mercoledì 30 settembre 2015

පාවාදීමට එරෙහි රට ඉල්ලන මහ පොලොවේ විපක්‍ෂය බිහි කෙරේ.. හවුල් ආණ්ඩුව දෙදරන අභියෝගයක් කෙරේ..


පාවාදීමට එරෙහි රට ඉල්ලන මහ පොලොවේ විපක්‍ෂය බිහි කෙරේ.. හවුල් ආණ්ඩුව දෙදරන අභියෝගයක් කෙරේ..


ඉතිහාසයේ දැවැන්තම පාවාදීම සිදු කරමින් එය බොරු දහසකින් සැගවීමට මේ ආණ්ඩුව කටයුතු කරනවා..
ඇමෙරිකා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාවක් රැගෙනවිත් මේ රට අද මහා පාවාදීමකට සටන් කරන වත්මන් ආණ්ඩුව එම පාවාදීම බොරු දහසකින් සගවා තැබීමට කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘‘ඇමෙරිකා එක්සත් ජනපදයත් ශ‍්‍රී ලංකා රජයත් එකට අත්වැල් බැඳගෙන ඉදිරිපත් කරන හවුල් යෝජනාව පිළිබඳ ප‍්‍රතිවිරුද්ධ මත ජනමාධ්‍යයෙන් ප‍්‍රසිද්ධියට පත්වීම වළක්වන්න අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ දබරඇගිල්ල එසවී තිබෙන මොහොතකයි විපක්‍ෂයේ පක්‍ෂ 08ක් ලෙස එකතු වී අපි මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ. ජනමාධ්‍යවලට මෙසේ අග‍්‍රාමාත්‍යවරයා සිය දබරඇගිල්ල ඔසවා ඇත්තේ මෙම යෝජනාව පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව අතරට ගියොත් ඇති වන තත්ත්වය කාටත් වඩා හොඳින් ඔහු දන්නා නිසයි. අපි මේ රටේ ජනමාධ්‍යවේදීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා, ‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ දබරඇගිල්ලට යටත් නොවී මේ රටේ පොදු ජනතාවට මේ වැදගත්ම ජාතික ප‍්‍රශ්නය පිළිබඳ හැම පාර්ශ්වයකටම අදහස් දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කර දෙන්න’ කියලා.
රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පෙන්වන්න හදනවා ‘දෙමුහුන් අධිකරණයක් පිහිටුවන්නේ නැහැ’ කියලා. සමහර කාටුන් ශිල්පියොත් ඒ ලණුව කාලා තියෙන බවයි පෙනෙන්නේ. හොඳින් අධ්‍යයනය කරලා බැලූවොත් පෙනේවි ‘දෙමුහුන්’ කියන වචනය නැති වුණාට ‘පොදු රාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් රටවල විනිසුරුවරුන්, අභිචෝදකයන්, නීතිඥවරුන් හා පරීක්‍ෂකයන් ඇතුළත් අධිකරණ ව්‍යුහයක් තමයි මේ රැගෙන එන්නේ’ කියලා. මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ ‘දෙමුහුන් අධිකරණය’ කියන වචනය තිබුණා. ඇමෙරිකා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාවේ ‘දෙමුහුන් අධිකරණය’ කියන වචනය නැති වුණාට එමගින් ප‍්‍රායෝගිකව ස්ථාපිත කරන්නේ ‘දෙමුහුන් අධිකරණයක්’. එහෙම නොවෙයි කියලා ඔප්පු කරන්න කියලා අපි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට අභියෝග කරනවා.
තම රටේ තිබුණු ත‍්‍රස්තවාදය පැරදවීමට කටයුතු කරපු නීත්‍යනුකූල හමුදාවට එරෙහිව, විදේශ රටක උවමනාව අනුව නීති හදලා අධිකරණයක් පිහිටුවලා නඩු අහන්නේ ලෝකයේ කවර රටකද? අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු විමර්ශනය කළ මැක්ස්වෙල් පරණගම වාර්තාව පිටු 500 ගණනකින් සමන්විතයි. එහි පැහැදිලිව සඳහන් වෙනවා, ‘කිසිඳු යුද අපරාධයක් සිදුව නැහැ. යම් යම් සිදුවීම් සිදුව තිබෙනවා ඒවා පිළිබඳව පරීක්‍ෂණ කළ යුතුයි’ කියලා. ජාත්‍යන්තර උපදේශකයන්ගේ උපදෙස් අනුව යමින් සකස් කළ එවැනි කොමිෂන් වාර්තාවක් අපට තිබෙනවා. මේ බොරු චෝදනාවලට පිළිතුරු දීමට එය පලිහක් ලෙස පාවිච්චි කිරීමට හැකියි. නමුත් ඒ කිසිවක් උපයෝගී කොට නොගෙන තමන්ට ජනවාරි 08 වැනිදා බලයට එන්නට පාර කපලා දුන්නු හාම්පුතුන්ට දෙන තෑග්ග හැටියට, අපේ රණවිරුවන් බිල්ලට දෙන න්‍යාය පත‍්‍රයක් අරඹා තිබෙනවා.
මේ රටේ ජීවත් වන කිසිවකුටත් මේ තත්ත්වය හමුවේ නිහඩව සිටීමට බැහැ. මේ රටේ ජනතාවට සාමකාමීව ජීවත්වීමේ ඉඩකඩ නිර්මාණය කරදීමට එහි නීත්‍යනුකූල හමුදාව දියත් කළ මෙහෙයුම මේ විදිහට අනෙක් පැත්තට බිලි දෙන්න ගියොත් අනාගතයේදී ඇති වන කිසිම තර්ජනයකදී මේ රටේ කිසිම දරුවකු නීත්‍යනුකූල හමුදාවට බැඳෙන්නෙත් නැහැ. ලබා දෙන අණ පිළි පදින්නෙත් නැහැ. ඒ තත්ත්වයට මේ රට අසරණ කරන්න දෙන්න එපා!

‘ඇමෙරිකා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාව ගෙනල්ලා මහින්ද – ගෝඨාභය ඇතුළු රණවිරුවන් බේරා ගන්නවා’ කියලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා. නමුත් මේ යෝජනාව අනුව අධිකරණ ක‍්‍රියාවලියට ප‍්‍රබලතම සාක්‍ෂි සටහන ලෙස යොදාගන්නා මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි මේජර් ජනරාල්වරුන් ඇතුළු හමුදා ප‍්‍රධානීන් 22කගේ නම් ඇතුළත්ව තිබෙනවා. ‘සමූහ වශයෙන් මිනිසුන් මරා දැම්මා’ කියන චෝදනාව එල්ල කොට තිබෙනවා. සිවිල් පුද්ගලයන් රැස් වී සිටි තැන්වලට, රෝහල්වලට බර අවිවලින් පහර දුන්නා කියන චෝදනාව එල්ල කොට තිබෙනවා. එය යුද අපරාධයක් බවත් ඒ පිළිබඳව වැඩිදුරටත් සෙවිය යුතු බවත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි සඳහන්.

එහෙම වාර්තාවක් සාක්‍ෂි සටහනක් ලෙස තබාගෙන මේ නඩු අහන්න හදන්නේ රණවිරුවන් නලවන්නද? මෙහෙම බොරු කියන්නේ ඇයි? අඩුම තරමින් මේ බොරු රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ නෝනාවත් පිළිගනීවිද? මහා පාවාදීමකට රට යටත් කරනවා පමණක් නොවෙයි, මේ පාවාදීම බොරු දහසකින් සගවන්න හදනවා. මෙතැන පැහැදිලිව තිබෙන්නේ මේ රටේ ආරක්‍ෂක හමුදාව බිලි ගැනීමේ මෙහෙයුමක්.
‘මේක රට දුර්වල කිරීමේ අධිවේගී මාර්ගයක්’

අනෙක් අතට මෙහෙම ගියොත් අපේ රටේ ස්වෛරීභාවයට මොකද වෙන්නේ? යුද්ධය තිබෙන කාලයේ ඒ ගැටුම පාවිච්චි කරලා විදේශ රටවල් අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට අත ගැහුවා. ඒ ගැටුම අවසන් වුණාට පස්සේ ඒ ගැටුම නිරාකරණය කරපු ආකාරයේ ගැටළුවක් තියෙනවා කියමින් යළි මේ විදේශ රටවල් අපේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට අත ගහන එක නොවෙයිද මේ වෙන්නේ? මේක මේ රටේ අධිකරණ ක‍්‍රියාවලියකට අවතීර්ණ වීමක් නොවෙයි. ඔවුන්ට ඕනෑ විදිහට අත පෙවිය හැකි ආකාරයට මේ රට දුර්වල කිරීමේ ‘අධිවේගී මාර්ගයක්’ විවෘත කරවා ගැනීමක්. මේ ක‍්‍රියාවලිය දැන හෝ නොදැන මේ රටේ යම් කෙනෙකු අනුමත කරනවා නම් අනාගතයේදී යම් දිනයක ඔහුට, තමන්ගේ හෘදසාක්‍ෂිය ඉදිරියේ තමන් වැරදිකරුවකු බව කියාපාන බරපතළම සිදුවීම මෙය වේවි.

මේ අය කියනවානේ ‘මහින්ද – ගෝඨාභය යුද අපරාධ චෝදනාවලින් බේරා ගත්තා’ කියලා. නමුත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සතියේ ඉරිදා දිවයින සංග‍්‍රහයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ මෙසේ සඳහන් වෙනවා. ‘දැන් මේ පරීක්‍ෂණවලදී විනිශ්චයකාරවරුන් විසින් යුද සමයේ සිටි හමුදා නිලධාරීන් වගේ ඉහළ අය ගෙන්වලා ප‍්‍රශ්න කරයිද?’ කියන ප‍්‍රශ්නයට මංගල සමරවීර මහතා මෙසේ පිළිතුරු දෙනවා. ‘ඇත්ත වශයෙන්ම ඒ පරීක්‍ෂණ පටන් ගත්තායින් පස්සේ, පරීක්‍ෂණ පටන් ගන්නා වූ යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් නැති වුණත් ඒ සිද්ධීන්වලට සම්බන්ධව අවංකවම විධිමත් පරීෂණ කරන්න සිද්ධ වෙනවා. එතැනදී මේ වාර්තාවෙන් කියැවෙනවා, වඩාත් වැදගත් වන්නේ උදාහරණයක් හැටියට තුවක්කුව පාවිච්චි කරපු හමුදාවේ සොල්දාදුවාට වඩා ඒකට නියෝග දීපු කට්ටිය ගැනයි සොයන්න වෙන්නේ. විනයානුකූල හමුදාවක අපි දන්නවා ඒ අය ඉහළින් නියෝගයක් නැතිව තමන්ගේ තෘප්තියට හෝ තමන්ගේ වාසියට කවදාවත් මේවා කරන්නේ නැහැ’ කියලා.

