sabato 1 dicembre 2018
ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව තව භාණ්ඩ සහා සේවා මිල පහත දමයි.
ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව තව භාණ්ඩ සහා සේවා මිල පහත දමයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණි පසු මුදල් ඇමතිවරයා ලෙස තෙවන වරටත් ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ලෝක වෙළදපළේ තෙල් මිල සළකා සහ මහජනතාවගේ ජීවන වියදම අවම කිරීමේ අරමුණ ඇතිවයි.
මේ අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සියලු පෙට්‍රල් සහ ඩීසල් වර්ගවල මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සියලු පෙට්‍රල් සහ ඩීසල්වල ලීටරයක මිල රුපියල් 05කින් අඩු වෙනු ඇති.
මෙලෙසින් මිල අඩු වන ඉන්ධන මිලට සාපේක්ෂව සෙසු සේවා සහ භාණ්ඩ වලද මිල අඩු වීමට නියමිත බවද වාර්තා වෙනවා.
________________________________________________________________________
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී දේශීය ආයෝජකයින් සමඟ පැවැති සාකච්ඡාවේ දී දේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ගැටලුවකින් තොරව නැවත ක්‍රියාත්මක කරන බව පෙන්වා දී තිබෙනවා.
පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් හමුවේ අගමැතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
මෙහිදී වෙළඳ පොළේ පාරිභෝගිකයින්ගේ පරිභෝජනයට ගන්නා කාබනික බීම සහ පළතුරු බීම නිෂ්පාදනයේ දී භාවිතා කරන සීනි සඳහා බද්ද අඩු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06 දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09 දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
තවද පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් දී තිබෙනවා.
එසේ හෙයින් වෙළඳ පොළේ පැණි බීම දැනට අලෙවි වන මිලට වඩා 30%කින් මිල අඩු කිරීමට හැකි වන බව නිෂ්පාදන ආයතන ප්‍රධානීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.
පසුගිය රජය බිස්කට් සඳහා සීනි බද්දක් අය කිරීමට සූදානමක් තිබූ බව එම සමාගම්වල නියෝජිතයින් මෙහිදී හෙළි කර තිබෙනවා.
එහෙත් වත්මන් රජය එවැනි සීනි බද්දක් අය කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව අගමැතිතුමා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ජාතික ආර්ථික සභාවේ දී ද මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එකී සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජාතික ආර්ථික සභාවේ මඟපෙන්වීම හා අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් ලබාදෙන ලද උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය මෙම සහනය ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පි...
-
උදැල්ල රැගෙන කසිප්පු බොන්න යන අපේ රටේ හොර ගොවියෝ පොලිසියට මාට්ටු! ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂ...
-
සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි නැගෙනහිර ආණ්ඩුකාර M.L...