lunedì 26 novembre 2018


#ආචාර්ය_නාලක_ගොඩහේවාට_ගහන_මඩ_ඇත්තද ?

අහවලුන් ලුනු ඇඹුල් දා නගන චෝදනාව -  මෙයාට නඩු ගනනාවක් තිබෙනවා

උත්තරය - තිබෙන්නේ එක නඩුවයි. ඒත් සල්ලි ගත්තා කියා නොවේ සල්ලි දුන්නා කියායි. හේතුව කොටස් වෙළඳ පොල ගැන තරුණයන් පුහුනු කරන්න දුන් අනුග්‍රාහකත්වයක්.  අනුමත කලේ තනිව නොවේ  පෞද්ගලික අංශයේ ඉහලම වෘතිකයින් 6 දෙනෙකු හා රජයේ ඉහල නිලධාරීන් 4 දෙනෙකු සිටි අධ්‍යක්ෂක මන්ඩලයක් විසින්. අනුග්‍රහාකකත්වය ගත් ආයතනය තරුණු තරුණියන් 11200 කි පුහුණු කල බවට සාක්ෂි ඇත. එක් අයෙකුට වියදම රුපියල් 446 යි. මේ බොරු නඩුවට පැමිණිලි කරුවෙක් නැත. ඇත්තේ නිර්ණාමික පෙත්සමක් පමනි. පැමිනිලි කරුවෙකු නොමැතිව පොලීසියට පරීක්ෂණයක් කල හැක්කේ  රජයේ ඉහලම තැනකින් දුන් නියෝගයක් මත පමනි. නඩුව දැම්මේ බැඳුම්කර මංකොල්ලය රටට හෙලි කල පසුවය. මාසයකට ලක්ෂ 10 ක රැකියාවත් අතහැර මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් පිට 2010  රාජ්‍ය සේවයට එක්වී ඉතුරු වසර පහ තුල ලක්ෂ ලක්ෂ 600 කට ඉහල  ආදායම් අවස්තා අහිමිකරගත් අයෙකුට දස දෙනෙකු සමඟ එකවී ලක්ෂ 50 ක් අපහරණය කරන්නට අවශ්යයැයි සිතන පාට කන්නාඩි කාරයන්ට පිලිතුරු දෙන්නට පුලුවන් කාටද ?

දේශපාලන සතුරන්ගේ දෙවන සුබල චෝදනාව   : මෙයා  ක්‍රිෂ් සමාගම හොර සමග ගනුදෙනුවක් කර තිබෙනවා.

උත්තරය - තිබුනානම් වසර 3කුත් මාස 9ක්  පොලීසිය පොල් ගෑවාද ?  යහපාලන ආන්ඩුවේ නීති විරෝදී දේශපාලන පලිගැනීම් පොලීස් වන අංශය එෆ් සී අයී ඩීය   වසර 3 ක් මේ ගැන පරීක්ෂන කොට අතහැර දැමුවේ  වරදක් සොයාගත නොහැකි නිසා මිස නාලක ගොඩහේවාට ආදරයට විය නොහැකි බව කියවන්නන් අතරින් මොලයක් ඇති අයටනම් වැටහෙනු ඇත.

කොටස් වෙළඳපොල ගැන අබමල් රේනුවක් නොදන්නා අයගේ චෝදනාව :  මෙයා සභාපති ලෙස කොටස් වෙළඳ පොලේ PUMP & DUMP   වලට සම්බන්දයි.

කොටස් වෙළඳපොල ගැන දනා ඕනෑම අයෙක් දන්නා උත්තරය - කොටස් වෙළඳපොල PUMP & DUMP   චෝදනා එල්ල වූයේ 2010 -2011 කාලය තුලය. එහෙත් ආචාර්ය  නාලක ගොඩහේවා  විනිමය කොමිසමේ සභාපති ලෙස පත් කරනා ලද්දේ  2012 ජූලි මසය. එදා සිට 2014 ජනවාරි මස ඔහු  ඉවත් වන තුරු කොටස් වෙළඳපොලේ අක්‍රමිකතවක් ගැන එක් උදාහරණයක් හෝ සාක්ෂි ඇතුව පෙන්වන මෙන් ඕනෑම අයෙකුටඅභියෝග කර ඇත.  ඔහු  සභාපති වශයෙන් සිටි වසර 2 1/2 කොටස් වෙළඳ පොලේ ස්වර්ණමය යුගයයි.

 ආචාර්ය නාලක ගොඩහේවා  වැඩ බාරගත් 2012 අගෝස්තු මාසයෙත් අවසන් වරට රාජකාරි කල 2014 දෙසැම්බර් මාසයෙත් සංඛ්‍යාලේඛන පහත දැක්වේ. මේ සියල්ල මහජනයාට ඕනෑම වෙලාවක ලබා ගත හැකි දත්තය.

කොටස් වෙළඳපොල සමස්ථ මිළදර්ශකය ඒකක 4960 සිට 7290 දක්වා ඉහල ගියේය. මෙය වසර 2 1/2 තුල 47% ක වර්ධනයකි.

කොටස් වෙළඳපොල සමස්ථ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2, 060 සිට රුපියල් බිලියන 3,104 දක්වා ඉහල ගියේය. මෙය වසර 2 1/2 තුල 51 % ක වර්ධනයකි.

කොටස් වෙළඳපොලෙ සාමාන්‍ය දෛනික පිරිවැටුප රුපියල් මිලියන 500 සිට රුපියල් මිලියන 1,400දක්වා ඉහල ගියේය. මෙය වසර 2 1/2 තුල 180 % ක වර්ධනයකි.

කොටස් වෙළඳපොලෙ වාර්ශික ප්‍රතිලාබ 2012 දී ඍන 4.4 % යි. 2014 දී ධන 26.3 % යි

2015 ජනවාරි මාසයේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ මුල්‍ය සඟරාවක් මගින් ආසියාවේ තිරසාරම කොටස් වෙළඳපොල ( MOST SUSTAINABLE STOCK EXCHANGE OF ASIA ) ලෙස කොළඹ කොටස් වෙළඳ පොල නම් කොට සම්මානයක් පිරි නමන ලදී.
@Nalaka Godahewa

තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...