දැන් බලන්න, චෝදනාවක් තිබෙනවා, ‘රෝහල්වලට බර අවිවලින් පහර දුන්නා’ කියලා. රෝහල්වල සිට බරඅවි ස්ථානගත කර කොටි ත‍්‍රස්තවාදීන් හමුදාවට ප‍්‍රහාර එල්ල කළ එක ගැන මේ වාර්තාවෙන් මොකුත් කියන්නේ නැහැ. ඒක නොකියා රජයේ හමුදා රෝහල්වලට පහර දුන්නා කියනවා. මෙවැනි චෝදනාවක් පිළිබඳව ප‍්‍රශ්න කළොත් එය සාමාන්‍ය සෙබලාගේ සිට ඔහුට අණ දුන් ඉහළ නිලධාරියා දක්වා එනවා. අවසානයේදී ආරක්‍ෂක ලේකම්වරයා, සේනාධිනායකයා දක්වා මේ ප‍්‍රශ්න කිරීම සිදු කෙරෙනවා. මේ විදිහට බොරු කියලා තමන් කරන අපරාධය බොරුවලින් වහන්න එපා.

‘ගැටුම් බහුල විනාශකාරී අනාගතයක්’

ඉන්දු – ලංකා ගිවිසුමෙන් මේ රටේ ස්වෛරීභාවයට සිදු වූ හානියට වඩා සියගුණයක හානියක් මේ විශේෂ අධිකරණය පිහිටුවීම මගින් සිදු වෙනවා. මෙමගින් මේ රටේ නීත්‍යනුකූල හමුදාව බිල්ලට දීම, රටේ ස්වෛරීභාවයට හානි සිදු කිරීම පමණක් නොවයි මේ රට ගැටුම් බහුල විනාශකාරී අනාගතයකට ඇදගෙන යාමක් සිදු වෙනවා. තවත් එක් සිරියාවක, ලිබියාවක, ඉරාකයක තත්ත්වයට මේ රට ඇදගෙන යාම මෙමගින් සිදු වෙනවා. එක් ත‍්‍රස්ත කල්ලි කිහිපයක ග‍්‍රහණයට මේ රට නතු වෙනවා.

 රටට ආදරය කරන හැම දෙනාගෙන්ම අපි ඉල්ලනවා, ‘ඔබ ඡන්දය දුන්නේ කවර පක්‍ෂයට වුවත් ඔබ ඡන්දය දුන්නු ඒ පක්‍ෂයේ මන්ත‍්‍රීවරයාට මේ විශේෂ අධිකරණය පිහිටුවීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන විට එකට පක්‍ෂව අත ඔසවන්න එපා! කියන බලපෑම කරන්න’ කියලා. ඒක තමයි මේ පාවාදීම වළක්වන්න තියෙන මග.
අපි ආණ්ඩුවට අභියෝග කරනවා ‘මේ ජාතික වැදගත්කමින් යුත් කාරණය ජනමත විචාරණයකට ලක් කරන්න’ කියලා. ‘ඇමෙරිකාවයි – ලංකාවයි එකතු වුණා. දැන් ඉතිං ප‍්‍රශ්නය විසඳුණා’ කියලා. බොරු කියන්න එපා! ‘මේ විශේෂ අධිකරණය පිහිටුවනවාද, නැද්ද?’ කියලා ජනතාවට තීරණය කරන්න ඉඩ දෙන්න කියලා අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා. එහෙම නැතිව ඇමති කටුවලට තමන්ගේ හෘදසාක්‍ෂිය පාවාදුන්නු මහජන නියෝජිතයන්ගේ අත් ඔසවා ගෙන මේ අපරාධය සිදු කරන්න එපා!’’

මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා

‘‘ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් අද ඇමෙරිකා එක්සත් ජනපදය සමග අත්වැල් බැඳගෙන ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින්ම ඉදිරිපත් කරනවා. මෙය බරපතළ පාවාදීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ විපතින් රට බේරා ගැනීමට අපි ඒකාබද්ධ විපක්‍ෂය ලෙස සූදානම් බව ජනතාවට කියන්නයි මේ මාධ්‍ය හමුව කැඳවූයේ. මීට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ 08ක නියෝජිතයන් එක්ව සිටිනවා. මේ මහා පාවාදීමට එරෙහිව සටන් වැදීමට අප සමග අත්වැල් බැඳ ගන්නා ලෙස රටට ආදරය කරන සියලූ ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.’’

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා

‘‘1815 උඩරට ගිවිසුමෙන් පසු මෙවැනි පාවාදීමේ ක‍්‍රියාවලියක් අප රටට පැමිණ නැහැ. 1815දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී උරැටියන්ගේ අයිතිවාසිකම් රැකෙන වගන්තිත් ඊට එකතුකර තිබුණා. මෙම ක‍්‍රියාවලිය ඊටත් වඩා බියකරු එකක්. අද ඇමෙරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට ආදරය දක්වන්න පටන් අරන්. ඒක ‘සතෙක් ගොදුරකට දක්වන ආදරයට සමානයි’’
මෙම මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විපක්‍ෂ කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්‍ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය වෙනුවෙන් රාජා කොල්ලූරේ, දේශවිමුක්ති ජනතා පක්‍ෂය වෙනුවෙන් එහි නායක පොඩි අප්පුහාමි යන මහත්වරුද අදහක් දැක්වූහ.



අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ.



තව කෙනෙකුට කියවන්න Share කරන්න

ජිනීවා වාර්තා ඇගට ගුණ පරිදි කල විකුර්තිය.


ජිනීවා වාර්තා ඇගට ගුණ පරිදි  කල විකුර්තිය.


 අද දිනය 1815න් පසු මෙරට සිදුවන 2015 මහා පාවාදීමේ දිනය වන බව පිවිතුරු හෙළ අරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ජිනීවා යුද අපරාධ යෝජනාවට එරෙහිව නාරාහේන්පිට අභයාරාමයේදී පැවති විපක්‍ෂයේ පක්ෂ අටේ මංගල මාධ්‍ය හමුවේ දී මන්ත‍්‍රීවරයා මෙසේ කියා සිටියේය.

“අද දිනය ජාතියේ ඉරනම තීරනය කෙරෙන අවාසනාවන්ත දිනයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. 1815 අපේ රටේ එවකට හිටපු අමාත්‍ය මණ්ඩලය හා රදලයින් අපේ රට පාවා දුන්නට වඩා මේ පාවාදීම භයානකයි. එදා අපේ රට පාවා දුන්නේ එංගලන්තයට විතරයි. මෙදා සමස්ථ ජ්‍යත්‍යන්තරය ඉදිරියේ රට පාවාදීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මෙය ආපසු හැරවිය නොහැකි වරදක් බවටයි පත්වන්නේ.

අපි දන්නව මේ ආණ්ඩුව තෙල් සංස්ථාව පුද්ගලීකරණය කලොත් අපිට ඇවිත් තමුන්නාන්සේලාට ප්‍රතිඥාවක් දෙන්න පුලුවන් අපේ ආණ්ඩුවකින් අපි මෙය ආපසු රජයට ගනන්වා කියල. නමුත් ජ්‍යාත්‍යාන්තර බැදීම් ආණ්ඩුවක් වෙනස්වූ පමනින් වෙනස්කරන්න බෑ.

එදා ඉන්දුලංකා ගිවිසුම අත්සන්කල අවස්ථාවෙ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පැවසුවා අපේ ආණ්ඩුවකින් මේ ගිවිසුම අවසන් කරනවා කියලා. නමුත් එය ඉටුකල නොහැකි වුනා. එනිසා හෙට ලංකාව සම සහභාගීත්වයෙන් ගෙන එන යෝජනාව සම්මත කරගතහොත් ශ්‍රී ලංකාවට යලි පිටමන් විය නොහැකි උගුලක වැටෙනවා කියන අනතුරු ඇගවීම අපි කරන්න ඕනෙ.

මේක එක්සත් ජාතික පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර ප්‍රෂ්නයක් නෙවෙයි. අපි ආණ්ඩුබලයක් ලබාගැනීම සදහා ආණ්ඩුව විවේචනය කරනවාද නෙවෙයි. මේ අමාරුවේ දමන්න හදන්නේ අපේ ආදරණීය මවුබිමයි. ඒ නිසා පාට පක්ෂ භේද පැත්තකින් තියල අපි එජාපයේ නායකයින්ට ආයාචනාකරනව අපි මේ කියන කරුනු වලට ඇහුන්කන් දෙන්න. මේ කරන්න යනදේ ගැන නැවත හින්න. නැතහොත් ඔවුන් ඉතිහාසයට එක්වන්නේ ද්‍රෝහීන් විදිහටයි.මේ වත්මන් ආණ්ඩුව රට පාවා දෙන්න යනව විතරක් නෙවෙයි මාධ්‍ය මෙහෙයුම් හා මාධ්‍ය සංදර්ශන හරහා ඇත්ත නැත්ත කරමින් ජනතාව නොතකා හරිමින් තියෙනවා.

අපි දැක්ක පෙරේදා ඇමරිකාව විසින ඉදිරිපත්කරනු ලබන කෙටුම්පත පුවත්පත් වාර්ථා කර තිබුනා. සමහර පුවත්පත් පරිවර්තනය කරද්දිම වැදගත් කරුණු යටපත් කරමින් තමයි පරිවර්තනය කර තිබුනේ. යම් බලපෑම් තිබෙන්න පුලුවන්. ඒ වගේම පුවත්පත් වලට දොස්කියන්න බෑ විදේශ කටයුතු අමාත්‍යන්ශය තම නිල වෙබ් අඩවියේ ඉංග්‍රීසි කෙටුම්පත හා එහි සිංහල පරිවර්තනය දමා තිබෙනවා. එහි අතිශයින්ම වැදගත් කාරණා සිතා මතාම විකෘති කර පලකොට තිබෙනවා රටේ ජනතාව නොමග ඇරීමේ අරමුනින්.

ලංකාවේ විශිෂ්ඨතම භාෂා පරිවර්තකයන් සිටිය යුත්තේ විදේශ අමාත්‍යන්ෂයටයි. ඒ නිසා පරිවර්තන දෝෂ පිළිබදව වගකීමෙන් මිදෙන්න විදේශ අමාත්‍යන්ෂයටය කිසිම හැකියාවක් නෑ. මෙම යෝජනාවේ 6වන ඡේදයේ



තව කෙනෙකුට කියවන්න Share කරන්න

රවී අත්සන් කරන මුදල් නෝට්ටු වලංගුද?

