venerdì 29 settembre 2017

"ලේ කිරි දුන් උන් ලේත් උරා බී" 8- කොටස

෴ සිංහල   ජාතිය  එකමුතු  කමක්  නැති  කම  නිසාම  පීඩා  විඳින  ජාතියක්  බව  පොඩි  මැණිකෙ   නැන්දා  කියන්නේ   කලකිරීමෙනි....  

ජයමිණිත්    ඇගේ  බාල  සොයුරියත්   පාසලින්   ලංකාවේ  ඉතිහාසය  පිලිබඳ   අතරින්  පතර   පාඩම්  ඉගෙන  ගෙන  තිබුණද....නැන්දාට  තරම් දැනීමක්    ඒ  තුලින්  ලැබ  තිබුණේ  නැත....

දුටු  ගැමුණු   කුමරු  සොළීන්ට  එරෙහිව  කල  යුද්දයේදී  මුළු රටම  එකම  අරමුණක  පිහිටා    කටයුතු  කල බව..  මුළු  රටම    විහාරමහා  දේවියගේ  අනු  දැනුමින්   එකමුතු  කල  බව   ඉතිහාසය    කියන්නේය... 

නමුත්  ක්‍රමයෙන්   දියවී  ගිය   සිංහල  සමගිය  නිසාම.. ශත  වර්ෂ  ගණනක්  අපිට  සිදුවුනේ   පිටරැටියන්ට  යටත්ව  සිටීමටයි...ඔවුන්ගේ  අඩම් තේට්ටම්  විඳීමටයි...

***ඉතිං  නැන්දෙ  ඊට  පස්සෙ...මො.ක.ද.  වුනේ...**  පොඩ්ඩි   නැන්දා උනන්දු  කරවන්නීය...
***ඊට...පස්සෙ...තමයි...*උඩරට  ගිවිසුම*   මගින්   මේ  පින්  බිම  එංගලන්ත මහ රැජිනගෙ   දෙපා  මුල  තියන්නෙ.....ඒකට  අපේ  උතුම්  බුද්ධ පුත්‍රයන්  විරුද්ධ  වුනා   ඒත්   අපේ  උඩරට    නායකයො   ඇහැව්වෙ  නෑ...

එදා   ගිවිසුම   අත්සන්  කරන   දවසේ   උදෙන්ම   උන්  ඉංග්‍රීසි  කොඩිය   උස්සල   තිබුණ...ඒක  දැකපු   වාරියපොල   සුමංගල   හාමුදුරුවො..
උන්ගෙ  කොඩිය  බිම  දාල  පාගගෙන  අපේ  සිංහලේ   කොඩිය ඉස්සුව....
***තොපිට  තවම   මේක  ලියල  දුන්නෙ  නෑ තවම  මේක  අපේ  කියල...***ඒ  තමයි   සිංහලේ   කොඩිය නිදහසේ   ලෙලදීපු   අවසන්    හෝරා  කීපය....

***ඉතිං..ඊට..පස්සෙ...***
**-ඊට  පස්සෙ   ඉතිං   උන්   ඇහැලේපොලට   රජකම  දුන්නෙ  නෑ....රවට්ටල   ලියා  ගත්ත  විතරයි...... ඉතිං   පහුවෙලා  ඇහැලේපොල කැප්පෙටිපොල   දෙන්නටම  තේරුණා  කරපු   මෝඩ  කම  එතකොට  ඉතිං   වෙන්ඩ  ඕනි   හරිය  වෙලා  ඉවරයි......
ඊට   පස්සෙ  එයාල  කරපු  වැරැද්ද  තේරුම්  අරගෙන   හාමුදුරුවන්ගෙන්   සමාව  අරන්     ආයෙත්    රට  ජාතිය  ගැන  හිතල   සුද්දන්ට  එරෙහිව  සටන් කලා...  
ඒත්   ඉතිං   වැඩක්  වුනේ  නෑ...සුද්දෝ  ඒ  දෙන්නවත්  සිරබාරයට  අරන්   මරල   දැම්ම...

ඊට  පස්සෙ...වරින්වර....තැනින්  තැන  ඉංග්‍රීසීන්ට   විරුද්දව   කැරලි  ඇතිවුනා....  ඒ  අතරින්  කුඩාපොල    හාමුදුරුවො...වීර පුරන්අප්පු   වගේ   එඩිතර   සිංහලයො     හිටිය   නමුත්   සුද්දන්ට  කත් අදින    උන්ගෙ   අරක්කු  වීදුරුවට   ගෙරිමස්   කෑල්ලට     රටම   පාවා  දෙන  එවුන්   එදත්  හිටියා....   ඔය   සූර   සරදියෙල්   කියන්නෙත්   සුද්දන්ට  රිදෙන්න  ගහපු  පුංචි  මිනිහෙක්.....

ඔය    කාලෙ   අනගාරික  ධර්මපාල  තුමා   ගොඩක්  වෙහෙසුනා   සිංහල ජාතියත්   බුදු  දහමත්  රකින්න.....සිංහලයාගෙ   අභිමානය  රකින්න....
තව   හිටිය  ටිබෙට්  ජාතික  එස්  මහින්ද   හාමුදුරුවොත්....

එයාල  හැකි  පමණින්   සිංහලයා   එකමුතු  කරල   ජාතික  බලවේගයක්   ගොඩ  නගන්නට   කටයුතු  කලා...ඔය   මහින්ද   හාමුදුරුවො  හොඳ  කවියෙක්......
*නිදහස්  දැහැන..
*නිදහස්  මන්ත්‍රය
*ලංකාමාතා.
*ජාතික  තොටිල්ල  ...වගේ්     පොත්  පත්   උන්වහන්සේ  කල ඒව....
**කෙස්  ගස පවා  වෙන  රටවල  මිනිසුන්නේ.
උස් නිදහස  පිනිස     සටනට  සැරසෙන්නේ...
හිස් මොල  තියෙද්දිත් ඒ වග   නොතකන්නේ..
ඇස්ගෙඩි  වලට හෙණ ගහලද   සිහළුන්නේ.

මේ  අර  ඇස්  මහින්ද  හාමුදුරුවො කියපු  කවියක්.......

ඒ  ⁣වගේම   අනගාරික   ධර්මපාල තුමා   ජාතික   සටනට  පණපොවමින්    කිව්ව....**සුද්දො   මේ  රට   සූරගෙන  කාල  දවසක   යන්න  යාවි....ඒත්   උන්ගෙ   පැටවු   මෙහෙ   බෝ  කරල  යාවි....උන්  අරුන්ගෙ   අඩුව  මකාවි..*   කියල....

නැන්දා   එහෙම  කියද්දි....ඒ  කතාව   අදට   කොතරම්  ගැලපේ දැයි   ජයමිණි   කල්පනා   කලේය.....
අපේ  ජාතික   සටනට   පණපෙවූ  අනගාරික  ධර්මපාල  තුමාට   පිස්සෙක්   යැයි  කියන්නට   කුහක  සිංහලයෝ   එදත්   සිටියෝය.... 

 1948  සුද්දන්  මේ  රට   අතහැර  යනවිට    ධර්මපාල  තුමා  කිවූ   ආකාරයටම  සිදුවිය...
ඔවුන්   රට   බාරදී   ගියේ   උන්ට   හිතවත්  කලු සුද්දන්ටය....  

===================================
******මතු  සම්බන්දයි...විපුල්...********


තවත් දෑ දැක ගන්න පේජ් එකට යන්න....https://m.facebook.com/story.php?story_fbid=147574539183473&id=125303478077246
තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...