කොටි විරු සැමැරුමට එරෙහි වූ මඩකලපුව පොලිසියේ දෙන්නා මැරූ ප්‍රභාකරන් සොයා මෙහෙයුම්.
කොටි මහවිරු දිනයේ සැරසිලි කඩා දැමීමේ පළියක් ලෙස මඩකලපුව වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාත්‍රී රාජකාරිවල යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඝාතනය කර ගිනි අවි පැහැරගත් සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුනරුත්ථාපනය නොවූ කොටි ත්‍රස්තයකු වූ ගනේෂන් ප්‍රභාකරන් නමැත්තකු සොයා ඒකාබද්ධ පොලිස් මෙහෙයුමක් සිකුරාදා (30) රාත්‍රිය වනවිටත් ක්‍රියාත්මක විය.
ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ හිටපු සභාපති හා දැනට දේශක්ති වේරගල් හෙවත්් මුල්බැසගත් ජාතිය නම් සංවිධානයේ සභාපති ලෙස කටයුතු කළ ගනේෂන් ප්‍රභාකරන් මඩකලපුව අම්බාල් ලේන්හි පදිංචි අයෙකි.
කොටි මහාවීර දිනය නිමිත්තෙන් වව්නතිව්හි දේශක්ති වේරගල් සංවිධානය හා දෙමළ නිදහස් කොටි පක්ෂය කර තිබූ සැරසිලි පොලිස් නිලධාරීන් විසින් රාත්‍රී ජංගම සංචාරයේදී කඩා ඉවත් කර ඇති බවත්, සංවිධායකයන් එම දර්ශන එම ප්‍රදේශයේ හෝටලයක කැමරාවකින් නරඹා ඇති බවත් හෙළිවී ඇත.
මෙය සංවිධානය කළ කොටින්ගේ ජයන්තන් බළකායේ බුද්ධි අංශ සාමාජිකයකු වූ අජන්තන් සිකුරාදා (30) දිනයේම අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම ඝාතනයට සැකපිටය.
අජන්තන් වන්නියේ සිට පැමිණි ඉමයන් නමැති කොටි ත්‍රස්තයකු ඝාතනය සිදුවූ දිනට පෙර දින (29) ගනේෂන් ප්‍රභාකරන්ගේ නිවසට ගෙනවිත් දමාගොස් ඇතැයි ද හෙළිවී ඇත. ප්‍රභාකරන් හා වන්නියේ සිට ආ ඉමයන් සොයා පරීක්ෂණ ඇරඹී ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
-රිවිර
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ ...
-
අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි? ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
