giovedì 17 gennaio 2019
ප්‍රේමදාසගේ ගම්උදාව - සජිත්ගේ මුඩුක්කු උදාව.....
පේ‍්‍රමදාසගේ ගම්උදාව - සජිත්ගේ මුඩුක්කු උදාව ...........
=================================
සජිත් පේ‍්‍රමාදාස යනු ආර් පේ‍්‍රමාදාස හිටපු ජනාධිපතිගේ වැඩිමහල් පුත්‍රයායි. මේ පුත්‍රරත්නය විසින් වේදිකාවේනම් කියන්නේ මම නැවත පේ‍්‍රමදාස යුගයක් ඇති කරනවා යන්නය. ඔහු කියන දේනම් වෙන මොනවා වෙතත් මේ කියමනනම් ඇත්තය. පේ‍්‍රමාදාස ගම්උදාව ඇති කරන්නට ගත්තේ 1984 වර්ෂයේ සිටය ඒ කියන්නේ දැනට අවුරුදු 35 කට ඉහතදීය. එවකට අනුව පේ්රමාදාසයන්ගේ කප්පරක් වැරදි තිබුණත් ගම්උදාව සංකල්පය නිවැරදි එකක් විය. ඒ දැනට වසර 35 කට ඉහත අතීතයකට අනුවය. ලාංකීය ජනගහනය හා හිස්ව තිබුණු අති විශාල ඉඩම් ප්‍රමාණයට සාපේක්ෂව විසිරි ක්රමයන් යටතේ නිවාස ඉදිකිරීම ප්‍රායෝගික විය. ඒ කාලයට අනුව ලෝකයේ රටවල් ද මෙම ක්‍රමය අනුගමනය කරමින් සිටියද ක්‍රමයෙන් ඔවුන් එම විසිරි ක්‍රමය මුඩුක්කු හෝ පැල්පත් සංකල්පයෙන් බැහැරකර විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකට නිවාස සකස් කිරීම ඇරඹිනි. දැන් ලෝකය හාත්පසින්ම වෙන්ස් වී ඇත. එහෙත් ලෝකයේ රටවල් ක්‍රමයෙන් මෙම මුඩුක්කු ක්‍රමයෙන් බැහැරව නිවාස තනද්දී ලංකාවේ වත්මන් නිවාස (මුඩුක්කු* අමාත්‍යවරයා පැරණි ක්රමවේදයම අනුගමනය කරමින් සිටී. ඒ නිසයි කිව්වේ සජිත් පේ‍්‍රමදාස ආර්. පේ‍්‍රමාදාස යුගයක් ඇතිකරනවා යැයි කියන දේ ඇත්තය යන්නය. (පේ‍්‍රමදාස යුගය ගැන ඉතින් කවර කථාද? එය වෙනම කතා කළ යුතු ප්රශ්නයකි.
#සජිත් මේ රවටන්නේ කවු ද?.....
නිවාස ඉදිකරනවා යැයි රට වටේ කියමින් යන සජිත් පේ‍්‍රමදාස මේ කරන්නේ වෙන යමක් නොව ඔහුගේ ජනාධිපති වීමේ සිහිනය ඉටුකර ගැනීමේ අරමුණ කරාය. එය ඔහුට කවාදාවත් සැබෑ කරගත හැකි සිහිනයක් නොවේ. නිවාස ව්‍යාපෘතියක් සඳහා ලක්ෂ 90 ත් 120 ත් අතර ණය ලබා දෙද්දී ප්‍රචාරණයට ලක්ෂ 300කට ආසන්න මුදලක් ඔහු නිකරුනේ කාබාසිනියා කර දමයි. එහෙත් මොහු මේ සිහිනය වෙනුවෙන් ඔහුගේ තාත්තා ලැවරියා විකුණා ඉතිරිකර දුන් දේපළ හෝ තැන්පත් මුදල් වියදම් කරන්නේනම් අපට ගැටළුවක් නොමැත. මොහු මේ කාබාසිනිය කරන්නේ රටේ 80% ක් දුප්පත් මිනිසුන්ගේ බදු මුදල්ය. සජිත් නිවාස හැදුවා යැයි කියමින් යන්නේ හරියට ඔහු නිවසට යන වියදම සම්පූර්ණම නිකන් දුන්නා වගේය. එහෙත් ඇත්තනම් එය එසේ නොවේ. නිවසක් සෑදීමට මොහු දෙන්නේ නිවාස ණයක්ය. එයත් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ තුනහාමාර දක්වාය. ඒකත් 10% පොළි අනුපාතයකටය. මෙම මුදල දුන්නේ 2010 සිට 2014 දක්වා විමල් වීරවංශ නිවාස ඇමති කාලයේය. එවකට පැවති ගොඩනැගිලි ද්‍රව්‍ය මිළත් දැන් පවතින මිළ හා බොහෝ වෙනස් වී ඇත. ඒ තරමටම දැන් ද්‍රව්‍යයන් මිළ ඉහළ ගොස්ය. එහෙත් ලබා දෙන්නේ එදා විමල්ගේ කාලයේ ලබාදුන් ණය