giovedì 16 maggio 2019

ශ්‍රි ලංකාව වසර 7කින් ආ පස්සට Lanka - news

ලංකාව වසර 7කින් ආපස්සට ?





කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඊයේ (15) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 5,199.98 ක් දක්වා පහලට වැටිණි. මෙය 2012 අගෝස්තු 30 දිනෙන් පසු, සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ අවම අගය ලෙසින් වාර්තා වෙයි.
මේ අතර ඊයේ දිනය තුළ දී පමණක් ඒකක 23.71 කින් සියලු කොටස් මිල දර්කය පහල ගිය අතර එය අඛණ්ඩව මිල දර්ශක පහළ ගිය 10 වෙනි දිනය ලෙසින් සටහන් වෙයි.
දිනය තුළ ගනුදෙනුවලින් වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 388.62 කි. 2019 වසරේ මේ දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 555.9 ක් ලෙසින් වාර්තා වන අතර එය 2018 වසරේ දී රුපියල් මිලියන 834 ක් ලෙසින් වාර්තා විය.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

mercoledì 15 maggio 2019

කොච්චිකඩේ බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදීගත් පුද්ගලයාත් කොටුවෙයි



කොච්චිකඩේ බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදීගත් පුද්ගලයාත් කොටුවෙයි


කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදී ගත් පුද්ගලයා කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්‍ෂක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

sabato 11 maggio 2019

කඩු ගෙනත් තියන්නෙ උක් කපන්න.- මරික්කාර්



මුස්ලිම් පල්ලි වලින් කඩු හසුවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසද්දී උත්තර දීගන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුස්ලිම් පල්ලි වලින් කඩු හසුවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසද්දී උත්තර දීගන්න බැරි බවත්, කඩු හා පල්ලිය පෙන්වීම මගින් සිදුකරන්නේ වෙනම ගේමක් බවත්ය. එසේම 2010 වසරේ සිට මේ දක්වා  චීනයෙන් කඩු කන්ටේනර දහයක් ගෙන්වා ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.

එසේම උක් වගා කරන ගොවීන්ගෙන් මෙවන් කඩු බොහෝ සොයාගත හැකි බවද ලංකාවේම සියලු නිවාස පරික්ෂා කළහොත් තවත් බොහෝ කඩු හමු වනු ඇති බවද ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා  මෙලෙසද  ප්‍රකාශ කළා.

මේ කඩුවයි පල්ලියයි පෙන්නලා මේ පෙන්නන්නෙ වෙන ගේම් එකක්. ඒ නිසා කරුණාකරලා මම කණිෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නෙ කරුණාකරලා මේ බලුවැඩේ කරන්න එපා

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

mercoledì 8 maggio 2019

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය මෙන්න.


ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාටත් අගමැති ධුර අපේක්ෂකත්වය රාජිත සේනාරත්න මහතාටත් ලබාදී මැතිවරණ ව්‍යාපාරය වහාම ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් ගණනාවක් එජාප නායකත්වයට දැනුම්දී තිබේ.
මෙවර මෙන්ම ආණ්ඩුව මුහුණ දුන් සෑම අසීරු අවස්ථාවකදීම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ රාජිත සේනාරත්න ඇමතිවරයා පමණක් බව මෙම පිරිස පෙන්වා දී ඇත.
එසේම දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් ඔහු විසින් සිදුකර ඇතැයිද ආණ්ඩුවේ සාර්ථක වැඩපිළිවෙලක් ලෙස පෙන්වා දිය හැකි එකම වැඩපිළිවෙල එය බවද ඔවුන් පෙන්වා දී ඇත.
රටේ පවතින තත්ත්වය බැරෑරුම් හෙයින් වහාම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ නොකළහොත් එය පක්ෂයට ඉතාම අහිතකර තත්ත්වයක් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
මේ අවස්ථාවේ පක්ෂයෙන් ඉදිරිපත් කළ යුත්තේ පතෝල නායකයන් නොව බරක් කරට ගෙන පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි නායකයන් බවද ඔවුන් පෙන්වා දී තිබේ.
සජිත් ප්‍රේමදාස ඇමතිවරයා අප්‍රියල් මුල සතියේ අගමැති ධූරය ලබාගැනීමට උත්සාහ කළ බවට වාර්තා වූ අතර එය නතර වී ඇත්තේ අගමැතිවරයාට එම සැළසුම ආරංචි වීමත් සමගින්ය.
සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වත්මන් ජනාධිපතිවරායට මෙන්ම සිරස මහරාජාටද දැඩි ඇල්මක් දක්වන්නෙකි.
මෙම හේතු මත අගමැතිවරයා සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට ජනාධිපති අපේක්ෂක ධූරය නොව අගමැති ධූරයවත් ලබා නොදීමට තීරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අම්බලන්තොට නගරයේ කඩ සාප්පු වසා දමා මේ වන විට කලු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක්

අම්බලන්තොට නගරයේ කඩ සාප්පු වසා දමා මේ වන විට කලු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා.

පාකිස්ථානයෙන් මෙරටට සරණාගතයින් ලෙස පැමිණ සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදියගම  රජයේ පුනරුත්ථාපන නිවර්ථන  රැඳවුම් කඳවුරට යොමු කිරීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්

මෙතෙක් සාමකාමීව ජීවත් වූ මෙම ප්‍රදේශයේ ජනතාවට මෙම පාකිස්ථාන ඡාතිකයින් ඉරිදියේදී තර්ජනයක් විය හැකි බැවින් ඊට විරෝධය දක්වන බවයි අම්බලන්තොට නගරයේ ජනතාව පවසන්නේ....








මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නිකාබය හැඳ ආවට හරවා යැවූ ගුරුවරියන් 10 දෙනා ආණ්ඩුකාර අසාද්සාලි හමුවී පාසල් මාරු කර ගනි..!

නිකාබය හැඳ ආවට හරවා යැවූ ගුරුවරියන් 10 දෙනා ආණ්ඩුකාර අසාද්සාලි හමුවී පාසල් මාරු කර ගනි..!


