ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාටත් අගමැති ධුර අපේක්ෂකත්වය රාජිත සේනාරත්න මහතාටත් ලබාදී මැතිවරණ ව්‍යාපාරය වහාම ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් ගණනාවක් එජාප නායකත්වයට දැනුම්දී තිබේ.
මෙවර මෙන්ම ආණ්ඩුව මුහුණ දුන් සෑම අසීරු අවස්ථාවකදීම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ රාජිත සේනාරත්න ඇමතිවරයා පමණක් බව මෙම පිරිස පෙන්වා දී ඇත.
එසේම දැනට සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල සංවර්ධනයක් ඔහු විසින් සිදුකර ඇතැයිද ආණ්ඩුවේ සාර්ථක වැඩපිළිවෙලක් ලෙස පෙන්වා දිය හැකි එකම වැඩපිළිවෙල එය බවද ඔවුන් පෙන්වා දී ඇත.
රටේ පවතින තත්ත්වය බැරෑරුම් හෙයින් වහාම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ නොකළහොත් එය පක්ෂයට ඉතාම අහිතකර තත්ත්වයක් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
මේ අවස්ථාවේ පක්ෂයෙන් ඉදිරිපත් කළ යුත්තේ පතෝල නායකයන් නොව බරක් කරට ගෙන පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි නායකයන් බවද ඔවුන් පෙන්වා දී තිබේ.
සජිත් ප්‍රේමදාස ඇමතිවරයා අප්‍රියල් මුල සතියේ අගමැති ධූරය ලබාගැනීමට උත්සාහ කළ බවට වාර්තා වූ අතර එය නතර වී ඇත්තේ අගමැතිවරයාට එම සැළසුම ආරංචි වීමත් සමගින්ය.
සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වත්මන් ජනාධිපතිවරායට මෙන්ම සිරස මහරාජාටද දැඩි ඇල්මක් දක්වන්නෙකි.
මෙම හේතු මත අගමැතිවරයා සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට ජනාධිපති අපේක්ෂක ධූරය නොව අගමැති ධූරයවත් ලබා නොදීමට තීරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න