domenica 11 novembre 2018
කරූ මහින්දට එහෙම කළාට; එදා චමල් රනිල්ට එහෙම කළේ නැහැ..
කරූ මහින්දට එහෙම කළාට; එදා චමල් රනිල්ට එහෙම කළේ නැහැ..
එදා රනිල් වික්රමසිංහව අගමැති කරන අවස්ථාවේ ඔහුට බහුතරයක් තබා ඉන් භාගයක්වත් නොතිබුණද, එදා චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කතා කළේ නැහැ. එතුමා මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වෙලත් එහෙම දෙයක් කතා කළේ නැහැ. ජනාධිපතිගේ බලය එතුමා පිළිගත්තා. ඒත් අද වත්මන් කථානායක කරු ජයසුරිය සම්පූර්ණයෙන්ම එක් දේශපාලන පක්ෂයක බළල් අතක් වෙලා. කථානායක පුටුවේ වාඩි වුණාම තමන්ගේ දේශපාලන පක්ෂයේ වගකීම් ඉටු කරන්න යනවා නම් එය වැරැදි’යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
ඊයේ (07) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙසේද පැවැසීය.
නිශ්චිත වශයෙන්ම පාර්ලිමේන්තුව රැස් වෙන්නේ 14 වැනිදායි. ඊට කලින් පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම බලයක් ජනාධිපතිතුමාට නැහැ. මේ වන විට රජයේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වහාම පියවර ගන්න කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. අගමැතිතුමන් මුදල් අමාත්‍යවරයා ලෙස එම ප්රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වී තිබෙනවා.
මනූෂ නානායක්කාර මන්ත්‍රිතුමා එ.ජා.ප.යට සහාය දීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ කතා පළ වෙනවා. මනූෂ මන්ත්‍රිතුමා මේ වන විට කොහේද ඉන්නේ. සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් කියන හෝටලයේයි එතුමා නැවතිලා ඉන්නේ. ඒ හෝටල් කාමරයක නැවතිලා ඉන්නවාට දිනකට ගෙවන්න ඕනේ විශාල මුදල් ප්‍රමාණයක්. මේවාට මුදල් හම්බ වෙන්නේ කොහොමද කියලා මනූෂ මන්ත්‍රිතුමා ලංකාවට ආවාට පස්සේ මාධ්‍යයට ප්‍රශ්න කරන්නට පුළුවන්.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ පත්වීමත් තව නොබෝ දිනකින් සිදුවේවි. ආණ්ඩුවේ කටයුතුවලට මේ වන විට කිසිම බාධාවක් නැහැ.
මෙහිදී මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්න කළ අතර එහිදී මෙසේ පැවැසීය.
ඔබතුමාලා අලුත් කථානායකවරයෙක් පත් කරගන්නවාද?
අපිට එහෙම අවශ්‍යතාවක් නැහැ. කථානායකවරයෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. නමුත් අපිට ප්රශ්නය තිබෙන්නේ එතුමාගේ ක්‍රියකලාපය ගැනයි. කථානායක පුටුවේ වාඩි වුණාම තමන්ගේ දේශපාලන පක්ෂයේ වගකීම් ඉටු කරන්න යනවා නම් එය වැරැදියි. රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කරන අවස්ථාවේ චමල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කතා කළේ නැහැ. එතුමා මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වෙලත් එහෙම දෙයක් කතා කළේ නැහැ. ජනාධිපතිගේ බලය එතුමා පිළිගත්තා.
ජ.වි.පෙත්, ටී.එන්.ඒ. එකත් මොන විදියේ බලපෑමක් ඇති කරාවිද?
ජ.වි.පෙ. විවිධ කාරණා හදනවා. ඔවුන් 20 වැනි සංශෝධනය ගෙනාවේ එ.ජා.ප.යේ වුවමනාවට. ඔවුන් හදන්නේ එ.ජා.ප.යට ඡන්දයක් දෙන්න පුළුවන් වන ආකාරයේ පසුබිමක් සකස් කිරීමටයි. එහෙම කළොත් ජ.වි.පෙ. ඉවරයි.
පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්ද දැන්?
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිව්වොත් එය කළ හැකියි. යම්කිසි අස්ථාවරතාවක් ඇති වුණොත් ජනාධිපතිවරයාටත් එය කළ හැකියි. අවශ්‍ය නම් ජනමත විචාරණයකට යා හැකියි. පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාවටයි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පි...
-
උදැල්ල රැගෙන කසිප්පු බොන්න යන අපේ රටේ හොර ගොවියෝ පොලිසියට මාට්ටු! ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂ...
-
සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි නැගෙනහිර ආණ්ඩුකාර M.L...