venerdì 11 settembre 2015

ඇමති මණ්ඩලය 115 ඇතිකිරීමේ නව ආණ්ඩුවේ සම්පුණ ප්‍රෝඩාකාරී සැලැස්ම .

ඇමති මණ්ඩලය 115 ඇතිකිරීමේ නව ආණ්ඩුවේ රටට සිදුකරන සම්පුණ ප්‍රෝඩාකාරී සැලැස්ම .


"මහින්ද රාජපක්ෂගේ ඇමති මණ්ඩලය ලොකු වැඩියි මහා ජන දනය වැය වෙනවා ,ගසා  කනවා ,නාස්ති වෙනවා කියාගෙන ආපු අය අද 115කට ඇමති වරප්‍රසාද හදමින් ඉන්නවා . "

ඒ අනුව කැබිනට් අමාත්‍ය වරුන් 48ක් කැබිනට් නොවන නියෝජ්‍ය ඇතුළු සියලු  රාජ්‍ය අමාත්‍ය වරුන් 45ක්, දිස්ත්‍රික්  සංවර්ධන කමිටු සභාපති වරුන්ට සම්පුර්ණ ඇමැතිවරයකුගේ බල තල සහිතව සියලු වරප්‍රසාද ,ඔවුන්ට කාර්ය මණ්ඩල හා ඔවුන්ගේ වියදම් සමගින් සියල්ල ඇමති වරප්‍රසාද හිමිවන 115 ක්  දෙනා වන බව විමල් විරවංශ මහතා පෙන්වා දේ ,

  මේ රටේ බදු ගෙවන පොදු ජනතාවගේ ධනය ,ඇමති වරප්‍රසාධ බුක්තිවිදින 115ක් නඩත්තු කිරීමට යොදා ගනී.එය ප්‍රධාන වියදම පමණක් දල වශයෙන් කොටි 20ක් වනු ඇත . මේ 115වෙ අමාත්‍ය වරයෙකුට හිමි ,සහයෝගී කාර්ය මණ්ඩලයට හිමි , අවශ්‍යතා සපුරාලීමට අඩුම තරමින් වාහන 711ක් වත් යෙදවිය යුතු වනු ඇත .

"මේ ආණ්ඩුව පැමිණියේ කැබිනට්  මණ්ඩලය අඩු කර පෙන්වන බව කියමින් . එහෙත් දැන්  එය කැබිනට් එකක් නොවේ අල්මාරියකුත් නෙවෙයි මීක පෙට්ට ගමක් තරමට හැදිලා තියනවා ඇමති මණ්ඩලය ". මීලගට විෂයන් බෙදීම තුස ඇති පරස්පර භාවය ද පෙන්වා දෙන ලදී . ඒ අනුව "විශ්ව විද්යාල හා මහා මාර්ග ආමාත්‍ය විශ්ව විද්යාල ශිෂ්ෂ්‍යයෝ පෙළපාලි යනකොට මහා මාර්ග නතර කරන්න බලතල දීමට දැයි නොවැටහේ , එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ , සන්දානයේ හිටපු ඔවුන් විසින් පිළිකුල් ලෙස ප්‍රතික්ෂේප කරපු චරිත, එස්. බී දිසානායක මහතා යටතේ ඉන්නවා විරෝදාර රන්ජන් රාමනායක මහතා , මම දන්නේ නැ කාටද මේ දෙන්නගෙන් දරා ගැනීමේ ශක්තිය තියෙන්නේ කියල . " මේ  ආකාරයෙන් ජාතික ආණ්ඩුව යන නම යොදා ගනිමින් කවලම් ආණ්ඩුවක් සැදු බවත් ජාතික ආණ්ඩුව ලෙස නම නොදැම්මේ නම් ඔවුන්ට යු එන පි එකෙන් සැකසිය හැක්කේ කැබිනට් ඇමති වරු 30ක් පමණක් බවත් මේ ජාතික ආණ්ඩුව නිසා දැනට යු එන පි කැබිනට් ඇමති වරු 33  සිටින බවත් මේ ඇමති මණ්ඩලය හා එතනින් පහල නිලදාරීන් වැඩිකර ගැනීමට ජාතික ආණ්ඩුවක් සැකසු බවත්  විමල් විරවංශ මහතා තව දුරටත් පෙන්වා දේ . 
තවද මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කල නිශාන්ත මුතුහෙට්ටිගම , එස්.බි. දිසානායක මහත්වරුන් ඇමතිකම් දනර අතර පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල කි පරිදි සන්දාන ආණ්ඩුවේ ඔවුන් නරක සහ එතනෝල් කාරයෝ, කුඩු කාරයෝ ,මරවරයෝ  කියපු අයද ඇමතිකම් දරමින් එකට ඇමති මණ්ඩලයක් හදාගෙන සිටින බවත් මේ අනුව ඔවුනට නරක පුද්ගලයා වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව හා අවශ්‍යව තිබුනේ ඔහුව පන්නා  ගෙන එකට බෙදාගෙන කෑමට බව විරවංශ මහතා  පෙන්වා දේ .බුදු වදනක් උපුටා දක්වමින් මෙය  තව දුරටත්  සනාථ කර පෙන්වා දුන් අතර දැන් සමගිව රැස්ව, සමගිව ඇමතිකම් බෙදාගෙන මෙය මහජන දනය ගසාගෙන කන තත්වයට පත්ව ඇති බව පැහැදිලිකරයි.

