venerdì 30 novembre 2018

මඩකලපුව අපරාධය වූ තැනට පොලිපති සමග කණ්ඩායමක්

  අපරාධය  වූ තැනට පොලිපති සමග කණ්ඩායමක්

මඩකළපුව වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්විත කණ්ඩායමක්, පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මඩකළපුව බලා පිටත්ව ගියබව පොලිස් මූලස්ථානය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ, ගාල්ල උඩුගම පදිංචි වල්පිට ගමගේ ඉන්දික ප්‍රසන්න නිරෝෂන් (35) සහ  කල්මුණේ පදිංචිකරුවකු වන ගනේෂ් දිනේෂ් (25) නම් පොලිස් නිලධාරීන් දෙදෙනාය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට අදාළ ස්ථානයට ළඟා වෙමින් ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
එම විශේෂ කණ්ඩායම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී සිටිනවා.

තව කෙනෙකුට කියවන්න Share කරන්න

දෙරණ ලිට්ල් ස්ටාර් අක්ෂා චමුදිට විමල්ගෙන් නව නිවසක්..!


දෙරණ ලිට්ල් ස්ටාර් අක්ෂා චමුදිට විමල්ගෙන් නව නිවසක්..!

දෙරණ ලිට්ල් ස්ටාර් 2018 - ගායනා තරඟාවලයේ ජනප්‍රිය තරුව වූ
අක්ෂා චමුදි දියණියගේ පවුලේ නිවාස සහිනය සැබෑ කිරීමට විමල් වීරවංශ අමාත්‍යවරයා තීරණය කරයි.

2018 වසරේ දෙරණ ලිට්ල් ස්ටාර් ගායනා තරඟාවලියේ ජනප්‍රිය තරුව සහ අනුශූරතාව හිමිකරගත් සුවිශේෂී ගායනා හැකියාවෙන් යුත් අක්ෂා චමුදි දියණියගේ පවුලට ඔවුන් ජීවත්ව සිටින නිවස අංග සම්පූර්ණව ඉදිකර දීමට හෝ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 37 ක් වටිනා නිවසක් ලබාදීමට කටයුතු කරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අක්ෂා චමුදි දියණිය හා ඇයගේ මව් පියන්, නිවාස හා සමාජ සුභසාධන අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. බත්තරමුල්ල, සෙත්සිරිපාය (පළමු අදියර) දෙවන මහළේ පිහිටි නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (29) දින මෙම හමුව සිදුවිණි.





අක්ෂා චමුදි දියණිය ඇතුළු එම පවුලේ සාමාජිකයින් දැනට ජීවත්ව සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ, කටුවන ප්‍රදේශයේ අඩක් ඉදිකර ඇති කුඩා නිවස ජාතික සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අංග සම්පූර්ණව ඉදිකර දීමට හෝ එසේ නැත්නම් අක්ෂා චමුදි දියණියගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 37 ක් වටිනා නිවසක් ලබා දීමට අමාත්‍යවරයා තීරණය කළේය.

මෙම තීරණය පිළිබඳව අක්ෂා චමුදි දියණිය හා ඇයගේ මව් පියන් දැනුවත් කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අවුරුදු 6 ක් වයසැති මෙම දියණියට පවතින සහජ දක්ෂතාවය තවත් වර්ධනය කර ඇයගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ට හැකි උපරිම සහය ලබා දෙන බවත්, මෙම දියණිය දැනට පදිංචි නිවස ඉදිකරගැනීම හෝ මොරටුව මහල් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබා ගැනීම යන අවස්ථා දෙකෙන් වඩාත් සුදුසුම අවස්ථාව පිළිබඳව හොඳින් සිතා බලා ගන්නා තීරණය කඩිනමින් තමන්ට දැනුම් දෙන ලෙසද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “මෑත කාලයේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් මඟින් විකාශය කළ සංගීත වැඩසටහනකින් අවුරුදු හයක දියණියගේ සුවිශේෂි හපන්කම් පෙන්වන අයුරු මෙරට සෑම සියලු දෙනාටම දැක ගන්නට හැකිවුණා. ඒ සියලු දෙනාම මෙම දියණියගේ ගායන දක්ෂතාවයන් දැක විශ්මයට පත් වුණා. ඒ දියණිය හා ඇයගේ දෙමාපියන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරමක් දුෂ්කර ප්‍රදේශයක ජීවත් වනවා. සාමන්‍ය පාසලක අධ්‍යාපනය හදාරණ මෙම දියණිය සතුව සහජ හැකියාවක් ඈතුළ නිදන්ගතව පවතින බව අපට පැහැදිළිව පෙනුණා. මෙම දියණිය තම දක්ෂතාවයන් දියුණු කර ගනිමින් මෙරට සංගීත ක්ෂේත්‍රය පුබුදුවාලන්නට හැකි දියණියක් ලෙස අප හඳුනා ගත්තා. එ අනුව එම දියණිය දැනට ජීවත් වන නිවස නවීකරණය කර දීමට හෝ ඔවුන් කොළඹට පැමිණෙනවා නම් මොරටුව ප්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මහල් නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 3.7 ක් පමණ වටිනා, වර්ග අඩි 500 කට වැඩි ප්‍රමාණයකින් යුත් නිවසක් ලබා දෙන්නට අප සුදානම්. මෙම තීරණ දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කර කර විකල්ප දෙකෙන් එකක් තෝරාගෙන අපට දැනුම් දෙන ලෙස දියණියගේ මව් පියන්ට අප භාර දුන්නා. කවර තීරණයක් ගත්තද සෙවණ අරමුදලින් ලබා දිය යුතු මුල්‍ය දායකත්වය ලබා දීමටත්, දියණිය දැනට පදිංචිව සිටින ගමේ නිවස අලුත්වැඩියා කරනවා නම් නිවසේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට ස්වෙච්චාවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රම දායකත්වය ලබා දීමටත් ඉදිරිපත් වී සිටිනවා. සෑම අංශයකම සහයෝගය ලබා ගෙන දක්ෂතාවලින් පිරිපුන් සහජ හැකියාවෙන් අනූන ආදරණීය දියණියට අනාගතය ජය ගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා දීමට අප බලාපොරොත්තු වනවා.“ යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