රවී අත්සන් කරන මුදල් නෝට්ටු වලංගුද ?


ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටු වල නිල අත්සන් තැබිය යුත්තේ මුදල් අමාත්‍යවරයාද නැතහොත් මහ බැංකුව අයත්වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ද යන්න පිලිබඳ නෛතික ගැටළුවක් ඇති වී ඇතැයි ඒ පිලිබඳ උනන්දුවක් දක්වන පාර්ශව පවසනවා. 

 මීට හේතු වී ඇත්තේ ඇමැතිවරුන්ගේ විෂය පථයන් තීන්දු කරන නව ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අයත්වන්නේ රවී කරුණානායක මහතා යටතේ ඇති මුදල් අමාත්‍යංශයට නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වීම නිසා ය. 

 රටක මුදල් කාසි සහ නෝට්ටු නිකුත් කරන්නේ ඒ රටේ මුදල් සංචිත පවත්වා ගන්නා ප්‍රධාන බැංකුව විසිනි. ලංකාවේ නම් මහ බැංකුවයි.. ලෝකයේ අන් සියළුම රටවල පාහේ එකී බැංකුව පවතින්නේ රටේ මුදල් භාර ඇමැතිවරයා හෝ මූල්‍ය ආණ්ඩුකාරයා හෝ මුදල් ලේකම්වරයා ආදී විවිධ තනතුරු නාම වලින් හැඳින්වෙන නමුත් මුදල් පිලිබඳ පාර්ලිමේන්තුවට හෙවත් ව්‍යවස්ථාදායකයට වගකියන පුද්ගලයකු යටතේ ය. 

 ඒ අනුව මුදල් නෝට්ටු වලට අත්සන් තබන්නේ රටේ මුදල් සංචිත පවත්වා ගන්නා බැංකුවේ ප්‍රධානියා සහ මුදල් පිලිබඳ ව්‍යවස්ථාදායකයට වග කියන පෙරකී පුද්ගලයකු විසිනි. විශේෂ තැන්හිදී පමණක් එක් අයෙකුගේ අත්සන පමණක් තැබෙන අවස්ථාද වේ. 

 ලංකාවේ මෙතෙක් කාලයක් මුදල් නෝට්ටු නිකුත් කරන මහ බැංකුව අයත් වූයේ මුදල් ඇමැතිවරයා යටතේ බැවින් මහ බැංකුවේ ප්‍රධානී වන මහ බැංකු අධිපති සහ මුදල් ඇමැතිවරයා මුදල් නෝට්ටු වල අත්සන් තැබුනු නමුත් දැන් මහ බැංකුව අයත් වන්නේ අගමැතිවරයාට ය. මහ බැංකු අධිපතිගේ අත්සන ගැන ගැටලුවක් නැත. ගැටළුව ඇත්තේ අනෙක් අත්සන පිලිබඳවය. රටේ මුදල් පිලිබඳව පාර්ලිමේන්තුවට වගකියන්නේ මුදල් ඇමැතිවරයා ය. නමුත් තමන්ගේ වගකීමක් නැති ආයතනයකින් නිකුත් කරන නෝට්ටුවකට මුදල් ඇමැතිට අත්සන් තැබිය හැකිද..? අත්සන් කළද එම නෝට්ටුව වලංගුද?


තව කෙනෙකුට කියවන්න Share කරන්න

lunedì 28 settembre 2015

කොටකෙතනේ තවත් කතක් කපා කොටා මරා දාල

කොටකෙතනේ තවත් කතක් කපා කොටා මරා දාල 


කහවත්ත, කොටකෙතන, ඕපාත ‍ප්‍රදේශයේ ‍වතුයායකදී කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.නොම්බර් දෙක නැමැති වතුයායේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 
48 හැවිරිදි දෙදරු මවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කාන්තාව ද්‍රවිඩ කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් කණ්ඩායමක් මේ වන විට ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බවයි වාර්තා වන්නේ.පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරයා විසින් ඊයේ  (28) පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබෙනු ඇතැයි වාර්තාවේ. කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේදී මීට පෙර ද කාන්තාවන් කිහිපදෙනෙකුම ඝාතනය කර තිබුණා.


කොටකෙතනේ තවත් කතක් කපා කොටා මරලා
කොටකෙතනේ තවත් කතක් කපා කොටා මරලා
තව කෙනෙකුට කියවන්න Share කරන්න

යුද අපරාධකාරයකු රටේ විපක්‍ෂනායක විම සහ සම්බන්ධන් විපක්‍ෂනායක නොවිය යුත්තේ ඇයි?


යුද අපරාධකාරයකු රටේ විපක්‍ෂනායක විම සහ සම්බන්ධන් විපක්‍ෂනායක නොවිය යුත්තේ ඇයි?





