lunedì 26 novembre 2018

ශී‍්‍ර ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව දිගටම කි‍්‍රයාත්මක කරනවා -ඇමරිකානු තානාපතිනි


ශී‍්‍ර ලංකාවට එරෙහි  ජිනීවා යෝජනාව දිගටම කි‍්‍රයාත්මක කරනවා -ඇමරිකානු තානාපතිනි.
ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාව දිගටම කි‍්‍රයාත්මක කරන බව ඇමරිකනු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ප‍්‍රකාශ කර ඇත.
ඇය ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප‍්‍රමුඛ මන්තී‍්‍රවරු පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ ප‍්‍රතිඥාව දී තිබේ.
ජිනීවා යෝජනාවට අනුව මානව හිමිකම් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා 2019 මාර්තු 13 දා තෙක් කාලසීමාවක් ලබාදී තිබිණි.
මෙම ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ඒ වෙනුවට බි‍්‍රතාන්‍යය එම යෝජනාව වෙනුවෙන් කි‍්‍රයා කරයි.
නව රජය පත්වීමත් සමගම ඊට එරෙහි රවටල් 10 ක් ද ජිනීවා යෝජනාව ගෙන යැමට දායක වී ඇත.
-Divaina
තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...