෴ ,,, වයස යන්තම් අවුරුදු එකොලහක් වූ පොඩ්ඩීට එතරම් නොදැනුනත් නව යෞවනයේ පසුවන ජයමිණිට නම් නැන්දාගේ කතාව හෘද ස්පන්දනය වැඩි කරන්නක්ම වුනා...
තරුණ කමත් එක්ක එන ජවසම්පන්න ආවේගශීලී බව නිසාම ජයමිණිගේ දකුණතේ ඇඟිලි මිට මෙලවුනේ ඇයවත් නොදැනීම......
මීට ටික වේලාවකට කලින් පොඩිමැණිකෙ නැන්දා කියූ වචන ඇගේ දෙසවන දෝංකාර දෙමින් ඇයගේ ලේ රත් වෙන බවක් ඇයට දැනෙමින් තිබිණ....
**උඹලගෙ තාත්තල බාප්පල අයියල මල්ලිල අකුලන් හිටියට මාත් එහෙම ඉඳී කියලද හිතන්නෙ...**ඇය වේගයෙන් කැත්ත පොලොවේ කොටමින් ආවේශ වූවාය...
කාන්තා ශරීරයකට උරුමකම් කීවද දෑ හිතකාමීත්වය ට උරුමකම් කීමේදී පිරිමින් අභිබවා යාමේ හැකියාවක් කාන්තාවට ඇත.
අතීතයේදීත් එසේ සිදුවී තිබේ...
අද ඉන්දියානුවන් දේවත්වයේලා වැඳුම් පිදුම් කරන සෞභාග්‍යයේ දෙවඟන වූ ලක්ෂ්මිය....හෙළ දියණියකි.......ඇය ලංකාවේ එක් කලෙක සිටිය නාවික හමුදා ආඥාපතිනියයි....එවකට ඉන්දියානු ආක්‍රමණිකයන් පිරිසක් සමග පැවති සටනකදී අපේ නාවික සේනාව පරාද වී එහි නායිකාව වූ *ලක්මිණි* ඉන්දියානු හමුදාවේ නායකයා වූ *විෂ්ණු*ගේ අත් අඩංගුවට පත්වී ඉන්දියාවේ ගුජරාටයට රැගෙන ගියේය... ඇයගේ පැමිනීමත් සමග එතෙක් ඉන්දියාවේ පැවති මහා නියංසාය අහවරවී දුරුභික්ෂය දුරුවී සෞභාග්‍යය උදාවූ නිසා ඇය දේවත්වයට පත්විය....
ඊට පසු කලෙක අධාර්මික කැලණි තිස්ස රජු සිදුකල පව්කාර ක්‍රියාවක් නිසා මහ සයුර ගොඩ ගලද්දී මුහුදට බිලිකලේ රජුගේ එකම දූ කුමාරියයි......පසු කලෙක කාවන්තිස්ස රජුගේ අග මෙහෙසිය වී ගැමුණු කුමරුවන් බිහි ක ලේද....
ඒ කාලය වන විට අනුරාධපුරයෙනුත් මෙහාට පැමිණ බලය පතුරුවාගෙන සිටි එළාර නම් සොළී රජුට එරෙහිව තම පුතු වූ ගැමුණු සමග දසමහා යෝධයන් සටනට සූදානම් කලේද.....යුද්ධ උපායමාර්ගයන් පිලිබඳ උපදෙස් ලබාදී ජයග්‍රහනය තෙක් පෙරමුණ ගත්තේද ඇයයි.. ඊටත් පෙර කුසුමාසන දේවිය නම් රැජිනක් ලංකාව පාලනය කල බවද ඉතිහාසයේ සඳහන් වෙයි....
මෑත කාලයේ ඒකට හොඳම උදාහරනය...දෙමළ බෙදුම්වාදී සටන් නායකයා වූ ප්රභාකරන්....මරාගෙන මැරෙන ප්රහාරයන් ඇතුළු බොහොමයක් සාරථක ප්රහාරයන් සඳහා වැඩිපුරම යොදා ගත්තේ කාන්තාවන් වීමයි......
අධිෂ්ඨානශීලී .බව....උපායශීලීබව....දරාගැනීම ඉවසීම...කියන සටනකට අවශ්‍යම කාරනා වලදෘී කාන්තාව පිරිමියාට ඉදිරියෙන් සිටින බව මනෝ විද්‍යාත්මක පිලි ගැනීමයි...