ටීඑන්.ඒ. පක්‍ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂනායක තනතුරට නුසුදුසු වන්නේ ඔහු දෙමළ වීම නිසා හෝ පටු ජාතිවාදියකු වීම නිසාද? නැත. කිසිසේත්ම නැත. එසේ නම් ඒ කුමන හේතු නිසාද?
පළමු හේතුව ඔහු බෙදුම්වාදියකු වීමය.
මෙවර මහ මැතිවරණයට සහ ඊට පෙර පළාත් සභා මැතිබරණයට ඔහුගේ පක්‍ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයෙන් තමා උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව පැහැදිලිව සඳහන් කොට ඇත. ඔහු ෆෙඩරල් පාලනයක් සහ ස්වයං පාලනයක් යන වචන එක විට පාවිච්චි කරන්නේ ඒ දෙක සමාන නිසා නොවේ. ෆෙඩරල් පාලනයක් යනු 13 වැනි ව්‍යවස්ථා සංශෝදධය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම මඟින් ඇතිවන තත්වයකි. ඔහු අදහස් කරන ස්වයං පාලනය නිත්‍යානුකූලව ලබාගන්නා තත්වයකි. ස්වයං පාලනයක් යනු වෙනම රටක් මිස අන් යමක් නොවේ.
ඔහු විපක්‍ෂනායක තනතුර බාර ගැනීමෙන් පසුව කළ කථාවේදීත් තමාට ඉන්දියාවේ මෙන් ෆෙඩරල් පාලනයක් අවශ්‍ය බව පැවසීය. එහෙත් ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍යය ස්වයං පාලන ඒකක ලෙස හැඳින්වෙන්නේ නැත. කෙසේවෙතත් සහ-සන්දීය රාජ්‍යයක් හෙවත් ෆෙඩරල් පාලනයක් ඉක්මවා යන බලතල සහිත ප‍්‍රාන්ත රාජ්‍යයක් ස්වයං පාලන ඒකකයක් ලෙස හැදින්විය හැකි බවට තර්ක කළ හැක. එහෙත් සහුසන්දීය රාජ්‍ය ව්‍යූහයක් අවශ්‍ය වන්නේ බෙදී වෙන්වී ඇති රටවල් ලිහිල් ලෙස එකට ගැසීමටය. එසේ කුමන තර්ක ඉදිරිපත් කළත් සම්බන්ධන් මහතා 2012 මැයි 25 දින මඩකලපුවේදී පැවැත්වූ තම පක්‍ෂ සමුළුවේදී කළ ප‍්‍රකාශයෙන් ඔහුගේ සැබෑ අරමුණ පැහැදිලි වේ. එහිදී ඔහු ඉතා පැහැදිලිව ප‍්‍රකාශකලේ තමා වෙනම රාජ්‍යයක් පිළිබඳ අරමුණ අත්හැර නොමැති බවය. ඔහු සඳහන් කළේ තමා ඊලාම් අරමුණ වෙනස් කොට නොමැති නමුත් ඊට ලඟාවන උපාය මාර්ගය වෙනස්කොට ඇති බවය.
උපාය මාර්ගික වෙනස් ලෙස ඔහු සඳහන් කළේ ආයුධ සන්නද්ධ යුද්ධය වෙනුවට අවිහිංසාවාදී හෙවත් ගාන්ධිවාදී මහජන වීදී සටන් ආදේශ කිරීමය. එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ එම මහජන සටන් වලට ප‍්‍රතිචාර දක්වා ශ‍්‍රී ලංකා රජය ස්වයං පාලනයක් ලබා නොදෙන්නේ නම් ජාත්‍යන්තරය මැදිහත් වී එය ලබාගැනීමට කටයුතු කළයුතු බවය. ඒ ආකාරයට ඉතා පැහැදිලිව ඉට බෙදීම අරමුණු කොට ගත් දේශපාලන ව්‍යාපාරයක නායකයකු විපක්‍ෂනායක කමට පත් කිරීම 06 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිපාදන උල්ලංගනය කිරීමකි. දැනටමත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ප‍්‍රමුඛ සංවිධාන කිහිපයක් ඊට අදාලව සම්බන්ධන් මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇත. එම නඩුව දැනට විභාග වෙමින් පවතී.
දෙවන හේතුව සම්බන්ධන් මහතා විසින් එසේ රට බෙදීමේ ක‍්‍රියාවලියට මැදිහත්වන්නැයි බාහිර ආක‍්‍රමණික පාර්ශව වලට ආරාධනා කිරීමය.
ඔහු ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා වන ආරාධනය නැවත නැවත සිදුකොට ඇත. ස්වාධීන ස්වයිරී රාජ්‍යයක් වන තම මවුබිමේ කොටසක් කඩා තමැට ස්වයං පාලනයක් ලබාදීමට ආක‍්‍රමණික මැදිහත්වීඹක් සිදුකරන ලෙස බාහිර සතුරු රාජ්‍ය විලින් ඉල්ලා සිටින ජාත්‍යන්තර ඔත්තුකරුවකු විපක්‍ෂනායක කමට සුදුසු වන්නේ කෙසේද? ඔහු උතුරු නැගෙනහිර ජනතාවගෙන් ජනවරම ලබාගන්නේ එවැනි බෙදුම්වාදී ආක‍්‍රමණයක් සාධාරණීකරනය කරමිනි. එම නිසා එම ජනවරමද විකෘතියකි.
තුන්වන හේතුව ඔහු තම මවු රටේ ආරක්‍ෂික හමුදාවට සහ සේනාධිනායකයාට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා සිටීමය.
එය රටේ ජාතික ආරක්‍ෂාව සහ ස්වාධීනත්වයට පාබාදෙන දේශ දෝහී ක‍්‍රියාවලි. එවැනි පුද්ගලයකුට රටේ විපක්‍ෂනායකකම දැරීමට සදාචාර අයිතියක් ඇත්ද? තම මවු රට ත‍්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාරයක ග‍්‍රහණයෙන් ගබවාගත් රාජ්‍ය නායකයින් සහ හමුදාව පාවාදෙන විපක්‍ෂනායකයින් සිටින්නේ කුමන රටේද?
හතරවන හේතුව ඔහු ප‍්‍රභාකරන් මිලේච්ඡ යුද්ධයට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වූ පුද්ගලයෙකු වීමය.
ඔහු වචනයකින් හෝ ඊට එරෙහි නොවූවා පමණක් නොව ප‍්‍රසිද්ධියේ ඔහු සමඟ ගනුදෙනු කළේය. ඔහු ප‍්‍රභාකරන්ගේ උපදෙස් අනුව ආයුධ සන්නද්ධ සටනට සමගාමීව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්බිමේ විශාල වැඩ කොටසක් ඉටුකළේය. ප්‍රභාකරන්ගේ මිලේච්ඡත්වය සාධාරණීකරනය කිරීමට ඔහු කටයුතු කළ අතර කිසිදු අවස්ථාවක ලමා සොල්දාදුවන් බඳවා ගැනීමට හෝ ලක්‍ෂ 03 ක ජනතාව ප‍්‍රාණ ඇපයට ගෙන වදබන්ධන දීමට විරුද්ධව වචනයක් හෝ ප‍්‍රකාශකොට නැත. එවැනි යුද අපරාධකාරයකු රටේ විපක්‍ෂනායක කමට සුදුසු වන්නේ කෙසේද?
පස්වැනි හේතුව ඔහු ප‍්‍රාදේශීය දේශපාලන නායකයකු වීම සහ උතුරු නැගෙනහිර ජනතාවගෙන් යම් කොටසක් පමණක් නියෝජනය කිරීමය.
ඊට අමතරව මහජන නියෝජිතයකු ලෙස ඔහුගේ ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුව තුළ දෙමළ ජානතාවගේ ප‍්‍රශ්න පිළිබඳව පමණක් කථාකල අයෙකි. ඔහු ජාතික මට්ටමේ සමාජ දේශපාලන සහ ආර්ථික ප‍්‍රශ්න පිළිබඳව ප‍්‍රභල නියෝජනයක් සිදුකොට නැති බව ප‍්‍රසිද්ධ කරුණකි. එසේ තිබේනම් ඔහුට පක්‍ෂව අදහස් දක්වන පිරිස් හැන්සාඞ් වාර්තා උපුටා දක්වා එම චෝදනාවෙන් ඔහු ගලවාගත යුතුය. එක් ජන කොටසක් සහ යම් භූගෝලීය ප‍්‍රදේශයක් පමණක් නියෝජනය කරන පුද්ගලයකුට විපක්‍ෂනායක ලෙස වර්තමාන ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශකල සමස්ථ ජනතාවගේ අපේක්‍ෂා නියෝජනය කළ හැකිද?
හයවැනි හේතුව සම්බන්ධන් මහතාට විපක්‍ෂයේ බහුතර නියෝජනයක් නොතිබීමය.
එදා 1978 දී අමිර්තලිංගම් මහතාට විපක්‍ෂනායකකම හිමවූයේ ඔහු ප‍්‍රධාන විපක්‍ෂය වීමට විභවය තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වඩා වැඩි ආසන ප‍්‍රමාණයක් ලබාගත් නිසාය. නමුත් අද ඔහු ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම විපක්‍ෂයේ සුළුතරයක් නියෝජනය කරන පක්‍ෂයක නායකයෙකි.
උතුරු නැගෙනහිර ජනගහණය පැතිරීම අනුව ආසන බෙදීයාමේ විකෘතිය නිසා සම්බන්ධන් මහතාගේ පක්‍ෂය ආසන 16 ක් ලබාගත්තත් ඡන්ද ප‍්‍රමාණය අනුව ඔවුනට ලබාගත හැකිවූයේ ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩු ඡන්ද ප‍්‍රමාණයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යම් මන්ත‍්‍රීවරුන් පිරිසක් ජාතික ආණ්ඩුවට සම්බන්ද වූවත් එහි බහුතරය වන මන්ත‍්‍රීවරුන් 56 ක් තමා විපක්‍ෂය ලෙස කටයුතු කරන බව ලිඛිතව ජනාධිපතිවරයාට හෙවත් සන්ධානයේ නායකයාට දන්වා ඇත. නමුත් සන්ධානයේ නායකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතා සන්ධාන ලේකම්වරයා මඟින් කථානායකවරයාට දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විපක්‍ෂනායකකම අපේක්‍ෂා නොකරන බවය. එම නීති විරෝධී සහ සදාචාර විරෝධී ක‍්‍රියාව මඟින් කථානායකවරයාට තාක්‍ෂණික ප‍්‍රශ්නයක් මතුවූවද ඔහුගේ තීන්දුව අපක්‍ෂපාතී නොවන බව සහ ප‍්‍රජාතන්නාවාදී නොවන බව ඉතා පැහැදිලිව පෙනේ.
කථානායකවරයා පමණක් නොව යහපාලනය ගැන කෑාමාර දුන් සියලු දෙනා මෙම යහපාලන විරෝධී සහ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පත්කිරීම පිළිබඳව ලැජ්ජා විය යුතුය. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් 47 ලක්‍ෂයක ජනතාව හෙවත් විපක්‍ෂයේ බහුතර ජනතාව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට තනතුරක් නැත. එම තත්වය තවත් නරක අතට හැරෙන්නේ සන්ධානයේ සුළු පක්‍ෂ නායකයින්ගේ පක්‍ස නායක තත්වයද පාර්ලිමේන්තුව තුල අහිමි කිරීම නිසාය. ඒවා පාර්ලිමේන්තුව තුල සැබෑ විපක්‍ෂයේ මතය යටපත් කිරීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ග බව පැහැදිලිව පෙනේ. කෙසේවෙතත් දන්ධානයේ නායකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තම ජනාධිපති බලතල යොදාගනිමින් සෙසු නායකත්වය යටපත් කොට බියගන්වා නීති විරෝධීව පත්කළ නව ලේකම්වරයාගේ ලිපිය අභියෝගයට ලක්නොවීම වරදකි. ඔහු තාවකාලිකව වැඩබැලීම සඳහා පත්කලා යන තර්කය යටතේ වුවත් ඔහුට නිල කටයුත්තකට බලය පාවිච්චි කල හැක්කේ ඔහුගේ පත්වීම සන්ධානයේ විධායක සභාව විසින් අනුමත කොට ඇත්නම් පමණී.
ඒ අනුව එක්පැත්තකින් කථානායකවරයා නීත්‍යානුකූල බලයක් නොමැති ලේකම්වරයකුගේ ලිපියක් අනුව 47 ලක්‍ෂයකගේ මතය යටපත් කොට ඇත. අනෙක්පැත්තෙන් ලිපියේ කරුණු වැරදි ලෙස අර්ථ දැක්වීම මඟින්ද බරපතල වරදක් සිදුකොට ඇත. එම ලිපිය මඟින් කියන්නේ සන්ධානයේ එක් පක්‍ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විපක්‍ෂනායක කම අපේක්‍ෂා නොරන බවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදාල පක්‍ෂ ව්‍යූහයන් තුළ මතය විමසා එවැනි තීන්දුවක් ගත්තාද නැද්ද යන්න වෙනම කාරණයකිත ඒ අනුව අනෙක් පක්‍ෂ නායකයින්ට තමා සමඟ බහුතර මන්ත‍්‍රීවරු පිරිසක් සිටිනවාද නැද්ද යන්න විමසා බැලීමේ අවම වගකීමක් කථානායකවරයාට ඇත. එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යම් මන්ත්‍රීවරුන් පිරිසක් තම පක්‍ෂයවිසින් ගත්තා යැයි කියන තීන්දුවක් නොසලකා සන්ධානයේ සෙසු පක්‍ෂ සමඟ එකතුව විපක්‍ෂයක් ලෙස පෙනීසිටීඹ අභියෝගයට ලක්කිරීමට කථානායකවරයාට බලයක් නැත. එහි හරිවැරැද්ද පක්‍ස විසින් සහ ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුකළ යුතුය.
ඒ සියලු කරුණු අනුව පෙනී යන්නේ විපක්‍ෂනායක පත්කිරීමේදී දැනුවත්ව සහ සැලසුම් සහගතව යහපාලනයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සියළු සළුපිළි උනාදමා නිර්වස්ත‍්‍රව තීන්දුගැනීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කථානායකවරයා එක්ව කටයුතු කොට ඇති බවය. ඒ මඟින් 47 ලක්‍ෂයක ඡන්ද අයිතිය සහිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උඳුරාගන්නවාට අමතරව මෙතෙක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පැවති අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ද මරාදමා ඇත. ඒ අතින් හිටපු කථානායකවරුන් වන වි.ජ.මු. ලොකුබණ්ඩාර සහ දමල් රාජපක්‍ෂ මහත්වරුන්ගේ සපත්තුවක් තරම්වත් නොවටිනා තත්වයට කරූ ජයසූරිය මහතා පත්වී ඇත. එසේවූවත් සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර යාපා, නිමල් සිරිපාල, වැන්නවුන් කළ මහා පාවාදීම සමඟ සසඳන විට කරූ ජයසූරිය මහතා ලැජ්ජා බිය ඇති මහත්මයකු ලෙස පිළිගැනීමට සිදුවේ. සුසිල්ලා ප‍්‍රමුඛ තම ඡුන්දදායකයා අමු අමුවේ පාවා දුන් දේශපාලකයින් නැවත ගමට යන්නේ කෙසේදැයි ඉදිරි කාලයේදී ඔවුනට ඡන්දය දුන් ජනතාව තීන්දු කරනු ඇත.
කෙසේවෙතත් අවසාන විග‍්‍රහයේදී 47 ලක්‍සයක් ජනතාව නියෝජනාය කරන දේශපාලන දන්ධානයට විපක්‍ෂනායකකම අහිමි වන්නේ ඒ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා කටයුතු කළ පාවා දෙන්නන් පිරිසක් නිසා බව පිළිගැනීමට සිදුවේ. සෙසු කාරණා අවශේෂ කාරණා ලෙසද පිළිගැනීමට සිදුවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය භාවිතාකළ ජනතාව කිසිඳු ආකාරයකින් ජාතික ආණ්ඩුවක් සඳහා ජනවරමක් ලබාදී නැත. මහින්ද රාජපක්‍ෂ මහතා එම ජනවරම ඉල්ලීමේදී කිසිසේත්ම ජාතික ආණ්ඩුවක් හැදීමට දායක නොවන බව ප‍්‍රකාශ කලේය. ඒ අනුව ජනවරමට පිටින් ජාතික ආණ්ඩුවක් හැදීමට දායක වූ සියළු දෙනා පාර්ලිමේන්තුව තුළ සිදුවෙමින් බවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී බලහත්කාරයට වගකිව යුතුය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර.

