sabato 23 settembre 2017

"ලේ කිරි දුන් උන් ලේත් උරා බි" 3 - කොටස

,,,,,෴,,,     පොඩි  මැණිකෙ   නැන්දා    අතීතය  ගැන  අසා  තිබූ   මතකය  දිග  හරිද්දී   ජයමිණිත්   ඇගේ   බාල  සහෝදරියත්   ආසාවෙන්  අසා  සිටියාය..


**ඉතිං...ඊට...පස්සෙ...මොකද   වුනේ...නැන්දා...****ජයමිණිටත්   වඩා   පොඩ්ඩී    කතාවට අසන  තුරු  ඉවසිල්ලක්  නැතිව    කියන්නී...⁣ය..



***ඊට...පස්සෙ...ඉතිං..උන්ව...එලව ගන්නත්  බැරි  වුනා....මට  ඔය  දින  වකවානු  ගැන නම්  මතකෙයක්  නෑ   .කොහොම   හරි  සුද්දො   ලංකාව  අල්ලන කල්ම   උනුත්   හිටියා....**

***ඉතිං  ලන්දේසි   හොඳයිද  පරංගින්ට   වඩා....***
***මොන    එවුන්   අරුන්ට   හපන්....ඒක  නොවැ   ඔය...*ඉඟුරු  දීල   මිරිස්   ගත්තා   වගේ*   කියන්නෙ... .....ඔය   කාලෙ...තමයි....එංගලන්තෙ  නාවිකයො  පිරිසක්   ගොඩ  බැස්සෙ      උන්ගේ      රුවල්  නැව   කැඩිල.....***  
**ඉතිං  ඔය   සේරමල    එන්නෙ    නැව්   කැඩිලමද....***
***ඒකනේ    කියන්නෙ... ඊට   ඉස්සරත්   ඉතිං   රට   රාජ්ජවල   මිනිස්සු   ආව  ගියා  නෙව   වෙළඳාමට....එවුන්   ආවම   රට   ඇතලට   යනවා  අපේ   මිනිස්සුන්ගෙ   තිබුණු   යහපත්   ගතිගුණ   නිසාත්   රටේ  තිබුණු   සස්සිරීක  කම   නිසාත්  එවුන්ට   මේ   රට  යටත්   කර  ගන්න  හිතෙන්න   ඇති........එහෙම..ආපු    අරාබි   වෙළෙන්දො   ඒක්ක   ආව   *මලබාර්*කියන  මුස්ලිම්   මිනිස්සු   ගියෙ   නෑ... ...ඉතිං   රජ්ජුරුවො   එවුන්ට  ඔහේ   ඉන්න   අවසර   දුන්නා...පිං   කැටවල   තියෙන   කාසි  අරගන්නත්   අවසර  දුන්නා   .......කොහොමින්   කොහොම   හරි   උන්ගේ    පිරිස   වැඩි  වුනා. ....***
***ඒ...කොහොමද....ආයෙත් ..ආවද..නැව්   වලින්.....***
*:*නැව්  වලින්   නම්   එ් හෑටි  ආවෙ   නෑ...**
***එහෙනම්....***
***අපේම    ගෑණු   සහේට   අරගෙන   ළමයි   හදා  ගත්තා  නේ***


  ****ඉතිං   අර   එංගලන්ත   සුද්දන්ට   මොකද    වුනේ...***පොඩ්ඩී    කතාව    මතක් කර දෙන්නීය...



**උන්ට   යන්න  විදිහක් තිබුණෙ   නෑ.....ඒ   නැව   හදන්න   බැරි   විදිහටම   අබලන්වෙලා...***

**ඉතිං  උන්වත්   බාර  ගත්තා....****
***නැතුව.....ඒකනේ  කියන්නෙ    අපේ   අයගෙ    අනුකම්පාව   කියල....හැබැයි   උන්ව   හිර   කෙරුව.........හිර  කෙරුව   කිව්වට   මේ   හිර  කූඩු වල   දාල   නෙවෙයි......***
***එහෙනම්....***
***එයාල   එක   එකා    රට   හැමතැනම   රැඳෙව්ව...  කට්ටිය  එකතු  වෙලා    කුමන්ත්‍රනයක්   කල  හැකි  නිසා.....මුණ  ගැහෙන්න   දුන්නෙ  නෑ....ගෙයක්  හදාගෙන     මොනව හරි  ගොවිතැනක්  කරගෙන  ඉන්න  දුන්නා    නිදහසේ...හැබැයි  ඒ   ගමෙන්  පිට  යන්න  බෑ.....****


**ඉතිං  හිර  කූඩුවක  දාල  නැත්නම්    හොරෙන්   පැනල   ගියෑකිනේ...*** ජයමිණිට  පෙර   පොඩ්ඩි    අසන්නී....ඉවසුම්   නැතිවය...