හොරවින්න, කටුවන පදිංචි ආක්ෂා චමුදි දියණියගේ වයස අවුරුදු 6 කි. ඇය වලස්මුල්ල, කටුවන, හොරවින්න මහා විද්‍යාලයේ 2 වන වසරේ අධ්‍යාපනය ලබයි. එස්. ඒ. අජික් කුමාර නිසාන්ත මහතා පියාද, වයි. එම්. චන්ද්‍රාවතී මහත්මිය මව වේ. වැඩිමහල් සහෝදරයෙක් හා සහෝදරියක් සිටින පවුලේ ඇය බාල දියණියයි. මෙම අවස්ථාවට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ, අතිරේක ලේකම් සමන් උඩවත්ත, ජාතික නිදහස් පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ජයන්ත වන්නිආරච්චි, ශ්‍රී ලංකා යුද හමුදාවේ ලෙෆ්ටිනන් කර්නල් උපුල් රත්නායක, ශ්‍රී ලංකා යුද හමුදාවේ කැප්ටන් ජනිත් රුවන් පතිරණ, කටුවන හොරවින්න මහා විද්‍යාලයේ විදුහල්පති ඒ. ඒ. පී. නාමල් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය 

තව කෙනෙකුට කියවන්න Share කරන්න

giovedì 29 novembre 2018

ලංකාවේ පොල්පොට් - බුද්ධියේ විමසුමට

ලංකාවේ පොල්පොට්

1993 මැයි 1 මේ රටට වගේම යූඑන්පී පාක්ෂිකයන්ට විශේෂයෙන් අමතක නොවන දවසකි. ඉන්ද්‍රඛීල සේ නොසැලී සිටි යූඑන්පී ප්‍රබල නායකත්ව බල කණු කඩා වැටීමේ ආරම්භය සනිටුහන් වුණේ එදා ය. මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් ජනපති ප්‍රේමදාස මහ දවල් මහ පාර මැද ඝාතනය වුණේ ය. ප්‍රේමදාස ඝාතනයෙන් පසු යූඑන්පී නායකත්වයේ වගකීම භාර ගන්න නියම වුණේ සිරිසේන කුරේට ය. ඒත් සිරිසේන කුරේ නායකත්වය භාර ගැනීම ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කර, රනිල්ට ඒ සඳහා අවස්ථාව දුන්නේ ය.

රනිල්ට යූඑන්පී නායකත්වය ලැබෙන්නේ එහෙම ය. නායකත්වය ගත්ත ගමන් රනිල් ඉස්සෙල්ලාම ගහන්නේ ප්‍රේමදාස පවුලට ය. ප්‍රේමදාස පවුලේ දේශපාලන අංකුරය වූ සජිත්ට සංවිධායකකමක් වත් නොදී පල නොකියා පලා බෙදුවේ ය. හැබැයි රනිල්ට වැඩිකල් රඟන්න හැකි වූයේ නැත. යූඑන්පීයේ ඊළඟ නායකත්ව බල කණුව ගාමිණි දිසානායක ඉදිරියට ආවේ ය. ගාමිණිගේ රැස්වලට රනිල් පැත්තකටම විසිවුණේ ය. යූඑන්පියේ ජනපති අපේක්ෂකයා වුණු ගාමිණි ඉස්සෙල්ලාම කළේ ප්‍රේමදාස මැතිනිය මුණගැහෙන එක ය. ජනපති ප්‍රේමදාසට එරෙහිව ලලිත් සමඟ කැරලි ගැසීම ගැන ගාමිණි, ප්‍රේමදාස පවුලෙන් සමාව ඉල්ලුවේ ය. ප්‍රේමදාස දියණිය දුලාංජලී ‍ෙදාස් කියද්දිත් ගාමිණි ඇහුවේ “මගෙන් මොනවද කෙරෙන්න ඕන” කියා ය. සජිත්ගේ පිටට තට්ටුවක් දැමූ ගාමිණි, සජිත්ට මැද කොළඹ යූඑන්පී සංවිධායකකම යෝජනා කළේ ය. මැද කොළඹ ප්‍රතික්ෂේප කළ සජිත් හම්බන්තොට සංවිධායකකම ලබා ගත්තේ ය. රනිල් පස්ස පැත්තට පයින් ගසා ‍ෙදාට්ට දැමූ සජිත්ට ගාමිණි දේශපාලන අත්පොත කියැ වූයේ එහෙම ය.