ඊට ආසන්නම තවත් කාරනාවක් වන්නේ දැඩි මුරකාවල් වලින් රිංගා කාන්තාවක් ඇමති වරයාට පෙර අධිවේගී මාර්ගයක් විවෘත කිරීමයි...
මේ කරුණු කාරනා වලින් පෙනෙන්නේ... ලඳ බොලඳ මටසිළුටු කාන්තාවට සැඩ පරුෂ වීමටද චිත්ත ශක්තිය ඇති බවයි....
ජයමිණි සිත් දැහැන බිඳ දමා නැන්දාගේ කතාවේ ඉතිරි කොටස අසා දැන ගැනීමේ අරමුණ ඇතිව සාදික්කා ගහ යට සෙවනේම බිම වාඩි වූවාය....
***ඉතිං නැන්දෙ කියන්නකෝ...***
**කොතනින්ද අපි නැවැත්තුවෙ ආ මද්දුම බණ්ඩාර කුමාරයගෙන්....නේද....***
***ඔ.ව්...ඔ.වි....***
***පිය රජතුමාගෙන් පස්සෙ...රජ කමට උරුමය තියෙන්නෙ පවුලේ වැඩිමලාට....ඒත් එයා ලෙඩෙක් නිසා රජ කමට සුදුසු උනේ නෑ....දෙවෙනිය..*අප්පුසාමි* රාජ දඬුවම් විඳල තියෙනවා ඒ නිසා සුදු සු නෑ....ඒ නිසයි තුන්වෙනිය වෙච්ච *කන්නසාමිට*රජකම හිමිවුනේ.....
එයා ඉතිං සිංහල මිනිස්සුන්ගෙ හිත් දිනා ගන්න ශ්‍රී වික්‍රම රාජසිංහ කියල නමත් වෙනස් කරා ගත්තා..
ඒත් උඩරට සිංහල නිලධාරි කැමති වුනේ නෑ...***
රාජ දඬුවම් විඳල තියෙන නිසා රජ කමට සුදුසුවුනේ නෑ කියද්දී ජයමිණිට මතක් වුනේ දැනකාලෙ ගැන අධිකරනයකින් දඬුවම් ලැබීම...සිරගතවීම.... තමයි මෑත කාලයේ ඉතාම සුදුසුකම වුනේ...ඒකට හේතුව තමයි යටත් විජිත මානසිකත්වය....ඉස්සර රජුන් පත්කලේ මහා සංඝරත්නය...
අධිරාජ්‍ය ආක්රමන වලින් පසුව..ඒ තත්වයෙන් ඈත් වීමේ විපාක....ඒ තිබුණු ක්‍රමය තුල ජන නායකයෙක් වෙන්නට නම් සුචරිත විය යුතුම වුනා...ඒ නිසා රටේ සාමකාමී බව වර්ධනය වුනා...
**ඉතිං ඊට පස්සෙ....**
***ඉතිං කන්නසාමි අපිට අයිතිව තිබුණු කන්ද උඩරට රජවුනා ...ඔය මොනරවිල රටේ රාළගෙ පුතා තමයි වීර කැප්පෙටිපොල......දුව තමයි මොනරවිල කුමාරිහාමි ඒ කියන්නෙ ඇහැලේපොල මහ අධිකාරමගෙ කුමාරි......ඇය වැදූ දෙවෙනි දරුව තමයි මද්දුම බණ්ඩාර....
***ඉතිං ඇයි මද්දුම බණ්ඩාරගෙ හිස ගසා දැම්මෙ....***
**ඒක දිග කතාවක්.....ඒකටත් හේතු දෙකක් තිබුණා....***
**හේතු දෙකක්......****
**ඔව්...***
==================================
******මතු සම්බන්ධයි......විපුල්...*******
තවත් දෑ බලන්න පීජ් එකට යන්න,,, https://www.facebook.com/Sithiwili.Siththam/photos/a.131376684136592.1073741829.125303478077246/146040952670165/?type=3&theater
තවත් දෑ බලන්න පීජ් එකට යන්න,,, https://www.facebook.com/Sithiwili.Siththam/photos/a.131376684136592.1073741829.125303478077246/146040952670165/?type=3&theater