කොරෝනා අස්සේ ප්‍රථමවරට ලංකාවේ හැදුනු ශ්‍රී ලන්කන් අලුත්ම වැඩකාරයා එළියට (ඡායාරූප)
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රථම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය එළිදක්වයි (ඡායාරූප)
ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ප්‍රථම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සකස් කර එළි දැක්වීම අද සිදුකෙරුණා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා ප්‍රකාශ කළේ ගුවන් මගීන් ප්‍රවාහනය දැනට ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්වය නිසා අඩාල වී පැවතීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ අකාරයට ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රයට පිවිසීම සිදු කළ බවයි.
මෙම උත්සවය අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ 747 ප්‍රධාන නඩත්තු අංගනයේදී පැවැත්වුනා.
මෙම උත්සවය පැවති අවස්ථාවේ එම නඩත්තු අංගනය තුළ ගිනි දැල්වීම තහනම් වීම හේතුවෙන් චිරාගත සම්ප්‍රදායානුකූල පොල් තෙල් පහන දැල්වීම වෙනුවට, විදුලි බුබුළු සවි කර තිබූ පහනක් ආලෝකමත් කර තිබීමයි.
මෙලෙස භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් ලෙස සකස්කර ඇත්තේ ඒ.- 330 - 200 එයා බස් වර්ගයේ ගුවන් යානයක්.
යානය තුළ වූ ආසන ගලවා ඉවත් කර, භාණ්ඩ සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමට යෝග්‍ය වන පරිදි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් විසින් දින 10 ක් තුළ ගුවන් යානය සකස් කර තිබෙනවා.
මෙම ගුවන් යානය තුළ ඝන මීටර් 170 ක භාණ්ඩ ඇසිරීමේ පහසුකම් ඇති අතර, ඉන් මෙට්ට්‍රික් ටොන් 45 ක සමස්ථ ධාරිතාවය ඇති භාණ්ඩ තොගයක් එකවර ප්‍රවාහනය කළ හැකියි.
මෙම ගුවන් යානය හෙට (26) පළමු භාණ්ඩ තොගය රැගෙන සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතයි.
ඉදිරියේ දී මෙම ගුවන් යානය යුරෝපය, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඈත පෙරදිග ඇතුළු ගමනාන්ත 20 කට ගුවන් භාණ්ඩ රැගෙන ගුවන් ගතවීමට නියමිතයි.
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
giovedì 25 giugno 2020
giovedì 18 giugno 2020
ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනින් ගෝඨාභය රාජපක්ෂ වෙත මඩ ප්‍රහාරයක් - සුලමුල මෙන්න sri lanka
චන්දයට දිනකට පෙර එලියට දැමීමට නියමිත ව්‍යාජ ලෙස සැකසු වොයිස් එකක් එලියට? චැට් එකක් ලීක්
නිදහස් චතුරශ්‍රයේ සියදිවි නසාගත් රජිව් නැමැත්තකුගේ දුව ලෙස පෙනීසිටිමින් තම පියාට ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තර්ජන තිබූ බවට පවසමින් ඔවුන් විසින්ම නිර්මාණය කල වොයිස් කට් එකක් එලියට දැමීමට කල සැලසුමක් හෙලිවෙයි..
මේ පරාජයේ වියරුවෙන් දගලන 3% උතුර දකුන මාරු වූවන්ගේ එකක් පමණි.. මෙවන් කුමන්ත්රන තව බොහොමයක් තැන් තැන්වල කතාවෙමින් පවතිනු ඇත.. මේවාට හසුනොවන ලෙස බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලමු..එසේම මේ දිනවල ඔබවෙත එන ෆේස්බුක් රික්වෙස්ට් අවධානයෙන් බාර ගන්න.. මෙහි සදහන් පරිදි ඔවුන් ෆේක් වලින් මහින්ද වාදීන් ලෙසද සැරිසරනු ඇත..
මෙවන් කුමන්ත්රන අදාල බලදාරීන්ගේ අවදානයට යොමු වේවා.. ! සහරාන්ලා බිහිවෙන්නටද මෙවන් උගත් යැයි කියන රටට වින කරන කුමන්ත්රන කරුවන් ඉතා රුකුලක් වූවා යන්න අනුමාන කිරීම වරදක් නොවේ.. මෙය හෙළි නොවන්න සැබවින්ම එවන් වොයිස් එකක් එලියට ඒමටද ඉඩ තිබුනි..
මේ අදාල චැට් එකේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රථිරූපයට හානි කරන අයුරින් ව්‍යාජ වොයිස් කට් සැකසීමට යෝජනා කරන , අනුබලදෙන කාන්තාවගේ ෆේස්බුක් ගිණුම හා අනෙකුත් පුද්ගලයින්ගේ තොරතුරු පහතින් .
අනෙකුත් සාමාජිකයන් ගේ ෆ්ස්බුක් ලින්ක් පහතින්
නිරෝශන්
දර්ශන

අයේශා
මේ ඔවුන් එකම මිතුරන් බවට සනාත කල හැකි කමෙන්ට් තීරුවක්.. උපුටා ගත්තේ දමයන්ති නැමති කාන්තාවගේ මුහුණුපොතෙන්
දර්ශන

අයේශා
මේ ඔවුන් එකම මිතුරන් බවට සනාත කල හැකි කමෙන්ට් තීරුවක්.. උපුටා ගත්තේ දමයන්ති නැමති කාන්තාවගේ මුහුණුපොතෙන්
මෙන්න ඒ චට් ගෘප් එකේ සැලසුම් කරපු ආකාරය
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
domenica 5 aprile 2020
කොරෝනා හෙතුවෙන් ඉතාලියෙ ඔබට කුමොනයෙන් ලබාදෙන මුදල් ලබාගාන්නෙ කොහමද
Modulistica Covid-19 - Elenco Comuni
අත්‍යවශ්‍ය අහාර මිලදී ගැනීමට නගර සභාවෙන් නිකුත් කරන වවුචරය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහ එය ලබා දෙන ආකාරය වෙනස් නිසා පහත ඔබගේ නගරය යටින් ක්ලික් කරන්න.
අත්‍යවශ්‍ය අහාර මිලදී ගැනීමට නගර සභාවෙන් නිකුත් කරන වවුචරය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහ එය ලබා දෙන ආකාරය වෙනස් නිසා පහත ඔබගේ නගරය යටින් ක්ලික් කරන්න.
- සාමාජිකයන් 1 සිට 2 කින් සමන්විත පවුලකට යුරෝ 300 ක මුදලක්;
- සාමාජිකයන් 3 සිට 4 කින් සමන්විත පවුලකට යුරෝ 400 ක මුදලක්;
- සාමාජිකයන් 5 හෝ වැඩි පවුලකට යුරෝ 500 ක මුදලක්.
- මාර්තු මස 31 දින සිට අප්‍රේල් මස 16 දක්වා e -mail එකක් යවා ඉල්ලුම් කරන්න.
- RICHIESTA ASSEGNAZIONE DEL CONTRIBUTO ECONOMICO - COVID 19 යන මාතෘකාව සඳහන් කරන්න.
- Municipio di residenza අනුව ලිපිනය තෝරා ගන්න:
I mun1.emergenzacovid@comune.roma.it
II mun2.emergenzacovid@comune.roma.it
III mun3.emergenzacovid@comune.roma.it
IV mun4.emergenzacovid@comune.roma.it
V mun5.emergenzacovid@comune.roma.it
VI mun6.emergenzacovid@comune.roma.it
VII mun7.emergenzacovid@comune.roma.it
VIII mun8.emergenzacovid@comune.roma.it
IX mun9.emergenzacovid@comune.roma.it
X mun10.emergenzacovid@comune.roma.it
XI mun11.emergenzacovid@comune.roma.it
XII mun12.emergenzacovid@comune.roma.it
XIII mun13.emergenzacovid@comune.roma.it
XIV mun14.emergenzacovid@comune.roma.it
මෙම සහනය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමට ඉදිරි දින වලදී රෝම් නගරයේ ස්ථාපිත අපගේ කාර්යාලය නොමිලයේ සම්බන්ද කරගන්න:
- Piazza Vittorio "WIND" වෙළඳ සැල අසල
- 320 204 13 91 / 06 899 399 82
- පවුලකට යුරෝ 300 ක මුදලක්;
- සතියකට උපරිම යුරෝ 100 ක වියදම් සීමා කිරීමක්;
- වයස මාස 12 ක් දක්වා සෑම දරුවෙක් සඳහා යුරෝ 20 ක වැඩිපුර ගෙවීමක්.