නිකාබය හැඳ සේවයට පැමිණි පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ මුස්ලිම් ගුරිවරියන් 10 දෙනෙක් හරවා යැවීමට එම විද්‍යාලයේ විදුගල්පතිවරයා කටයුතු කර ඇත.

ඊයේ උදෑසන අදාල ගුරුවරියන් දස දෙනා පාසල වෙත පැමිණි අවස්ථාවේදී ඔවුනට පාසල වෙත පැමිණීමට නොහැකි වන අයුරින් ගේට්ටුව වසා දමා ඇත.

ඉන් අනතුරුව අදාල ගුරුවරියන් දසදෙනා බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි හමුවී තිබෙනවා.

ඉන්පසුව අසාද් සාලි ආන්ඩුකාරවරයා ව්සින් කලාප අධ්‍යක්ෂවරුන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර අවසානයේදී එම ගුරුවරියන් දස දෙනා බස්නාහිර පළාතේ ගුරුවරියන් හිඟ වෙනත් පාසල් වෙත මාරු කිරීමට තීරණය කර තිබෙනවා.

ඉෂාර සිල්වා.




මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

martedì 7 maggio 2019

"මින් පෙර සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්ථානයෙත් ගේම් ගහලා" පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පසුපස මෙරට ඇමෙරිකානු තානාපතිනිය ?



"මින් පෙර සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්ථානයෙත් ගේම් ගහලා" පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පසුපස මෙරට ඇමෙරිකානු තානාපතිනිය

පසුගියදා මෙරටට එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සමස්ත් ශ්‍රී ලංකාවම ඇනහිටවීමට සමත් වුනා. ඒත් සමගම මෙරටට ඇමෙරිකානු හමුදා කණ්ඩායම සහ FBI පොලිස් කණ්ඩායම්ද පැමිණීම සිදු වුනා.

මේ අතර අස්ථාවර වූ ශ්‍රී ලංකාවේ නේටො හමුදා කඳවුරක් ඉදිකිරීමේ සුදානමක් පිළිබඳවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් ඔවුන්ට හෝ නොදැනෙන ලෙසට ඇමෙරිකානු එක්සත් ජනපද ඔත්තු සේවය වන C.I.A සංවිධානය සූක්ෂමව භාවිතා කරමින් තමන්ට අවශ්‍ය රටවල් අස්ථාවර කරවන බවට ඉතිහාසයේද ඕනෑ තරම් උදාහරණ පවති.

මේ සම්බන්ධයෙන් ඉතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කර තිබෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ වී තිබෙනුයේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ඉහළ හැදෑරීමක් ඇති මෙරට දේශපාලකයන් කිහිපදෙනාගෙන් අයෙකු ලෙසටය.

ISIS තලේබාන් අල්කයිඩා ආදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය විසින් අඩපණ කරන ලද සෑම රටකම ඇමරිකානු තානාපතිවරිය ලෙස වර්තමානයේ මෙරට සිටින අමෙරිකානු තානාපතිනිය කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා.

වත්මන් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය සිරියාව ලිබියාව ඇෆ්ගනිස්ථානය යන රටවල ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. අද රට තුළ ඇති වී තිබෙන හදිසි තත්ත්වයට ජාත්‍යන්තර සහාය ලබා දෙන බව පවසමින් රට තුළට ඒමට සැරසෙන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවද තවත් සිරියාවක් ලිබියාවක් බවට පත් කිරීමට ඔවුන්ට උවමනා වී ඇති බවත් සිදු වූ සියල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුවත් භාවය මත සිදු වූ ඒවා බවත් ය.

මේ අතර පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ඇමෙරිකානු තානාපතිවරිය ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ මෙරට සමාජජාලා පාරිශීලකයන් සමග ප්‍රශ්න සාකච්ඡාමය වැඩසටහනක නිරත වූවා. සාමාන්‍යයෙන් තානාපතිවරුන් එවැනි කටයුතු නොකරන නිසා ඇමෙරිකානු තානාපතිවරිය මෙරට සමාජජාලා ක්‍රියාකාරීකයන්ගේ විවේචනයට ලක්ව තිබුනා.


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රජය ජනතාව මුලා කරමින් බදුර්දින් ගේ නිවස වටලනකල රජයේ වියදමි රට පැන්නූ බදූර්දින් ඕමානයේ දී හමුවක.

රජය ජනතාව මුලා කරමින් බදුර්දින් ගේ නිවස වටලන කල රජයේ වියදමි රට පැන්නූ බදූර්දින්  ඕමානයේ දී හමුවක.



කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා ඕමාන් රාජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි මහතා අතර හමුවක් ඕමානයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව හා ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිතභාවය පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් හා එහි අවසන් අදියරේ සැකැස්ම පිළිබඳව මෙහි දී දෙරටේ අමාත්‍යවරුන් සාකච්ඡාවක නිරත වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඕමාන් රාජය නිරතුරුවම අවශ්‍ය සෑම මොහොතකම උපකාර සිදුකරන බවද මෙහිදී ඕමාන් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.
මෙම ඕමාන් සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරුන්වන රිෂාඩ් බදියුදීන්,මලික් සමරවික්‍රම,කබීර් හෂීම් යන අමාත්‍යවරුන් සහභාගී වී ඇති අතර ඕමාන් රාජය වෙනුවෙන් එරට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි,  ඛනිජ තෙල් අමාත්‍ය ආචාර්යය මොහොමඩ් හමීඩ් අල් රූමි හා ඕමානු රාජය අරමුද‍ල නියෝජනය කරමින් මුල්හාම් අල්ජාබ් ඇතුලු පිරිසක් සහභාගී වී ඇත.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

