(නොපෙනෙන දේශපාලනයේ ඇත්ත හඳුනාගන්න )
=========================================
මහින්ද රාජපක්ශ විසින් ඔක්තෝබර් 26 වන දින අගමැති ධූරයට පත්වීමත් සමඟ රට පුරා රැල්ලක් ලෙස නැඟී ආ ප්‍රශ්නය වූයේ තව වසරක් බලා සිටියානම් 2/3 ඡන්ද පදනමක් සහිතව බලය ලබා ගත හැකිව තිබූ බවත් ඔහු සඉඅ ජනප්‍රියත්වය කලබලවීමෙන් අහිමි කරගත් බවත්ය, දෙසැම්බර් 13 වැනි දින අධිකරණ තීන්දුවත් සමඟ මෙම පැනය දෙගුණ තෙගුණ වී ඇසෙන ඇත. නමුත් මේ පැනය අසන කිසිවෙකු මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ජාතිකවාදී කඳවුරට කිසිලෙසින් අවංකව සහයෝගය නොදෙන්නන් වූවත්, මේ කිඹුල් කඳුළු සඳහා පැහැදිලි පිළිතුරක් දිය යුතුය. ඒ ඔක්තෝබර් 26 දේශපාලන යතාර්ථය අප සිතනවාට වඩා ගැඹුරු බවයි. සයුරමත පාවෙන හිම කන්දක මතුපිට බලා එහි මුළු ප්‍රමාණය නිගමනය කිරීමට නොහැකිවාක් මෙන් මෙම බලහුවමාරුව පිටු පස ඇති සැබෑ දේශපාලනික ගාමක බලය අවබෝධ කර ගැනීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අයිතිය මෙන්ම වගකීමද වන්නේය. මෙම ලිපියෙන් පැහැදිළි කරන්නේ ඒ දේශපාලන යතාර්ථයේ දිග පළලය.
කොටි සංවිධානයේ පරාජයෙන් පසුව ඔවුන් සතුව පැවැති බෙදුම්වාදි න්‍යාය පත්‍රය අතර ගත්තේ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සහ ලංකාවේ ඔවුන්ගේ (දෙමළ ජනතාවගේ නොව ) ලංකාවේ සෘජු නියෝජිතයා වන දෙමළ ජාතික සංධානයයි. ඔවුහු එවකට එල්ටීටීඊයේ මූලික පරමාර්ථය වූ වෙනම රාජ්‍යයක් ලබා ගැනීම යුධමය නොවන ව්‍යවස්ථානුකූල පෙරමුණකින් දියත් කරන ලදී. අවාසනාව වූයේ මෙම අභියෝගය හඳුනාගැනීමට බහුතර ශ්‍රී ලාංකිකයන් අසමත් වීම සහ අදටත් උත්සාහ නොකිරීමයි. එක්සත් ජාතික පක්ශ නායකත්වය ලිබරල් ධනවාදී දර්ශනයක් දැරුවද ඉන් කිසිදු ජාතික ජග්‍රහණයක් ලබාදීමට අසමත් වර්තමානයේදී අසමත් වී ඇත. මේ හේතුව සහ ඔව්න්ගේ උපන්ගෙයි දෝෂ කිහිපයක් නිසා විධායක ජධිපතිධූරයට තරඟ කර පත්වීමට රනිල් වික්‍රමසිංහ අසමත් විය. වර්ෂ කිහිපයක අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසුව ඔවුන් 2015 දී ඉතා සැලසුම්සහගත ව්‍යාපෘතියක් දියත් කරන ලදී. ශ්‍රී.ල.නි.ප ලේකම් මයිත්‍රීපාල සිරිසේන තමාගේ "රයිඩ්" එකකට ගත් අතර ජයග්‍රහණය ලැබීමට හැකි විය. නමුත් ඔහු දැන හෝ නොදැන සිදු වූයේ දෙමළ ජාතික සංධානය විසින් එ.ජා.ප ය "රයිඩ්" එකකට ගැනීමයි. ඒ පිලිබඳ දැනුම ඔහුට තිබුනද ඔහුගේ දේශපාලනික බෙලහීනත්වය විසින් වෙන විකල්පයක් ඉතිරිකර නොතිබුණි. දෙ.ජා.ස විසින් රනිල් හරහා ද්යත් කරනු ලැබුවේ වසර 20 කට වැදි කාලයක් ඔස්සේ ඔවුන් ජාත්‍යන්තරය සමඟ ක්‍රියාත්මක කරමිනි පැවැතුනු වෙනම රාජ්‍යක් සඳහා වූ ගමන් මඟෙහි අවසන් අඩියට ක්‍රියාත්මක කිරීමටය. මෙය විවිධ පියවර ගණනකින් එකතු වූ සංකීර්ණ ක්‍රියාවලියකි.