- සුදුසුකම්:
- නාපොලි නගරයේ රෙජිස්ටෙර් වුන පවුලක් වීම.
- 27/03/2020 දින වෙද්දී ඔබගේ රැකියාවේ ගැටලු මතු වී තිබෙනවානම්. රැකියාව නොමැති වී තිබෙනවා නම් රැකියා කොන්ත්‍රාත් එකේ පැය ගාන අඩුවෙලා තිබෙනවා නම් රැකියාවෙන් පඩිය ගෙවන්නේ නැතිනම් ඒ අය මේකට සුදුසුකම් තිබෙනවා.
- Reddito di cittadinanza, disoccupazione, pensione sociale pensione වැනි ඉතාලි රජයෙන් ලබා දෙන මේ වගේ සහන දැනටමත් ලබා ගන්නවා නම් ඒ අයටත් මේ සහනය සඳහා ඇදුම් කිරීමට හැකියාව නැත.
- ඔබ job contratto එකක් සහිතව රැකියා කරනවා නම් ඒ අයටත් මේ සහනය සඳහා ඇදුම් කිරීමට හැකියාව නැත.
මෙම සහනය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමට නාපොලි නගරයේ අපගේ කාර්යාලය WHATTSAPP ( 327 789 04 13 ) මාර්ගයෙන් නොමිලයේ සම්බන්ද කරගන්න,
එසේ නොමැති නම් කාර්යාලයට පැමිණෙන්න.
- Piazza Dante "අයුබෝවන්" වෙළඳ සැල අසල
- 327 789 04 13 / 081 191 855 00
Pacco Spesa - අත්‍යවශ්‍ය අහාර මල්ලක් ලබා දීම
- paccospesa@comune.catania.it යන ලිපිනයට e -mail එකක් යවා ඉල්ලුම් කරන්න.
Buono Spesa - අත්‍යවශ්‍ය අහාර මිලදී ගැනීමට නගර සභාවෙන් නිකුත් කරන වවුචරය
- දැනටමත් comune servizio sociale අඳුනගෙන තිබෙන අය සඳහා මේකට සුදුසුකම් තිබෙනවා.
- Covid-19 නිසා ඔබගේ රැකියාවේ ගැටලු මතු වී තිබෙනවානම්. රැකියාව නොමැති වී තිබෙනවා නම් රැකියා කොන්ත්‍රාත් එකේ පැය ගාන අඩුවෙලා තිබෙනවා නම් රැකියාවෙන් පඩිය ගෙවන්නේ නැතිනම් ඒ අය මේකට සුදුසුකම් තිබෙනවා.
- ඒ වගේම Reddito di cittadinanza naspi pensione sociale pensione ඉතාලි රජයෙන් දෙන මේ වගේ සහන ගන්නවා නම් ඒ අයටත් මේ සඳහා ඇදුම් කිරීමට හැකියාව තියෙනවා. නිතරම ඔබ විසින් ලබාදෙන අයදුම් පත්‍රයේ ඒ ගැන සඳහන් කළ යුතු වෙනවා.
- අප්‍රියෙල් මාස 10 දින දවල් 12:00 ට කළින් අයදුම් පත්‍ර නගර සභා වෙත ඉදිරිපත් කරන්න ඕන බව මතක තබාගන්න.
- මේ සඳහා € 400 ක වටිනාකමක් ඇති කාඩ් එකක් තමයි ඔබට ලැබෙන්නේ.
- ඒ කාඩ් එකෙන් euro 300 ක් ආහාර සඳහා වියදම් කිරීමට පුළුවන්.
- ඉතිරි €100 අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වියදම් කිරීමට හැකියාව තිබෙනවා.
- කතානියා ශාඛාව වෙත පැමිණ මේ සඳහා අවශ්‍ය ඇදුම් පත්තර නගර සභාවට ඉදිරිපත් කිරීමේ හැකියාව නොමිලේ ලබාදී තිබෙනවා.
Buono Famiglia - නිවාස කුලී වාරික සහනය
- buonofamiglia@comune.catania.itයන ලිපිනයට e -mail එකක් යවා ඉල්ලුම් කරන්න.
මෙම සහනය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමට ඉදිරි දින වලදී කතානියා නගරයේ ස්ථාපිත අපගේ කාර්යාලය නොමිලයේ සම්බන්ද කරගන්න:
- කතානියා පොළ අසල
- 389 966 72 90 / 095 286 72 80
- Servizio Sociale Professionale Territoriale යන ආයතනයේ ශාකව ඔබගේ කොට්ටාශය (MUNICIPIO) අනුව තෝරා ගන්න.
- එම කොට්ටාශයට අදාල පහත සඳහන් tel no. මාර්ගයෙන් කාලයක් (APPUNTAMENTO) වෙන් කරගෙන සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 09:00 සිට 12:00 දක්වා එම ශාකාවට ගොස් ඔබගේ තත්වය පැහැදිලි කර අදාල සහන ලබා ගන්න.
Municipio 1
via Ugo Foscolo, 5 - scala A - 4° piano
tel. 02 884.41666 - 48298 - 65476
Municipio 2:
via degli Assereto, 19 - angolo via delle Abbadesse, 18
tel. 02 884. 46611 - 45456
Municipio 3:
via Pini, 1
tel. 02 884.47426 - 47927
via Monteverdi, 8
tel. 02 884.40631 - 40633 - 47425
Municipio 4:
via Barabino, 8
tel. 02 884.45440
via Anfossi, 25/a
tel. 02 884.48438
Municipio 5:
viale Tibaldi, 41
tel. 02 884.45433 – 45273 - 62892
Municipio 6:
viale Legioni Romane, 54
tel. 02 884.63570
via Gonin, 28
tel. 02 884.67161
via Di Rudinì, 3
tel. 02 884.65506
Municipio 7:
via Anselmo da Baggio, 54
tel. 02 884.65175 - 45611/2 - 65872
Municipio 7:
via Anselmo da Baggio, 54
Municipio 8:
via Aldini, 72
tel. 02 884.44240 - 44243 - 46673 - 54829
piazzale Accursio, 5
02 884.47083
via Consolini, 24 Edificio E
tel. 02 884.65520
Municipio 9:
via Brivio, 4
tel. 02 884.62811 - 65517
via Giolli, 29
tel. 02 884.46431 - 46672
via Sant’Arnaldo, 17
tel. 02 884.45777 - 65518
මිලානෝ නගරයේ ස්ථාපිත අපගේ කාර්යාලය නොමිලයේ සම්බන්ද කරගන්න:
- 320 975 77 54 / 02 941 590 16
- solidarietaalimentare@comune.lucca.it යන ලිපිනයට e -mail එකක් යවා ඉල්ලුම් කරන්න
- සාමාජිකයන් 1 සිට 2 කින් සමන්විත පවුලකට යුරෝ 200 ක මුදලක්;
- සාමාජිකයන් 3 සිට 4 කින් සමන්විත පවුලකට යුරෝ 320 ක මුදලක්;
- සාමාජිකයන් 5 හෝ වැඩි පවුලකට යුරෝ 400 ක මුදලක්.
- servizisociali@reggiocal.it යන ලිපිනයට e -mail එකක් යවා ඉල්ලුම් කරන්න
- සාමාජිකයන් 1 සිට 2 කින් සමන්විත පවුලකට යුරෝ 300 ක මුදලක්;
- සාමාජිකයන් 3 සිට 4 කින් සමන්විත පවුලකට යුරෝ 450 ක මුදලක්;
- සාමාජිකයන් 5 හෝ වැඩි පවුලකට යුරෝ 600 ක මුදලක්.
- අප්‍රේල් මස 6 දින සිට On-line application ඉදිරිපත් කිරීමට පහසුකම් සලස්වා තිබෙනු ඇත.
