කරු රැස්කල පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයත් පටහැනියි.න්‍යාය පත්‍රය මෙන්න
පාර්ලිමේන්තුව 2018/11/09 දින මධ්‍යම රාත්‍රියෙන් විසුරුවීමට පෙර ජනාධිපති වරයා විසින් නිකුත්කල ගැසට්පත්‍රයට අනුව අද දින පාර්ලිමේන්තුව කැදවීමට නියමිතව තිබුනි. මේ අතර කාලය තුල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව හා ජනතා පරමාධිපත්‍යට එරෙහිව චන්දය එපා, පාර්ලිමේන්තුව විසුරුවීම නීති විරෝධි කියමින් unp, jvp ,ඇතුලු සුළු පක්ෂ කිහිපයක් ශේෂ්ඨාධිකරණය වෙත ගොනු කල පෙත්සම් විභාගයේදී නඩු තීන්දුව විභාග කිරීමට කාලය සහා වෙනත් සාදක මත අතුරු තහනමක් දී තිබියදි ශේෂ්ඨාධිකරණ තීන්දුවටද අභියෝගන්කරමින්, කථානායක වරයාගේ අත්තනෝමතික තීරනය මත අද දින (14) කිසිදු වග විභාගයකින් තොරව පසුගියදා විසුරුවන ලද පාර්ලිමේන්තුව කැදවා ඇති අතර එහි න්‍යාය පත්‍රයට පටහැනිව පවා කටයුතුකිරිම ඉතා පිළිකුල් සහගතය.
ඒ අනුව___________________________________________________________
2018/11/14 පෙ.ව.10..00 කතානායක වරයාගෙ රැස්වීමෙන් අටවන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය
01. පාර්ලිමේන්තුවේ වාර අවසානකිරීම සහා රැස්වීම කැදවිම පිළිබදව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ මහලේකම් වරයා විසින් කියවීම.
02. කල් තැබීම
______________________________________________________________
මෙහිදී පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පැරනි අත්සල් ලේකනයක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවට පෙන්වා ඇත. ඒකපාක්ෂික කතා නායක යූ.එන්.පී පක්ෂයට බහුතරය පාර්ලිමේන්තුවේ හඩ අනුව තීරනයන්කරන බව කියන ඉතා හාස්‍ය ජනක සිදුවීම්ද කතා නායක වරයා විසින් කර ඇත. ඒ අනුව රටේ හදවත බදු විධායකය, ව්‍යවස්ථා දායකය, අධිකරණය යන උත්තරීතර ආයතන තුනම හෑල්ල්වටලක් කරමින් අද ඒ උත්තරීතර පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් කර ඇත .
එපමණක් නොව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ රට විනාශ කල අයුරු දැක දැක බලය රැකගැනිමෙන් වියරු වැටුන රනිල්, අනුර කුමාර සහා කරු ජයසූරිය ඇතුළු වියරු වැටුනු කණ්ඩායම අද දිනයේ අධිකරන තීන්දුවට අපහාසවන පරිදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, පාර්ලිමේන්තු සදාචාරයට පටහැනිව ක්‍රියා කර ඇති අතර අද සිදුවු කිසිවක න්‍යතික බලයක් නොමැත.
තව කෙනෙකුට කියවන්න Share කරන්න