තවුහිද් ජමාත් ප‍්‍රබලයන් පාවිච්චි කළ අධිබලැති යතුරුපැදිය ගම්පොලදී අල්ලයි

තවුහිද් ජමාත් ප‍්‍රබලයන් පාවිච්චි කළ අධිබලැති යතුරුපැදිය ගම්පොලදී අල්ලයි



විදේශ රටකින් හොර රහසේ ගෙන්වා තවුහිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබලයන් විසින් පරිහරණය කළ අධිබල යතුරුපැදිය ගම්පොළ උලපනේ නිවසක ස`ගවා තිබියදී කොට්ඨාස බුද්ධි තොරතුරු අංශ නිලධාරීන් හා දිසා බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා ගම්පොල නගරයේ පාවහන් වෙළෙඳසලක සැ`ගවී සිිටියදී අත්අඩංගුවට ගනු ලැබූ එම සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු බවට හඳුනාගෙන ඇති ෂාහිඞ් අබ්දුල් හක් හා සාදික් අබ්දුල් හක්ගේ තවත් මාමා කෙනකු විසින් යුරෝපා රටකින් හොර රහසේ මෙම යතුරුපැදිය මෙරටට ගෙන්වා ඇති බව අනාවරණය කරගෙන ඇත.

බුද්ධි තොරතුරු අනුව ශ‍්‍රී ලංකා රේගුවට හොරෙන් මෙය පිටමංකර ඇත්තේ ¥ෂිත නිලධාරීන්ට රුපියල් ලක්‍ෂ 2 ක් ගෙවීමෙන් බවටද හෙළිවී ඇත.

මෙම හක් සහෝදරයන් දෙදෙනාගේ මවගේ මුල් නිවස නාවලපිටියේ පොල්වතුර ප‍්‍රදේශයේ වන අතර ඔවුන්ට මාමාවරු (මවගේ සහෝදරයෝ* පස් දෙනකු සිට ඇත.

ඉන් එක් මාමා කෙනකු ගම්පොල නගරයේ පාවහන් වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇති අතර උලපනේ පදිංචිව සිටි මාමා මෙසේ විදේශගතව සිට ඇත.

පසුගිය දිනවල මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක රාත‍්‍රියේදී බුදු පිළිම කැඞීමේ සිද්ධියට මෙම අධිබල යතුරුපැදිය යොදාගෙන ඇති බව අනාවරණය වී ඇත. මෙම යතුරුපැදිය ලියාපදිංචි නොකර තිබීම නිසා ව්‍යාජ අංක තහඩු මේ සඳහා භාවිත කරන්නට ඇතැයි සැකකෙරේ.

සාහිඞ් අබ්දුල් හක් උලපනේ මාමාගේ නිවසේ නැවතී කලක් කුකුළු ගොවිපළක්ද කරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර ඒ සඳහා මෙම මාමාගේ පුතෙකුද සම්බන්ධව ඇත.

එම පුතාද මෑතකදී විදේශගතවී ඇති බව තහවුරු වී ඇති අතර මේ සියලූ දෙනා එක්ව මෙම සංවිධානයේ කටයුතු සිදුකර ඇති බව හෙළිවී ඇත.

මෙම යතුරුපැදිය උලපනේ නිවසක ස`ගවා ඇති බව ගම්පොල කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපතිවරයාට දැනගන්නට ලැබී ඇත්තේ හක් සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමත් සමගය.

දිසා බුද්ධි නිලධාරීන් සම`ග වැඩිදුර පරීක්‍ෂා කොට එය මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ගම්පොල - සුරංග දිල්හාන්
දිවයින

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මගෙ අම්මට පණ ඇරලා ආදරෙයි, ඒ පෝස්ට් දැකලා හාස්‍ය ඉපදුනා පමණයි. එය පල කර තිබුනේ දරාගන්න බැරි අවස්ථාවාදී බුද්ධියෙන් අඩු අය. - මුහුණු පොතේ මේ දිනවල පල වන තම පියාගේ චායා රූප ගැන දියනිය කතා කරයි.