- ඒ වගේම reddito di cittadinanza, pensione sociale,carta rei, bonus ආදිය දීමනාවකට හිමි කරුවෙක් නම් මේ සහනය ලබා ගැනීමට හැකියාව නැති බව මතක් කරමු.
- පවුලේ කිසිම සාමාජිකයෙකුට තමන්ගේ bank account එකේ හෝ libretti postali වල € 6000 කට වඩා වැඩියෙන් මුදල් තියෙන්න බැහැ.
- ඔබට සතියට ලබාදෙන සහනය තීරණය වෙන්නේ තමන්ගේ මාසික ආදායම මතයි:
- අප්‍රේල් මස 6 දින උදේ 12:00 සිට 14 දින උදේ 12:00 දක්වා On-line application ඉදිරිපත් කිරීමට පහසුකම් සලස්වා තිබෙනු ඇත.
- BUONO SPESA මාර්ගයෙන් ලබා දෙන මුදලට වඩා වැඩි අගයක් තම පවුලේ කිසිම සාමාජිකයෙකුගේ bank account එකේ ඉතිරිව තිබෙන්න බැහැ.
- එක් පවුලකට එක් ඇදුම් පත්‍රයක් පමණක් ඉල්ලුම් කිරීමට අවස්ථාව තිබෙනවා.
- ඔබට සතියකට € 50 වටිනාකමක් ඇති වවුචර ලැබෙනවා.
- පවුලේ ඉන්න සාමාජිකයන් අනුව වවුචර ගණන වෙනස් වෙනවා සේම එහි උපරිම වටිනාකම පවුලකට € 400 කි.
- "istanza voucher sociali" යන මාතෘකාව සඳහන් කරන්න
- හැඳුනුම් පත, permesso di soggiorno, codice fiscale පිටපත් අමුණන්න.
- emergenzacovid@comunebn.it යන ලිපිනයට e -mail එකක් යවා ඉල්ලුම් කරන්න.
- එසේ නොමැතිනම් 379 197 30 04 යන දුරකථන අංකයට WHATTSAPP මාර්ගයෙන් යෙදුම් පතේ සහ හැදුනුම් පතේ photo එකක් යවන්න.
- රැකියාව අහිමි වී හෝ රැකියා කොන්ත්‍රාත් එකේ පැය ගාන අඩු වෙලා පවුලේ ආර්ථික තත්ත්වය පහළ වැටිල තියෙනවා නම් තමයි මේ සහනය ලබාගැනීමට හැකියාව තියෙන්නෙ.
- ඒ වගේම partiva iva එකක් තියෙන සුළු ව්‍යාපාරිකයන්ටත් මේ සහනය ලබා ගැනීමේ පහසුකම් තියෙනවා.
- reddito di cittadinanza, pensione sociale, carta rei, disoccupazione, ගන්න එක්කෙනෙක් නම් ඒ මුදල ගානයි € 300 ට වඩා අඩු නම් මේ සහන ලබා ගන්න පුළුවන්.
- පවුලේ කිසිම සාමාජිකයෙකුට තමන්ගේ bank account එකේ හෝ libretti postali වල € 3000 කට වඩා වැඩියෙන් මුදල් තියෙන්න බැහැ.
- ලබා දෙන BUONO SPESA වල අගය:
- පවුලේ සාමාජිකයන් දෙන්නෙක් දල්වා € 250 ක උපරිම වවුචරයක් ලබාගන්න පුළුවන්.
- පවුලේ බාල වයස් දරුවන් ඉන්නවා නම් හැම දරුවෙකුටම ඉවුර 50 බැගින් එකතු වෙනවා.
- මේ සහනයේ උපරිම අගය € 400 කි.
Buono Spesa - Messina Family Card
- Messina family card නමින් හදුන්වන මෙම සහනයක් ලබාගන්න පුළුවන් වෙන්නේ පවුලේ ආර්ථික තත්ත්වය බිඳවැටී තිබෙනවා නම් පමණයි.
- පවුලේ සාමාජිකයන් ප්‍රමාණය අනුව ලබා දෙන දීමනාව පහත සඳහන් ආකාරයට වෙනස් වෙනවා:
- එක සාමාජිකයෙක් නම් € 300 ක වටිනාකමක් ඇති වව්චරයක් ලබාදෙනවා.
- සාමාජිකයන් දෙකක් නම් € 400
- සාමාජිකයන් තුනක් නම් € 500
- සාමාජිකයන් හතරක් නම් € 600
- සාමාජිකයන් පහක් හෝ ඊට වැඩි නම් € 700.
- ලබා දෙන සහනයේ අගයට වඩා වැඩි මුදලක් ඔබගේ පවුලේ සමගිකයන්ගේ බැංකු ගිණුම් වල තිබෙන්න බැහැ.
- ඒ වගේම තමයි මේ ලබා ගන්නා මුදලට හෝ ඊට වැඩි වඩා ගයක් ඇති රජයෙන් ලබා දෙන වෙනත් වර්ගයේ සහනයක් ලබා ගන්නවා නම් reddito di cittadinanza,naspi, pensione sociale , pensione වගේ දේවල් තිබෙනවා නම් වවුචර ලබාගන්න බැහැ.
ගෑස්, විදුලි බිල්පත් සහ නිවාස කුලී වාරික සහනය
- මාර්තු, අප්‍රේල් සහ මැයි මස වලදී නිකුත් කරන ලද බිල්පත් සහ මාසික නිවස කුලිය ගෙවීමට නගර සභාවේ servizi sociali කාර්යාලය සම්බන්ද කරගන්න. ඔබගේ අදායම් බිඳවැටීම මත ඔවුන් සහන ලබාදීමට ඉදිරිපත් වෙනු ඇත.
මෙම සහනය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමට ඉදිරි දින වලදී කතානියා නගරයේ ස්ථාපිත අපගේ කාර්යාලය නොමිලයේ සම්බන්ද කරගන්න:
- කතානියා පොළ අසල
- 389 966 72 90 / 095 286 72 80
- catania@mondomigranti.org
- "istanza voucher sociali" යන මාතෘකාව සඳහන් කරන්න
- හැඳුනුම් පත, permesso di soggiorno, codice fiscale පිටපත් අමුණන්න.
- spesacovidancona@ggfgroup.it යන ලිපිනයට e -mail එකක් යවා ඉල්ලුම් කරන්න.
- මේ සහනයෙන් ලබා දෙන මුදලට වඩා අඩුවෙන් reddito di cittadinanza, disoccupazione, pensione sociale, pension අදින් මුදල් ලැබෙනවා නම් ඇදුම් කරන්න පුළුවන්.
- පවුලේ සාමාජිකයන් ප්‍රමාණය අනුව ලබා දෙන දීමනාව පහත සඳහන් ආකාරයට වෙනස් වෙනවා:
- එක සාමාජිකයෙක් නම් € 100 ක වටිනාකමක් ඇති වව්චරයක් ලබාදෙනවා.
- සාමාජිකයන් දෙකක් නම් € 200 ක්.
- සාමාජිකයන් තුනක් නම් € 300 ක්.
- සාමාජිකයන් හතරක් හෝ ඊට වැඩි නම් € 400.
- තමන්ගේ පවුලේ ආර්ථික තත්ත්වය මත මේ ගානට € 100 ක් එකතු වෙන්නත් පුළුවන්.
- දැනට මේ නගර Cagliari නගර සභාව දුරකතන මාර්ගය ඔස්සේ තමන්ගේ ආර්ථික අපහසුතාවය ප්‍රකාශ කරන්න කියලා තමයි තියෙන්නේ 070 677 40 00 ඒ අනුව ඔවුන් අදාල සහන ලබාදෙනවා කියලා.
- නගර සභාව තවමත් සූදානම් වෙමින් පවතින නිසා ඔබට ලබාගන්න පුළුවන් සහන වල වටිනාකම මොනවද කියලා නිශ්චිත වශයෙන් තවමත් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ .
- මේ නගර සභාවත් සූදානම් වී තිබෙන්නේ අදාල 035.399826 සහ 035.399910 යන දුරකථන මාර්ගයෙන්.