ඒජාප නියෝජුතයින් 2013 දී දෙමළ ඩයස්පෝරාව සමග සිංගප්පූරුවේ දී ඇති වූ පූර්ව ගිවිසුමක් අනුව ෆෙඩරල් ක්‍රමයේ විසදුමක් ලබාදීමට ඔහු එකඟ විය. මෙහි මූලික අදියර වූයේ චන්ද්‍රිකා රජය සමයේ දී ලියම් ෆොක්ස් හරහා එජාපය සමඟ යුද්ධයට විසන්දුමක් ලෙස බලය බෙඩීමකට එකඟ වීමය. ඔසුව මෙය 2000 පැකේජය , එජාප-එල්ටීටීඊ සටන් විරාමගිවිසුම හරහා සුනාමි සහන මංඩලය දක්වා වර්ධනය විය. 2015න් පසුව මෙම ක්‍රියාවලිය නැවතත් පන ගැන්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කමිටුව හමුවේ ඇමරිකා එක්සත් ජනපදය සමග සම සහයෝගීත්වයෙන් ඇතිකරගන්නා ලද 30/1 යෝජනාවය සමඟය. මෙම බෙදුම්වාදී යෝජනාව හරහා ඇතිකරගන්නා ලද එකඟතාවයන් අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පියවර දියත් විය. ජාතියේ අවාසනාවකට මෙම ක්‍රියාවලියේ පෙර ගමන් කරුවන් වූයේ ඒබ්‍රහම් සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න, ලාල් විජේනායක වැනි කොටි හිතවාදී කුප්‍රකට නීතිඥයින්ය. මහජන අදහසක් මත ව්‍යවස්ථා සම්පාදනයේ මූලික ක්‍රියාවලිය සිදු වුණ බවට වුන් කියා සිටියද දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් කිසිවකුට මේ සඳහා අදහස් ලබා දීමට අවස්ථාවක් ලබා නොදුනි ඔවුන් විසින් තෝරාගත් සීමිත පිරිසක් ගෙන් අදහස් ලබා ගත් අතර එය විනිවිදභාවයකින් තොරව කාරකසභා අවස්ථා වලදී බහුතර යහපාලනවාදී මන්ත්‍රීවරුන් විසින් සම්මත කරගන්නා ලදී. 2015 සිට සෑම වර්ෂයකම මාර්තු සහ සැප්තැම්බර් මාස වල දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිත යෙන් ම ක්‍රියාවලියේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ ඔවුන්ගේ මනදොළ සැපිරීම සදහා රජය විසින් ඊනියා මානව හිමිකම් චෝදනා යටතේ රණවිරුවන් සිය ගණනක් සිර ගෙවල් වලට දක්වන ලදී. එමෙන්ම යුද ගැටුම් සඳහා සෘජුව දායක වූ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සඳහා වන්දි ලබා දෙන ක්‍රියාවලිය නව පනතක් හරහා සම්මත කරගත්ත.
මේ සංකීර්ණ ක්‍රියාවලියේ සෙමින් සිදුවන විවිධ පියවරයන් ශ්‍රි ලාංකිකයාට කිසිසේත්ම අවබෝධ කරගැනීමට නොහැකි විය නමුත් නායයාමට පෙර කන්දක් තුළින් ගලන දිය දහරක් සේ එය අඛණ්ඩව ඉදිරියට ගියේය. 2019 මාර්තු යනු ඉතාමත් වැදගත් කඩඉමකි මක්නිසාදයත් සම්ප්‍රදායට සහ විවස්තානුකූල ප්‍රතිපාදන වලට පිටින් සකසා ගන්නා ලද විවස්තාව පාර්ලිමේන්තුව තුළ සම්මත කර ජනමත විචාරණයක් හරහා නීතියක් බවට පත් කරගැනීම රනිල් වික්‍රමසිංහ රජය විසින් පොරොන්දු වී තිබුනේ 2019 මාර්තු වලට පෙරය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් 2019 මාර්තුවලදී ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ්‍රි ලංකාව තුල නීතිගත වූ නව ව්‍යවස්ථාව දැක බලා ගැනීමට ය. සිය පොරොන්දු ඉෂ්ඨ කරගැනීමට ඇති අවසන් අවස්ථාව බව දත් රනිල් වික්‍රමසිංහ සැලසුම් කර තිබුණේ නොවැම්බර් මස ව්‍යවස්ථාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය. ජාතික ආණ්ඩුව තවදුරටත් පැවතුනේ නම් ඔවුන් සතුව පැවති තුනෙන් දෙකේ බහුතරය විතා කර ඉතා පහසුවෙන් මෙම දේශද්‍රෝහි ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ඔවුන්ට අවස්ථාව තිබුණි. ඒකාබද්ධ විපක්ෂය තමා රජය සතුව තිබූ තුනෙන් දෙකේ බහුතරය අහිමි කළ බවට කෙතරම් පුරසාරම් කීවද ඔවුන් සතුව ඇත්තටම තිබුණේ මන්ත්‍රීධූර හැත්තෑවක් පමණි. ව්‍යවස්ථාවක් වැනි ඉතාමත් තීරණාත්මක අවස්ථාවක බටහිර බලපෑම සහ පෞද්ගලික වරප්‍රසාද මත මන්ත්‍රීවරුන් ඒ සඳහා නම්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ හොඳින් දනී. මේ අයුරින් බලන කල ඔක්තෝබර් 26 න්ද රාජපක්ෂ විසින් බාර ගනු ලැබුවේ හුදු අගමැති තනතුරක් නොවේ ඔහු විසින් ශ්‍රී ලංකාව දෙවැනි වරටද අති බිහිසුණු මර උගුලකින් ගලවා ගෙන ඇත අවාසනාවට මෙවර ඔහු විසින් ශ්‍රී ලංකාව ගලවා ගනු ලැබුවේ අදෘශ්‍යමාන මර උගුලකිනි. එයට හේතුව වන්නේ ව්‍යවස්ථා වගන්ති වල ඇති බෙදුම්වාදී අභිලාෂයන් සාමාන්‍ය ජනතාවට විෂය නොවීමය. මහින්ද රාජපක්ෂ සිය දේශපාලන අනාගතය මෙන්ම ජාත්‍යන්තරය හමුවේ සිය කීර්ති නාමය උගස් කළේ මේ බරපතළ අභියෝගය හමුවේ දේශය ගලවා ගැනීමටය එසේත් නැත්නම් රනිල් වික්‍රමසිංහගේ ගෝලයෙන් පවසන පරිදි ඔහුට මේ තනතුරෙන් කිසිම වරප්‍රසාදයක් නොමැත.
තව කෙනෙකුට කියවන්න Share කරන්න