"එජාප ප්‍රබලයෙක්, රනිල්ගේ ආර්ථික උපදේශකයා" රනිල්ගේ සමීප සගයා කොටින්ට සල්ලි දීලා - භාණ්ඩාගාර රිසිට් පත් හමුවේ!
එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු සහ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන ආර්. පාස්කරලිංගම් කොටි ත්රස්තවාදීන්ට මහජනතාවගේ බදු මුදලින් මුදල් ගෙවා තිබෙන බවට ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා හෙළිදරවු කරනවා.
වර්ෂ 1989/90 එජාප රජය වකවානුවේදී භාණ්ඩාගාර ලේකම්වරයාව සිටි ආර්. පාස්කරලිංගම් මහතා හරහා මිනීමරු - කොටින්ට රු. මිලියන 125 ක මුදලක් මහජනයාගේ බදු මුදලින් ගෙවූ බවට වන රිසිට්පත් සමූහයක් තමා සොයාගෙන ඇති බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළා. කොටින්ට එලෙසින් මුදල් ගෙවූ ආර්. පාස්කරලිංගම් පසුගිය යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආර්ථික උපදේශකයා ලෙස කටයුතු කළ බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී හෙළිකළා.
හිටපු භාණ්ඩාගාර ලේකම් ආර්. පාස්කරලිංගම් හරහා මහජන බදු මුදල් කොටින්ට ලබාදුන් රිසිට්පත් තමා මහජනතාවට ඉදිරිපත් කරන බවත්, මේවා කූට ලේඛන නම් වහාම තමාට විරුද්ධව ඕනෑම තැනකට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
එදා මහජන බදු මුදලින් කොටින්ට මුදල් දුන් ආර්. පාස්කරලිංගම් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන උපදේශකයා ලෙස යහපාලන කාලයේ සියලු ආර්ථික ක්‍රියාවලින් මෙහෙය වූයේ කුමන අවශ්‍යතාව මතද යන ගැටලුව අද රට හමුවේ ඇතැයි ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීවේය.
එදා මහා භාණ්ඩාගාරයේ මහජන බදු මුදල් රට බෙදන බෙදුම්වාදීන්ට ලබාදුන්නේ ආර්. පාස්කරලිංගම් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ නමට බවත් ඔහු පසුගිය වසර තුනහමාරක කාලයේ සියලු ආර්ථික ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමේ කටයුතුවල මූලිකත්වය ගත් බවත් ඇමැතිවරයා කීවේය.
ආර් පාස්කරලිංගම් මහතාට පසුගිය රජයේ මුදල් අමාත්‍යාංශයේ කාර්යාලයක් තිබූ බවද ඔහු ඒ කාර්යාලයේ කටයුතු කළේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා ලෙස බවද ඇමැතිවරයා කීවේය. ආර්ථික තීන්දු තීරණ ගැනීමේ පසුගිය සාකච්ඡාවලට අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සහභාගි වූයේ ආර්. පාස්කරලිංගම් මහතා බවද කියා සිටියේය.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පි...
-
උදැල්ල රැගෙන කසිප්පු බොන්න යන අපේ රටේ හොර ගොවියෝ පොලිසියට මාට්ටු! ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂ...
-
සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි නැගෙනහිර ආණ්ඩුකාර M.L...