ප්‍රේමදාස ඝාතනය කළ කොටි වැඩි කලක් යන්නට මත්තෙන් ඊළඟ යූඑන්පී බල කණුවටත් කුරුමානම ඇල්ලුවේ ය. යූඑන්පීය ජයග්‍රාහී මාවතේ ඇදගෙන ගිය ගාමිණි රටේ නායකත්වය පෙනි පෙනී සිටියදී 1994 ඔක්තෝබර් 24 වැනිදා තොටළඟදී මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකට ලක්වුණේ ය. යූඑන්පීයේ නායකත්ව බල කණු දෙකක්ම කඩාගෙන වැටුණේ එහෙම ය. ගාමිණි සමඟ යූඑන්පී නායකත්වයට සටන් වැදී කෘත්‍යාධිකාරියේ ඡන්දෙන් පැරදී පැත්තකට වුණු රනිල්ට මෙවර සටනක් දෙන්නට කෙනෙක් සිටියේ නැත. රනිල් නැවතත් නිතරගයෙන්ම යූඑන්පී නායකත්වය අතට ගත්තේ ය.

ගාමිණි සජිත්ට හම්බන්තොට යූඑන්පී සංවිධායකකම දුන්න එකට කිපිලා හිටිය රනිල් ඉස්සෙල්ලාම කළේ මර්වින් සිල්වාව සම සංවිධායක කරලා තිස්සට දාපු එක ය, මර්වින්ව තිස්සට දාලා මර්වින් ලව්වා සජිත්ට ගස්සවපු එක ය. සජිත්ට හම්බන්තොට තනි සංවිධායකකම ලැබෙන්නේ මර්වින් රනිල් අතෑරලා චන්ද්‍රිකා ගාවට ගිය පසු ය. එදා ගාමිණිගේ මරණයෙන් පසු, පිනට ලැබුණු නායකත්ව පට්ටම මේ වන තෙක් අත් නොහැරිය රනිල්, මේ වන තෙක් ම ගාමිණිට එකතු වුණු එකේ තරහ සජිත්ගෙන් පිරිමහන්නේ ය. පුදුමේ කියන්නේ… මේ ටික නොතේරුණා වගේ සජිත් තාමත් රනිල්ට වන්දිභට්ටකම් කරන එක ය.

රනිල් යූඑන්පී නායකත්වයට පත්වෙලා තියපු පළමු ඡන්දෙන්ම චන්ද්‍රිකාට පැරදුණේ ය. 2001 මහ ඡන්දෙන් ආසන 109ක් දිනා එස්.බී.ලා මහින්ද විජේසේකරලා එකතු කරන් ගහපු ගේමකින් අගමැතිකම ගත්තේ ය. ඒ අගමැතිකම අවුරුදු 2කට වඩා තියාගන්නට රනිල්ට පුළුවන් වුණේ නැත. 2005දී මහින්ද සමඟ තරග වැදුණු රනිල් ආයෙත් පැරදුණේ ය. තමන්ට කවදාවත් තනිවම දිනන්න බැරි බව තේරුම් ගත්තු රනිල් 2010දී අනුර එක්ක එකතු වෙලා ෆොන්සේකා ඉස්සරහට දමාගෙන, ෆොන්සේකාගේ කර උඩින් ගිහින් අගමැතිකම ගන්න ගේමක් ගැහුවේ ය. ඒකත් හරි ගියේ නැත. ඊට පස්සේ 2015දී පොදු අපේක්ෂක මෛත්‍රිගේ කරපිටින් ගිහින් අගමැතිකම අරන් ආණ්ඩුවක් හදා ගත්තේ ය. ඒ ආණ්ඩුවෙත් යටිකූට්ටු ගේම් ගහන්න ගිහින් මෛත්‍රිට මාට්ටු වෙලා ඉල්ලාගෙන කෑවේ ය.

කිසිදා හරි විදියට ඡන්දයක් දිනන්න රනිල්ට බැරි ය. ඉතිහාසයේ ඉඳන්ම රනිල්ට කරන්න පුළුවන් එකම දේ ගේම් ගහන එක විතර ය. ප්‍රභාකරන්යූඑන්පී බල කණු එකින් එක වට්ටද්දී ඉතුරු වුණේ රනිල් විතර ය. ප්‍රභාකරන්ට ඕන වුණේ යූඑන්පීියේ කොන්ද පණ තියෙන නායකයන් ටික මරා දමන්න විතර ය. රනිල් යූඑන්පී නායකත්වයේ සිටීම කවදත් ප්‍රභාකරන්ට වාසිදායක වුණේ ය. ප්‍රභාකරන් නැතත් රනිල්ලා, කිරිඇල්ලලා දැන් සුමන්තිරන්ලාගෙ ඉත්තෝ වෙලා ය. පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල ළඟටම ඇවිත් සුමන්තිරන් කෑගහලා ගියේ ඒක ය. ඒ කියන්නෙ යූඑන්පීය දැන් වැඩ කරන්නේ කොටි හිතවාදී සුමන්තිරන්ලාගේ න්‍යායපත්‍රයටද කියා කියන්නට දන්නේ නැත.