මගෙ අම්මට පණ ඇරලා ආදරෙයි, ඒ පෝස්ට් දැකලා හාස්‍ය ඉපදුනා පමණයි. එය පල කර තිබුනේ දරාගන්න බැරි අවස්ථාවාදී බුද්ධියෙන් අඩු අය. - මුහුණු පොතේ මේ දිනවල පල වන තම පියාගේ චායා රූප ගැන දියනිය කතා කරයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.
පසුව අණාවරණය වූයේ Anna Barchetti Durisch නම් මෙම ඡායාරූප පෙලේ සිටි කාන්තාව බන්දුල ගුණවර්ධන ගුණවර්ධන මහතාගේ මෙන්ම ඔහුගේ පවුලේද ළඟම හිතවතියක බවයි.
මේ ඒ පිළිබඳව ඔහුගේ දියණියක වන කුමුදුමාලි ගුණවර්ධන ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ පළකර තිබූ සටහනකි.
පලමුවෙන්ම මෙ දවස් කීපයේ මට මෙසෙජ් කරපු, call කරලා දුක සැප බලපු හැමෝටම මම මුලු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා, මගේ ආදරණිය පියාගේ ඡායාරූපයක් සමාජ ජාලවල සැරි සරන්න පටන්ගත් දවසේ ඉදන් අප පවුල වෙනුවෙන් සිට ගත් හැමෝටම ස්තුතියි , මේ සමාජයේ ඥානවන්ත පිරිස් තාමත් සිටින බවට ඔවුන් නිසැකවම උදාහරණයක්. ඇත්තම කියනවා නම් මට ඒ පොස්ට් දැකලා දුක හිතුනේ නැහැ, හාස්‍ය ඉපැද්දුවා පමනයි. මට එය හාස්‍යජනක දෙයක් වුනේ මම මගේ පියා ගැන හොදාකාරවම දන්න නිසා, ඔහුගේ චරිතය ගැන මම දන්න නිසා!!
ඔහුට තමන්ගේ පවුල කොයිතරම් නම් වටිනවද කියලා මම දන්න නිසා, මගේ අම්මට පන ඇරලා ආදරේ කරනවා කියලා මම දන්න නිසා, මගේ මවට කොයිතරම් නම් ගරු කරනවා ද කියා මම දන්න නිසා. ඔහු කන්තාවන්ට කොපමණ ගරු කරනවද කියා දුවෙක් විදියට මම හොදටම දන්න නිසා.... මගේ පියා මේ රට වෙනුවෙන්, මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයේ හරි අඩකට වඩා කැප කරලා තියෙන මනුස්සයෙක්. මට ආඩම්බරයි මගේ තාත්තා ගැන, කවමදාකවත් දූශිත දේශපාලකයෙක් කියා කාගෙන් වත් වචනයක් වත් අහපු නැති දැවන්ත මනුස්සයෙක්.හොරෙක්, මිනි මරුවෙක් වංචා කාරයෙක් කියා චොදනා එල්ල නොවු සුපිරිසිදු දේශපාලකයෙක්, මනුස්සයෙක්...
එය දරාගන්න බැරි අවස්තාවාදි බුද්දියෙන් අඩු කීප දෙනෙක්ට ඔහූගේ සුපිරිසිදු චරිතය අමු අමුවේ ඝාතනය කරන්නට උවමනාවී ඇති බවට පැහදිලියි. මගේ පියා ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙක් .තමන්ට වඩා රටේ ජනතාව ගැන හිතපු මනුස්සයෙක්. අපි ඉපදුන දා සිට අපිට රජයෙන් ලබා දෙන නිවස් වල සැප පහසුකන් ගැන අත්දැකීමක් නොතිබිනි,රජයේ වාහන පවිච්වි කරපු හෝ අරාක්ෂක රථ පෙලපාලි වලින් ගමන් කරපු මිනිස්සු නෙමෙයි, මට ආඩම්බරෙන් කියන්න පුලුවන් අපි මේ රටේ බදු සල්ලි වලින් සතයක් අවභාවිතා කරලා නැහැ, අපිට ඔහු හැමදාමත් ඉගැන්නුවේ දෙපයින් හිට ගන්න, දේශපාලන බලය කවදාවත් පාවිච්චි නොකරන්න කියලයි ....මම මගේ පියා ගැන ආඩම්බරයි...
මගේ පියාගේ මෙම "ආන්දොලාත්මක" ඡායාරූප සහ බොරු දදා සමාජ ජාලාවල පතුරවපු මේ රටේ facebook admin ලට මට කියන්න දෙයක් තියෙනවා, මතක තියාගන්න කර්මය හරිම බලගතු දෙයක්, අනුන්ට කරන දේ තමන්ට ආපස්සට වෙන්න පුලුවන් කියලා මතක තබා ගන්න, ඔබ කෙලසුවේ අහිංසක මනුස්සයෙක් ගේ චරිතය, කර්මය නොබෝදිනකින් ඔබගේ දොරටත් තට්ටු කරාවි....
අවසානයට, මම Dr.Anna Barchetti Durisch ගෙන් මම සමාව ඉල්ලන්න කැමතියි, ඇයට අපහස කරපු දහස් ගනන් ශ්‍රී ලාංකිකයන්ට වඩා සේවයක් ඇය මේ රට වෙනුවෙන් කර ඇත, ගෙදර පරිගනකයට මුවාවී "සටන්" කරන "කීබෝර්ඩ් වීරයින්"ට වඩා ඇය මේ රට වෙනුවෙන් සේවය කර ඇත. ඒ වගේ කීපදෙනෙක් ගේ මෝඩ වැඩ නිසා ඔබ මෙතුවක් කල් මේ රටට කරපු සේවය නවතා නොදමයි කියා මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,මේ රට ගැන ඔබට තියෙන ගරුත්වය ආදරය අඩු නොවෙවා කියා මා ප්‍රාර්ථනා කරමි.

මේ ඡායාරූපේ පල කල අයගේ චෙතනාව කෙසේ වුවත් මට කීමට ඇත්තේ මගේ පියා පිළිබඳව මගේ පවුලේ සහ මගේ හිතේ තිබුණ ඔහු කෙරෙහි ගෞරවය තව තවත් වැඩි වීමක් මිසක අඩු වීමක් සිදු නොවන බවයි . තවත් වැදගත් දෙයක් කියන්න අවසරයි .මේ ඡායාරූප පල කල සියලු කාට කටත් බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි ! - කුමුදුමලී ගුණවර්ධන



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

lunedì 6 maggio 2019

මධුෂ් රහස් පොලිසිය ඉදිරියේ වැඳ වැටෙමින්


මධුෂ් රහස් පොලිසිය ඉදිරියේ වැඳ වැටෙමින්

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් එහි නිළධාරීන් ඉදිරියේ වැඳ වැටෙමින් තම ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
තමා පාතාල ක්‍රියාකාරකම්, ඒ සඳහා සහාය දුන් පුද්ගලයන් ආදී සියලු තොරතුරු ලබාදීමට සහ හෙළි කිරීමට එකඟ වී ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටියේය.
පසුගිය පෙබරවාරි 05දා ඩුබායි හිදී අත්අඩංගුවට ගන්නා ලද මාකඳුරේ මධූෂ් ඊට මාස 03කට පසු මැයි 05 වැනිදා ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී.
පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගත් ඔහු මේ වන විටත් රහස් පොලිසිය බාරයේ පසුවෙයි.
මිනීමැරුම් මංකොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ කටයුතු 50 ක පමණ ප්‍රමාණයක් සම්බන්ධයෙන් මධුෂ් චෝදනා ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

domenica 5 maggio 2019

මන්නාරමේ ප්‍රබල ඇමැතිවරයකු මට අත්අඩංගුවේ සිටින අය නිදහස් කරන්න කිව්වා – හමුදාපති

මන්නාරමේ ප්‍රබල ඇමැතිවරයකු මට අත්අඩංගුවේ සිටින අය නිදහස් කරන්න කිව්වා – හමුදාපති

වර්තමානයේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකි.
පසුගියදා ඇති වූ අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවීමට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ යුද හමුදාවට බලතල තිබුණේ නැහැ සෝදිසි මෙහෙයුම් සිදු කරන්නට. මහමඟට බසින්නට අපට බලයක් නොතිබුණත් හමුදාව පාරට බස්සන්න අපට සිදුවුණා. එසේ යෙදෙව්වේ නොසන්සුන් වෙලා හිටපු ජනතාවට හමුදාව දැකීමෙන් යම් විශ්වසනීයත්වයක් ඇති වන නිසයි. එයින් ඔවුන්ගේ බිය අඩු වන බව අප දන්නවා. ඒ වගේම ‘83 වගේ ජාතිවාදී කෝලාහල සිදු නොවීමටයි. තවමත් ඒ බිය ජනතාව තුළ තිබෙන බව පේනවා.