(උපුටා ගැනීම :- lanka news web )


මාදුළුවාවේ සෝභිත හිමිට හදිසි හදවත් සැත්කම් දෙකක් - දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර

මාදුළුවාවේ සෝභිත හිමිට හදිසි හදවත් සැත්කම් දෙකක් - දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර

 කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන්ව පෙරේදා දින (26) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලක දී හදවත් සැත්කම් දෙකකට භාජනය කර තිබේ. මෙහිදී උන්වහන්සේට බයිපාස් සැත්කමක් මෙන්ම හෘදය වස්තුවේ වම් කර්ණිකාවේ සිට වම් කෝෂිකාවට රුධිරය පරිවහනය කරන කපාටයේ සිදුව තිබූ අඩපණවීමක් යථා තත්ත්වයට පත් කිරීම පිණිස එම හෘද කපාටයේ සැත්කමක්ද සිදු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
හෘද රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත රාජ් මහතාගේ නිර්දේශය මත සෝභිත හිමියන් මෙම සැත්කමට භාජනය කර ඇත්තේ හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ අජිත් කරුණාරත්න මහතා විසින් වන අතර ඊට නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත මෙන්ඩිස් හා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහත්වරු ද ඊට සහාය වී ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැත්කමින් පසු ඊයේ (27) රාත්‍රිය වන විටත් සෝභිත හිමියන් එම රෝහ‍ලේ හෘද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


යහපාලකයන් නොදකින ,නොකියන ඇමරිකානු යෝජනාවේ නිරුවත මහින්ද කල්තියා දැක රටටම කියයි.



යහපාලකයන් නොදකින ,නොකියන ඇමරිකානු යෝජනාවේ නිරුවත මහින්ද කල්තියා දැක රටටම කියයි.

******************************************************


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ලංකාවට එරෙහිව දැනට සභාගත කොට තිබෙන අමෙරිකානු යෝජනාව ඡුන්ද විමසීමකට නොගොස් සම්මුතියෙන් පිළිගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇත. එවැනි තීරණයක් ඔවුන් ගනු ලැබුවේ, මෙකී යෝජනාව ලංකාවට වාසිදායක ආකාරයට සැර අඩු කොට තිබෙනවාය යන පදනම මතය.
මෙම යෝජනාව සභාගත කිරීමට පෙර පැවැති සාකච්ඡ වටයේදී ජිනීවා නුවර සිටින ශ‍්‍රී ලංකා තානාපතිවරයා මෙම යෝජනාවේ ඊනියා යුධ අපරාධ පිළිබඳ වැඩියෙන් අවධාරණය නොකොට ලංකාවේ නව ආණ්ඩුව ගැන සානුකම්පිතව සිතා ඔවුන්ගේ ප‍්‍රවේශය වෙනස් කරගන්නැයි ඉල්ලා සිටියද යෝජනාවට මුල පිරූ අමෙරිකාව ඇතුළු රටවල් ඒ ඉල්ලීමට සවන් දී ඇති බවක් පෙනෙන්නට නැත. සභාගතව ඇති මෙම යෝජනාවේ ක‍්‍රයාන්විත ඡේද පිළිබඳ බරපතළ ප‍්‍රශ්න තිබෙන අතර, ඉන් කිහිපයක් පමණක් මෙහිදී ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.
ක‍්‍රියාන්විත ඡේදය අංක 01 – මෙම යෝජනාවේ පළමු ක‍්‍රියාන්විත ඡේදයන් ඉල්ලා සිටින්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ලංකාව පිළිබඳ මෑතක දී නිකුත් කරන ලද වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතු බවයි. එපමණක් ද නොව, මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාවේ වඩාත්ම මතභේදයට තුඩුදෙන සියලූම නිර්දේශ අමෙරිකානු යෝජනාවේ ක‍්‍රියාන්විත ඡේද ලෙස පහත දැක්වෙන ආකාරයට ඇතුළත් කොට තිබේ.
ක‍්‍රියාන්විත ඡේදයය අංක 04 – මෙම ඡේදයට අනුව ‘යටගියාව’ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට බිහිකරන යාන්ත‍්‍රණයට විදේශීය රටවලින් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා ගැනීමට ඉඩ දිය යුතුය. මෙමඟින් සිදුවන්නේ මේ ඇති කරන නව යාන්ත‍්‍රණයේ වැදගත් අධිකරණමය සහ වෙනත් ආයතනවල සේවකයන්ගේ වැටුප් පවා විදේශ බලවතුන් විසින් ගෙවන තත්වයක් ඇති වීමයි.
ක‍්‍රියාන්විත ඡේදය අංක 06 – මෙම ඡේදයට අනුව ආණ්ඩුව විසින් ඊනියා යුද අපරාධ විමර්ශනය කිරීමට අධිකරණමය යාන්ත‍්‍රණයක් පිහිටුවිය යුතු අතර, මෙයට විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් සහ නීතිඥයන් සහභාගි කර ගත යුතු වේ. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව යටතේ ඇති කරගන්නේ හුදෙක්ම දේශීය යාන්ත‍්‍රණයක් යැයි ආණ්ඩුව ගෙන යන ප‍්‍රචාරය එයින් බොරුවක් බවට පත්වේ.
ක‍්‍රියාන්විත ඡේදය අංක 08 – මෙම ෙඡ්දයට අනුව මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි සැකයක් තිබෙන ආරක්ෂක හමුදා සාමාජිකයන් උසාවියට ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි නොතිබුණත්, පරිපාලනමය ක‍්‍රියාදාමයකින් ආරක්ෂක හමුදාවලින් ඉවත් කළ යුතු වේ.
මෙකී යෝජනාව ලංකාවට වාසිදායක ආකාරයට ‘සැර අඩු කොට’ ඇතැයි ප‍්‍රචාරය කිරීම තුළින් ආණ්ඩුව විසින්ම අප රට තුළ ජනිත කර තිබෙන අදහසට හාත්පසින්ම විරුද්ධ දිශාවකට ඉහත සඳහන් ක‍්‍රියාන්විත ඡේදයන් යන බව පැහැදිලිය. ආණ්ඩුව මෙම යෝජනා සම්මුතිවාදීව පිළිගෙන එය මානව හිමිකම් කවුන්සිලය තුළ ඒකඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ශ‍්‍රී ලංකාවට හානිකර මෙවන් නිර්දේශ ඉවත් කර, එම යෝජනාව ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ අපේක්ෂාවන්ට අනුව හැඩගැසිය යුතුය.

මහින්ද රාජපක්ෂ (පා.ම)
හිටපු ජනාධිපති.


domenica 27 settembre 2015

දුම්රියට බිලි වූ රූමතියගේ කඳුළු කතාව [PHOTOS]

දුම්රියට බිලි වූ රූමතියගේ කඳුළු කතාව [PHOTOS]


 පිටකොටුව දුම්රිය ස්ථානයෙන් පසුගිය දා වාර්තා වූ මෙම සිදුවීම ඉතා සංවේදී එකකි.
රූමත් තරුණියක දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ඇයට නොසිතූ ලෙස මෙලො ව හැර යාමට සිදු විය. එය දැක බලා ගැනීමට අදාල ස්ථානයට විශාල ජන ගඟක් ඇදුනහ. ඒ අතර දුම්රිය තුළ සිටි පුද්ලයෙක් ද ඒ ස්ථානයට පැමිණියේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කව්රුන් ද යන්න දැක බලා ගැනීමට ය.
ඔහුගේ දෙපා වෙව්ලන්නට විය. උගුර කට වේලී ගොස් දුටු දේ අදහා ගැනීමට නොහැකි ව ඔහු නැවත වරක් ඒ සිටින්නේ ඇයම දැයි සැක හැර දැන ගැනීම‍ට තවත් වරක් බැලුවේ ය. එවර ද ඔහු නිවැරදි ය. ඒ මරණයට පත් ව සිටියේ අන් කිසිවෙකු නොවේ. තම එක ම දියණියයි.
රාගම ඇටකොරස පාර, 362/C නිවසේ පදිංචි ව සිටි ශෙරීන් ලොරේටා නමැති 25 හැවිරිදි එම පවුලේ එක ම දියණිය වූ රූමත් තරුණියක් එලෙස මරණයට පත් විය. 
ඇය සේවය නිමවා නැවත නිවසට පැමිණෙන විට දී ඇය නොසිතූ ලෙස මෙලොව හැර යාමට සිදු විය. මව්පියන්ගේ දෙපා නැමද ඉකුත් 21 වැනි දා එදින පෙරවරුවේ නිවසින් පිට ව ගියේ නැවත නොඑන්නට යැයි ඇය හෝ දෙමව්පියන් ද සිහිනෙන්වත් සිතුවේ නැත.
ඇයගේ ඡායාරූප පහතින් නරඹන්න.







දුම්රියට බිලි වූ රූමතියගේ කඳුළු කතාව



දුම්රියට බිලි වූ රූමතියගේ කඳුළු කතාව 


 පිටකොටුව දුම්රිය ස්ථානයෙන් පසුගිය දා වාර්තා වූ මෙම සිදුවීම ඉතා සංවේදී එකකි.

රූමත් තරුණියක දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ඇයට නොසිතූ ලෙස මෙලො ව හැර යාමට සිදු විය. එය දැක බලා ගැනීමට අදාල ස්ථානයට විශාල ජන ගඟක් ඇදුනහ. ඒ අතර දුම්රිය තුළ සිටි පුද්ලයෙක් ද ඒ ස්ථානයට පැමිණියේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කව්රුන් ද යන්න දැක බලා ගැනීමට ය.

ඔහුගේ දෙපා වෙව්ලන්නට විය. උගුර කට වේලී ගොස් දුටු දේ අදහා ගැනීමට නොහැකි ව ඔහු නැවත වරක් ඒ සිටින්නේ ඇයම දැයි සැක හැර දැන ගැනීම‍ට තවත් වරක් බැලුවේ ය. එවර ද ඔහු නිවැරදි ය. ඒ මරණයට පත් ව සිටියේ අන් කිසිවෙකු නොවේ. තම එක ම දියණියයි.

රාගම ඇටකොරස පාර, 362/C නිවසේ පදිංචි ව සිටි ශෙරීන් ලොරේටා නමැති 25 හැවිරිදි එම පවුලේ එක ම දියණිය වූ රූමත් තරුණියක් එලෙස මරණයට පත් විය. 