මුදලමය. විමල් වීරවංශ මෙම අමාත්‍යංශය භාර ගන්නා විට ඒ දක්වා උපරිම ණය සීමාව තිබුනේ රුපියල් දසදහසේ සිට පනස්දහස දක්වාය. ඒකත් ලබා දෙන්නේ කෙනෙකුට කලාතුරකින්ය. රනිල් වික්රමසිංයන් විසින් රිගෙනින් ශ්‍රී ලංකා යටතේ මෙම නිවාස කොටස විකුණා දැමීමට සැළසුම් කර තිබුනත් විමල් භාරගැනීමෙන් පසු නිවාස අධිකාරිය නැවත උඩු යටිකුරු කිරීමට සමත්විය. විමල් නිවාස ඉදිකරේ ලෝකයේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුවය. සජිත් පේ‍්‍රමදාස විසින් මෙම නිවාස ණය ලබාදීමෙන් පසු අහිංසක දුප්පත් මිනිසුන්ට කියන්නේ ලක්ෂ 8 සිට 15 දක්වා නිවසක් සාදා පෙන්වන ලෙසයි. ලක්ෂ 8 හෝ 15 නිවසක් සෑදීමට අහිංසක දුප්පත් මිනිසුන්ට බැරි නිසා ඔවුන් එම නිවාස ඉල්ලූම් කිරීම පවා ප්‍රතික්ෂේප කර දමති. එවිට සජිත් කරන්නේ සජිත්ගේ දේශපාලන හිතවාදී අය වෙත මෙම නිවාස ණය බෙදාදීමයි.
#නිවාස සඳහා ඉඩම් ලබාගැනීම .......
නිවාස ව්‍යාපෘති සඳහා සජිත් විසින් ඉඩම් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකරයි. වන අලි ගහණය බොහෝ ප්‍රදේශ, වෙනත් වන සතුන් ගැවසෙන ස්ථාන, අලිමංකඩවල්, පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන තෝරා ගන්නේ ඔහුගේ පෞද්ගලික ලාභ අපේක්ෂාව නිසාය. ගම්උදාව නමින් ඔහුගේ පියාණන් ද කළ දේ රටේ මිනිසුන් හොඳින්ම දනී. තාත්තා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා කියන්නා සේ සජිත් කරන්නේ ද ඒ ටිකමය.
#ණය අය කරගැනීම.....
ණය අය කර ගන්නා විට මිනිසුන්ට ණය ගත්තේ මොකටද කියා සිතෙන තරමට එපා වී ඇත. ඒක හරියට ගමේ පොලිකාරයා පොලී එකතු කරන්න ඇවිත් පොලිය නොදුන්නම නොයා ගෙදරට වෙලා ඉන්නා සේ සිද්ධින් නිසාය. ණය අයකර ගැනීමට ඔහු විසින් දෛනික වැටුපක් දී තරුණ තරුණියන් යොදාවා ඇත. එයත් රැවටීමක් කරය. ඒ තරුණ තරුණියන්ට ස්ථීර රැකියා දෙනවා යැයි කියිමින් සජිත් පට්ටපල් බොරු කියා ඇති බව ඒ තරුණ තරුනියන්ම දැන් පවසමින් ඇත. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව 1800 කට ආසන්නය. සජිත් පේ‍්‍රමදාස විසින් ස්ථීර රැකියාවක් කියා තරුණ තරුණියන්ව රවටා තවත් 2500 කට ආසන්න සේවක සංඛ්‍යාවක් බඳවාගෙන ඇත. මෙය සම්පූර්ණ මුලාවකි. මෙපමණ සේවක සංඛ්‍යාවක් ස්ථීර කිරීමට මහ භාණ්ඩාගාරයෙන් අනුමැතියද දෙන්නේ නැත. එය මංගල සමරවීරත්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකත් පැහැදිලිව කියා ඇත. එසේ තිබියදීත් සජිත් මේ තරුණ තරුණියන්ව රවටන්නේ තමන්ගේ දේශපාලන පටු අරමුණ නිසා නොවේ ද?
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පි...
-
උදැල්ල රැගෙන කසිප්පු බොන්න යන අපේ රටේ හොර ගොවියෝ පොලිසියට මාට්ටු! ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂ...
-
සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි නැගෙනහිර ආණ්ඩුකාර M.L...