sabato 4 maggio 2019
දෙහිවල ලැගුම් හලකදී පුපුරුවාගත් බෝම්බයට හසු වූ යුවතිය.
දෙහිවල ලැගුම් හලකදී පුපුරුවාගත් බෝම්බයට හසු වූ යුවතිය.
පසුගිය ඉරිදා සිදුවූ බොම්බ ප්‍රහාර වලින් කිසිදු අරමුණකින් තොරව පුපුරවන ලද බෝම්බය දෙහිවලින් වාර්තා විය. ඒ දෙහිවල සත්ත්වෝද්‍යානය අසල නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හලේ කාමරයක් තුළදී සිදු කරගත් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගැනීමයි. මෙම බෝම්බය දෙහිවල ප්‍රධාන කතෝලික පල්ලියක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන්නට සිටි බෝම්බකරුගේ කුරුමානම වැරදීමෙන් පසු ඔහු නවාතැන්ගෙන සිටි තැනට පැමිණ සිදුකරගත් දිවිනසාගැනීමක් ලෙස හඳුනාගන්නට ලැබේ. මෙහිදී අහක සිටි පෙම් යුවළක් අවාසනාවන්ත ලෙස මරු වැළඳ ගත්හ. ලොජ් එකේ බොම්බකරු පුපුරුවාගත් කාමරයට අල්ලපු කාමරයේ
තාවකාලිකව රැඳී සිටි මෙම යුවළ බොම්බයට හසුව තුවාල ලබා කළුබෝවිල රෝහලට ගෙන යනවිට මියගොස් තිබුණි.
සිද්ධියෙන් මියගිය තරුණිය ගැන තොරතුරු මේ වනවිට වාර්තා වෙයි. ඇය පානදුර උයන්කැලේ පදිංචි 24 හැවිරිදි තරුණියකි. කම්කරු දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහකාරියක ලෙස ඇය සේවය කරමින් සිට ඇති අතර ඉරිදා දිනයේ නුගේගොඩ බාහිර උපාධි පන්තියකට සහභාගී වන්නට යන බව නිවසට පවසා පිටත්ව ගිය ගමනේදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත.
ඇය එදින උදේ පානදුර නිවසේ සිට නුගේගොඩ පන්තියට ගිය බවත් ඉන්පසු රටේ කලබලකාරී තත්වය සැලවී ඇයට දුරකථනයෙන් අමතන අවස්ථාවේ ප්‍රශ්නයක් නැතිව පන්තියේ බව කියමින් කථාකළ බවත් මව පවසා ඇත. කෙසේ වෙතත් ඇය පෙම්වතා සමග සිටි බව මව දැන සිට නැත.
මියගිය පියුමි ශානිකාගේ මව හැඬූ කඳුළින් මෙසේ කියා ඇත.
එයා රැකියාව කළේ පණ වගේ. ඇය මනමාලියක් වෙන දවස මම හීන මවමින් හිටියා. මං කිව්වා දුවේ ඉක්මනට විවාහ වෙන්න කියලා. එයා කිව්වා අධ්‍යාපන කටයුතු ඉවර වුණ ගමන් විවාහ වෙනවා කියලා. මනමාලියක් වෙන්න හිටපු දුව අන්තිමට ආවේ මිනී පෙට්ටියක. ළඟදී උසස්වීමක් ලැබෙන්න හිටියා. ඉගෙනගන්නත් හරි දක්ෂයි. රැුකියාව කරන ගමන් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා යැයි දෙහිවල සත්වෝiානය ආසන්නයේදී පුපරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පානදුර උයන්කැලේ පදිංචි කම්කරු දෙපාර්තමේන්තුවේ මහරගම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කළමනාකාර සහකාරියක ලෙස සේවය කළ 24 හැවිරිදි පියුමි ශානිකා සල්ගාදු මෙනවියගේ මව වන කාංචනා පෙරේරා මහත්මිය හැඬූ කඳුළින් පැවසුවාය.
බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් මෙරෙඤ්ඤගේ පියුමි ශානිකා සල්ගාදු මෙනෙවිය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ වාණිජ අංශයෙන් බාහිර උපාධි අපේක්ෂිකාවක් වශයෙන් ලබමින් සිටි ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් ඇය බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කර තිබේ. පසුව තරග විභාගයකට පෙනී සිට කම්කරු දෙපාර්තමේන්තුවේ මහරගම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කළමනාකරණ සහකාරියක වශයෙන් ද මියයන තුරු කටයුතු කළාය.
තම දියණියගේ වියෝව සම්බන්ධයෙන් දරාගත නොහැකිව ඇය මෙසේ ද පැවසුවාය.
”පියුමි රැුකියාව පණ වගේ කළා. ජීවිතයම අධ්‍යාපන කටයුතුවල තමයි නිරත වුණේ. රැුකියාව කළා කියලා අධ්‍යාපන කටයුතු නොකර හිටියේ නෑ. මැයි 12 වැනිදා කැම්පස් එකේ විභාගයකට පෙනී සිටීමට නියමිතව සිටියා.
? 12.00 වෙනකන් පාඩම් කළා. පාන්දර 5.00 ට අවදි වෙලා එයා රස්සාවට යන්න ලෑස්ති වෙනවා. අපි පානදුර බස් නැවතුම්පළ වෙත අපේ වෑන් එකෙන් උදේට ගෙනත් දානවා. පස්සෙ සුඛෝපබෝගී බස් රථයක හැමදාම ඇය අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම තියෙන කාර්යාලයට යනවා. මේ සිද්ධිය වෙන දවසේ නුගේගොඩ ප්‍රදේශයේ පන්තියකට සහභාගි වෙමින් තමයි ඇය සිටියේ. සෙනසුරාදා එයා ජයවර්ධනපුර කැම්පස් එකට යනවා. එදා මම දහවල් 11.00 ට පමණ කිව්වා පුතේ බෝම්බ පිපිරිලා බලාගෙන ප්‍රවේශමෙන් කියලා. එයා කිව්වා බයවෙන්න එපා අම්මේ සර් උගන්වනවා කියලා.
නමුත් අපි එයාගේ දුරකථනයට ඇමතුම් ගත්තට මුකුත් ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. වෙනදා මට කතා කරලා අම්මේ බෙහෙත් බිව්වද කියලා අහන ළමයා. නමුත් අපි සැකේට එයාව බලන්න නුගේගොඩට ගියා. නුගේගොඩට යනකොට පන්තිය වහලා තිබුණා. හැබැයි එයාගේ දුරකථනය මේ වෙනකොටත් නාදවෙමින් තියෙනවා. මං හිතුවා එයාට අනතුරක් වෙලා කියලා.
පියුමිට වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා. තව බාල සහෝදරයකුත් ඉන්නවා. මියගිය පියුමි පවුලේ දෙවැනි දරුවා. ලොකු පුතා විවාහකයි. ලොකු පුතාගේ දරුවන්ටත් එයා පණ වගේ ආදරය කළා. අධ්‍යාපන කටයුතුවලට ද උදව් උපකාර කළා. මම නිතරම කිව්වා විවාහ වෙන්න කියලා. ඒත් ඇය කිව්වා පස්සෙ ඉගෙනගෙන ඉවරවෙලා ඒ කටයුතු කරගමු කියලා. මනමාලියක් වෙන්න හිටපු ඇය අන්තිමට ඒ වගේම ලස්සනට ඇඳගෙන ආවෙ පෙට්ටියක.” පියුමිගේ මව හැඬූ කඳුළින් පැවසුවාය.
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පි...
-
උදැල්ල රැගෙන කසිප්පු බොන්න යන අපේ රටේ හොර ගොවියෝ පොලිසියට මාට්ටු! ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂ...
-
සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි නැගෙනහිර ආණ්ඩුකාර M.L...