**එ.හෙ.ම....කොහොමද...යන්නෙ....උන්ව   ඕන  තැකන   අඳුරගන්න   පුළුවන්නේ....මෙහාට  එද්දි  තම්බපු   ඉස්සො   වගේ   සුදුවට   හිටපු   වුන්    මෙහෙ  අව්වට     තඹ  පාට  වෙලා....නේ.........ඔය   සුද්දන්ගෙත්    හිටියලු   තාත්තෙකුයි  පුතෙකුයි.... ඒ   පුතා   හිටිය    කියන්නෙ   ඔය......කොබෙයිගනේ   පැත්තෙ   බණ්ඩාර  කොස්වත්ත   කියන   ගමේ...    ඒකගෙ   නම  *රොබට්...නොක්ස් *  කියල  තමයි  මයෙ   මතකෙ.......ඒ   යකාටත්   එකතු   වුනේ   නැතෑ    අපේ   එකියක්....****


***ආ...මාර..වැඩනෙ......***

**මාර  වැඩ  තමයි....  පරංගි   ආව   මෙහාට   ගෑණු    ගෙනාවද....⁣නෑ...මෙහෙන්   ගත්තා....ලන්දේසි...ආව...ගෑණු   ගත්තෙ   මෙහෙන්....සුද්දො   ආව   ගෑණු  ගත්ත   මෙහෙන්  ....මරක්කලයො   වෙළඳාමෙ   ආව    උන්   ගෑණු    ගත්තෙත්    මෙහෙන්       තව   ඉතිං  ඊට   පහු   කාලෙ     අර  රොබට්   නොක්ස්   කියන   සුද්දට     හොරෙන්  පැනල  යන්න  උදව්  කලේ  ත්  රටේ  විස්තර   තොරතුර   කිව්වෙත්  ඒ...හීන්  මැණික    කියන  අම්මණ්ඩි... තමයි...    අනිත්   සුද්දො   ටික  නම්   මැරිල  ගියා....වයසටයි...ලෙඩ  දුක්  හැදිලයි.....උනූත්   අවුරුදු  විස්සක්   හිටිය  මේ  රටේ    ඒකා   පැනල  යන  කාලෙ  වෙද්දි   ..මේ  රටේ    මුහුුබඩ   පුදේශ     ලන්දේසීන්ට...යටත්   වෙලයි  තිබුණෙ ...ඒකා  මල්වතු  ඔය  දිගේ  ගිහින්   කොහොම  හරි   තිරිකුණාමලේ    ලන්දේසි  කොටුවට  ගියා....එතනින්   නැව්   නැගල  උගේ  රටට ත්  ගියා...*****
  
**ඊට   පස්සෙද   දෙවෙනි  ලෝක   යුද්දෙ  තිබුනෙ....***      ජයමිණි   තව   ටිකක්  නැන්දාගේ   කතාව  දිගු කර ගැනීමට  සිතා   අසන්නීය.....
***  ඔව් ....ඔව්.....  එංගලන්ත  මහ  රැජිණි      ලොකෙ  රටවල්   බර    ගානක්  ඇල්ලුව   නෙව...එයාල   අපේ   රටත්   ඇල්ලුවා   ..ඊට  පස්සෙ   ලන්දේසින්ව    එලෙව්වා.....****
================================
****මතු   සම්බන්ධයි..... විපුල්...********
හෙටත්   හමුවෙමු..


තවත් දෑ බලන්න පේජ් එකට යන්න .. https://www.facebook.com/Sithiwili.Siththam/photos/a.131376684136592.1073741829.125303478077246/146040952670165/?type=3&theater 


 තව කෙනෙකුට
කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...