sabato 23 settembre 2017

"ලේ කිරි දුන් උන් ලේත් උරා බි" 4 - කොටස


෴   පොඩි   මැණිකේ  නැන්දා    එතරම්  දුරකට   ඉගෙන  ගෙන  නැති  වුනත්  ....රටේ  ඉතිහාසය  ගැන  හොඳ   දැනුමක්  ඇත්තේය...
එපමණක්   නොව   ඇය    සිංහල  ජාතිය  ගැනත්  බුදු  දහම   ගැනත්   කකියන   ලේ  ඇත්තියක්  බව    ජයමිණි  දැනගෙන  බොහෝ  කල්ය......

ඇයට  ඇගේ  බාල  පුතා  වූ  ජයන්ත   හමුදාවේ    තේජාන්විත   නිළ  ඇඳුම  ඇඟලා සිටිනු   දකින්නට   ලොකු  ආශාවක්  පැවතියේය.....
නමුත්  එවකට යුද්ධය   දරුණුව  පැවතිය  නිසා.....අැගේ   ලොකුපුතා  ඊට   විරුද්ධ  වී    ඔහු   විසින්   මුදල්  වියදම්  කර   හොර  පාරෙන්   ඉතාලියට   පිටත්කර  හැරියේය ....

යුද්ධය  පැවති   සමයේ     ඇය  නිරතුරුවම   රණ  විරුවන්ට   සෙත්  පතා  බෝධි  පූජා  පැවැත්වූවාය...
 
යුද්ධය   ගැන  රට  ගැන  කැක්කුමින්   ඇය  කතා   කරන  විට   ජයමිණිගේ   පවුලේ  ඤාතීන්   ඇයට   දොස්   කීවාය...
**එයැයිට   .මොකද...එයාගෙ  .දරුවො...පිට..රට..යවල.......එනව  මෙතන  අපේ  දරුවො    යුද්දෙට   යවන්න....කියන්න...ඔය   වෙන  මොකවත්  නෙවෙයි  පිට   රටට   ගන්න  කියයි  කියල....බයට  ***
නමුත්   පිටරට  රැකියාවක්  යනු    කප්රුක  පහල වීමක්   නොවේය   යන්න   ඔවුන්   නොදන්නේය.....
""*  .නොරටුන්ට  .සේවය   .කිරීම  .යනු...තම..හිසේ   සෙවනැල්ල තම   දෙපයින්ම   පාගා   ගන්නවා  වගේ  ..ක්‍රියාවකි.."""*...ඒ  බව   දන්නේ  කී  දෙනාද....

ඒ  නිසාම  ඇය  පවුලේ  කාටවත්   හමුදාවට  බැඳෙන්නට  කියන්නේ   නැත....
ගමේ   කවුරුන්  හෝ   තරුණයෙක්   හමුදාට  බැඳෙන්නට   යන   බව  ආරංචි   වුවහොත්    ඔහුට   අවශ්‍ය   අඩුම  කුඩුම  සියල්ල   අැය  විසින්   ගෙන  දෙන්නේය..
.ගමේ  හමුදාවේ   සේවය  කරන  අයෙක්  නිවාඩු   ආ   විටෙක කෑමකට  ආරාධනා  කරන්නීය.....අාපසු   රාජකාරියට   යනවිට  යහළුවන්  සමග  බෙදාගෙන    කන්නට   රසකැවිලි   සාදා  දෙන්නීය...

⁣***පො.ඩ්ඩි   යේ....මට   වතුර  කොප්පයක්   අරන්  වරෙන්  මැණික....***  ..එක හැල්මේ   කියවා  මදකට  නතර  කල     නැන්දා  කියන්නී... නංගී  දුවගෙන  ගොස්   වතුර   වීදුරුවක්  ගෙනවිත්   ඇය  අත  තැබුවාය....

වතුර  වීදුරුව   බොන  තුරු  නිහඬව  තුනටියට  අත්දෙක  තබාගෙන   සිටි  පොඩ්ඩී    නැවතත්   ඇයව  කතාවට  අල්ලා   ගත්ත⁣ාය...

