giovedì 2 maggio 2019

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ සාකච්ජාවට ජනාධිපති අසාද් සාලි ගෙන්වයි - ආරක්ෂක ප්‍රධානීන් පල නොකියා පලා බෙදයි



ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ සාකච්ජාවට ජනාධිපති අසාද් සාලි ගෙන්වයි - ආරක්ෂක ප්‍රධානීන් පල නොකියා පලා බෙදයි 

 =+++-+++++++++++++++++++++
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවූ අතර තවදුරටත් ත්‍රස්ත ප්‍රහාරයන්ගේ බිය සාමාන්‍ය සමාජයෙන් වියැකී ගොස් නැත.

ආරක්ෂාව තහවුරැ කිරීම සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබේ.

ප්‍රහාරයෙන් දින 10කට පමණ පෙර මෙම අවධානම සම්බන්ධයෙන් බුද්ධි වාර්තා ලැබී තිබියදීත් හානිය යම් ප්‍රමාණයකට හෝ අවම කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් විශේෂයෙන් ආරක්ෂාව භාර වගකිවයුත්තන්ට තවදුරටත් චෝදනා පිට චෝදනා එල්ල වෙයි.

මේ අතර තුර ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්  වූ අතර පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විශේෂ කොමිසමක්ද පත් කළේය.

සමස්ත රටම එක මොහොතින් අඩපණ වූ අතර තවමත් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව නැත. එය අපි අත්විඳිමින් සිටිමු.

මේ සියලු සන්තෑසි මැද කවුරු කවුරුත් පාහේ  බොර දියේ මාළු බාමින් සිටින්නේ  ඉදිරි දේශපාලන තත්ත්වයන් හමුවේ එහි වාසිය තම තමන්ගේ පැත්තට හරවා ගැනීම වෙනුවෙනි.

කෙසේවෙතත් තවදුරටත් ආරක්ෂක විධිවිධාන තර කිරීමටත් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීමටත් බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ, නාවික, ගුවන් හමුදා සහ පොලිස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයද  පසුගිය (29) ස්ථාපනය කළේය.

එහි ක්‍රියාන්විතයන් දැන් සිදුවෙමින් තිබේ.

එහෙත් මෙරට ඉහළින්ම සිටින දේශපාලන අධිකාරිය ඔවුන්ට දෙන සහය සම්බන්ධයෙන්ද දැන් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ. 

මෙම ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම පසුගිය දිනෙක ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක් කැඳවා ඇත.

එහිදී ඉදිරි ආරක්ෂක සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම එහි ප්‍රධාන කාරණයක් ලෙස පැවති බව සඳහන්.

ඒ අනුව ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් එම සාකච්ජාව සඳහා වාඩි වී ඇති අතර ජනාධිපතිවරයා විසින් එම ස්ථානයට බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ගෙන්වා ඇත.

ආරක්ෂක ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ "එහෙනම් දැන් ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් අසාද් සාලි වෙත කරුණු දක්වන ලෙසයි.

ආරක්ෂක ප්‍රධානීන්ද පූර්ව දැනුවත් කිරීමකින් තොරව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ඉතා වැදගත් සාකච්ජාවකට මේ වන විටත් චෝදනා ලබමින් තිබෙන පුද්ගලයෙකු ජනාධිපතිවරයා විසින් කැඳවා තිබීම ආරක්ෂක ප්‍රධානීන්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

එම අවස්ථාවේදීම ඉහළ නිලයන්ගේ සිටින ආරක්ෂක ප්‍රධානීන් එකී සාකච්ජාවෙන් නැගිට ගොස් ඇති අතර පහළ නිලයක නිලධාරියෙකු විසින් ඒ මොහොතේ ජනාධිපතිවරයාගේ වස්ත්‍ර සහමුලින්ම ගැලවී යාමට නොදී සාමාන්‍ය මට්ටමේ පැහැදිලි කිරීමක් කර ඇති බවයි වාර්තා වූයේ.

මේ මොහොතේ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මුස්ලිම් අන්තවාදයට සහය දී ඇති බවට චෝදනා එල්ල වී ඇත. තවමත් ඔහු වරදකරුවෙකු නොවුණත් පසුගිය කාලය තුළ  සිදු වූ යම් යම් කාරණා සම්බන්ධයෙන් ඔහුට දේශපාලන අධිකාරියෙන්ම චෝදනා එල්ල කරමින් පවතියි.

එහෙත් එම චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රශ්න නොකිරීම තවත් විවාදාත්මක කාරණයකි. රටම ගිලගෙන සිටින අවස්ථාවාදී දේශපාලනයට එය අරුමයක්ද නොවේ. රටේ සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් තවදුරටත් එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩ දිය නොහැකි තැනට රට පත් වී හමාරය. එහෙයින් සිදුවන සියල්ල දෙස සුපරීක්ෂාකාරීව බලා සිටින්නට සිදුවෙයි.

එවැනි තත්ත්වයක් හමුවේ කොන්දක් නැති දේශපාලනය ඉදිරියේ තම තමන්ගේ කොඳු කඩා නොගැනීමට කටයුතු කිරීමට ආරක්ෂක ප්‍රධානීන් ක්‍රියා කිරීම පැසසිය යුත්තකි.

ජාතික ආරක්ෂාවේ වැදගත්කම නොතේරෙන දේශපාලන කිරිසප්පයන්ට තවදුරටත් පාස්කු ප්‍රහාරයේ විනාශයේ වැටහී නැත්ද යන්න මෙවන් සිදුවීම් හරහා මතුවන තවත් ප්‍රශ්නයකි.

ආරක්ෂක මණ්ඩලය තුළද සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා හැසිරී ඇති ඇති අන්දම දැන් රටට අනාවරණය වී හමාරය. ආරක්ෂක මණ්ඩලයට අනිවාර්යයෙන් කැඳවිය යුත්තන් ඉන් කපා හැර තමන්ගේ හිත මිත්‍රයන් ඊට කැඳවා ජාතික ආරක්ෂාව මායිම් නොකළ ඉතිහාසයකට ශ්‍රී ලංකාව දැන් උරුමකම් කියා තිබේ.

එකී තැනැත්තන් විසින් ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වන තොරතුරු සැඳෑ සාදවලදී පවා හෙළිකර ඇති බවටද දැන් හෙළිවෙමින් ඇත.

දේශපාලන අධිකාරිය රජය ආරක්ෂාවට වගකියා ඇත්තේ, වග වී ඇත්තේ එපරිද්දෙන්ය.

එවන් ඉතිහාසයක උරුමකම් කියූවෝ තවදුරටත් එවන් ගොන්කම් නොකර ඉදිවී යන්නට විශ්වාස කිරීමට තරම් විශ්වාසයක් තවමත් නිර්මාණය වී නැත. ජනතාව එය සහසුද්දෙන්ම අවබෝධ කරගත යුතුය.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...