රනිල් සජිත්ලා වගේ අයට යූඑන්පී නායකත්වයට එන්නට කවදාවත් ඉඩ දෙන්නේ නැත. මෛත්‍රි කිව්වා වගේ රනිල්ගේ සමනල කල්ලිය ඇරෙන්න වෙන කාටවත් පක්ෂ නායකත්වයට ළං වෙන්නට බැරි ය. රනිල්ගේ කැපිලිවලට හොඳම සාක්ෂිය හේමන්ත එගොඩවත්ත ය. 1997දී තරුණ තරුණියන්ට පක්ෂයේ ඉහළට එන්න කියා රනිල් ජාතික යොවුන් පෙරමුණ බිහි කළේ ය. පක්ෂයේ තරුණ තරුණියන්ගේ වැඩි කැමැත්තෙන් යොවුන් පෙරමුණේ ප්‍රථම ජාතික ලේකම් වුණේ හේමන්ත එගොඩවත්ත ය. 1998දී තමන්ට ඕන විදියට යොවුන් පෙරමුණේ නිලතල හසුරුවා ගන්න ඕන නිසා රනිල් කළේ ඡන්ද ක්‍රමය අහෝසි කරලා නිලතල පැවැරීමේ බලය තමා අතට ගන්න එක ය. පක්ෂයේ තරුණ කණ්ඩායම දෙකට කැඩුණේ ය.

1. පක්ෂයට දරදිය අදින, පක්ෂය වෙනුවෙන් කැපවෙන කණ්ඩායම.

2. රනිල්ට කඩේ යන සමනල කණ්ඩායම

රනිල්ට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු වුණේ යොවුන් පෙරමුණෙන්ම ය. 1998 ජාතික යොවුන් පෙරමුණු නිලවරණයේදී සජිත්, නවීන්ගේ උදවු සහිත හේමන්ත එගොඩවත්ත ඇතුළු යොවුන් පෙරමුණු කණ්ඩායමේ දැඩි ශක්තිය හමුවේ රනිල් පසුබැස්සේ ය. ඡන්දයක් තිබ්බොත් පරාද වෙන බව දැනගත් රනිල් බැරිම තැන බදුල්ලේ බොරලන්ද ගමේ ගොවි පවුලක උපන් ආනන්ද ප්‍රියනාත්ට යොවුන් පෙරමුණේ ජාතික ලේකම්කම දුන්නේ ය. හැබැයි අවුරුද්දක් යන්නට කලින් රනිල්ගේ කැමැත්ත වූ අකිල යොවුන් පෙරමුණේ ජාතික ලේකම්කමට පත්කර ගැනීමට රනිල්ට හැකි වුණේ ය.

රනිල්ගේ ගේම් ඉතිහාසය එහෙම ය. රනිල්ලා වගේ අයට මේ රටේ ජනතාවගේ හදගැස්ම තේරෙන්නේ නැත. මේ රටේ මුල් බැසගත් සංස්කෘතිය, මිනිසුන්ගේ සිතුම් පැතුම් රනිල්ලා වගේ අයට ගෝචර නැත. රනිල්් දන්නේ ගේම් ගහන්න විතර ය. රනිල්ට හැමදාම ගෝචර වුණේ කොළඹ හතේ රෝයල් පැලැන්තිය විතර ය.

ඒකට හොඳ උදාහරණයක් මා අසා ඇත. 2002-2004 රනිල්ගේ ආණ්ඩුව කාලේ චීන සංචාරයකදී සිය බිරිය මෛත්‍රි සහ තවත් යූඑන්පී ප්‍රබලයකුගේ බිරියක් සමඟ උදෑසන ආහාරය ගනිමින් සිටියදී රනිල් මෙසේ පවසා තිබේ. “අපේ මිනිස්සුන්ට සොසේජස්, බේකන් දෙන්න ඕන. එදාට තමයි රට දියුණු වෙන්නේ.” එය ඇසූ යූඑන්පී ප්‍රබලයාගේ බිරිය මෙසේ කියා තිබේ “අන්කල් ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය බත් නේද? ඒක අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච දෙයක් නේ ද?” එය ඇසූ රනිල් මෙසේ පිළිතුරු දී තිබේ “මේ රටට හෙණ ගහලා තියෙන්නේ බත් කන නිසා. බත් කන එක නවත්වන්න ඕන.”

1994 ගාමිණිගේ මරණයෙන් පසු, පිනට ලැබුණු නායකත්ව පට්ටම මේ වන තෙක් රනිල් අතහැරියේ නැත. ඒ අතින් ගත්තාම රනිල්ගේ ගේම් දිහා බැලුවාම මතකයට නැඟෙන චරිතයක් ඇත. ඒ පොල්පොට් ය. හාවඩ් සරසවිය හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි සරසවියකින් රනිල් වික්‍රමසිංහ චරිතය සහ පොල්පොට් චරිතය ගැන නිබන්ධනයක් කළහොත් ඔවුන් දෙදෙනාගේ සමානකම් හරියට බලාගත හැකි ය. තනි බලයක් අතට ආවොත් ලෝකයේ ඊළඟ පොල්පොට් වෙන්නේ රනිල් ය.

-මේඝනාද

තව කෙනෙකුට කියවන්න Share කරන්න

martedì 27 novembre 2018

මංගලගේ යූරෝ 177000 නොදැක්ක, මහින්දගේ ඩොලර් 53455 දැක්ක යහපාලන Jvp ,unp අම්බරුවෝ..