- සදුදා සිට සිකුරාදා දිනවලදී උදේ 09:00 සිට දවල් 12.00 දක්වාත්
- අඟහරුවාදා දින දවල් 14:00 ඉඳලා හවස 16.30 දක්වාත්.
- ඔවුන් සම්බන්ධ කරගෙන තමන්ට ඇති ආර්ථික අපහසුතාවයන් ගැන ඔවුන් දැනුවත් කිරීමෙන් පසුව අදාල වවුචර ඔවුන් ගෙදරටම ගෙනල්ලා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා.
- පවුලේ සාමාජිකයන් ප්‍රමාණය අනුව ලබා දෙන දීමනාව පහත සඳහන් ආකාරයට වෙනස් වෙනවා:
- එක සාමාජිකයෙක් නම් € 150 ක වටිනාකමක් ඇති වව්චරයක් ලබාදෙනවා.
- සාමාජිකයන් දෙකක් නම් € 250 ක්.
- සාමාජිකයන් තුනක් හෝ ඊට වැඩි නම් € 350.
- ඒ වගේම පවුලේ අවුරුදු තුනක් වයස වෙනකම් කුඩා දරුවන් ඉන්නවා නම් € 150ක් වැඩි වෙනවා.
- Reddito di cittadinanza, disoccupazione, pensione sociale pensione වැනි ඉතාලි රජයෙන් ලබා දෙන මේ වගේ සහන දැනටමත් ලබා ගන්නවා නම් මේ නගර සභාව BUONO SPESA වල අගයයෙන් එම මුදල් අඩුකරගෙන ලබා දෙන බවට සඳහන් කර තිබෙනවා
- සිරකුසා නගර සභාව විසින් මෙම සහනයට අයැදුම් කිරීමට ක්‍රමවේද දෙකක් හඳුන්වා දී ඇත:
- solidarietaalimentare@comune.siracusa.it යන ලිපිනයට e -mail එකක් යවා ඉල්ලුම් කරන්න.
- On-Line මාර්ගයෙන් අයැදුම් පත්‍රය ඉදිරිපත් කිරීම.
- මේ නගර සභාවෙන් ඔබට දෙන සහනයේ වටිනාකම තීරණය කරන්නේ ඔබගේ ආර්ථික අපහසුතාවය මතයි.
- "istanza voucher sociali" යන මාතෘකාව සඳහන් කරන්න
- හැඳුනුම් පත, permesso di soggiorno, codice fiscale පිටපත් අමුණන්න.
- buonispesa@comune.varese.it යන ලිපිනයට e -mail එකක් යවා ඉල්ලුම් කරන්න.
- මේ නගර සභාව සඳහන් කරන්නේ Covid-19 වෛරස් තත්ත්වය හේතුවෙන් තමන්ගේ ආර්ථික තත්ත්වය පසුබෑමකට ලක්වෙලා තියෙනවා නම් මේ සහනය ලබාගන්න පුළුවන් බව.
- ඒ වගේම reddito di cittadinanza naspi pensione sociale pensione ගන්නවා නම් ඔබ ඒ ඇදුම් පත්‍රය ඒ ගැන සඳහන් කළ යුතුයි.
- නගර සභාව මේ සහන ලබාදීම සඳහා වර්ග තුනකට පවුල් වෙන්කර තිබෙනවා:
- පළවෙනි ඛණ්ඩය: Covid-19 වෛරස් තත්ත්වය හේතුවෙන් ඔබට රැකියාවට යන්න බැරි වුණා නම් එහෙම නැත්න රැකියාව නැති උනානම්
- පවුලේ සාමාජිකයන් එක්කෙනුකට රැකියාව අහිමි උනානම් € 200 ක් වටිනාකමින් ඇති වවුචර ලැබෙනවා.
- පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට රැකියාව අහිමි උනානම් € 350 ක් කලින් සඳහන් කල € 200 ට එකතු වෙනවා.
- දෙමව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් ඉන්නවනම් ඒ අවස්ථාවේ දී € 250 ක් එක් පවුලකට ලබාදෙනවා.
- පවුලේ කුඩා දරුවන් හෝ ආබාධිත තත්ත්වය පසුවෙන සාමාජිකයන් ඉන්නවා නම් € 100 බැගින් වැඩි වෙනවා.
- දෙවෙනි ඛණ්ඩය: Covid-19 වෛරස් තත්ත්වයට කලින් ඉදන්ම ඔබට රැකියාවට යන්න බැරි වුණා නම් එහෙම නැත්න රැකියාව නැති උනානම්
- පවුලේ සාමාජිකයන් එක්ක කෙනෙක් ඉන්නවනම් € 200 ක් වටිනාකමින් ඇති වවුචර ලැබෙනවා.
- පවුලේ සාමාජිකයන් ඊට වඩා වැඩියෙන් ඉන්නවා නම් එක් කෙනෙකුට € 200 බැගින් වැඩි වෙනවා.
- දෙමව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් ඉන්නවනම් ඒ අවස්ථාවේ දී € 250 ක් එක් පවුලකට ලබාදෙනවා.
- පවුලේ කුඩා දරුවන් හෝ ආබාධිත තත්ත්වය පසුවෙන සාමාජිකයන් ඉන්නවා නම් € 100 බැගින් වැඩි වෙනවා.
- තුන්වෙනි ඛණ්ඩය: Reddito di cittadinanza, disoccupazione, pensione sociale pensione වැනි ඉතාලි රජයෙන් ලබා දෙන මේ වගේ සහන දැනටමත් ලබා ගන්නවා නම්:
- ඉහත සඳහන් කල සහන 50% ක් දක්වා අඩු වෙනවා
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආසාදිතයෙකු ඇසුරු කිරීමක් නිසා පන්නිපිටියේ 45ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත
ආසාදිතයෙකු ඇසුරු කිරීමක් නිසා පන්නිපිටියේ 45ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත
නිරෝධායන කි‍්‍රයාවලියට සම්බන්ධ වූ තවත් පිරිසක් අද (05) දිනයේ සිය නිවෙස් බලා පිටත්ව යන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මේ අතර කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු සමග සමීප ඇසුරක් පවත්වා ඇතැයි ඊයේ (04) සවස ලැබුණු තොරතුරු අනුව පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 45 දෙනෙකු අද (05) අලුයම වන විට පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත දින 14ක නිරෝධායන කටයුතු සඳහා ඇතුළත් කර තිබෙනවා.
ඒ පිළිබඳවද යුද හමුදාපති, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැහැදිළි කළා.
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
giovedì 2 aprile 2020
උදැල්ල රැගෙන කසිප්පු බොන්න යන අපේ රටේ හොර ගොවියෝ පොලිසියට මාට්ටු!
උදැල්ල රැගෙන කසිප්පු බොන්න යන අපේ රටේ හොර ගොවියෝ පොලිසියට මාට්ටු!
ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂක අංශ රවටමින් උදේ හවස මත්පැන් පානය සඳහා යන එන පුද්ගලයකු පිළිබඳව යක්කලට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.
ගොවිතැනෙන් දිවි ගෙවන පිරිසක් වෙසෙන ගම්මානයකි. ඔහු දවස පුරා සුරා පානයෙන් කල් ගෙවන පුද්ගලයෙකි. ඔහු නිකරුණේ කාලය ගෙවනවා විනා කරන කටයුත්තක්ද නැත.
ඇඳිරි නීතිය පැනවීමත් සමග මේ පුද්ගලයාට දිනපතා චර්යාව අනුව මත්පැන් පානය සඳහා යාමට බාධාවක් ඇතිවිය. දින කිහිපයක් කල් ගත කළේ අමාරුවෙනි. මේ අතර ගොවිතැන් කටයුතුවලට බාධාවක් නොවන බව ගුවන් විදුලියෙන් ඔහුට ඇසුණේය. ඒ සමගම ගණදෙවි නුවණ පහළවිය.