ජනවාරි අට වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා එළවීමට බොරු චෝදනා එල්ලකරමින් දායක වුන සෝභිත ස්වාමින් වහන්සේ ගේ සිට අනුරකුමාර දිසානායක දක්වා වගකිව යුතුය .රටට අහිත කර වැඩටික කර ගැනීමට 2/3 බලය ගැනීමට අවශ්‍ය ඇමති මණ්ඩලය වැඩක් කිරීමට නොහැකි ආකාරයට  115ක් ඇති කිරීමට වගකිව යුතු බවත් එම වගකීමෙන් නිදහස් විය නොහැකි බව පෙන්වා දෙන අතර මෙය ඉතා පිළිකුල් සහගත බවත් මෙය චන්දය දුන් එක්සත් ජාත්හික පක්ෂේවත් සන්දානේවත් බලාපොරොත්තු නොවුවක් බවත් මේ අවස්ථාවාදී තක්කඩි දේශපාලනය අනුමත නොකරන සියලු දෙනාට  මෙය පරාජය කිරීමට සියලු එක්විය යුතු බව පනවා දෙමින් ඒ සදහා අත්වැල් බදාගන්න ලෙස මෙම මාධ්‍ය හමුවේදී  විරවංශ මහතා ආරාධනා කළහ.  

එසේම පාලනයක් කළමනාකරණයක් නැති ආණ්ඩුවේ බඩු මිල වැඩිවීම ,, වී විකිනීමට නොහැකි වීම , වී ගබඩා හිස් කර ගන්න බැරුව මත්තල ගුවන් තොටුප්ලේත් වී ගබඩා හදන මෝඩ තකතීරු ආණ්ඩුවක් පිහිටුවීමෙන්  රටේ මහා ජනයා පිඩනයට පත් ප්‍රශ්නය පිළිබද මෙහිදී පෙන්වා දුනි . 

ඇග පුරාම ආර්ථික මොලය තියන අය ඉන්න මේ ආණ්ඩුවේ රුපියල ,ඩොලරයේට සාපේක්ෂව  අගය පහත වැටි , ගෙවුම් ශේෂයේ මට්ටමට මෑත ඉතිහාසයේ පළමු වතාවට රින මට්ටමකට වැටි ඇති අතර , විදේශ වට්ටම්  සංචිතය ඩොලර් බිලියන 6 ට වඩා පහත වැටි තිබීමෙන් වෙළද පලට ඩොලර් දෙන්න මහබැංකුවට හැකියාව නැත වී අද මේ ආණ්ඩුවට බැරුව තියන බව පෙන්වා දෙන අතර මෙයට විසදුම ලෙස ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන හතරක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇත .
මෙම මුදල් ලබා ගැනීමටනම් ඔවුන් නැවත ගෙන එන රිජේනියම් ශ්‍රී ලංකා  සැලැස්ම ක්‍රියාත්මක කල යුතුය. ඒ අනුව රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම , රාජ්‍ය ආයතන විකුණා දැමීමේ න්‍යාය පත්‍රය , රාජ්‍ය අංශය දුර්වල කිරීමේ න්‍යාය පත්‍රය ආදී කරුණු සම්මත කර ගත යුතු අතර ඒ සදහා   පාර්ලි මේන්තුවට අවශ්‍ය වන්නේ ඒ සියලු දේටම ඇත ඔසවන ලයිට් කණු මෙන් ඇමති මණ්ඩලයක් බව පෙන්වා දේ 

රටේ ජනතාව නොදත් , මාධ්‍යට හෙළිදරවු නොකෙරු , පාර්ලිමේන්තුවේ පවා සාකච්චා නොකළ රටට අහිතකර, ඉතා මත බරපතල  හා අවධානම් ගිවිසුම් හතරක් අගමැති විසින්  මෙම මස 14 ඉන්දියාවට ගොස් අත්සන් තැබීමට නියමිත බවත් සිපා  ගිවිසුම  අත්සන් කිරීම ,ඉන්දියාවේ සිට මන්නාරමට පාලමක් ඉදි කිරීම ,ඉන්දීය දිවරයින්ට ලංකාවේ අවට මාළු ඇල්ලීමට සුදුසු පරිසරයක් සැකසීම .   යන කරුණු වල අග්‍රාමාත්‍ය වරයා අත්සන් තබනු ඇතිබවත් එහි ඇති භයානක බවත් විරවංශ මහතා පෙන්වා දේ .


විමල් විරවංශ මහතා 2015/09/10 දින මාධ්‍ය වේදීන් අමතා කල කතාව, වීඩියෝ .:-











100widgets.com 100widgets.com 100widgets.com 100widgets.com

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...