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි




සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි

නැගෙනහිර ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා සතුව දැනට අත්අඩංගුවට ගෙන තිබෙන ආයුධ මෙන් තුන් ගුණයක් ආයුධ තිබිය හැකි බවත්,  ඔහු දරන ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් කර අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම වැදගත් බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති නාරා.ටී.අරුන්කාන්  පවසනවා.පසුගිය සිකුරාදා (27) මහනුවරදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියේ හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ රහස් වීඩියෝවක්ද මාධ්‍යයට අනාවරණය කරමින්.

හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා  උලමා සභාවට කතා කරන අදාල වීඩියෝව මාධ්‍ය හමුවේ අනාවරණය කළ සභාපතිවරයා මෙලස කරුණු පැහැදිළි කරා.

මෙතුමා මෙතන දෙමළෙන් කථා කරනවා. මම ආයුධ නැගෙනහිරට ගෙනල්ල මගේ තරුණ තරුණියන්ට දීලා, මේ යුද්ධයට ඒ කට්ටිය යොමු කරයි කියලා. ඒ තරුණ තරුණියන් ග්‍රාමාරක්ෂක භටයෝ. ඒ කට්ටියගේ පක්ෂයේ කට්ටිය. මුස්ලිම් තරුණයන් යුද්දේ ඉවරවෙලා මෙච්චර කල් වෙලත් ඒ ආයුධ ආරක්ෂක අමාත්‍යාංශයට ආපහු දීලා කියලා කිසිම තොරතුරක් නැහැ.”

“ඒත් එක්කම ඒ ඒ ග්‍රාම ආරක්ෂක භටයෝ කවුරුත් ඒ තනතුරු වලට දැන් නැහැ. අපි දන්නවා මුස්ලිම් තරුණ තරුණියෝ ඒ වගේ පොඩි පඩියකට ඉන්නේ නැහැ. යුද්ධය ඉවර වුණාට පස්සේ ඒ කට්ටිය ගිහිල්ලා. නමුත් ඒ ආයුධ කෝ..? ඒ ආයුධ නැවත බාර දීලා නැත. එතුමා ඒ කට්ටියගේ උලමා සභාවට කතා කරන වීඩියෝවක් මේක.”

මම ආයුධ නැගෙනහිරට ගෙනල්ල මගේ තරුණ තරුණියන්ට දීලා, මේ යුද්ධයට ඒ කට්ටිය යොමු කරයි කියලා. ඒ තරුණ තරුණියන් ග්‍රාමාරක්ෂක භටයෝ. ඒ කට්ටියගේ පක්ෂයේ කට්ටිය. මුස්ලිම් තරුණයන් යුද්දේ ඉවරවෙලා මෙච්චර කල් වුණත් ඒ ආයුධ ආරක්ෂක අමාත්‍යාංශයට ආපහු දීලා කියලා කිසිම තොරතුරක් නැහැ.”

“ඒත් එක්කම ඒ ඒ ග්‍රාම ආරක්ෂක භටයෝ කවුරුත් ඒ තනතුරු වලට දැන් නැහැ. අපි දන්නවා මුස්ලිම් තරුණ තරුණියෝ ඒ වගේ පොඩි පඩියකට ඉන්නේ නැහැ. යුද්ධය ඉවර වුණාට පස්සේ ඒ කට්ටිය ගිහිල්ලා. නමුත් ඒ ආයුධ කෝ..? ඒ ආයුධ නැවත බාර දීලා නැත. එතුමා ඒ කට්ටියගේ උලමා සභාවට කතා කරන වීඩියෝවක් මේක.”

“ලඟදි මට මඩකලපු ඉඳලා තරුණයෙක් කෝල් කරලා කිව්වා සර් මම දෙමළ එක්කෙනෙක් දැන් මුස්ලිම් වෙලා ඉන්නෙ. මම හිස්බුල්ලා මැතිතුමා ළඟ අවුරුදු පහක් වැඩ කරා. දැන් මම හිර ගතවෙලා ඉන්නේ පොඩි සිද්දියක් වෙලා. මඩකලපුව හිරගෙදර. මම දන්නවා ඒ ආයුධ තියන තැන්, කියලා.”

“මම ඒ විස්තරත් බුද්ධි අංශවල ලබා දුන්නා. කිසිම රියැක්ෂන් එකත් නැහැ. දැන්වත් එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නේ නැතුව හොයන්න පුළුවන්.”

“මම රජයෙන් ඉල්ලා සිටිනවා, මේ හිස්බුල්ලා ඔහුගේ තනතුරෙන් අයින් කරල අත්අඩංගුවට අරගෙන පරීක්ෂණයක් පවත්වන්න ඕන කියලා. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. හොයාගත්ත ආයුධ තොගයට වඩා තුන්ගුණයක් ආයුධ මෙතුමා ළඟ තියෙන්න පුළුවන්. එතුමා ළඟ හෝ මෙතුමාට හිතවත් වෙන පුද්ගලයන් ළඟ.”
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

sabato 4 maggio 2019

දෙමටගොඩ මියගිය ෆාතිමා ඉල්හාම් යනු බදුර්ධින්ගේ නෑනා බව හෙළිවෙයි.ඒ අතර බදුර්දින් රට පනියි..


දෙමටගොඩ මියගිය ෆාතිමා ඉල්හාම් යනු බදුර්ධින්ගේ නෑනා බව හෙළිවෙයි.ඒ අතර බදුර්දින් රට පනියි..