ඇය සේවය නිමවා නැවත නිවසට පැමිණෙන විට දී ඇය නොසිතූ ලෙස මෙලොව හැර යාමට සිදු විය. මව්පියන්ගේ දෙපා නැමද ඉකුත් 21 වැනි දා එදින පෙරවරුවේ නිවසින් පිට ව ගියේ නැවත නොඑන්නට යැයි ඇය හෝ දෙමව්පියන් ද සිහිනෙන්වත් සිතුවේ නැත.

ඇයගේ ඡායාරූප පහතින් නරඹන්න.







සිරාගේ මල්ලි “ඩඩ්ලි” කොළඹ සිරා හොටලයක් ගනී -මෙන්න යහපාලනය



සිරාගේ මල්ලි “ඩඩ්ලි” කොළඹ සිරා හොටලයක් ගනී -මෙන්න යහපාලනය




පසුගිය ජනාධිපතිවරණ සමයේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් භිය ගන්වා ඔහුන්ගෙන් බලහත්කාරයෙන් එකතුකරගත් කෝටි ගණන් මුදල්වලින් මෛත්‍රීපාල සිරිසේනයන්ගේ සොහොයුරෙකු වන හාල් මාෆියාවේ පියා වන ඩඩ්ලි සිරිසේන හොර රහසේම කොළඹ නවීන තම සංචාරක හෝටලයක් මිලයට ගෙන පවත්වාගෙන යන බව අනාවරණය වි තිබේ.
ඩඩ්ලි සිරිසේන මුල සිටම ව්‍යාපාරික ක්ෂේත්‍ර යේ නම ගිය තැනැත්තෙකු වන අතර ඔහුගේ මුදල් ඉපයීම සම්බන්ධයෙන්ද විවිධ චෝදනාවන් එල්ල වෙමින් පැවතුනි. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ සොහොයුරා බව පවසමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කිරීම මේ වනවිට ඔහු විසින් සිදුකරමින් පවතින බවත් එම ගණුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස අදාළ හෝටලය මිලදී ගැනීම සිදුකොට ඇති බවද වාර්තාවේ.

“පසුගිය කාලේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ඔඩොක්කුවේ හිටියේ. ඒ ඉන්නකොට මම හොඳ ව්‍යාපාරිකයෙක්. හොඳම සහල් නිෂ්පාදකයා. මම ආණ්ඩුවේ කැබිනට් එකේ නොසිටියාට කැබිනට් ඇමතිවරයෙකුට වඩා වැඩි දෙයක් මට කරන්න පුළුවන්කම තිබුණා.මගේ සහෝදරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් වෙලා හිටියට මම ආණ්ඩුවෙන් කරගත්තු කිසිම දෙයක් නෑ. නමුත් ආණ්ඩුව අද මට ණයයි.”
ඔන්න ඔහොම කිය කිය හිටපු ඩඩ්ලි සිරිසේන දැන් මෛත්‍රී ආණ්ඩුවේ ඉහල තනතුරු සදහා පුද්ගලයන් පත්කිරිම සදහා කෝටි ගණනින් මුදල් සහ තවත් විවිධ වරප්‍රසාද ලබා ගන්නා බව අනාවරණය වි තිබේ.

දේශයේ මුර දේවතා එළි නිවී යන්නට ආසන්නයි.....

දේශයේ මුර දේවතා එළි නිවී යන්නට ආසන්නයි.....





වන්නි සටනේ යුධ සෙන්පතියන්ගේ නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවේ සඳහන් වෙයි. අපි මේවා ආවට ගියාට කියනවා නොවේ,. මෙන්න වෙබ් අඩවි වලින්.

Among the military top brass involved in the final phase of the war in the Wanni who have been named in the OISL report are former army commander Gen.Jagath Jayasuriya who served as Security Forces Headquarters commander in overall charge of the Wanni region in the last phase of the conflict. Others so named and the ranks they held during the war’s final phase include Major General Kamal Gunaratne, Brigadier Prasanna Silva, Major General Jagath Dias, Brigadier Shavendra Silva, Brigadier Nandana Udawatta , Brigadier Chagie Gallage, Brigadier Priyantha Napagoda, Colonel Athula Kodippily Brigadier Rohana Bandara , Brigadier Sathyapriya Liyanage , Colonel Nishantha Wanniarachchi and Colonel G.V. Ravipriya http://dbsjeyaraj.com/dbsj/archives/43164

පහත දැක්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවේ එම තොරතුරු අඩංගු වෙයි.
http://www.ohchr.org/EN/HRBodies/HRC/RegularSessions/Session30/Documents/A_HRC_30_CRP_2.docx

ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එල්ල කරන ව්‍යාජ යුධ අපරාධ චෝදනාව.

වතාවක් කියනවා සැටලයිට් පින්තූර වලින් පෙනුනෙ කොටි ස්ථාන වලට ශෙල් වැටුන හැටිලු. ඊළඟට කියනවා පුදුමාතලන් රෝහලේ හිටියේ සිවිල් වැසියොලු.


පේනවානෙ මානව හිමිකම් කාරයින් අතේ පැලවෙන බොරු කියල අපේ රණවිරුවන්ව පෝරකයට ගෙනියන හැටි. පහත එ.ජ. මානව හිමිකම් වාර්තාවේ 169 පිටුවෙයි මේක තියෙන්නෙ.

http://www.ohchr.org/.../Documents/A_HRC_30_CRP_2.docx
Visualizza traduzione



(උපුටා ගැනීම :- sinhala buddhist )





"කැපුවේ වෙඩි කන්න බලාගෙන" - අධිවේගී මගේ පීත්ත පටිය කැපූ කාන්තාවන් කතාව


"කැපුවේ වෙඩි කන්න බලාගෙන" - අධිවේගී 

මගේ පීත්ත පටිය කැපූ කාන්තාවන් කතාව


ඉකුත් 17 වැනිදා අධිවේගී මාර්ගයේ 'කඩවත - කඩුවෙල'කොටස ජනතා 

අයිතියට පැවරෙන මොහොතේ පීත්ත පටිය කැපීම පිණිස පැමිණි 

කාන්තාවන් දෙදෙනා ඔබට මතක ඇති.


ඔවුන් එම සිදුවීම සම්බන්ධයෙන් පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් ඔබේ තොරතුරු දන ගැනීම පිණිස පහතින් දැක්වෙනවා.

මුළු රටකම අවධානය දිනාගත් එම ක්‍රියාව සිදුකළ කාන්තාව කව්ද? අපි ඇය සොයා කඩවත මහර-නුගේගොඩ ප්‍රදේශයට ගියෙමු. සාමාන්‍ය මධ්‍යම පංතියේ සංකේතයක්‌ වන්, බිම් මහලේ වැඩ තරමකට අවසන් කළ, උඩු මහලේ වැඩ අවසන් කිරීම 'දින නියමක්‌ නොමැතිව කල්ගිය' ආකාරයේ නිවසකි. නිවසේ උළුඅස්‌සෙන් හිස ඇතුළත යොමත්ම පෙනෙනුයේ උඩුමහලට නගින පියගැටපෙලේ අවසානයට මදක්‌ ඈතින් තැබූ මහින්ද රාජපක්‍ෂයන්ගේ රුව රැගත් අඩි පහ හයක්‌ උස 'කටවුට්‌' එකකි. නිවසේ සෑම අතම පාහේ මහින්ද රාජපක්‍ෂ හෝ ශ්‍රී ලංකා නිදහස්‌ සන්ධාන ලකුණු තිබුණි. වෙනකක්‌ තබා නිවසේ ඇති බිත්ති ඔරලෝසුවේද මහින්ද රාජපක්‍ෂ රූපය විය. අධිවේගයේ සිදුවීම අමුත්තක්‌ හෝ පුදුමයක්‌ නොවන බව මේ පළමු දැක්‌මෙන්ම අපට වැටහුණි. ඒ නිවස සහමුලින්ම මහින්දවාදී බලකොටුවක්‌ මෙනි. මෙවැනි තැනකින් එවැනි ප්‍රතිචාරයක්‌ බලාපොරොත්තු නොවුණා නම් එය පුදුමය.


අප යන විටද ඇය හා කථාකිරීමට පැමිණි කිහිප දෙනෙක්‌ එහි වූහ. සුමනා ජයසූරිය නම් ඇගේ මුහුණේ ඉරියව් තුළ තිබුණේද ජයග්‍රාහී බවකි. ඇගේ හඬද ජව සම්පන්න විය. ඇය අප සමග අදහස්‌ දැක්‌වූයේ තමන් 'ජාතික යුතුකමක්‌' ඉටුකළේය යන හැඟීමකිනි.
තමන්ට මෙවන් දෙයක්‌ කිරීමට හිතක්‌ පහළවූයේ කෙසේදැයි ඇය අපට කීවේ මෙසේය.

'අපිට ජන්දෙ දෙන්න වයස සම්පූර්ණ වුණු දවසේ ඉඳලම අපි පක්‍ෂය වෙනුවෙන් වැඩ කරපු අය. අපිට අපේ ජනාධිපතිතුමා (ඇය හැම විටම 'අපේ ජනාධිපතිතුමා' යන වචනයෙන් හැඳින්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතාවය.) මේ රටට කරපු වැඩ ගැන ලොකු ගෞරවයක්‌ තිබුණා. ඇත්තටම අපේ ජනාධිපතිතුමා නේ මේ පාරත් හැදුවේ කියන හැඟීම මට තිබුණා. ඒත් මේ පාර විවෘත කරන්න දින දෙක තුනකට කලින් මට ඇහුණා අහවල්ලු තමයි විවෘත කිරීමට එන්නේ කියලා. අපේ රණවිරුන්ට අපහාස කරපු, පාරවල් කන්නද කියල අහපු අය, අපේ ජනාධිපතිතුමා බේරලා දුන්නු රටේ, එතුමා ඇතිකරපු සංවර්ධනයෙන් බැබලෙන්න එනවා කියලා හිතද්දි මට ලොකු තරහක්‌ ආවා.
මම හිතුවා එහෙම කෙනෙක්‌ට ඒ අවස්‌ථාව දෙන්නේ නැතිව අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් මම ඒ දේ කරනවා කියලා. එහෙම හිතලා තමයි මගේ යාළුවා පුෂ්පාට කථා කළේ අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් අපි එතැන බෝඩ් එකක්‌ පෙන්නමු කියලා. පුෂ්පත් අපේ ජනාධිපතිතුමාට පුදුම ආදරය තියෙන කෙනෙක්‌. කව්රුහරි අපේ ජනාධිපතිතුමාට බැන්නත් එයා හරියට දුක්‌වෙන කෙනෙක්‌. නමුත් මම පීත්ත පටිය කපන්න හිතන් ඉන්නවා කියන කථාව එයාටවත් මම කිව්වේ නැහැ. අඩුම ගාණේ ගෙදර කෙනෙක්‌වත් දන්නේ නැහැ මම මෙහෙම දෙයක්‌ කරන්න යන වග '

ඇය මේ සඳහා සූදානම් වූ ආකාරයද මෙසේ පැවසුවාය.

