venerdì 4 gennaio 2019

ඩීඅයිජී නාලක ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධයි.. සී අයි ඩී ය උසාවියට කියයි.

ඞීඅයිජී නාලක ඝාතන කුමන්ත‍්‍රණයට සම්බන්ධයි - සීඅයිඞීය උසාවියට කියයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයට ඔහු සම්බන්ධ බවට පැහැදිලිව සාක්ෂි මගින් අනාවරණය වීම නිසා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 2019.01.02 දා පස්වරුවේ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.

එකී ඝාතන සැලසුම් කළ යුතු ආකාරය අඩංගු තොරතුරු මුද්‍රd තැබූ ලියුම් කවරයක බහා තමා විසින් නාමල් කුමාර වෙත එවනා බවට නාලක ද සිල්වා මහතා විසින් කළ දැනුම් දීමක්‌ ද එකී දුරකථන සංවාද හඬපට මගින් අනාවරණය වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව තම දෙපාර්තමේන්තුව විසින් නාලක ද සිල්වා මහතාව අත්අඩංගුවට ගත් බව ද සහකාර පොලිස්‌ අධිකාරී ඉන්දික ලොකුහෙට්‌ටිගේ මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. නාමල් කුමාර හා හිටපු නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා අතර ඇතිවූ දුරකථන සංවාද නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනයේ පටිගත කර පසුව මකා දමා තිබූ නමුත් හොංකොං රාජ්‍යයේ ඩේටා ටෙක්‌නොලිජීස්‌ එක්‌ස්‌පර්ට්‌ සමාගම මගින් නැවත ප්‍රති උත්පාදනය කළ බව ද එහිදී සහකාර පොලිස්‌ අධිකාරිවරයා පෙන්වා දුන්නේය.

එකී ප්‍රතිඋත්පාදනය කළ නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනයේ ක්‍රියාත්මක දුරකථන සංවාද 427, වීඩියෝ දර්ශන 26 ක්‌ හා ඡායාරූප 4321 ක්‌ අඩංගු බවත් එහිදී පෙන්වා දුන් සහකාර පොලිස්‌ අධිකාරීවරයා ක්‍රියාවිරහිත දුරකථන සංවාද 31, ඡායාරූප 802 ක්‌ හා වීඩියෝ දර්ශන 656 ක්‌ එකී දුරකථනයේ පටිගත වී ඇති බවට විශේෂඥ විශ්ලේෂණ වාර්තා අනුව පැහැදිලි වන බවද අධිකරණයට සහකාර පොලිස්‌ අධිකාරිවරයා එහිදී පෙන්වා දුන්නේය.

එකී දුරකථන සංවාද 427 ක්‌ උපුටාගත් විනාඩි 60 ක සැක සහිත සංවාද තුනක්‌ අඩංගු සී.ඩී පට තුනක්‌ එහිදී අධිකරණයට ඉදිරිපත් කළ සහකාර පොලිස්‌ අධිකාරී ඉන්දික ලොකු හෙට්‌ටිගේ මහතා ඒවායේ අඩංගුව ඇති සංවාද නාමල් කුමාරගේ හා නාලක ද සිල්වා මහතාගේද යන කරුණු නිශ්චිතව පැහැදිලි කර ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයාගෙන් හඬපට විශ්ලේෂණ වාර්තාවක්‌ කැඳවන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අධිකරණය එම ඉල්ලීමට අවසර ලබා දුන්නේය.

තම දෙපාර්තමේන්තුව කටයුතු කරනුයේ පෞද්ගලික න්‍යාය පත්‍රයක්‌ අනුව නොවනා බවද එහිදී පෙන්වා දුන් සහකාර පොලිස්‌ අධිකාරීවරයා දෙවන සැකකාර නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහතා එම සැකකරුව සතුටු කිරීමේ අරමුණින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුවටම නඟනා අභූත චෝදනා සම්බන්ධයෙන් සිය විරෝධතාවය දක්‌වන බවද අධිකරණයට පෙන්වා දුන්නේය. එලෙස තම දෙපාර්තමේන්තුවට අපහාස නොකරන ලෙසට විත්තියේ නීතිඥ මහතාට අවවාද කරන ලෙසටද සහකාර පොලිස්‌ අධිකාරීවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, සහකාර පොලිස්‌ අධිකාරී ප්‍රසන්න අල්විස්‌ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා හා මර්සලී තෝමස්‌ නමැති ඉන්දියානු ජාතිකයා ලබන 16 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා එහිදී නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 තව කෙනෙකුට කියවන්න Share  කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...