මංගලගේ යූරෝ 177000 නොදැක්ක, මහින්දගේ ඩොලර් 53455 දැක්ක යහපාලන අම්බරුවෝ..

මෙහි 1,2,3 හි දැක්වෙන්නේ ඉරාන ජාතිකයෙකු සතු මුදලක් නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමන් මුදල් අමාත්‍යවරයා ලෙස නියෝග කල බව දැක්වෙන ලිපියක් ජාතිවාදය ඉලිප්පෙන අයුරින් සහ එය තම හිතවතෙකුගේ නීතිවිරෝධී මුදලක් නිදහස් කරන අයුරින් සමාජ ගත කිරීමට ජවිපෙ සහ එජාප බත්බැලයන් විසින් කටයුතු කොට ඇති අන්දමයි.




අදාල කාරණය සඳහාම මංගල සමරවීර විසින් යූරෝ 170000 හෙවත්  කොටි 3 1/2 ක මුදලක් නිදහස් කිරීම සම්බන්ධ ලිපිය අංක 4 ලෙස දැක්වේ. එදා එය නොදුටු තක්කඩි ජවිපෙ සහ එජාප බත් බැලයන් ජාතිවාදය ඇවිස්සීම සඳහා අදාල ලිපිය නිර්ලජ්ජිත ලෙස යොදා ගෙන ඇත.


එක් අතකින් අප පුදුම විය යුතු නැත. මෙසේ බොරුව හා ජාතිවාදය සමාජ ගත කිරීම ඔවුන්ගේ ක්‍රමයයි. එසේ කොට රටක් අන්දවා කල තක්කඩි කමේ ප්‍රතිපල අද රටටම විඳීමට සිදුව ඇත.

සත්‍ය ලෙසම එම මුදල් උමා ඔය  ව්‍යාපෘතියේ කටයුතු කරන ඉරාන ජාතිකයන් සතු මුදල් වේ. ශ්‍රී ලංකාව හා ඉරානය අතර බැංකු හරහා මුදල් ගනුදෙනු සිදු නොවන බැවින් මෙසේ ක්‍රියා කොට ඇත. (5,6)



ඔව්න් ඉදිරියටත් දවසේ පච පතුරුවනු ඇත. අවදියෙන් සිටීම ඔබ අප සතු කර්තව්‍යයකි.

 තව කෙනෙකුට කියවන්න Share කරන්න

lunedì 26 novembre 2018

ශී‍්‍ර ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව දිගටම කි‍්‍රයාත්මක කරනවා -ඇමරිකානු තානාපතිනි


ශී‍්‍ර ලංකාවට එරෙහි  ජිනීවා යෝජනාව දිගටම කි‍්‍රයාත්මක කරනවා -ඇමරිකානු තානාපතිනි.
ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාව දිගටම කි‍්‍රයාත්මක කරන බව ඇමරිකනු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ප‍්‍රකාශ කර ඇත.
ඇය ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප‍්‍රමුඛ මන්තී‍්‍රවරු පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ ප‍්‍රතිඥාව දී තිබේ.
ජිනීවා යෝජනාවට අනුව මානව හිමිකම් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා 2019 මාර්තු 13 දා තෙක් කාලසීමාවක් ලබාදී තිබිණි.
මෙම ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ඒ වෙනුවට බි‍්‍රතාන්‍යය එම යෝජනාව වෙනුවෙන් කි‍්‍රයා කරයි.
නව රජය පත්වීමත් සමගම ඊට එරෙහි රවටල් 10 ක් ද ජිනීවා යෝජනාව ගෙන යැමට දායක වී ඇත.
-Divaina
තව කෙනෙකුට කියවන්න Share කරන්න

#ආචාර්ය_නාලක_ගොඩහේවාට_ගහන_මඩ_ඇත්තද ?

අහවලුන් ලුනු ඇඹුල් දා නගන චෝදනාව -  මෙයාට නඩු ගනනාවක් තිබෙනවා

උත්තරය - තිබෙන්නේ එක නඩුවයි. ඒත් සල්ලි ගත්තා කියා නොවේ සල්ලි දුන්නා කියායි. හේතුව කොටස් වෙළඳ පොල ගැන තරුණයන් පුහුනු කරන්න දුන් අනුග්‍රාහකත්වයක්.  අනුමත කලේ තනිව නොවේ  පෞද්ගලික අංශයේ ඉහලම වෘතිකයින් 6 දෙනෙකු හා රජයේ ඉහල නිලධාරීන් 4 දෙනෙකු සිටි අධ්‍යක්ෂක මන්ඩලයක් විසින්. අනුග්‍රහාකකත්වය ගත් ආයතනය තරුණු තරුණියන් 11200 කි පුහුණු කල බවට සාක්ෂි ඇත. එක් අයෙකුට වියදම රුපියල් 446 යි. මේ බොරු නඩුවට පැමිණිලි කරුවෙක් නැත. ඇත්තේ නිර්ණාමික පෙත්සමක් පමනි. පැමිනිලි කරුවෙකු නොමැතිව පොලීසියට පරීක්ෂණයක් කල හැක්කේ  රජයේ ඉහලම තැනකින් දුන් නියෝගයක් මත පමනි. නඩුව දැම්මේ බැඳුම්කර මංකොල්ලය රටට හෙලි කල පසුවය. මාසයකට ලක්ෂ 10 ක රැකියාවත් අතහැර මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් පිට 2010  රාජ්‍ය සේවයට එක්වී ඉතුරු වසර පහ තුල ලක්ෂ ලක්ෂ 600 කට ඉහල  ආදායම් අවස්තා අහිමිකරගත් අයෙකුට දස දෙනෙකු සමඟ එකවී ලක්ෂ 50 ක් අපහරණය කරන්නට අවශ්යයැයි සිතන පාට කන්නාඩි කාරයන්ට පිලිතුරු දෙන්නට පුලුවන් කාටද ?