'මම සාරි වැඩ දමන චූටි කතුරක්‌ අරගෙන ඒකෙ රිබන් එකක්‌ ගැටහල සූදානම් කරගෙන හෑන්ඩ් බෑග් එකට දාගත්තා. ලොකු කතුරක්‌ ගත්තේ නැත්තේ හදිසියේවත් අපි එතැනට යද්දී චෙක්‌ කරලා ඒ වගේ කතුරක්‌ අහුවුණොත් හිතන්න පුළුවන් අපි කෙනකුට අනින්න ආවාවත්ද කියලා. ඇත්තටම කිසිකෙනෙකුට නියපිටකින්වත් එහෙම හානියක්‌ කරන ෙච්තනාවක්‌ අපිට තිබුණේ නැහැනේ. ඒ නිසා අනවශ්‍ය චෝදනාවක්‌ අහන්න මට වුවමනා වුණේ නැහැ'

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා කිසිදු ආරාධනාවක්‌ ලබා නොසිටි ඔවුන් දෙදෙනා විශේෂ අමුත්තන් සමීපයටම යැමට අවස්‌ථාව සලසාගන්නේ කෙසේද? ගැහැනුන්ගේ නුවන හැඳි මිටේ යෑයි කීවේ කුමන මෝඩයෙක්‌දැයි හැඟුනේ ඒ 'ක්‍රියාන්විතය' ඇගේ වචනයෙන්ම මා ඇසූ විටය.

'අපි එතැනට යනකොට දුර තියා පාර වහලා තිබුණේ. ආරාධනා තිබුණු අයට විතරයි එතැනින් ඇතුළට යන්න ලැබුණේ. අපි එතැන ඉඳලා අපේ ඇමැතිතුමාට කථා කළා (අපේ ඇමතිතුමා යනු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ජන්දය ඉල්ලා පසුව ජාතික ආණ්‌ඩුවට එකතු වූවෙකි) අපිට මෙතැනින් එහාට එන්න විදිහක්‌ නෑ කියලා මම ඇමැතිතුමාට කිව්වා. එතකොට ඇමැතිතුමා මට කිව්වා ඇවිත් වැඩක්‌ නැහැ සුමනා, මෙතන ලොකු උත්සවයක්‌ නැහැ. පීත්ත පටියක්‌ කපන එකක්‌ විතරයි තියෙන්නේ කියලා. එතකොට මට තේරුණා ඒ ක්‍රමයට ඇතුළට යන්න බැරිවෙනවා කියලා. පස්‌සේ අපි දෙන්නා කොහොමහරි එතැනට යනවා කියලා හිතාගෙන අධිවේගි පාරට සම්බන්ධවෙන පාරෙ පල්ලමෙන් ඒ පැත්තට ගියා. මඩ වළවල්වල බැහැලා, කාණු දිගේ ගිහින් පාරෙ මැදක්‌ දුරට යනකම් ගියා.

ගිහින් අධිවේගෙ ප්‍රවේශ මාර්ගයට ගොඩවෙන්න නැග්ගා. පාර තියෙන්නේ සෑහෙන උසකින්. ඒ බෑවුමේ ගල් අතුරලා ඊට උඩින් කම්බි දැලක්‌ අතුරලා තිබුණා. අපි දෙන්නා මකුළුවෝ වගේ ඒකෙ බඩගාගෙන නැග්ගා. වෙලාවකට බෑවුමට රූටලා යනවා වගේ. ඒත් අපි අමාරුවෙන් උඩටම නැග්ගා. දැන් අපිට තියෙන්නේ පාරෙ අයිනෙ තියෙන යකඩ වැට පැනගන්න එක. අපි ඒක පනින්න බලනකොට ටී-ෂර්ට්‌ ඇඳගත්ත දෙන්නෙක්‌ එතැන ඉඳලා අපෙන් ඇහුවා මේ කොහෙන්ද පනින්නේ කියලා. අපි කිව්වා අපේ ගෙවල් ඒ පල්ලෙහා තියෙන්නේ. පාරට ඇවිත් උත්සවේ තියෙන තැනට එන්න ගියොත් ලොකු වටයක්‌.

ඒක නිසයි මෙතැනින් නැගගත්තේ කියලා. කොහොමහරි අපි දෙන්නා වැටෙන් පැනලා පාර දිගේ කිසිම අමුත්තක්‌ නැතිව උත්සවය තිබෙන තැනට ගියා. පාර දිගේ අපි ආපු නිසා ඒ හැම කෙනෙකුටම හිතෙන්නේ අපිත් ආරාධනා ඇතිව ආපු අය කියලා. ඒ විතරක්‌ නෙමෙයි අපි කට්‌ටිය ඉන්න තැන කථා කළෙත් ඇමැතිවරයෙක්‌ගේ ආරාධනාවක්‌ පිට ආපු අය ගාණටයි. කව්රුවත් අපිව සැක කළේ නැහැ'
ඇය එතැනට ආ විගස පීත්ත පටිය කැපුවේ නැත. කල්යල් බලා සිට ඇය සිදුකළේ කුමක්‌ද?
'මට ඕනැවුණේ මේ මැති ඇමැතිවරු ඔක්‌කොටම පේන්න මේක කපන්නයි. අපි ඇපවෙලා අරන් දුන්නු අපේ පාක්‍ෂිකයන්ගේ ජන්දෙ අරගෙන දැන් ජාතික ආණ්‌ඩුවලට හේත්තුවෙලා ඉන්න අපේ ඇමැතිතුමන්ලටත් මේ වෙලාවෙම කියන්න ඕනෙ දේ කියන්න මම හිතාගත්තා. ලොක්‌කො කට්‌ටිය පීත්ත පටියට ඔහොම මෙහෙම කියලා ළංවෙනකම් බලා ඉඳලා මම දූ...වලා ඇවිත් මගේ කතුරෙන් පීත්ත පටිය කැපුවා. කපලා මම කෑගහලා කිව්වා 'ඔන්න අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් මම පාර විවෘත කළා. දැන් ඕන කෙනෙක්‌ යන්න' කියලා.

ඒ විතරක්‌ නෙමෙයි අපේ ජන්දවලින් ජාතික ආණ්‌ඩු හදපු ඇමැතිවරුන්ටත් බැන්නා. ටික වෙලාවක්‌ යනකං කට්‌ටියට හිතාගන්න බැරිව බලන් හිටියා මේ මොකද වෙන්නේ කියලා. අපි බෑග්වල හංගගෙන ගියපු අපේ ජනාධිපතිතුමාගේ පෝස්‌ටර් පෙන්නලා 'අපේ ජනාධිපතිතුමාට ජයවේවා' කියලා කෑගැහුවා. පස්‌සෙ පොලිසියෙන් අපිව අරගෙන ගියා. මම පුෂ්පා නංගිට කිව්වා ඔයා මොකුත් වැරැද්දක්‌ කළේ නැහැනේ ඔයා ගෙදර යන්න කියලා. ඒත් පුෂ්පා කිව්වා සුමන අක්‌කව තනිකරලා මම යන්නේ නැහැ කියලා'
ඇත්තටම ඇය ඒ දේ කළේ ඉනික්‌බිතිව ඇතිවිය හැකි ආන්තරාවන් ගැන කිසිවක්‌ නොසිතාද?

'මට අවශ්‍ය වුණේ අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් ඒ දේ කරන්න විතරයි. මම හිතුවා මම ඉස්‌සරහට පැනලා පීත්ත පටිය කපද්දි අනිවාර්යයෙන්ම මට වෙඩි තියයි කියලා. මම එදා ගෙදරින් ගියේ ආපහු ගෙදර එන්න බලාගෙන නෙමෙයි. මම එදා ගෙදරින් එනකොට ගෙදර කව්රුවත් හිටියේ නැහැ. මම ගේ වහලා යතුර අරගෙන ආවේ නැහැ. යතුර එළියෙ තියලයි ගියේ. ඒ ගියේ සමහරවිට පණපිටින් හරි නැතිනම් ගොඩක්‌ කාලයකට හරි ගෙදර එන්න බැරිවෙයි කියලා හිතාගෙනයි'
පොලිසියට රැගෙන ගිය පසු හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඇයට දුරකථන ඇමතුමක්‌ ලැබෙන්නේ මෙසේය.

'මෙහෙම දෙයක්‌ වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබුණු හැටියේ අපේ මහ ඇමැතිතුමා (බස්‌නාහිර පළාත් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග) කියලා තියෙනවා කවුරු වුණත් අපේ පාක්‍ෂිකයෙක්‌ නේ මේක කරන්න ඇත්තේ කව්ද කියලා හොයන්න කියලා. ඒ වෙලාවෙ පොලිසියට ඇවිත් හිටිය මම දන්න කෙනෙක්‌ තව කෙනෙකුට පණිවඩුය කියලා ඒ හරහා මහ ඇමැතිතුමාට දැනගන්න ලැබිලා තිබෙනවා මේ මමය කියලා. අනේ ඒ වෙලාවෙම මහ ඇමැතිතුමයි, සිසිර ජයකොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමයි සහන් ප්‍රදීප් පළාත් සභා මන්ත්‍රීතුමයි ඔක්‌කොම පොලිසියට ආවා.

ඒ අය රෑ එක වෙනකම් පොලිසියේ මිදුලේ හිටියා අපි හින්දා. ඔය අතරේ මහ ඇමැතිතුමා ආපු ගමන්ම වගේ අපේ ජනාධිපතිතුමාට කෝල් එකක්‌ අරගෙන මට දුන්නා. අපේ ජනාධිපතිතුමා මට ඒ වෙලාවේ කිව්වා 'අනේ ඇයි අපි වෙනුවෙන් මේ වගේ කරදර ඇතිකරගන්නේ' කියලා. ඒ වෙලාවෙ මම කිව්වා අපි ඔබතුමා වෙනුවෙන් හිර හතක යන්න වුණත් ලැහැස්‌තියි කියලා'

පොලිසියේ ගෙවුණු ඒ රැයේ ඇය බොහෝ ප්‍රශ්න කිරීම්වලට ලක්‌විය.
'මම හිතපු, කරපු හැමදේම ඒ අයට කිව්වා. දැන් මහත්තයාලට මේ කිව්වා වගේ. අපිත් ඔය පාරවල් වෙනුවෙන් බදුවලින් සල්ලි දීලා තියෙනවා. එහෙමනම් ඇයි අපට බැරිද මහත්තයා එහෙම පාරක්‌ විවෘත කරන්න. මම මගෙන් ප්‍රශ්න කරපු පොලිසියේ ලොක්‌කන්ගෙන් ඒ ටික අහනකොට ඒ අයට කියන්න දෙයක්‌ තිබුණේ නැහැ'
මෙම සිදුවීමෙන් පසු තමන්ට නොසිතූ තරමේ සහයක්‌ ප්‍රතිචාරයක්‌ ලැබුණු බව සුමනා පවසන්නීය.
'මම වෙනුවෙන් නීතිඥවරු 15 දෙනෙක්‌ එදා නොමිලේ පෙනී සිටියා. මට ඇප ලැබුණා. මීළඟ නඩු වාරයට තවත් නීතිඥවරු නොමිලේ පෙනී සිටිනවා කියලා මට පණිවුඩ එවලා තියෙනවා. මාව බලන්න ඈත දිහාවල්වල ඉඳන් කට්‌ටිය වාහන අරගෙන ආවා. මම එනකොට මගෙ ගමේ අය රතිඤ්ඤා දාලා මාව පිළිගත්තා. අපේ ජනාධිපතිතුමා කෝල් කරලා කිව්වා මාව බලන්න ළඟදීම අපේ ගෙදර එනවා කියලා...'

