෴ ෴ කෙසේ වතුදු අපි අපේ රට ගැන ජාතිය ගැන හිතන ප්‍රමාණය හොඳටම මදි බව ජයමිණිට අවබෝධ වෙමින් තිබුණේ නැන්දා ගේ මුවින් පිටවෙන සෑම වදනක ම බැරෑරුම් අරුතක් ගැබ්ව ඇති බැවිනි....
අපේ මාතෘ භූමිය සම්පූර්ණයෙන්ම මුහුදෙන් වටවූ අසිරිමත් දූපතකි.......ගංගා ඇල දොල වැව් අමුණු නිල්ල නගන කෙත් වතු මේ කිසිවකට සමකල හැකි වෙනත් රටක් මේ ලෝක ගෝලය සතුව නැති බව....තමා දැන ගත්තේ මිතුරිය අන්ජලිකා ගේ පරිඝණකයෙන් ඇය හා එක්ව...අන්තර්ජාලයේ සැරි සැරීමේදීය...
ඒ නිසාම තමන් පාසලින් ඉගෙන ගෙන තිබූ ඉතිහාසයට වඩා යමක් නැන්දා දන්නවා ඇතැයි ජයමිණි සිතන්නීය. ...
එය පිලි ගැනීමට සිදුවන්නේ.....රාම රාවණා කතාව කියවීමෙනි...
රාමායනය ලියන ලද්දේ ඉන්දියානුවෙකු විසිනි.......*වාල්මිකී* ලියන ලද රාමායනයේ අපේ ගුණවත් රාවණ රජු ද්‍රෝහියෙකු කර ඔවුන්ගේ රාම වීරයෙකු කර තිබේ ..
මේ වන විට දියුණු යැයි කියන බටහිර රටවල් වල රෝගීන් අමු සොහොනට ගෙන ගොස් දමද්දී ලංකාද්වීපයෙහි.....රෝගීන් සුවපත් කිරීමට ෙඖෂධ සොයාගෙන තිබුණි ඒ රාවණ රජු විසින්ය.....ලෝකයටම ආයුර්වේදය කියා දුන්....රාවණ රජු....සීතාව පැහැරගෙන විත් සඟවාගෙන සිටියද ඇයගේ පිවිතුරු බව ආරක්ෂා කල විනය ගරුක රජු...උන්ට ද්‍රෝහියෙක් නම් ..අන් සියල්ල ගැන සිතා ගත හැක..
**නැන්දෙ ඉතිං අර කතාවෙ හේතු දෙකක් කිව්වෙ මොනවද...**;........ජයමිණි මේ කතාව අසන තුරු නොයිවසිල්ලෙන් කියන්නීය.....පොඩ්ඩීද නිසොල්මනේ අසා සිටින්නී ඇගේ බුද්ධි මට්ටමින් මේ ඉතිහාසය ගැන සිතනවා විය යුතුය....
*** ඔව්...ළමයිනේ......හේතු දෙකක් තිබුණා......ඉන් එකක් ඇහැලේපොල නිළමේ ඇතුළු උඩරට රදළ සිංහලයින් මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හැටියට පිළිගන්නට කැමත් වුනේ නෑ ...ඇහැලේ පොලට ඕන වුනා කොහොම හරි රජ වෙන්ට....වෙලාව එනකල් එයැයි දහංගැට ගගහ හිටිය....ඉතිං කැප්පෙටිපොල මස්සිනත් එයාගෙ උදව්වට හිටියා.....රජ්ජුරුවන්ට පක්ෂපාත කීප දෙනෙකුත් ඔය අතරෙ හිටියා දෙපැත්ත කකා......
මේ ඇහැලේපොල කුමාරිහාමි බොහෝම රූප සෝබාවෙන් අග තැන්පත් කාන්තාවක්...
***ඉතිං ..**
*;**ඉතිං ඒ කාලෙ හිටියා *මොල්ලිගොඩ* කියලා රජ වාසල මොහොට්ටාල කෙනෙක්...
මේ මොල්ලිගොඩ මොහොට්ටාල තමයි ලංකාවේ විනාශයට හේතු වුනේ..ඒ තමයි දෙවෙනි කාරනේ ..