මේ ආකාරයට මියයාමෙන් පසුව ෆාතිමා ඉල්හාම් ගැන කළ විමර්ශන අනුව පිටකොටුවේ ඇය කුළු බඩු ව්‍යාපාරිකයාගේ එක් පුතෙකුවූ මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ බිරියවූ ෆාතිමා ඉල්හාම්ය. සැමියා ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරවීමටත් සැමියාගේ අයියා සිනමන් ග්‍රෑන්ඩ් පිපිරවීමටත් සම්බන්ධ වෙද්දී ඇය ඇතුළු පිරිස දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ නිවසේ සිටියහ.

අලව්දීන් ජුවලර්ස්’’ නමැති රන්බඩු ආයතනය පවත්වාගෙන යන අලව්දීන්ගේ දුව ඇය බවට කරුණු වාර්තාවී තිබේ.අලව්දීන්, බදුර්දීන් අමාත්‍යවරයාගේ මවගේ සොහොයුරකු වන අතර ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික බවද වාර්තා වේ.

සිංගප්පූරුවේ, මැලේසියාවේ මෙන්ම මන්නාරමේ නිවාස දෙකක්ද ඔහුට හිමි බව පැවසෙයි.

මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර සහරාන් සමග කළු හැඳගත් පිරිස දිවුරුම් දෙමින් එකට සිට ලබාගත් වීඩියෝවේ එක් අවස්ථාවක පසුපසට වෙන්නට සිරුර සඟවාගෙන සිටින්නේත් පසුව අත් එකට තබා දිවුරුම් දෙන අවස්ථාවේ බ්‍රේස්ලට් එකක් පැළඳගෙන උඩින්ම අත තබාගෙන සිටින්නේ ද ඇය ය.
___________________________________
මේ කරුණු හෙළිවෙද්දි අමාත්‍ය  රිෂාඩ් බදුර්දින් මහතා ඊයේ සවස 7.15 ට කටුනායක ගුවන්තොටුපලින් Vip අංශ හරහා  ශ්‍රී ලංකා ගුවන් සේවයේ UL 205 ගුවන් උආනයෙන් මස්කට් බලා පිටත් වූ බව පැවසේ.
__________________________________
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

දෙහිවල ලැගුම් හලකදී පුපුරුවාගත් බෝම්බයට හසු වූ යුවතිය.


දෙහිවල ලැගුම් හලකදී පුපුරුවාගත් බෝම්බයට හසු වූ යුවතිය.

පසුගිය ඉරිදා සිදුවූ බොම්බ ප්‍රහාර වලින් කිසිදු අරමුණකින් තොරව පුපුරවන ලද බෝම්බය දෙහිවලින් වාර්තා විය. ඒ දෙහිවල සත්ත්වෝද්‍යානය අසල නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හලේ කාමරයක් තුළදී සිදු කරගත් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගැනීමයි. මෙම බෝම්බය දෙහිවල ප්‍රධාන කතෝලික පල්ලියක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන්නට සිටි බෝම්බකරුගේ කුරුමානම වැරදීමෙන් පසු ඔහු නවාතැන්ගෙන සිටි තැනට පැමිණ සිදුකරගත් දිවිනසාගැනීමක් ලෙස හඳුනාගන්නට ලැබේ. මෙහිදී අහක සිටි පෙම් යුවළක් අවාසනාවන්ත ලෙස මරු වැළඳ ගත්හ. ලොජ් එකේ බොම්බකරු පුපුරුවාගත් කාමරයට අල්ලපු කාමරයේ
තාවකාලිකව රැඳී සිටි මෙම යුවළ බොම්බයට හසුව තුවාල ලබා කළුබෝවිල රෝහලට ගෙන යනවිට මියගොස් තිබුණි.

 සිද්ධියෙන් මියගිය තරුණිය ගැන තොරතුරු මේ වනවිට වාර්තා වෙයි. ඇය පානදුර උයන්කැලේ පදිංචි 24 හැවිරිදි තරුණියකි. කම්කරු දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහකාරියක ලෙස ඇය සේවය කරමින් සිට ඇති අතර ඉරිදා දිනයේ නුගේගොඩ බාහිර උපාධි පන්තියකට සහභාගී වන්නට යන බව නිවසට පවසා පිටත්ව ගිය ගමනේදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත.

ඇය එදින උදේ පානදුර නිවසේ සිට නුගේගොඩ පන්තියට ගිය බවත් ඉන්පසු රටේ කලබලකාරී තත්වය සැලවී  ඇයට දුරකථනයෙන් අමතන අවස්ථාවේ ප්‍රශ්නයක් නැතිව පන්තියේ බව කියමින් කථාකළ බවත් මව පවසා ඇත. කෙසේ වෙතත් ඇය පෙම්වතා සමග සිටි බව මව දැන සිට නැත.
මියගිය පියුමි ශානිකාගේ මව හැඬූ කඳුළින් මෙසේ කියා ඇත.

එයා රැකියාව කළේ පණ වගේ. ඇය මනමාලියක් වෙන දවස මම හීන මවමින් හිටියා. මං කිව්වා දුවේ ඉක්මනට විවාහ වෙන්න කියලා. එයා කිව්වා අධ්‍යාපන කටයුතු ඉවර වුණ ගමන් විවාහ වෙනවා කියලා. මනමාලියක් වෙන්න හිටපු දුව අන්තිමට ආවේ මිනී පෙට්ටියක. ළඟදී උසස්වීමක් ලැබෙන්න හිටියා. ඉගෙනගන්නත් හරි දක්‍ෂයි. රැුකියාව කරන ගමන් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා යැයි දෙහිවල සත්වෝiානය ආසන්නයේදී පුපරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය පානදුර උයන්කැලේ පදිංචි කම්කරු දෙපාර්තමේන්තුවේ මහරගම දිස්ත‍්‍රික් කම්කරු කාර්යාලයේ කළමනාකාර සහකාරියක ලෙස සේවය කළ 24 හැවිරිදි පියුමි ශානිකා සල්ගාදු මෙනවියගේ මව වන කාංචනා පෙරේරා  මහත්මිය හැඬූ කඳුළින් පැවසුවාය.

