ....***
****උලලේනු   කියන්නෙත්  වවුල්ලු   වගේම   නිශාචර    කුරුල්ලෙක්.....රතු   පාටයි....වැඩිය...දකින්න...නැහැ....උන්ගේ  නාදෙ  හරිම  අමිහිරියි.....උන්  මාංශ  කන   ජාතියක්......ඒත්...ඉතිං....ඉදිල  තියෙන  මී  අඹ   දැක්කම   කඩල   දානවා....***

**ඉතිං...නැන්දා...අපරාදයක්නේ....කන්නෙත් ..නැතුව...කඩල..දාන...එක..***
**ඒ...උන්ගෙ...හැටි...***

***ඉතිං   කතාව  කියන්න  කෝ...**  පොඩ්ඩි   මතක්  කලා...
****දැන්   ගහේ   පිළිල  බෝ  වෙලා    කාටවත්   වගේ  වගක්  නෑ......මෙහෙම   ගියොත්    අපේ  මුතුන්  මිත්තො   පරම්පරාවෙන්   පරම්පරාවට   ආරස්සා  කොරපු   මී   අඹ  ගහ   විනාශයි....මං  වත්   ඒක   කපල  දාන්න   තමයි  මේ   කැත්ත  මුවත්   තියන්නෙ......*****
==============================?======
*****මතු  සම්බන්ධයි.....විපුල්..********

තවත් දෑ බලන්න පේජ් එකට යන්න. https://www.facebook.com/Sithiwili.Siththam/photos/a.131376684136592.1073741829.125303478077246/145057119435215/?type=3&theater


. තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...