මේ මිනිහා මහ සල්ලාලයා.....මේකගෙ හිත ගියා ඇහැලේපොල කුමාරි හාමිට ....
මේකා ඇහැලේපොල නිළමෙ වලව්වෙ නැති වෙලාවක් දැනගෙන එහෙ යනවා...
***හ්ම්.ම්...**
***ගිහින් කුමාරිහාමිට අයුතු යෝජනාවක් කරනවා.....ඉතිං කුමාරිහාමිට යකු නැගල මේකව බැනල එලව ගන්නවා....
ඊට පස්සෙ මේ මිනිහා කුමාරිහාමිගෙන් පලි ගන්න හිතනවා....
ඉස්සර රජවරුන් අග මෙහෙසියට අමතරව .අන්තක්පුර පවත්වාගෙන ගියා රජාට හිත ගියොත් කවුරුහරි ගැහැණියෙකුට ඒ ගෑණි යන්න ඕන මේ අන්තක්පුරේට......සමහර රජවරුත් ඉතිං සල්ලාලයො තමයි....*රන්දෝලි*කිව්වෙ අග බිසවට.....අනිත් බිසෝවරුන්ට *රිදීදෝලි* කිව්වා....තව ඉතිං රජ්ජුරුවො දුර බැහැර යනකොට තාවකාලිකව ගන්න ගැහැණුන්ට කිව්වෙ *යකඩ දෝලිය* කියල.....
ඉතිං මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජත් එහෙම කෙනෙක්....ඒ නිසාම මොල්ලිගොඩ මොහොට්ටාල.... රජ්ජුරුවන්ට කියනවා ඇහැලේපොල කුමාරිහාමිගෙ රූ වරුණ...
දවසක් මොල්ලි ගොඩයි රජ්ජුරුවොයි උපායශීලීව ඇහැලේපොල නිළමෙ දුර බැහැරක...යවල ගියා කුමාරිහාමි බිලිගන්ට....
ඒත් වැඩේ හරිගියෙ නෑ ...කුමාරි හාමි බැන්න රජ්ජුරුවන්ටත්........*මං මොණරවිල රටේ රාළගෙ දුව...කැප්පෙටිපොල මහ සෙනවිගෙ සහෝදරී ඇහැලේපොල අධිකාරමගෙ කුමාරිහාමි......බැහු වඩුග රජා දොට්ට ...නැත්නම් මං සේවකයින්ට කියල තොට තලවනවා හතරැස් මුගුරු වලින් * කියල
රජ්ජුරුවන්ට ලැජ්ජහිතුන ඒ වැඩේට රටේ කිසිම කාන්තාවක් රජ්ජුරුවන්ට එහෙම කතා කරන්නෙ නෑ.....
රජ්ජුරුවො රටේ ප්‍රශ්න පැත්තක තියල කුමාරිහාමි ගන්ඩ පුළුවන් විදිහක් කල්පනා කරනවා....
ඒ වෙනකොට සුද්දො ලංකාවෙ මුහුදුබඩ තැනිතලා ප්‍රදේශ සේරම අල්ලගෙන හිටියෙ....
කොහොම හරි සබරගමුවෙ සේනා සංවිධානය කරන්න කියල රජ්ජුරුවො ඇහැලේපොල අධිකාරම පිටත් කරල යවනවා......
මොල්ලිගොඩ මේ කාලෙත් රජ්ජුරුවන්ට කේලාම් කියනවා.....
ඇහැලේපොල සුද්දොත් එක්ක ලියුම් ගනුදෙනු කරනවා කියල...... රජ්ජුරුවො ඇහැලේපොල අදිකාරම රාජද්‍රෝහියෙක් හැටියට ප්‍රකාශ කරනවා ... .
**ඊට පස්සෙ...***
==================================
*******මතු සම්බන්ධයි...විපුල්********
තවත් බොහෝ දෑ බලන්න පෙජ් එකට යන්න...https://m.facebook.com/story.php?story_fbid=146393655968228&id=125303478077246
තව කෙනෙකුට කියවන්න Share කරන්න