පසුදා හිමිදිරියේම උදැල්ලක් පාපදියේ බැඳගත් ඔහු කෙලින්ම ගියේ කසිප්පු පොළටය. ආපසු ආයේය. හවසද ඒ ආකාරයෙන්ම ගියේය. ඒ අනුව දැන් දිනපතා ගමනේ යෙදෙන්නේ ගොවිතැන් කටයුතු සඳහා යන බව අඟවමිනි. ආරක්ෂක අංශ පරීක්ෂාවේදී කියන්නේ මම කුඹුරට යනවා හෝ කුඹුරේ සිට ගෙදර එන බවය.
උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
mercoledì 31 luglio 2019
පිළිකා රෝගීන්ට ගුණ දෙන අහාර වර්ග 30ක්
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පිළිකා නසන ආහාර ගැන ….ඔබත් අද ඉදන් ඔබේ ආහාර වේලට මේ විශ්මිත ආහාර වර්ග එකතු කරගන්න
පිළිකා නසන ආහාර වර්ග
පිළිකා නසන ආහාර වර්ග
- කරවිල
පෝෂණ ගුණයෙන් සපිරි එළවළුවකි. පිළිකා රෝගීන්ට ගුණදෙයි. කිරිදෙන මව්වරුන්ට හා ගැබිනි මව්වරුන්ට යෝග්‍ය ආහාරයකි. නමුත් එහි පවතින තිත්ත ගතිය නිසා වැඩිදෙනාගේ මෙම එළවළුවට පි‍්‍රය නැහැ. දියවැඩියාවට ගුණදෙයි. එනම් රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමයි. රුධිරය පිරිසිදු කිරීමේ ගුණය ඇත. පිළිකා නාශක ගුණයට අමරතව රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. සමේ පලු දැමීම දුරු කරයි. ඇස්වල දීප්තිමත් භාවය රැක දෙයි.
අර්ශස් රෝගීන්ට ගුණයි. හේතුව මල බද්ධය නැති කරන බැවිනි. අධික තරබාරුව නැති කරයි. අත් පා වල හිරිගතිය දුරු කරයි. අකලට කෙස් වැටීම නැති කරයි. පණු රෝග නැති කරයි. කරවිල විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා, බඩවැලේ ඇතිවන පිළිකා, පියයුරු පිළිකා සඳහා ගුණයි. මෙය පිසීමේදී කැබලිවලට කපා ලුණු වතුරේ බහා තබා පිස ගත හැකියි.
රාත්‍රී කාලයේදී ආහාරයට ගැනීම සුදුසු නැතියි පවසන්නේ රාත්‍රියේ ඇවිදීමේදී සර්ප දෂ්ටනයකට ඇති බිය නිසාය. මෙහි අඩංගු පෝෂක අතරට කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින් ඒ,බී.සි, කේ, අඩංගුව ඇත. ක්ෂුද්‍ර පෝෂක ලෙස කැල්සියම්, පොටෑසියම්, මැංගනීස්, පොස්පරස්, සෝඩියම් අන්තර්ගතයි.
- අනෝදා
අනෝදා පළතුරකි. විශේෂයෙන්ම මෙහි පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් ඇත. බඩවැලේ පිළිකා, පෙනහළු පිළිකා අග්න්‍යාශයේ පිළිකා, පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාවක් පවතී.
වෛරස් බැක්ටීරියා නාශක ගුණය බඩවැල්වල සිටින පණුවන් නැති කරයි. එසේම අධික රුධිර පීඩනය නැති කිරීමට උදව් වේ. මානසික ආතතිය දුරලයි. ස්නායු ආබාධවලට ගුණයි. ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයි. මුහුනේ පැහැය ඇති කරයි. හෘද රෝග නැති කරයි. ඇදුම නැති කරයි. ඇස් රෝග නසයි. මුත්‍රා ගල්වලට ගුණ දේ.
පිත්තාශගත රෝග නසයි. ඇට මිදුළු හා දත් ශක්තිමත් කරයි. මාංශ පේශීන් වර්ධනය කරයි. දියවැඩියාව පාලනය කරයි. පිළිකාවකදී ඇතිවන හිසකේ ගැලවී යාම, බර අඩුවීම වැනි ලක්ෂණ අඩු වේ. ශරීරයේ බලය ඇති කරයි. ශක්තිය ඇති කරයි. මනා ප්‍රසන්න පෙනුමක් ඇති කරයි. අනෝදාවල පිළිකා නසන ගුණ රාශියක් ඇති බව නූතන පර්යේෂණවලින් ඔප්පු කර ඇත. අනෝදා පිළිකා වර්ග 12ට ගුණ දෙන බව සොයාගෙන ඇත.
මෙහිදී සිදුවන්නේ පිළිකා වර්ධන වේගය අඩු කිරීමයි. ශරීරය දුර්වල වීමට ඉඩ නොතබයි. නමුත් ශරීරයේ නිරෝගී සෛල විනාශ කරන්නේ නැත. අනෝදා, විෂ්මයාර්ථ ගුණදෙන පලතුරකි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම නවතියි. මුත්‍රා දැවිල්ල දුරු කරයි. තුවාල සුව කිරීම ඉක්මන් කරයි. සමේ රෝග නැති කරයි. සන්ධි රෝගවලට ගුණදෙයි. කකුල් ඉදිමුම නැති කරයි. දත් හා අස්ථි ශක්තිමත් කරයි. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් මෙහි ඇති පෝෂක කොටස්වලින් කොටසකි. විටමින් හා ක්ෂුද්‍ර පෝෂක සෝඩියම් මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් ඇත.
- දූරියන්
මනා ගුණදෙන පලතුරකි. කාන්තා රෝගවලට ගුණදෙයි. සිරුර සිසිල් කරයි. බලය වඩයි. ශක්තිය වඩයි. පිපාසය දුරලයි. වද භාවය නැති කරයි. පුරුෂ ශක්තිය වඩයි. පිළිකා නසන ගුණය ඇත. පිළිකා සෑදීමේ වේගය අඩු කරයි. ඇස් පෙනීම දියුණු කරයි. සම රැළි වැටීම නැති කරයි. කෙස් දීපිතිමත් කරයි. ඇස් දීප්තිමත් කරයි. කෑම රුචිය වැඩි කරයි. ආහාර හොඳින් දිරවයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
ඇට මිදුළු සහ දත් ශක්තිමත් කරයි. තරුණ බව රැක දෙයි. විදුරුමස්වලින් ලේ ගැලීම නැති කරයි. හොඳින් කන් ඇසීම ඇති කරයි. ස්නායු රෝගවලට ගුණ දේ. කොලෙස්ටරෝල් හා දියවැඩියාව නැති කරයි. විදුරුමස් ශක්තිමත් කරයි. තරුණ බව රැක දෙයි. විටමින් ඛ් බහුලයි. ක්ෂුද්‍ර පෝෂක ලෙස සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් ඇත. කාබෝහයිඩ්රේට් හා ප්‍රෝටීන් හා ප්‍රධාන පෝෂක ද බහුලව ඇත.
- රතු අල (බීට්රූට්)
පිළිකා නසන ගුණය ඇත. මල බද්ධය දුරු කරයි. තුවාල ශෝධනය කරයි. අධි රුධිර පීඩනය අඩු කරයි. පිළිකා වර්ධන වේගය අඩු කරයි. පිළිකා සෛල නැති කරයි. අක්මාව හා වකුගඩු ආරක්ෂා කරයි. අධික තරබාරුව නැති කරයි. ප්‍රදාහ නැති කරයි. රුධිරය නිපදවීමට උදව් වේ. බඩදැවිල්ල නැති කර දමයි. බඩ තුළ හටගන්නා තුවාල නැති කරයි. දත් මුල්වලින් රුධිර පිටවීම නැති කරයි. සම පැහැපත් කරයි. අක්මා රෝග දුරලයි. පිත්තාශයේ රෝග ද දුරු කරයි. නහර ගැට ගැසීම වළකයි. අතීසාරයට ගුණයි. අර්ශස් නැති කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
දත් ශක්තිමත් කරයි. අස්ථි ශක්තිමත් කරයි. මල පිටවීම පහසු කරයි. බීට් රූට් ආහාරයට ගැනීමෙන් පසු හොඳින් වතුර පානය කළ යුතු වන්නේ ශරීරයේ පවතින විස කොටස් පහ කිරීමට පහසු මඟක් වීම හේතු කොටගෙනයි. බීට්රූට් පිසීමේදී අධික තාපය අහිතකර වේ. මන්ද යත් විටමින් ඛ් ඉවත්ව යන නිසයි. විටමින් ඛ් වලට අමතරව ඕ2 සහ ඕ6 මෙන්ම ක්ෂුද්‍ර පෝෂක කොටස් වන කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, මැංගනීස්, කොපර්, සෝඩියම් ඇත. යකඩ බහුලව ඇත.