බෝම්බ ප‍්‍රහාරයෙන් මරණයට පත් මෙරෙඤ්ඤගේ පියුමි ශානිකා සල්ගාදු මෙනෙවිය පානදුර ශ‍්‍රී සුමංගල බාලිකා විදුහලේ අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ වාණිජ අංශයෙන් බාහිර උපාධි අපේක්‍ෂිකාවක් වශයෙන් ලබමින් සිටි ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් ඇය බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කර තිබේ. පසුව තරග විභාගයකට පෙනී සිට කම්කරු දෙපාර්තමේන්තුවේ මහරගම දිස්ත‍්‍රික් කම්කරු කාර්යාලයේ කළමනාකරණ සහකාරියක වශයෙන් ද මියයන තුරු කටයුතු කළාය.

තම දියණියගේ වියෝව සම්බන්ධයෙන් දරාගත නොහැකිව ඇය මෙසේ ද පැවසුවාය.

”පියුමි රැුකියාව පණ වගේ කළා. ජීවිතයම අධ්‍යාපන කටයුතුවල තමයි නිරත වුණේ. රැුකියාව කළා කියලා අධ්‍යාපන කටයුතු නොකර හිටියේ නෑ. මැයි 12 වැනිදා කැම්පස් එකේ විභාගයකට පෙනී සිටීමට නියමිතව සිටියා.

? 12.00 වෙනකන් පාඩම් කළා. පාන්දර 5.00 ට අවදි වෙලා එයා රස්සාවට යන්න ලෑස්ති වෙනවා. අපි පානදුර බස් නැවතුම්පළ වෙත අපේ වෑන් එකෙන් උදේට ගෙනත් දානවා. පස්සෙ සුඛෝපබෝගී බස් රථයක හැමදාම ඇය අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම තියෙන කාර්යාලයට යනවා. මේ සිද්ධිය වෙන දවසේ නුගේගොඩ ප‍්‍රදේශයේ පන්තියකට සහභාගි වෙමින් තමයි ඇය සිටියේ. සෙනසුරාදා එයා ජයවර්ධනපුර කැම්පස් එකට යනවා. එදා මම දහවල් 11.00 ට පමණ කිව්වා පුතේ බෝම්බ පිපිරිලා බලාගෙන ප‍්‍රවේශමෙන් කියලා. එයා කිව්වා බයවෙන්න එපා අම්මේ සර් උගන්වනවා කියලා.

 නමුත් අපි එයාගේ දුරකථනයට ඇමතුම් ගත්තට මුකුත් ප‍්‍රතිචාරයක් දැක්වූයේ නෑ. වෙනදා මට කතා කරලා අම්මේ බෙහෙත් බිව්වද කියලා අහන ළමයා. නමුත් අපි සැකේට එයාව බලන්න නුගේගොඩට ගියා. නුගේගොඩට යනකොට පන්තිය වහලා තිබුණා. හැබැයි එයාගේ දුරකථනය මේ වෙනකොටත් නාදවෙමින් තියෙනවා. මං හිතුවා එයාට අනතුරක් වෙලා කියලා.

පියුමිට වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා. තව බාල සහෝදරයකුත් ඉන්නවා. මියගිය පියුමි පවුලේ දෙවැනි දරුවා. ලොකු පුතා විවාහකයි. ලොකු පුතාගේ දරුවන්ටත් එයා පණ වගේ ආදරය කළා. අධ්‍යාපන කටයුතුවලට ද උදව් උපකාර කළා. මම නිතරම කිව්වා විවාහ වෙන්න කියලා. ඒත් ඇය කිව්වා පස්සෙ ඉගෙනගෙන ඉවරවෙලා ඒ කටයුතු කරගමු කියලා. මනමාලියක් වෙන්න හිටපු ඇය අන්තිමට ඒ වගේම ලස්සනට ඇඳගෙන ආවෙ පෙට්ටියක.” පියුමිගේ මව හැඬූ කඳුළින් පැවසුවාය.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

venerdì 3 maggio 2019

මානූෂීය මෙහෙයුම අවසන් කළ කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකටත් "මාර්ෂල්" තනතුරු

මානූෂීය මෙහෙයුම අවසන් කළ කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකටත් "මාර්ෂල්" තනතුරු

එල්.ටී.ටී.ඊ යට එරෙහි යුද්ධය අවසන් කළ අවස්ථාවේදී සේවයේ යෙදී සිටි නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ‘ඇඞ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ නිලයට උසස් කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ වනවිට සේවයේ යෙදී සිටි ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ නිලයට උසස් කිරීමට ද යෝජිතයි. 
මීට අදාළ මූලික කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් ඇතැයිද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 
නාවික හමුදාවේ ‘ඇඞ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ සහ ගුවන් හමුදාවේ ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ යන නිලයන් යුද හමුදාවේ ‘‘ෆීල්ඞ් මාර්ෂල්’’ යන නිලයට සමාන වනවා.   

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

giovedì 2 maggio 2019

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ සාකච්ජාවට ජනාධිපති අසාද් සාලි ගෙන්වයි - ආරක්ෂක ප්‍රධානීන් පල නොකියා පලා බෙදයි



ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ සාකච්ජාවට ජනාධිපති අසාද් සාලි ගෙන්වයි - ආරක්ෂක ප්‍රධානීන් පල නොකියා පලා බෙදයි 

 =+++-+++++++++++++++++++++
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවූ අතර තවදුරටත් ත්‍රස්ත ප්‍රහාරයන්ගේ බිය සාමාන්‍ය සමාජයෙන් වියැකී ගොස් නැත.

ආරක්ෂාව තහවුරැ කිරීම සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබේ.