දේශපාලන සතුරන්ගේ දෙවන සුබල චෝදනාව   : මෙයා  ක්‍රිෂ් සමාගම හොර සමග ගනුදෙනුවක් කර තිබෙනවා.

උත්තරය - තිබුනානම් වසර 3කුත් මාස 9ක්  පොලීසිය පොල් ගෑවාද ?  යහපාලන ආන්ඩුවේ නීති විරෝදී දේශපාලන පලිගැනීම් පොලීස් වන අංශය එෆ් සී අයී ඩීය   වසර 3 ක් මේ ගැන පරීක්ෂන කොට අතහැර දැමුවේ  වරදක් සොයාගත නොහැකි නිසා මිස නාලක ගොඩහේවාට ආදරයට විය නොහැකි බව කියවන්නන් අතරින් මොලයක් ඇති අයටනම් වැටහෙනු ඇත.

කොටස් වෙළඳපොල ගැන අබමල් රේනුවක් නොදන්නා අයගේ චෝදනාව :  මෙයා සභාපති ලෙස කොටස් වෙළඳ පොලේ PUMP & DUMP   වලට සම්බන්දයි.

කොටස් වෙළඳපොල ගැන දනා ඕනෑම අයෙක් දන්නා උත්තරය - කොටස් වෙළඳපොල PUMP & DUMP   චෝදනා එල්ල වූයේ 2010 -2011 කාලය තුලය. එහෙත් ආචාර්ය  නාලක ගොඩහේවා  විනිමය කොමිසමේ සභාපති ලෙස පත් කරනා ලද්දේ  2012 ජූලි මසය. එදා සිට 2014 ජනවාරි මස ඔහු  ඉවත් වන තුරු කොටස් වෙළඳපොලේ අක්‍රමිකතවක් ගැන එක් උදාහරණයක් හෝ සාක්ෂි ඇතුව පෙන්වන මෙන් ඕනෑම අයෙකුටඅභියෝග කර ඇත.  ඔහු  සභාපති වශයෙන් සිටි වසර 2 1/2 කොටස් වෙළඳ පොලේ ස්වර්ණමය යුගයයි.

 ආචාර්ය නාලක ගොඩහේවා  වැඩ බාරගත් 2012 අගෝස්තු මාසයෙත් අවසන් වරට රාජකාරි කල 2014 දෙසැම්බර් මාසයෙත් සංඛ්‍යාලේඛන පහත දැක්වේ. මේ සියල්ල මහජනයාට ඕනෑම වෙලාවක ලබා ගත හැකි දත්තය.

කොටස් වෙළඳපොල සමස්ථ මිළදර්ශකය ඒකක 4960 සිට 7290 දක්වා ඉහල ගියේය. මෙය වසර 2 1/2 තුල 47% ක වර්ධනයකි.

කොටස් වෙළඳපොල සමස්ථ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2, 060 සිට රුපියල් බිලියන 3,104 දක්වා ඉහල ගියේය. මෙය වසර 2 1/2 තුල 51 % ක වර්ධනයකි.

කොටස් වෙළඳපොලෙ සාමාන්‍ය දෛනික පිරිවැටුප රුපියල් මිලියන 500 සිට රුපියල් මිලියන 1,400දක්වා ඉහල ගියේය. මෙය වසර 2 1/2 තුල 180 % ක වර්ධනයකි.

කොටස් වෙළඳපොලෙ වාර්ශික ප්‍රතිලාබ 2012 දී ඍන 4.4 % යි. 2014 දී ධන 26.3 % යි

2015 ජනවාරි මාසයේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ මුල්‍ය සඟරාවක් මගින් ආසියාවේ තිරසාරම කොටස් වෙළඳපොල ( MOST SUSTAINABLE STOCK EXCHANGE OF ASIA ) ලෙස කොළඹ කොටස් වෙළඳ පොල නම් කොට සම්මානයක් පිරි නමන ලදී.
@Nalaka Godahewa

තව කෙනෙකුට කියවන්න Share කරන්න

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ මාද්‍ය නිවේදනය

                                       
                              අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ මාද්‍ය නිවේදනය.




තව කෙනෙකුට කියවන්න Share කරන්න

නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක්!

නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට හිටපු ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සම්බන්ධ බව දූෂණ විරෝධී බලකායේ කියාසිටි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේ එය තහවුරු කළ හැකි හඬ පට කිහිපයක් ද මාධ්‍ය වෙත මුදා හරිමිනි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මුලින්ම මාධ්‍ය වෙත සාක්ෂි සහිතව අදහස් පළකරන ලද්දේ නාමල් කුමාර විසිනි.