- නස් නාරං
විටමින් සී බහුල පළතුරකි. හෘද රෝගවලට ගුණ දේ. විදුරුමස්වලින් රුධිරය ගලායාම නවත්වයි. ඇස් රෝග වළකාලයි. පිළිකා නසන ගුණයක් පවතී. පිළිකා සෛල වර්ධන වේගය අඩු කරයි. හෘද රෝග ඇතිවීම වළකයි. ආහාර දිරවීම පහසු කරයි. උදර වේදනාවට ගුණ දේ. නැති වූ පටක අළුත්වැඩියාව ඉක්මන් කරයි. ශරීරයේ අනවශ්‍ය මේද ඉවත් කරයි. කොලෙස්ටරෝල් අධිකව ඇති අයට ගුණ දේ. නීරක්තිභාවයට ගුණ දේ. අක්මාව ආරක්ෂා කරයි. ගර්භනීන්ට ගුණයි. ප්රතිශ්යාවට ගුණ දෙයි. ප්‍රතිශ්‍යාව සෑදීම වළක්වයි. මළ බද්ධයට ගුණ දේ. මල බද්ධය නැති කරයි.
අධික තරබාරුව නැති කරයි. අන්ත්‍රවල පවතින විෂ රසායනික ඉවත් කිරීමට උදව් කරයි. ප්‍රදාහ නසයි. විෂබීජ නාශකයි. ඇට සහ දත් වැඩීමට උදව් වෙයි. මානසික ආතතිය නැති කරයි. වකුගඩු රෝගවලින් පෙළෙන අයට ගුණ නැත. හේතුව මෙහි පොටෑසියම් බහුලව පැවතීමයි. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේදය සහ විටමින් B වර්ග ඇත. ඊට අමතරව විටමින් C A E K ඇත. කැල්සියම්, කොපර්, මැංගනීස්, යකඩ, පොස්පරස්, සින්ක් මෙහි ඇත. නාරං සකසා පානයක් ලෙස බීම නිසා එහි පවතින නියමිත පෝෂක කොටස් අපතේ යාම වැළකේ.
06 වැල්මී
06 වැල්මී
වැල්මී පිළිකා නාශක ඖෂධයකි. වයිරසවලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාවෙන් ද යුක්තය. Epstein – Barrvirus වලට එරෙහිව ක්‍රියාකරන අතර Interferon නිෂ්පාදනය දිරිමත් කර ශරීරයේ පිළිකාවලට එරෙහිව ස්වභාවික Natural Killer Cell Activity මඟින් පිළිකා සෛල විනාශ කරයි. බොහෝ පිළිකා නාශක දේශීය ඖෂධීය ශාකවල මෙම හැකියාව දක්නට ඇත.
මේ හැරුණු විට අක්මා සෛල වලට වන හානි වැළැක්වීමෙන් අසාත්මිකතා මැඩ පැවැත්වීමේ ශක්තියෙන් ද යුක්තය.
Triterpenes k Glcyyrrhizin මඟින් පිළිකා ඇතිකරන සාධකවලට එරෙහිව ක්‍රියා කරයි. අක්මාවේ ඇතිවන මාරාන්තික පිළිකා වැළැක්වීමේ හැකියාවක් වැල්මීවලට ඇතිබව සොයාගෙන ඇත. අප නිතර ආහාරයට ගන්නා කරවිල momordica charatia පිළිකා නාශක ගුණ යුත් අගනා එළවළුවකි. Momordicine ග්ලුකෝසයිඩයක් අඩංගු කරවිල යකඩ කැල්සියම් පොස්පරස් සහ විටමින් බී යන මිනිස් සිරුරට අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථයන්ගෙන් ද යුක්තය.
07 මුකුණුවැන්න
07 මුකුණුවැන්න
මුකුණුවැන්න ශාකයට බොහෝ සමානකම් ඇති කීකිරිඳිය ශාකය දේශීය වෙදකමේ හිස ගල්වන ඖෂධීය තෙල්වර්ග නිෂ්පාදනය සඳහා බෙහෙවින් යොදා ගැනේ. භෘංගරාජ නමින් ආයුර්වේදයෙහි සංස්කෘත නාමයෙන් හැඳින්වේ. වෙල් ඉපනැලිවල කුඹුරු නියරවල ඉබේටම වැඩේ. පළාවක් වශයෙන් ද රසවත්ය. උද්භිද විද්‍යා නාමය Eclipta prostate ය. Ecliptine. Nicotine, Resin ක්‍රියාකාරී රසායන අඩංගුය. අක්මාවේ සෛලහානි වීම වළක්වා සෛල වර්ධනය කිරීමට උපකාරවත් වීමේ හැකියාවෙන් පොහොසත් බැවින් අක්මා පිළිකා වැළැක්වීමටත් උපකාරවත් වේ. එසේම අක්මාව විසින් සිදුකරනු ලබන විෂ නැසීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ හැකියාව නිසා යම් යම් පිළිකා නාශක විෂ ද්‍රව්‍ය වලින් සිරුර රැකගැනීමේ හැකියාවද තිබේ.
ආයුර්වේදයේ මෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්රමයේ ද බහුලව භාවිතා වන අමුක්කරා නැමැති ඖෂධය Withaniya Sominifera ලෙසින් උද්භිද විද්‍යාත්මකව හැඳින්වන ශ්‍රී ලංකාවේද වැවෙන එහෙත් බහුල වශයෙන් නොවැවෙන මෙම ශාකයේ අල ඖෂධ වශයෙන් යොදා ගැනේ. අශ්වගන්ධ යනු සංස්කෘත නාමයයි. පුරුෂ ශක්තිය වඩවන වියපත් වීමේදී ඇතිවන දුර්වලකම් දුරලන වාත ශමන ගුණයුත් මා හැඟි ශා ඖෂධයකි. Withaniol, Sominiferin, සහ Phytosterol යන ක්‍රියාකාරී පදාර්ථයන් අඩංගුය. Potassium, Nitrate හා තවත් ඇල්කලොයීඩ් අඩංගුය. අලවල ඇති Alkaloid ප්‍රමාණය 013% – 0.31% පමණ වේ.
අසාධ්‍ය මුඛ පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවලදී අශ්වගන්ධ ශාකය ඖෂධ වශයෙන් භාවිත කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙන බව සොයාගෙන තිබේ.
08 දෙළුම්
08 දෙළුම්
පළතුරක් මෙන්ම මාහැඟි ඖෂධයක් වන දෙළුම් පිළිකා නාශක ගුණ ඇති ශාකයකි. දෙළුම් ශාකයේ ගෙඩි, ඇට, ලෙලි, පොතු සහ මුල් පිළිකා නාශක ගුණයෙන් පොහොසත්ය. ටැනිත් මෙහි බහුලව දක්නට ලැබෙන රසායනිකයි. ප්‍රෝටීන තෛල ෆයිබර් මෙන්ම කැල්සියම්, මැග්නීසියම්, ඔක්සලින්, ඇසිඩ්, පොස්පරස් යකඩ, සෝඩියම්, පොටෑසියම්, තඹ, සල්පර්, ක්ලෝරින්, කැරොටින්, තයමින්, රිබොපෙලේවින්, නිකොටිනික් අම්ල, විටමින් සී, පයිරිඩින් කාණ්ඩයට අයත් ඇල්කලොයිඩ හා වෙනත් ක්‍රියාකාරී පදාර්ථ රාශියක් අඩංගුය. පිළිකා හේතුකොටගෙන සිදුවන රක්තපාත (ලේ ගැලීම්) සඳහා යෙදිය හැකි වටිනා ඖෂධයකි.
කෘමිනාශක රුචි කාරක මල භේදක ගුණයෙන් ද යුක්තවන අතර ප්‍රතිජීවක ඖෂධයක් වශයෙන් ක්‍රියා කරයි. විශේෂයෙන් පාචන රෝග ඇතිකරන සුලු ශුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කරයි.
09 අංකෙන්ද
09 අංකෙන්ද
ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයෙහි ගිරිපර්පට නමින් හඳුන්වනු ලබන අංකෙන්ද ශාකයට නෑකම් ඇති Podophyllum Heyandrum උද්භිද නාමයෙන් හඳුන්වන ශාකය පිළිකා නාශක ගුණයෙන් ඉතාමත් පොහොසත් ශාඛයකි.ෙමිනිස් සිරුරේ ඇතිවන Adenocarcinoma, melanoma, මෙන්ම Sarcoma වර්ගයේ පිළිකා සඳහා මෙය ගුණදායක ඖෂධයක් වන අතර ධූලක ඖෂධ වශයෙන් භාවිත කෙරේ.
භූනිම්බ හෝ කාල්මේඝ නමින් සංස්කෘත භාෂාවෙන් හඳුන්වනු ලබන කුඩා ශාකය ශ්‍රී ලංකවේ කිරාන තිත්ත ලෙස වෛද්‍යවරුන් විසින් ද වල් බිංකොහොඹ නමින් ද සාමාන්‍ය ජනතාව විසින් හඳුන්වනු ලබන Andrographis paniculata ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ වර්ෂය පුරා වැවෙන මෙම කුඩා ශාකය අඟල් 19 – 20 පමණ උසට වැවේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මෙම ශාකය අධික තිත්තය. සිසිල් ගුණ යුක්තයි. උණ සුව කරයි. මල බද්ධයට විශේෂයි. ප්‍රදාන සමනය කරයි. පණුරෝග වලට ගුණදායකයි. ආහාර අරුචිය දුරලන අතර රුචිකාරකයි. කැස්ස කල්ගත උණ මැලේරියා සුව කරයි. බඩ පිපීම වළක්වයි. සමේ රෝග සුවකරයි. අර්ශස් රෝග සුව කරයි. කාල්මේඝ හෝමියෝපති වෛද්‍ය ක්රමයේද යොදාගනි.
10 බිංකොහොඹ
Andrographolide,Abicyclic Diterpenoid lactone and Kalmeghin අඩංගුය. මේ රසායනික මෙම ශාකයේ බහුලව අන්තර්ගතය.
මෙම රසායනිකයන් ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියේ උද්දීපනය සඳහා ක්‍රියා කරනු ලබයි. මෙම ශාකය දෙ ආකාරයකින් ක්‍රියා කරයි.
1 Antigen specific response
2 Non Specific immune response
මේ හේතුවෙන් විවිධ ආසාදන හා පිළිකා රෝග සඳහා විශේෂයෙන් ගුණදායකයි. පිළිකා සෛල සාමාන්‍ය සෛල මෙන් සෛල වර්ධනයේ සියලු අවස්ථා පසු නොකරයි. මෙයට හේතුව Signal Tran10sduction නිසිලෙස සිදුනොවීමයි මේ නිසා පිළිකා සෛල නිසි ලෙස මේරීමට පත්නොවේ. එබැවින් විෂම ක්‍රියා කරයි.
ඇමරිකාවේ කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇති ආකාරයට කිරාන තිත්ත ශාකයේ ක්‍රියාකාරී පදාර්ථ කාන්තාවන්ගේ පියයුරු පිළිකා සෛල මත Tomoxifen ඖෂධය සමානව ක්‍රියා කරයි. ජගත් ඖෂධ පාලක අධිකාරියේ අනුමැතිය සහිතව මෙම ශාකය සම්බන්ධව කරන ලද පර්යේෂණයට අනුව පෞරුෂ ග්‍රන්ථි පිළිකා සහ පියයුරු පිළිකා තත්වයට ද ගුණදායක බව හෙළිවී තිබේ.
11 කටුපිල
11 කටුපිල
ශ්‍රී ලංකාවට ආවේණික ශාක 150 අධික සංඛ්‍යාවක් ඇත. මින් සෑහෙන ප්‍රමාණයක පිළිකා නාශක ගුණ ඇති බව විශ්වාස කෙරේ. මෙතෙක් නිසි විද්‍යාත්මක හැදෑරීම් සිදුකර නොමැත. ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍යවරුන් ශාක 700ක් පමණ රෝග ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබයි. මින් බොහොමයක පිළිකා නාශක ගුණ පවතී. ත්‍රිපලා නමින් හඳුන්වනු ලබන කවුරුත් දන්නා අරලු බුලු නෙල්ලි එකතුව මහඟි පිළිකා නාශක ඖෂධයකි. ජීර්ණ පද්ධතියේ රෝගවලට විශේෂය. මෙම ඖෂධ එකතුව ලේ පිරිසුදු කිරීමේලා ශ්‍රේෂ්ඨය. මිනිසුන්ට වැලඳෙන අග්න්‍යාශික පිළිකා මීයන්ට ඇතිකර කරන ලද පර්යේෂණයකදී පිළිකා සෛලමිය යාමේ ක්‍රියාවලිය උත්තේජනය කිරීම තුළින් පිළිකාව විනාශ කිරීමටත් ප්‍රමාණයෙන් කුඩා කිරීමටත් හැකි බව සොයාගෙන ඇත. විශේෂය වනුයේ කිසිදු විෂ ක්‍රියාවක් වාර්තා නොවීමයි. නිරෝගි සෛලවලට බලපෑමක් සිදු නොවීමයි.
කටුපිල ශාක ඖෂධ පහතරට තෙත් හා වියළි දේශගුණක ප්‍රදේශවල බහුලව වැඩේ. අනෙකුත් ප්‍රභේදවලද දැකිය හැකිය. කොත්තමල්ලි ඇටයකට වඩා මදක් විශාල කටුපිල ගෙඩි සුදු පාටින් යුක්තය. ගෙඩි හටගත්විට සුදු පාට පබලු එල්ලුවා මෙන් දිස්වේ. උද්භිද විද්‍යා නාමය Flueggea leucovrurrs willd flacoutia nirea moon Securiuega මීටර් 5 සිට 4 දක්වා උසට වැවෙන කටු සහිත පඳුරු ශාකයකි. අතු ශක්තිමත් වන අතර අග්රස්ථය කටුසහිතය. කොළ හෘදයාකාර හෝ වටකුරුය. සෙම් 0.75 සිට 3 පමණ වේ. කොළවල යටිපස යාන්තමින් බූවක් තිබේ. මල් කොළට හුරු කහපාටයි. ආයුර්වේද පොත්පත්වල ශරපුංඛා නමින් හැඳින්වේ. තිත්ත රස වන අතර ලඝු, රුක්ෂ, තීක්ෂණ, ගුණයි උෂ්ණ වීර්යයයි. කටුක විපාකයි. අර්ශෝස්න ගුණය නිසා රක්ත අර්ශස්වලට ගුණයි. විෂ නාශක ගුණය රක්ත ප්‍රසාදනී ගුණය හේතුකොටගෙන පිළිකාවලට වුවද ගුණදායක වේ. යටිපතුලේ හටගන්නා පිළිකාවලට ගසේ පංචාංගය කහලුණු, ලා කොටා මලවා බැඳීම ගර්භාෂගත ගෙඩි වලට කටුවිල කොළ ගස් කරල්හැබ කොළ එක සමානව ගෙන කොටා වණ්ඩුවේ තම්බා ගත් යුෂ මීපැණි සමඟ බීමට, අක්මාවේ පිළිකාව සහ ගෙඩිවලට කටුපිල කෂාය ගම්මිරිස් කුඩු සමඟ දීම කටුපිළිකයට කටුපිල කොළ පොතු දිවුල් ලාටු කුකුරුමාන් කොළ පොතු ලුණු සමඟ කොටා මලවා බැඳීම මේ ආදි වශයෙන් කටුපිල ශාකය පිළිකා සඳහා ද යොදා ඇත. කටුපිල ශාකය පමණක් නොව තවත් ඖෂධ රාශියක් පිළිකා සඳහා ගුණදායක බව තහවුරු කර ඇත.
