පාසල් නිළ ඇදුම සහිතව සිසුවියන් 250 අපයෝජනය කරමින් මනාලියකගේ වෙල්පට ඔසවා සිටීමට යොදාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල තුල දැඩි කතාබහට ලක්වෙමින් තිබේ.
ගිනස් ලෝක වාර්තාවක් තැබීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිය බලය අවභාවිත කරමින් මේ සඳහා දරුවන් සපයා ඇති බවට වාර්තා වී තිබේ.
වාර්තා වන අන්දමට මෙම ලෝක වාර්තාව තැබීම පිණිස වන දිගම වෙල් පට නිර්මාණය කිරීම මනාල යුවලගේ අදහසක් නොව රූපලාවන්‍ය ශිල්ප්ණියගේ අදහසක්ය.
ඉන්දුමාලා රාජපක්ෂ නමැති එම රූපලාවන්‍ය ශිල්පිණිය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ සමීපතම මිතුරියක් වන අතර ඒ සඳහා වන සියලු වියදම දරා ඇත්තේද ඇයයි.
ප්‍රධාන අමාත්‍යවරයා සමඟ පවතින සමීප මිතුරුකමේ ආනුභාවයෙන් පාසල් සිසුවියන් 250ක් මෙම කටයුත්තට සම්බන්ධ කර ඇත්තේද ඇයයි. ප්‍රධාන අමාත්‍යවරයාගේ සට්ටැඹිරාළයෙකු වන විදුහල්පතිවරයාද මේ සඳහා පූර්ණ සහයෝගය ලබාදී ඇත.
ජායාරූපය – රූපලාවන්‍ය ශිල්පිණිය සහ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හමුවූ අවස්ථාවකදී ලබාගත් ජායාරූපයකි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න