රනිල් හීන් නූලෙන් සජිත් පිලේ බෙල්ල කපයි-බුද්ධික පතිරණට කිසිම වරප්‍රසාදයක් නෑ
ඇතිවී ඇති ජාතික ආණ්ඩුවතුල ශක්තිමත් රජයක් ඇතිවී ඇති නිසා අගමැති රනිල්
වික්‍රමසිංහ මහතා තම පාර්ශවය ශක්තිමත් කරමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය
දැක්වූ පිරිස්වල බෙල්ල හීන් නූලෙන් කපාදමා ඇතිබව දේශපාලන විචාරකයන් පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාට කළින් හිමිව තිබූ සමෘධි විෂය ඔහුගෙන් ගලවා දැමීම
හරහා ඔහුගේ ශබ්ද කෝෂයේ ඇති දූගී දුප්පත් ජනතාවට සහන සැලසීම හම්බංතොටට පමණක්
සීමාකර ඇති අතර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටි සූජීව සේනසිංහ මහතා
වැනි අයට නියෝජ්‍ය ඇමතිකමක් පමණක් ලබාදීමද මාතරින් වැඩිම මනාප දෙවරක්
ලබාගත් බුද්ධික පතිරණට මෙගා කැබිනට්ටුව තුල කිසිදු තනතුරක් නොදීමට
අගමැතිවරයා වගබලාගෙන තිබේ.
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් , රාජ්‍ය අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය
අමාත්‍ය ධුරයක් නොලැබුණ ද තමන් සැම විටම පක්ෂයේ මතයට ගරු කරන බව මාතර
දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා
පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තනතුරු හෝ වරප‍්‍රසාද බලාපොරොත්තුවෙන් තමන් කිසිදා
දේශපාලනය නොකරන අතර තනතුරු හෝ වරප‍්‍රසාද බලාපොරොත්තුවෙන් කිසිවෙකුත්
ඉදිරියේ පින්සෙණ්ඩු වීමට තමා සූදානම් නොමැති බවද බුද්ධික පතිරණ මහතා
වැඩිදුරටත් කියා සිටියේය.