සමාගම කොට උඩ.. ෆොල්ක්ස්වගන් ලොක්කා ගෙදර යවයි… රනිල්ගේ ෆොල්ක්ස්වගන් බොරුව බොරුවක්ම වේ…
ෆෝක්ස්වාගන්’මෝටර රථ සමාගමේ ප්‍රධාන විධායක මාර්ටින් වින්ටර්කෝන් (Martin
Winterkorn) ඉල්ලා අස් වෙයි. ඒ කාබන් වායු පරීක්ෂණ දත්ත වෙනස් කිරීම මුල්
කර ගෙන හට ගත් අර්බුදය හේතුවෙන් බවයි විදෙස් වාර්තා පැවසුවේ.
සමාගම අලුත් ගමනක් ආරම්භ කළ යුතු බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කොට ඇති අතර සමාගම සඳහා නව විධායක නිලධාරියෙකු ලබන සිකුරාදා පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර ජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව ජර්මානු නීති පති දෙපාර්තමේන්තුව සමාගමේ සේවකයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම කාබන් පරීක්ෂණ වාර්තා දත්ත ෆෝක්ස්වාගන් ආයතනය විසින් වෙනස් කරන බව ජර්මනියේ ප්‍රවාහන ඇමති ඇලෙක්සැන්ඩර් දොබ්රින්ත් (Alexander Dobrindt) කලින් සිට දන සිටි බව ට පළ වන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ඇමතිවරයා විසින් ප්‍රකාශ කොට තිබේ.
ෆෝක්ස්වාගන් මෝටර් රථ මහා මාර්ගයේ ධාවනය වෙද්දී ලැබෙන කාබන් පරීක්ෂණ දත්ත සහ නිෂ්පාදනයේ දී වාර්තා කෙරෙන දත්ත අතර වෙනසක් ඇති බව ජර්මානු නිලධාරීන් දැන සිටි බවටයි පසුගිය දා වී ඇත්තේ.
පසුගිය මැතිවරණ සමයේ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ‘ෆෝක්ස්වාගන්’මෝටර රථ කර්මාන්ත ශාලාවක් ලංකාවේ සාදා විශාල රැකියා ප්‍රමාණයක් ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබුණි.