domenica 20 gennaio 2019

රනිල් කැළණි පන්සලේ මහ පෙරහැරටත් කෙළියි – පෙරහැර කෙරුවොත් බලාගමු කියා අවලංගු කරවයි ! News

රනිල් කැළණි පන්සලේ මහ පෙරහැරටත් කෙළියි – පෙරහැර කෙරුවොත් බලාගමු කියා අවලංගු කරවයි !



    

දුරුතු පොහෝදිනය ශ්‍රී ලාංකික බෞද්ධයන් වශයෙන් අපට වැදගත් වන්නේ උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ පොහොය දිනය නිසාවෙනි. දුරාතීතයේ සිටම සෑම දුරුතු පොහෝදිනකම වාර්ෂිකව පැවැත්වෙන ඓතිහාසික කැළණි රාජමහා විහාරයේ පෙරහැර මංගල්‍යය වසර ආරම්භයේම පැවැත්වෙන අතිඋත්කර්ශවත්ම පෙරහැර මංගල්‍යයක් බව දෙස් විදෙස් ජනතාව අතර ඉතා ප්‍රසිද්ධ කරුණකි.

නමුත් මේ වසරේ ශ්‍රී කල්‍යාණි රජමහා විහාරයේ මහපෙරහැර පැවැත්වීම රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ එජාප රජය මැර බලයෙන් තහනම් කර ඇති බවට වාර්තා වේ.

ඊට පසුබිම වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවූ බලපෙරලියේදී කැළණි රජමහා විහාරාධිපති පූජ්‍ය. කොල්ලුපිටියේ මහිද සංඝරක්ඛිත හිමියන් විසින් රනිල් වික්‍රමසිංහ පාලනය දැඩිව විවේචනය කරමින් සිදු කරන ලද ප්‍රකාශයයි. එහිදී උන්වහන්සේ කියා සිටියේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වී ඇතිවූ සුසංයෝගය තුල රටේ නියඟය දුරුවී සෞභාග්‍යය උදාවූ බවයි. පසුගිය වික්‍රමසිංහ පාලන සමයේ බුදුදහමට එල්ලවූ පීඩාවන් හමුවේ උන්වහන්සේ මහත් කණගාටුවෙන් පසුවූ බවයි.
කෙසේවෙතත් පසුගිය දා නැවත අගමැති ලෙස පත්වූ වික්‍රමසිංහ ඔහුගේ එජාප මැර කල්ලියක් කැලණි රජමහා විහාරය වෙත යවා දායක සභාවේ ප්‍රධාන දායකයා ලෙස තමා පෙරහැර මංගල්‍යය සඳහා පෙර ලබාදුන් කිසිදු දායකත්වයක් මින් ඉදිරියට ලබා නොදෙන බවත්, කිසියම් අයුරකින් මහ පෙරහැර පැවැත්වුවහොත් උන්වහන්සේට සිදුවන දේ බලාගත හැකි බවත් පවසමින් තර්ජනය කර ඇත. මේ හමුවේ බලවත් සංවේගයට පත්වූ නාහිමියන් ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව සෙසු දේවාල පෙරහැරයන් පමණක් පවත්වා, මහ පෙරහැර අවලංගු කර දැමීමට තීරණය කර ඇත.

මෙම සිදුවීම පිළිබඳව මහා සංඝරත්නය දැඩි කලකිරීමටත් කණස්සල්ලටත් පත්ව ඇති අතර, ඉමහත් වූ වේදනාවකින් ශාසනික කටයුතුවල නිරතවන බව වාර්තා වෙයි.

බුදුදහමට ගරහමින් නිගාකරමින්, රටේ සංස්කෘතික උරුමය දේශපාලන පලිගැනීම්වලින් විනාශ කරන වික්‍රමසිංහ වැනි දූෂිත පාදඩ දේශපාලුවෙකු මෙරට අග්‍රමාත්‍ය ධූරය අවභාවිතා කරමින් සිදුකරන මේ නින්දිත ක්‍රියා තරයේ හෙලා දැකිය යුතු අතර, බෞද්ධ ජනතාව වන සියලු දෙනා මෙම කාලකණ්නි දේශපාලුවන්ට එරෙහිව ඉක්මනින් නැගී සිටිය යුතු බව සිහිපත් කරන්නෙමු.



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...