මම අවසානයේ කඩවෙනි ප්‍රශ්නය ඇසුවෙමි.

'ඒ කියන්නේ මේ තරම් කල් අනිත් අයට ජන්ද ඉල්ලලා දෙන්න මහන්සිවුණු සුමන අක්‌කා ඊළඟ ජන්දෙදි තමන් වෙනුවෙන්ම ජන්දෙ ඉල්ලයිද....?

'අපෝ කවදාවත් නැහැ මහත්තයා. මට දැනටමත් ඒ වගේ ආරාධනා තිබෙනවා. ඒත් මම එහෙම තැනකට එන්නේ නැහැ. මම එහෙම අරමුණු ඇතිව නෙමෙයි මේ දේ කළේ. අපේ පක්‍ෂයට, අපේ ජනාධිපතිතුමාට තිබුණු ආදරයටමයි. ඒත් මම එක තීරණයක්‌ අරගෙන තියෙනවා. දැන් ඉන්න නායක නායිකාවො පක්‍ෂයේ ඉන්නතුරාවට මම නම් ආයෙ අපේ පක්‍ෂය වෙනුවෙන් කතිරයක්‌ ගහන්නේ නෑ' සුමනා අක්‌කාට වචනයෙන් පිටකරගත නොහැකි තවත් බොහෝ දේ ඇගේ දෙනෙත් අග දිළිසෙනු මම දුටුවෙමි.
උපුටා ගැනීම :- දිවයින .




venerdì 25 settembre 2015

සමාගම කොට උඩ.. ෆොල්ක්ස්වගන් ලොක්කා ගෙදර යවයි… රනිල්ගේ ෆොල්ක්ස්වගන් බොරුව බොරුවක්ම වේ…

සමාගම කොට උඩ.. ෆොල්ක්ස්වගන් ලොක්කා ගෙදර යවයි… රනිල්ගේ ෆොල්ක්ස්වගන් බොරුව බොරුවක්ම වේ…





ෆෝක්ස්වාගන්’මෝටර රථ සමාගමේ ප්‍රධාන විධායක මාර්ටින් වින්ටර්කෝන් (Martin Winterkorn) ඉල්ලා අස් වෙයි. ඒ කාබන් වායු පරීක්ෂණ දත්ත වෙනස් කිරීම මුල් කර ගෙන හට ගත් අර්බුදය හේතුවෙන් බවයි විදෙස් වාර්තා පැවසුවේ.
සමාගම අලුත් ගමනක් ආරම්භ කළ යුතු බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කොට ඇති අතර සමාගම සඳහා නව විධායක නිලධාරියෙකු ලබන සිකුරාදා පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර ජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව ජර්මානු නීති පති දෙපාර්තමේන්තුව සමාගමේ සේවකයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම කාබන් පරීක්ෂණ වාර්තා දත්ත ෆෝක්ස්වාගන් ආයතනය විසින් වෙනස් කරන බව ජර්මනියේ ප්‍රවාහන ඇමති ඇලෙක්සැන්ඩර් දොබ්රින්ත් (Alexander Dobrindt) කලින් සිට දන සිටි බව ට පළ වන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ඇමතිවරයා විසින් ප්‍රකාශ කොට තිබේ.
ෆෝක්ස්වාගන් මෝටර් රථ මහා මාර්ගයේ ධාවනය වෙද්දී ලැබෙන කාබන් පරීක්ෂණ දත්ත සහ නිෂ්පාදනයේ දී වාර්තා කෙරෙන දත්ත අතර වෙනසක් ඇති බව ජර්මානු නිලධාරීන් දැන සිටි බවටයි පසුගිය දා වී ඇත්තේ.
පසුගිය මැතිවරණ සමයේ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ‘ෆෝක්ස්වාගන්’මෝටර රථ කර්මාන්ත ශාලාවක් ලංකාවේ සාදා විශාල රැකියා ප්‍රමාණයක් ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබුණි.

giovedì 24 settembre 2015

පක්ෂයක් ලෙස ජනපති වරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාට තනිව ගෙවන්න යැයි කි හිග මුදල් ..... වීඩියෝ සහිතයි .

පක්ෂයක් ලෙස ජනපති වරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාට තනිව ගෙවන්න යැයි කි හිග මුදල් .....වීඩියෝ සහිතයි 


පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ගේ දැන්වීම ප‍්‍රචාරය කර හිඟ මුදල් ගෙවීම එක්සත් ජනතා නිදහස් සන්ධානය බාර ගත යුතුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඊයේ දිනයේ බරපතල වංචා දුෂණ පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ ප‍්‍රකාශයක් ලබා දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ජනාධිපතිවරණයට තරඟ වැදුනේ තනිව නොව පක්‍ෂයක නියෝජිතයකු ලෙස නිසා හිග මුදල් ගෙවීමේ වගකීම පක්‍ෂය විසින් බාරගත යුතුව ඇති බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය වෙත දැක් වූ අදහස් වීඩියෝ :-




domenica 13 settembre 2015

"ඇයි දෙයියනේ ගිල ගත්තේ සඳෙව්මිණි" - කොටදෙණියාවේ මල් කැකුළගේ දුක්මුසු කතාව


sabato 12 settembre 2015

තාජුඞීන් මැරුණේ ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය විමයි-කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ

තාජුඞීන් මැරුණේ ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය විමයි-කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ



මහා මැතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයාට මඩ ගැසිමේ එකම අරමුණින් හදිසියේම මුලික නීතිය පවා කඩා බිඳ දමමින් රිය අනතුරකින් මිය ගිය වසීම් තාජුඞීන්ගේ මරණය  ස්වාභාවිකව සිදුවූවක් නොවන බව පවසමින් රනිල්ගේ ගෙස්ටාපෝ පොලිසිය කටයුතු කිරිමට සුදානම් වුවද අද කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර විසින් නිකුත්කල අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් රාජපක්ෂලාට මඩ ගැසීමට ඉඩක් නැති බව තහවුරු කර තිබේ.


100widgets.com 100widgets.com

ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ඉසුරි අම්මා සමග කී අන්තිම කතාව.

ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ඉසුරි අම්මා සමග කී අන්තිම කතාව.




මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් මියගිය ජනාධිපති අරක්ෂක අංශයේ පස්දෙනා අතරේ පොලිස් කොස්තාපල්වරියක්ද වනවා. පසුගිය 09දාට ඇයගේ 21වැනි උපන් දිනයද යෙදී තිබුණා. අනතුර සිදුවූයේ එම පිරිස අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වීමට යන අතරතුරදීය. 


එම ගමන පිටත් වන්ට පෙර ඇය තම මව සමග දුරකතනයෙන් කතාකොට තිබුණා. "අම්මේ මම මුණ බලාගෙන කතා කරන්න පුළුවන් ෆෝන් එකක් ගත්තා. අම්මාත් ඒ ව‍ගේ එකක් ගන්න එතකොට මට පුළුවන් අම්මගේ මුණ බලාගෙන ‍ගොඩක් කතාකරන්න. මම මළ ගෙදරක යන්න යනවා ඇවිත් කතාකරන්නම්" යන්න ඇයගේ අවසන් වදන් කිහිපය වී තිබුණා.  





100widgets.com 100widgets.com
මිනුවන්ගොඩ යාගොඩමුල්ල  ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් මියගිය ජනාධිපති අරක්ෂක අංශයේ පස්දෙනා අතරේ පොලිස් කොස්තාපල්වරියක්ද වනවා. පසුගිය 09දාට ඇයගේ 21වැනි උපන් දිනයද යෙදී තිබුණා. අනතුර සිදුවූයේ එම පිරිස අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වීමට යන අතරතුරදීය. එම ගමන පිටත් වන්ට පෙර ඇය තම මව සමග දුරකතනයෙන් කතාකොට තිබුණා.
 
"අම්මේ මම මුණ බලාගෙන කතා කරන්න පුළුවන් ෆෝන් එකක් ගත්තා. අම්මාත් ඒ ව‍ගේ එකක් ගන්න එතකොට මට පුළුවන් අම්මගේ මුණ බලාගෙන ‍ගොඩක් කතාකරන්න. මම මළ ගෙදරක යන්න යනවා ඇවිත් කතාකරන්නම්" යන්න ඇයගේ අවසන් වදන් කිහිපය වී තිබුණා. 
 
ඩී. එම්. ඉසුරි ඉඳුනිල් දිසානායක නම් ඇය වැල්ලවාය, හදපානාගල පුබුදුවැව ගමේ පදිංචිකාරියක්. ඇය මිට වසරකට පෙර පොලිස් සේවයට එක්ව තිබෙණවා. අනතුරුව ඇය දිගටම සේවය කර ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙසින්.
- See more at: http://offair.nethfm.com/article/26069#sthash.cQcvLZ7F.dpuf

venerdì 11 settembre 2015

සීපා: ඉන්දියානු මර උගුලක්!’ - වීඩියෝ සහිතයි .

‘සීපා: ඉන්දියානු මර උගුලක්!’ - වීඩියෝ සහිතයි 



පත‍්‍රිකා බෙදාහැරීම අද(11) විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, මොනරාගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ශාන්ත ගුණසේකර, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න, කොටිකාවත්ත - මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හේමසිරි අමරසිංහ යන මහත්වරුන්ගේ සහ හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනි ප‍්‍රියංගා කොතලාවල මහත්මිය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොටුව, දුම්පරිපොළ ඉදිරිපිටදී සිදුකෙරෙණි...
























සවිස්තරාත්මකව දැන ගන්න වීඩියෝව නරබන්න :- 



100widgets.com 100widgets.com

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...