,,,,,, පොඩි මැණිකෙ නැන්දා කතා කරන්නේ දුකකින්ද කලකිරීමකින්දැයි වටහා ගනු නොහැකි වුවද ඒ කතාව අසන්නට ජයමිණි ආශා කලාය.......
පොඩ්ඩීට එතරම් දැනීමක් නැති වුවද ඇයද නැන්දා ගේ කතාවට කන්දීගෙන සිටියාය...
මොහොතක් නැවතී ගිනිබෝල වගේ ඇස්දෙක ලොකු කර බලන නැන්දා... තවත් වේගයෙන් කැත්ත මුවහත් තියන්නී....
සිහින් වැලි කැට කලුගලටත් යකඩ කැත්තටත් මැදිව ඇඹරෙන විට ඇඟ හිරිවැටෙන්නේය
***කොහෙ....තියෙන...මී...අඹ...ගහක්ද...නැන්දා...මේ ..කියන්නෙ...***ජයමිණි ප්‍රශ්නයක් දැම්මේ නැන්දා ව්‍යංගයෙන් කියන කතාව නොතේරෙන කමටම නොවේය....
***ඇරත්....ඉතිං...නැ.න්ද.ට...ගස්.නගින්න...පුළුවනෑ...***ජයමිණි නැවතත් කියන්නී නැන්දාව අවුස්සා ගැනීමට සිතාගෙනයි...
***හ.හ්...උඹලගෙ..තාත්තල...බාප්පල..අයියල...මල්ලිල.. .කුසීත.කමට...අකුලන්...හිටියට.....මාත්...නිකා...ඉඳී..කියලද...හිතේ...****
එවර නම් නැන්දා ආවේස වී ඇති සැටියකි...
ඇනතියාගෙන මෙච්චර වෙලා මුවහත් තැබූ කැත්ත පොලොවේ කොටමින් ඈ නැගී සිටියාය.. ..ඉන රෑඳි චීත්ත රෙද්ද බුරුල් කර නැවතත් තද කර හැඳ ගත්තාය....
**ළමයිනේ....මී...අඹ...ගහ කිව්වෙ.....මේ අපේ රටට....අපිට කියල අපේ බාසාවෙන් කතා කොරන්ඩ බයක්...සැකක්...නැතිව...වැටිල...ඉන්ඩ...තියෙන්නෙ...මේ..පුංචි..රට...විතරයි.....කාගෙ...වරදින්...හරි...දැන්...මේක...අපිට....නැති..වේගෙන...යනවා..... මේක දැන් තුවාල වෙලා.....අපි මේකට පිලියම් නොකලොත් තුවාලෙ ඔඩු දුවනවා....අවසානෙ... කෑල්ලක් කපල දාන්න වෙනවා....ඒත් ඉතිං අවසානයක් තියේයෑ.... ***
මොනව වුනත් නැන්දට තියෙන දේශපාලන දැණුම සහ දෑ හිතකාමී බවට නම් ජයමිණිට ලොකු ආදරයක් ඇති වුනා....
*** 1505 අවුරුද්දෙ පරංගි ලංකාවට ආවෙ උන්ගෙ මුහුදු යාත්‍රාව කැඩුණ.....ඒක.. හදා ගෙන යනකල් මුහුදු වෙරළෙ ගෙරි හංකඩක් එලා ගන්න අවසර දෙන්න කියාගෙන.........අපේ..රජ්ජුරුවන්ගෙන්....අපේ මිනිස්සුන්ගෙ තියෙන අනුකම්පාව එවුන් දැනගෙන හිටිය... ***
***ඉතිං ..ඉතිං...***
***උන් හිතුව...හරි...අපේ..රාජෝත්තමය කිව්ව ඒ දිසාව බාර ඇත්තන්ට..."ඔ.න්න..ඕකුන්ට....ඉන්න..දෙන්න... ටික දොහකට නේ කියල...***
***ඊට පස්සෙ...** පොඩ්ඩිටත් දැන් කතාව අහන් ඉන්න හිත වැටිල..
*** මේ කපටි හැතිකරේ කෙරුව නේද වැඩේ.....***
***ඇයි...මොකද....කලේ....****
***මො.ක.ද...තමයි.....මුං ගෙරි හංකඩ.. හීනි නූල් වලට ඉරල ඒව ගැට ගහල දිග ට ඇදගෙන ගියා රට ඇතුලෙන්... කවුරුවත් මොකවත් කිව්වෙ නෑ රජ්ජුරුවන්ගෙ අවසරේ නොවැ.......අන්තිමට...හැතැප්ම...දහයක් විතර රට ඇතුලෙන් වෙන්කර ගත්තා.....
අදටත් ඒ මායිම තියෙනවා ඔය වයඹ පලාතෙ...දැනුත් කියන්නෙ *රටමැද පාර* කියල... කුරුනෑගල් දිස්ත්‍රික්කෙයි...පුත්තලං දිස්තිරික්කෙයි වෙන් වෙන්නෙ ඒ පාරෙන්.....***
***ඊට පස්සෙ උන් ගියෙ නෑ.....තව උන්ගෙ සේනාව ගෙන්නවගෙන රට අල්ලන්ඩ හැදුව...ඒ පලාත්වල හිටිය අපේ මිනිස්සුන්ට...අරක්කු බොන්ඩ ගෙරිමස් කන්ඩ පුරුදු කෙරුව ..අපේ...මිනිස්සුන්ව බලෙන් ක්‍රිස්තියානියට හැරෙවුව......තුවක්කුව පපුවට තියල...**
**හ්ම්....***
***අපේ වුනුත් උන්ට අඩම් තේට්ම් කලා... උඹල අහල ඇති නෙවැ * පරංගියා කෝට්ටෙ ගියා වගේ * කියල ඒක වුනේ පරංගි රටේ ලොක්කෙක් ඇවිත් අපේ රජ්ජුරුවො බැහැ දකින්ට......අපේ රාජෝත්තමය හිටියෙ කෝට්ටෙ ...ඉතිං අපේ මිනිස්සු දැන ගත්තා එන්නෙ හොඳකට නෙවෙයි කියල.....රජ වාසලට කෙටි පාරෙන් පණිවිඩය යවල....අර පරංගි නඩේ දවස් තුනක් රස්තියාදු කෙරුව... කොලොම් තොටේ ඉඳල කෝට්ටෙට එක්ක යන්න ..... ඒ වෙනකොට
රජ වාසලේ සේනා සංවිධනය කරල තියා ගත්තා එන දේකට මුහුණ දෙන්න සූදානමින්...
මොනව වුනත් අපේ මිනිස්සුන්ගෙ එකමුතු කමක් නැති නිසා...පරංගි ඇල්ලුව රටේ මුහුදුබඩ ප්‍රදේශ......ඔය ගාලු කොටුව යාපනේ කොටුව එහෙම උන් හදපුව කන්ද උඩරට විතරයි අපිට ඉතුරු වුනේ...
ඊට පස්සෙ උන්ව එලව ගන්න උදව්වට ආව ලන්දේසි .....පරංගි නම් එලෙවුවා ඒත් ලන්දේසි ගියෙ නෑ...
==================================
*****මතු සම්බන්දයි....විපුල්*********
හෙටත් හමුවෙමු
තවත් දෑ බලන්න පේජ් එකට යන්න .. https://www.facebook.com/Sithiwili.Siththam/photos/a.131376684136592.1073741829.125303478077246/145057119435215/?type=3&theater