venerdì 30 novembre 2018

මඩකලපුව අපරාධය වූ තැනට පොලිපති සමග කණ්ඩායමක්

  අපරාධය  වූ තැනට පොලිපති සමග කණ්ඩායමක්

මඩකළපුව වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්විත කණ්ඩායමක්, පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මඩකළපුව බලා පිටත්ව ගියබව පොලිස් මූලස්ථානය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ, ගාල්ල උඩුගම පදිංචි වල්පිට ගමගේ ඉන්දික ප්‍රසන්න නිරෝෂන් (35) සහ  කල්මුණේ පදිංචිකරුවකු වන ගනේෂ් දිනේෂ් (25) නම් පොලිස් නිලධාරීන් දෙදෙනාය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට අදාළ ස්ථානයට ළඟා වෙමින් ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
එම විශේෂ කණ්ඩායම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී සිටිනවා.

තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...