giovedì 15 novembre 2018

අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතයි


අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතයි 


පාර්ලිමේන්තුවේ ඊයේ වගේ අඳුරු දිනයක් තමන් නොදුටු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටිනවා. පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා වන විට ජනතාව සිටියේ දැඩි පීඩනයෙන්. ඉන්ධන මිල සුත්‍රය, බදු බර, ඉඩම් විදේශිකයින්ට විකිණීම ආදී කාරණා නිසා ජනතාව දැඩි අප්‍රසාධයෙන් පසුවුණා. 
ජනාධිපතිවරයා ආර්ථික කමිටුව විසුරුවන්න කටයුතු කලේ. ඒ සමයේදී පොලිසියේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සමග එක්ව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න උත්සහ දරන බව ආරංචි උනා. ඒ අනුවයි ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් කරගන්න තීරණය කරන්නේ. ඒ අනුවයි ජනාධිපතිවරයා මට ආරාධනා කළා අගමැතිකම පිළිගන්න කියලා. ඒ අනුව රටට වෙනුවෙන් වෙන්න ගිය විනාශය වලක්වා ගන්න. ඒ නිසා මම රට ආරක්ෂා කරන්න ඒ වගකීම භාරගන්න තීරණය කලේ.
අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට මැතිවරණයක් ඉල්ලුවා, නමුත් රජය ඒ සදහා කටයුතු කලේ නැහැ. පළාත් පාළන ජන්දය පැවැත්වීම පවා පමා කළා.
මට එරෙහිව කතානායකවරයා ශබ්දයට අනුව යෝජනාවක් සම්මත කර ගත්තා. කතානායකයාගේ ඊනියා විශ්වාසභංගයට අනුව මම පරාජය වුනා කියලා හිටපු අගමැතිවරයා අගමැතිලෙස ඇතැම් ඇමතිවරු ප්‍රකාශ කළා. කතානායකවරයා විසින් සිය බලය අනිසි ලෙස භාවිතා කරනවා. මම කියනවා මෙතන 225 අතරේ මේ ප්‍රශ්නය විසඳ ගන්නේ නැතුව ජනතාව ඉදිරියට යමු කියලා.
මම සතුටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණ කියනවා පාර්ලිමේන්තුව විසුරුවලා ජන්දයකට යන්න යෝජනාවක් ආවොත් ඒ සදහා තමන් සහය දෙනවා කියලා. මම ඉල්ලා සිටිනවා මැතිවරණයකට යමු. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා අපිත් සමග එක්වෙන්න කියලා.
අද දිනයේදී පෙට්ට්‍රල් මිල අඩුකරනවා. අපි බලාපොරොත්තු වන්නේ පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නෙමෙයි සියලු දෙනාටම පොදු කතානායකවරයෙක්.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...