giovedì 10 settembre 2015

මිනුවන්ගොඩදි මියගියේ PSDයේ හතරදෙනෙකුයි - හයකට බරපතලයි. වීඩියෝ සහිතයි.


මිනුවන්ගොඩදි මියගියේ PSDයේ හතරදෙනෙකුයි - හයකට බරපතලයි.  වීඩියෝ සහිතයි.




ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී අද උදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ 4  දෙනකු මිය ගොස් තවත් 6 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පොලිසිය සදහන් කළේමිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.අනතුරට පත් බස් රථ දෙකම පුද්ගලික බස් රථ වන අතර ඉන් එකක් කොළඹ සිට මිනුවන්ගොඩ දක්වා ධාවනය වී ඇති අතර අනෙක් බස් රථය මිනුවන්ගොඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු බවද පොලිසිය පවසයි.

යාගොඩමුල්ල ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථය බස් රථයට ඉස්සර කරන්නට යාමේදී අනෙක් බස් රථය ඉදිරියෙන් පැමිණ ඇති බවත්, අනතුරුව බස් රථ දෙකට මැදිව ඩිෆෙන්ඩර් රථය ගැටී ඇති බවත් සඳහන්ය.


මිනුවන්ගොඩ රිය අනතුරේ CCTV වීඩියෝව :-





100widgets.com 100widgets.com

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...