martedì 7 maggio 2019

තවුහිද් ජමාත් ප‍්‍රබලයන් පාවිච්චි කළ අධිබලැති යතුරුපැදිය ගම්පොලදී අල්ලයි

තවුහිද් ජමාත් ප‍්‍රබලයන් පාවිච්චි කළ අධිබලැති යතුරුපැදිය ගම්පොලදී අල්ලයි



විදේශ රටකින් හොර රහසේ ගෙන්වා තවුහිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබලයන් විසින් පරිහරණය කළ අධිබල යතුරුපැදිය ගම්පොළ උලපනේ නිවසක ස`ගවා තිබියදී කොට්ඨාස බුද්ධි තොරතුරු අංශ නිලධාරීන් හා දිසා බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා ගම්පොල නගරයේ පාවහන් වෙළෙඳසලක සැ`ගවී සිිටියදී අත්අඩංගුවට ගනු ලැබූ එම සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු බවට හඳුනාගෙන ඇති ෂාහිඞ් අබ්දුල් හක් හා සාදික් අබ්දුල් හක්ගේ තවත් මාමා කෙනකු විසින් යුරෝපා රටකින් හොර රහසේ මෙම යතුරුපැදිය මෙරටට ගෙන්වා ඇති බව අනාවරණය කරගෙන ඇත.

බුද්ධි තොරතුරු අනුව ශ‍්‍රී ලංකා රේගුවට හොරෙන් මෙය පිටමංකර ඇත්තේ ¥ෂිත නිලධාරීන්ට රුපියල් ලක්‍ෂ 2 ක් ගෙවීමෙන් බවටද හෙළිවී ඇත.

මෙම හක් සහෝදරයන් දෙදෙනාගේ මවගේ මුල් නිවස නාවලපිටියේ පොල්වතුර ප‍්‍රදේශයේ වන අතර ඔවුන්ට මාමාවරු (මවගේ සහෝදරයෝ* පස් දෙනකු සිට ඇත.

ඉන් එක් මාමා කෙනකු ගම්පොල නගරයේ පාවහන් වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇති අතර උලපනේ පදිංචිව සිටි මාමා මෙසේ විදේශගතව සිට ඇත.

පසුගිය දිනවල මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක රාත‍්‍රියේදී බුදු පිළිම කැඞීමේ සිද්ධියට මෙම අධිබල යතුරුපැදිය යොදාගෙන ඇති බව අනාවරණය වී ඇත. මෙම යතුරුපැදිය ලියාපදිංචි නොකර තිබීම නිසා ව්‍යාජ අංක තහඩු මේ සඳහා භාවිත කරන්නට ඇතැයි සැකකෙරේ.

සාහිඞ් අබ්දුල් හක් උලපනේ මාමාගේ නිවසේ නැවතී කලක් කුකුළු ගොවිපළක්ද කරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර ඒ සඳහා මෙම මාමාගේ පුතෙකුද සම්බන්ධව ඇත.

එම පුතාද මෑතකදී විදේශගතවී ඇති බව තහවුරු වී ඇති අතර මේ සියලූ දෙනා එක්ව මෙම සංවිධානයේ කටයුතු සිදුකර ඇති බව හෙළිවී ඇත.

මෙම යතුරුපැදිය උලපනේ නිවසක ස`ගවා ඇති බව ගම්පොල කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපතිවරයාට දැනගන්නට ලැබී ඇත්තේ හක් සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමත් සමගය.

දිසා බුද්ධි නිලධාරීන් සම`ග වැඩිදුර පරීක්‍ෂා කොට එය මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ගම්පොල - සුරංග දිල්හාන්
දිවයින

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...