ප්‍රහාරයෙන් දින 10කට පමණ පෙර මෙම අවධානම සම්බන්ධයෙන් බුද්ධි වාර්තා ලැබී තිබියදීත් හානිය යම් ප්‍රමාණයකට හෝ අවම කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් විශේෂයෙන් ආරක්ෂාව භාර වගකිවයුත්තන්ට තවදුරටත් චෝදනා පිට චෝදනා එල්ල වෙයි.

මේ අතර තුර ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්  වූ අතර පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විශේෂ කොමිසමක්ද පත් කළේය.

සමස්ත රටම එක මොහොතින් අඩපණ වූ අතර තවමත් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව නැත. එය අපි අත්විඳිමින් සිටිමු.

මේ සියලු සන්තෑසි මැද කවුරු කවුරුත් පාහේ  බොර දියේ මාළු බාමින් සිටින්නේ  ඉදිරි දේශපාලන තත්ත්වයන් හමුවේ එහි වාසිය තම තමන්ගේ පැත්තට හරවා ගැනීම වෙනුවෙනි.

කෙසේවෙතත් තවදුරටත් ආරක්ෂක විධිවිධාන තර කිරීමටත් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීමටත් බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ, නාවික, ගුවන් හමුදා සහ පොලිස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයද  පසුගිය (29) ස්ථාපනය කළේය.

එහි ක්‍රියාන්විතයන් දැන් සිදුවෙමින් තිබේ.

එහෙත් මෙරට ඉහළින්ම සිටින දේශපාලන අධිකාරිය ඔවුන්ට දෙන සහය සම්බන්ධයෙන්ද දැන් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ. 

මෙම ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම පසුගිය දිනෙක ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක් කැඳවා ඇත.

එහිදී ඉදිරි ආරක්ෂක සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම එහි ප්‍රධාන කාරණයක් ලෙස පැවති බව සඳහන්.

ඒ අනුව ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් එම සාකච්ජාව සඳහා වාඩි වී ඇති අතර ජනාධිපතිවරයා විසින් එම ස්ථානයට බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ගෙන්වා ඇත.

ආරක්ෂක ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ "එහෙනම් දැන් ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් අසාද් සාලි වෙත කරුණු දක්වන ලෙසයි.

ආරක්ෂක ප්‍රධානීන්ද පූර්ව දැනුවත් කිරීමකින් තොරව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ඉතා වැදගත් සාකච්ජාවකට මේ වන විටත් චෝදනා ලබමින් තිබෙන පුද්ගලයෙකු ජනාධිපතිවරයා විසින් කැඳවා තිබීම ආරක්ෂක ප්‍රධානීන්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

එම අවස්ථාවේදීම ඉහළ නිලයන්ගේ සිටින ආරක්ෂක ප්‍රධානීන් එකී සාකච්ජාවෙන් නැගිට ගොස් ඇති අතර පහළ නිලයක නිලධාරියෙකු විසින් ඒ මොහොතේ ජනාධිපතිවරයාගේ වස්ත්‍ර සහමුලින්ම ගැලවී යාමට නොදී සාමාන්‍ය මට්ටමේ පැහැදිලි කිරීමක් කර ඇති බවයි වාර්තා වූයේ.

මේ මොහොතේ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මුස්ලිම් අන්තවාදයට සහය දී ඇති බවට චෝදනා එල්ල වී ඇත. තවමත් ඔහු වරදකරුවෙකු නොවුණත් පසුගිය කාලය තුළ  සිදු වූ යම් යම් කාරණා සම්බන්ධයෙන් ඔහුට දේශපාලන අධිකාරියෙන්ම චෝදනා එල්ල කරමින් පවතියි.

එහෙත් එම චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රශ්න නොකිරීම තවත් විවාදාත්මක කාරණයකි. රටම ගිලගෙන සිටින අවස්ථාවාදී දේශපාලනයට එය අරුමයක්ද නොවේ. රටේ සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් තවදුරටත් එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩ දිය නොහැකි තැනට රට පත් වී හමාරය. එහෙයින් සිදුවන සියල්ල දෙස සුපරීක්ෂාකාරීව බලා සිටින්නට සිදුවෙයි.

එවැනි තත්ත්වයක් හමුවේ කොන්දක් නැති දේශපාලනය ඉදිරියේ තම තමන්ගේ කොඳු කඩා නොගැනීමට කටයුතු කිරීමට ආරක්ෂක ප්‍රධානීන් ක්‍රියා කිරීම පැසසිය යුත්තකි.

ජාතික ආරක්ෂාවේ වැදගත්කම නොතේරෙන දේශපාලන කිරිසප්පයන්ට තවදුරටත් පාස්කු ප්‍රහාරයේ විනාශයේ වැටහී නැත්ද යන්න මෙවන් සිදුවීම් හරහා මතුවන තවත් ප්‍රශ්නයකි.

ආරක්ෂක මණ්ඩලය තුළද සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා හැසිරී ඇති ඇති අන්දම දැන් රටට අනාවරණය වී හමාරය. ආරක්ෂක මණ්ඩලයට අනිවාර්යයෙන් කැඳවිය යුත්තන් ඉන් කපා හැර තමන්ගේ හිත මිත්‍රයන් ඊට කැඳවා ජාතික ආරක්ෂාව මායිම් නොකළ ඉතිහාසයකට ශ්‍රී ලංකාව දැන් උරුමකම් කියා තිබේ.

එකී තැනැත්තන් විසින් ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වන තොරතුරු සැඳෑ සාදවලදී පවා හෙළිකර ඇති බවටද දැන් හෙළිවෙමින් ඇත.

දේශපාලන අධිකාරිය රජය ආරක්ෂාවට වගකියා ඇත්තේ, වග වී ඇත්තේ එපරිද්දෙන්ය.

එවන් ඉතිහාසයක උරුමකම් කියූවෝ තවදුරටත් එවන් ගොන්කම් නොකර ඉදිවී යන්නට විශ්වාස කිරීමට තරම් විශ්වාසයක් තවමත් නිර්මාණය වී නැත. ජනතාව එය සහසුද්දෙන්ම අවබෝධ කරගත යුතුය.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...