**ඉතිං...ඉතිං...නැන්දා....***
***ඉතිං   කියන්නේ......ඔය  එක  පරයෙකුටවත්  අපේ   රට  අල්ලන්න  බැරි  වුනා.....***
***එ.හෙ.න.ම්....**
***උන්   ඇල්ලුවෙ   නෑ.....අපේ  එවුන්  අල්ලල  දුන්නා....හ්.ම්.ම්.ම්.....***
ඇය   සුසුමක්  හෙලා  ළය  සැහැල්ලු   කරගෙන   ඉතිරියත්  කියන්නට   සූදානම්  වූවාය...

***පාවා  දීම   අතීතයේ   ඉඳලම  තිබුණා....බල තණ්හාවට   රාජ  පරම්පරාවල්  වල   ඇත්තොම  එක  එකා  මරා   ගත්තා...ජන්මාන්තර  වෛරක්කාරයො  වුනා....
අන්තිම   රාජ   පරම්පරාවට  එහෙම   වෙන්ඩ     හේතුත්   තිබුනා.....****
***ඒ   කි.ව්වෙ...නැන්දා....**
**ඒ    කිව්වෙ   අපේ ඇත්තන්ගෙ   තිබිච්ච   මෝඩ   කම්......නැත්නම්  රාවණා  රජ්ජුරුවො  වගේ  උත්තමයො  ලෝකෙම  බය  කරන්  හිටිය...පස්සෙ  කාලෙ  අය  මොනවද  කලේ...ඉන්දියවෙ   රජවරු  අපේ  රජ වරුන්ට    තෑගි   හැටියට      කුමාරිකාවො     එව්වා....අපේ   මෝඩ   රජවරු   ඒ  ගෑණු    අග මෙහෙසිය    කර   ගත්තා......එයාලට  වහල්  වුනා  කියන එක  තමයි  හරි....
***හරි  මෝඩයිනෙ...***
**මෝඩකම    නේන්නං   නැත්නම්   ඒ  ගෑණුන්ට  අමුතු  දෙයක්  තියේයැ    අපේ රටේ  රූප  සම්පත්තිය  තියෙන  ගෑණු   නැතුවයැ....ඒත්   කමක්  නෑ  කියමු....එවුන්ට   ඕන  විදිහට  තමයි  රටේ   පාලනෙත්   කෙරුවෙ...ඒකනේ      ඔය   බුදු  හාමුුරුවො   වැඩ ඉන්න   පන්සල්  ඇතුලට   දේවාල  ආවෙ....
ඒ   විතරක්යැ.......පුරෝහිත   කම්   කරන්න   ගත්තෙත්   ඒ  ගෑණුන්ගෙ   සහෝදරයො.....
ඒ  ගෑණුන්ට    හම්බවෙච්ච   දරුවන්ටත්   තිබ්බෙ   උන්ගෙ  නම්   සිංහල  නම්   නෙවෙයි.... ..ඔය   අපේ    අන්තිම   රජ්ජුරුවො   ශ්‍රී   වික්‍රම   රාජසිංහ   කිව්වට   එයාගෙ  නම   කන්නසාමි....එයාගෙ  පිය  රජතුමාත්  අගහෙසිය  කර  ගත්තෙ  ඉන්දියානු  ගැහැණියෙක්....පුත්තුම     හතර  දෙනෙක්     හිටියා....වැඩිමලා....පෙරියසාමි....දෙවෙනියා...අප්පුසාමි...තුන්වෙනියා  තමයි   ඔය  කන්නසාමි.....බාල  එකා  සින්නසාමි..
ඉතිං   සිංහල  සෙනෙවි  වරු   මේකට  කැමති  නෑ....මේකා   රටට  ආදරයකුත්  නෑ  ඒ   වෙනකොටත්   ලන්දේසීන්ගෙන්  පස්සෙ  එංගලන්ත   සුද්දොත්     කොළඹ   අවට  අල්ලගෙන   හිටියෙ....

ඔය  මද්දුම  බණ්ඩාර  කුමාරය  ගැන  උඹල   අහල  නැතෑ   නේද.....
**හ්ම්.ම්...**
***එයැයි   ඔය   මාතලේ   මොනරවිල  රටේ   රාළගෙ   මුණුපුරා  නෙව....**
***ඉතිං*****
=================-==================
****මතු  සම්බන්දයි.....විපුල්...*************

තවත් දේ බලන්න පේජ් එකට යන්න https://www.facebook.com/Sithiwili.Siththam/posts/145800802694180



. තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...