 තව කෙනෙකුට කියවන්න Share කරන්න

giovedì 15 novembre 2018

පාර්ලිමේන්තු අවට ප්‍රදේශයට කථානායක STF ආරක්ෂාව ඉල්ලයි

පාර්ලිමේන්තු අවට ප්‍රදේශයට කථානායක STF ආරක්ෂාව ඉල්ලයි


පාර්ලිමේන්තුවේ මතුව ඇති නොසන්සුන්තාවය මත කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙනවා.
ඒ අනුව එම STF ආරක්ෂාව යෙදවීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.


තව කෙනෙකුට කියවන්න Share කරන්න

අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතයි


අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතයි 


පාර්ලිමේන්තුවේ ඊයේ වගේ අඳුරු දිනයක් තමන් නොදුටු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටිනවා. පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා වන විට ජනතාව සිටියේ දැඩි පීඩනයෙන්. ඉන්ධන මිල සුත්‍රය, බදු බර, ඉඩම් විදේශිකයින්ට විකිණීම ආදී කාරණා නිසා ජනතාව දැඩි අප්‍රසාධයෙන් පසුවුණා. 
ජනාධිපතිවරයා ආර්ථික කමිටුව විසුරුවන්න කටයුතු කලේ. ඒ සමයේදී පොලිසියේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සමග එක්ව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න උත්සහ දරන බව ආරංචි උනා. ඒ අනුවයි ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් කරගන්න තීරණය කරන්නේ. ඒ අනුවයි ජනාධිපතිවරයා මට ආරාධනා කළා අගමැතිකම පිළිගන්න කියලා. ඒ අනුව රටට වෙනුවෙන් වෙන්න ගිය විනාශය වලක්වා ගන්න. ඒ නිසා මම රට ආරක්ෂා කරන්න ඒ වගකීම භාරගන්න තීරණය කලේ.
අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට මැතිවරණයක් ඉල්ලුවා, නමුත් රජය ඒ සදහා කටයුතු කලේ නැහැ. පළාත් පාළන ජන්දය පැවැත්වීම පවා පමා කළා.
මට එරෙහිව කතානායකවරයා ශබ්දයට අනුව යෝජනාවක් සම්මත කර ගත්තා. කතානායකයාගේ ඊනියා විශ්වාසභංගයට අනුව මම පරාජය වුනා කියලා හිටපු අගමැතිවරයා අගමැතිලෙස ඇතැම් ඇමතිවරු ප්‍රකාශ කළා. කතානායකවරයා විසින් සිය බලය අනිසි ලෙස භාවිතා කරනවා. මම කියනවා මෙතන 225 අතරේ මේ ප්‍රශ්නය විසඳ ගන්නේ නැතුව ජනතාව ඉදිරියට යමු කියලා.
මම සතුටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණ කියනවා පාර්ලිමේන්තුව විසුරුවලා ජන්දයකට යන්න යෝජනාවක් ආවොත් ඒ සදහා තමන් සහය දෙනවා කියලා. මම ඉල්ලා සිටිනවා මැතිවරණයකට යමු. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා අපිත් සමග එක්වෙන්න කියලා.
අද දිනයේදී පෙට්ට්‍රල් මිල අඩුකරනවා. අපි බලාපොරොත්තු වන්නේ පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නෙමෙයි සියලු දෙනාටම පොදු කතානායකවරයෙක්.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

mercoledì 14 novembre 2018

රනිල් වික්‍රම සිංහ විසින් අද ඉදිරිපත්කල නොවැම්බර් 02 නාම ලේකනය මෙන්න.




රනිල් වික්‍රම සිංහ විසින් අද ඉදිරිපත්කල නොවැම්බර් 02 නාම ලේකනය මෙන්න.


මෙහි ජනතා විමුක්ති පෙරමුන විසින් යෝජිත ව්‍යවස්ථා භංග යෝජනාවට අනුව ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු පත්කිරිම ව්‍යවස්ථා විරෝධීන්බව කියමින් හා යින් ගම්‍ය වන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති විය යුතු බව නිසා යූ.එන්.පී සහය ලැබී ඇති නමුත් අත්සන් ලේකනය ඉදිරිපත් කර ඇත්තේ නොවැම්බර් දෙක දිනට අදාල අත්සන් ලේකනයක් බව වාර්ථා වේ.


එ අනුව එම අත්සන් ලේකනය හා ජනතා විමුක්තිපෙරමුන විසින් අගමැතිවරයා පත් කිරිම නීති විරෝධී හා නීතිය ඉදිරියේ බල ශූන්‍ය බවත්, නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගුභාවයක් නොමැති බවත් පෙන්වා දෙයි. එහෙත් එසේ නීතිය ඉදිරියෙ බලයක් ඇතිද නැතිද යන්න හෝ වලංගුද නැද්ද දැන ගැනීමට මෙතෙක් නීතිය හමුවට නොයාම විශේෂත්වයකි.








තව කෙනෙකුට කියවන්න Share කරන්න

කරු රැස්කල පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයටත් පටහැනියි.න්‍යාය පත්‍රය මෙන්න

කරු රැස්කල පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයත් පටහැනියි.න්‍යාය පත්‍රය මෙන්න 

පාර්ලිමේන්තුව 2018/11/09 දින මධ්‍යම රාත්‍රියෙන් විසුරුවීමට පෙර ජනාධිපති වරයා විසින් නිකුත්කල ගැසට්පත්‍රයට අනුව අද දින පාර්ලිමේන්තුව කැදවීමට නියමිතව තිබුනි. මේ අතර කාලය තුල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව හා ජනතා පරමාධිපත්‍යට එරෙහිව චන්දය එපා, පාර්ලිමේන්තුව විසුරුවීම නීති විරෝධි කියමින් unp, jvp ,ඇතුලු සුළු පක්ෂ කිහිපයක් ශේෂ්ඨාධිකරණය වෙත ගොනු කල පෙත්සම් විභාගයේදී නඩු තීන්දුව විභාග කිරීමට කාලය සහා වෙනත් සාදක මත අතුරු තහනමක් දී තිබියදි ශේෂ්ඨාධිකරණ  තීන්දුවටද අභියෝගන්කරමින්, කථානායක වරයාගේ අත්තනෝමතික තීරනය මත අද දින (14) කිසිදු වග විභාගයකින් තොරව පසුගියදා විසුරුවන ලද පාර්ලිමේන්තුව කැදවා ඇති අතර එහි න්‍යාය පත්‍රයට පටහැනිව පවා කටයුතුකිරිම ඉතා පිළිකුල් සහගතය. 
ඒ අනුව
___________________________________________________________
2018/11/14 පෙ.ව.10..00 කතානායක වරයාගෙ රැස්වීමෙන් අටවන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

01. පාර්ලිමේන්තුවේ වාර අවසානකිරීම සහා රැස්වීම කැදවිම පිළිබදව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ මහලේකම් වරයා විසින් කියවීම.

02. කල් තැබීම
______________________________________________________________




මෙහිදී  පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පැරනි අත්සල් ලේකනයක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවට පෙන්වා ඇත. ඒකපාක්ෂික කතා නායක යූ.එන්.පී පක්ෂයට බහුතරය පාර්ලිමේන්තුවේ හඩ අනුව තීරනයන්කරන බව කියන ඉතා හාස්‍ය ජනක සිදුවීම්ද කතා නායක වරයා විසින් කර ඇත. ඒ අනුව රටේ හදවත බදු විධායකය, ව්‍යවස්ථා දායකය, අධිකරණය යන උත්තරීතර ආයතන තුනම හෑල්ල්වටලක් කරමින් අද ඒ උත්තරීතර පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් කර ඇත  .

එපමණක් නොව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ රට විනාශ කල අයුරු දැක දැක බලය රැකගැනිමෙන් වියරු වැටුන රනිල්, අනුර කුමාර සහා කරු ජයසූරිය ඇතුළු වියරු වැටුනු කණ්ඩායම අද දිනයේ අධිකරන තීන්දුවට අපහාසවන පරිදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, පාර්ලිමේන්තු සදාචාරයට පටහැනිව ක්‍රියා කර ඇති අතර අද සිදුවු කිසිවක න්‍යතික බලයක් නොමැත.


තව කෙනෙකුට කියවන්න Share කරන්න

martedì 13 novembre 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතුයි - ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපති කියයි.


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතුයි - ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපති කියයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතු බව නීතිපති ජයන්ත ජයසුරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ, ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද දෙවන දිනටත් සලකා බැලූ අවස්ථාවේදීයි. 

තව කෙනෙකුට කියවන්න Share කරන්න

ශ්‍රේෂ්ඨාදිකරණ පරිශ්‍රයේදි තර්ජනය කළ UNP හිතවාදියෙක්.


නීතිඥ Premnath C. Dolawatte ට ශ්‍රේෂ්ඨාධිකරණය තුලදී තර්ජනය කල ෆීල්ඩ් මාර්ෂල්ගේ NGO ගෝලයා..

බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා කෑ ගසන එක්සත් ජාතික පක්ෂය ඇතුලු බටහිර බලවතුන්ගේ හුරතලුන් වු ඇතැම් NGO නඩයේ අවදානය පිණිසයි.....

මේ ඉන්නේ මා හට ශ්‍රේෂ්ඨාදිකරණ පරිශ්‍රයේදි තර්ජනය කළ UNP හිතවාදියෙක්. රටේ උපරමාදිකරණ සංකීර්ණය තුළදි මෙලෙස නීතිඥවරයෙකුට තර්ජනය කිරීමද UNP ය බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදය?  මොහුට එරෙහිව ඉදිරියේදි මම නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු  වන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද යන්න UNP යට වටහා දීමේ අපේක්ෂාවෙනි.

ප්‍රේමනාත් සී. දොලේවත්ත

 තව කෙනෙකුට කියවන්න Share කරන්න

domenica 11 novembre 2018

පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්න.- චායා රූප



පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලැබූ, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 20කි.

ඒ මහින්ද රාජපක්ෂ,  මහින්ද යාපා අබේවර්ධන, සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, දුලිප් විජේසේකර, ජානක වක්කුඹුර, නාමල් රාජපක්ෂ, ෂෙහාන් සේමසිංහ, තේනුක විදාන ගමගේ, අරුන්දික ප්‍රනාන්දු, කංචන විජේසේකර, නිමල් ලංසා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී චානක ය.


























තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...