12 කළුදුරු
12 කළුදුරු
පිළිකාවලට එරෙහි ශාක ඖෂධ අතරින් මුල් තැන ගන්නකි. Nigella sativa උද්භිද විද්‍යාත්මක නාමයයි. බොහෝ ඈත අතීතයේ පටන් විවිධ රටවල ජනතාව විවිධ රෝග සඳහා කළුදුරු යොදා ගෙන තිබේ. මධ්‍යධරණී ප්‍රදේශවල අරාබිකරයේ ජනතාව ශ්වසන ආබාධ උදරාබාධ හිසරදය සෙංගමාලය හා පිළිකා සඳහා මෙම ඖෂධය භාවිතා කර තිබේ. මීයන් යොදා කරන ලද පර්යේෂණවලදී කළුදුරු නිස්සාරක මීයන්ගේ පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කරනු ලබන බව සොයාගෙන තිබේ. Cisplatin නැමැති පිළිකා නාශක ධූලක ඖෂධයෙන් ලේ සෛලවලට සිදුවන හානිය වැළැක්වීම් ශක්තියක් කළුදුරුවලට ඇති බව පෙනීගොස් ඇත.
කළුදුරු වල ඇති Volatile oil, Thymoguinoline හා Dithimoquiuone යන ක්‍රියාකාරී පදාර්ථ පිළිකා සෛල වර්ධනය අඩපණ කරන බව Inhihit රසායනාගාර පර්යේෂණවලින් තහවුරු වී තිෙබ්. පිළිකා නාශක ධූලක ඖෂධවලට පිළිකා සෛල ප්‍රතිරෝධය දක්වන අවස්ථාවලදී පවා කළුදුරු ඊට එරෙහිව ක්‍රියා කරන බව තහවුරු වී තිබේ. කළුදුරු බීජවල අති ප්‍රෝටීන වලට cytokines සහ inter leukin I Beta සහ tumor necrosis factor alpha ප්‍රතිශක්ති කාරක පද්ධති ශක්තිමත් කිරීමේ හැකියාව අති බව සොයාගෙන ඇත.
13 කැරට්
13 කැරට්
කැරට් වල අන්තර්ගත beta carotene සංයෝග මඟින් පෙනහළු පිළිකා, ආමාශය , උගුර ආශ්රිත පිළිකා මර්ධනය කරවයි.
14 මුහුදු පැළෑටි
14 මුහුදු පැළෑටි
මේවා beta carotene, ප්‍රෝටීන, තන්තු, විටම්න් හා chlorophyll වලින් සමන්විත වේ. මේ මුහුදු පැළෑටි වල අන්තර්ගත chlorophyll වල ඇති මේද අම්ල පිළිකා වලට එරෙහිව සටන් කරයි.
15 අලිගැටපේර
15 අලිගැටපේර
අලිගැටපේර වල glutathione නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් අඩංගු වේ. එමඟින් ශරීරයේ අන්ත්‍රමය අවශෝෂණයන්ට බාධා පමුණුවන විවිධ හේතූන් විනාශ කරයි. අලිගැටපේර අක්මාව ආහ්‍රිත පිළිකා හා අක්මාව ආශ්රිත හානි වීම් සුව කරවයි.
16 මිරිස්
16 මිරිස්
මෙහි අන්තර්ගත capsaicin නම් රසායනය මඟින් පිළිකාකාරක ද්‍රව්‍ය උදාසීන කරනවා මෙන්ම ආමාශයික පිළිකා ඇති වීම වළකාලයි.
qqq
17 ගස්ලබු
17 ගස්ලබු
vitamin C අඩංගු මෙම පළතුර ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා මෙන්ම එමඟින් පිළිකාකාරක nitrosamine ආහාරයන්ගෙන් අවශෝෂණය කරගැනීම වළක්වයි. අධ්‍යනයන්ගෙන් සොයාගෙන ඇත්තේ ගස්ලබු වල ගැබ්ගෙළ පිළිකා හා වෙනත් පිළිකා අවම කරන folacin අඩංගු බවයි.
18 සුදුළූණු
18 සුදුළූණු
සුදුළූණු වල ප්රතිශක්තීකරණය වඩවන allium සංයෝග අඩංගු වන අතර, එමඟින් පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තීකරණ සෛල වලට හැකියාව ලැබේ.
19 ඇපල්
19 ඇපල්
ඇපල් තුළ ඇති ස්වාභාවික කෙඳි හා පෝෂ්‍ය පදාර්ථයන් පිළිකා සෛල ගොඩනැගීම වැලක්වීම සඳහා සටන් කිරීමට උපකාර වනවා. ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නිපදවනවා. හැබැයි ඉතින් ලංකාවේ අපිට කන්න ලැබෙන ඇපල් වල නම් මේ හැකියාව තියේද කියන එක හරිම සැක සහිතයි. මොකද අද වෙළඳපොලේ තියෙන්නේ සම්පුර්ණයෙන්ම විෂ පොවන ලද පලතුරු. ඒවා කෑවොත් පිළිකා සුව වෙන එක කෙසේ තවත් ලෙඩ හැදෙන්න පුළුවන්.
20 කහ
20 කහ
ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල භාවිතා වන කුළුබඩු විශේෂයක් වන කහ වල කර්කියුමින් නම් රසායනික ද්‍රව්‍ය අඩංගුවේ. සාමාන්‍ය සෛල වලින් පිලිකා සෛල ඇතිවීම අඩු කරයි. පිලිකා සෛල ගණනය වීම අඩු කරයි. පිලිකා සෛල ශරීරය පුරා ව්‍යාප්ත වීමද වලක්වයි. පිලිකා සෛල විනාශ කිරීම සඳහා ශරීරයට හැකියාව ඇති කරයි.
21 මාළු
21 මාළු
ශරීරයේ විටමින් ඩී මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා ඉහල මට්ටමකින් පවතින පිලිකා රෝගීන්ගේ එසේ නොවන රෝගීන්ට වඩා ආයු කාලය දිගු වන බව සොයා ගෙන ඇත. විටමින් ඩී හිරු එළිය නිරාවරණය වීම මගින්, ආහාර මගින් සහ බෙහෙත් ද්‍රව්‍ය මගින් ලබා ගත හැක. විටමින් ඩී බහුල ආහාරයක් ලෙස සැමන් මසුන් හඳුන්වා දී ඇත. එම මාළු ආහාරයට ගැනීම පිලිකා මර්ධනයට වැදගත් වනු ඇත.
22 කොළ තේ (Green Tea)
22 කොළ තේ (Green Tea)
ග්‍රීන් ටී මගින් පිළිකා සෛල විනාශ වන බවට සාක්ෂි ලැබී ඇත. නමුත් ඉන් පිලිකා ඇතිවීම වලක්වන බව අදහස් නොකරයි. ඇතැම් පිලිකා සෛල වල පරිවෘතීය වෙනස් කිරීමට ග්‍රීන් ටී වලට හැකියාව ඇත.
23 රතු මිදි
23 රතු මිදි
ලොව පුරා මරණිය ආබාධයක් ලෙස පිළිකා සැලකේ. මෙම මරණිය ආබාධය සාර්ථකව මැඩලීමේ හැකියාවක් රතු මිදි වලට ඇත. එමගින් පියයුරු පිළිකා, උදරයේ පිළිකා සහ අක්මාගත ආබාධ වලින්ද ඔබව ආරක්ෂා කරවයි.
ඔබට මිදි වල ඇති සම්පූර්ණ ගුණය ලබා ගැනීමට අවශ්‍ය නම් කෘමිනාශක ද්‍රව්‍ය නොයෙදූ මිදි ලබා ගැනීමට උත්සාහ කරන්න. එමෙන්ම එක් වරකට මෙම පලතුරෙන් ගෙඩි 5ක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත් වේ
24 දොඩම් යුෂ
24 දොඩම් යුෂ
මේවායෙහි පුරස්ථි පිළිකා වර්ධනය වීම වළක්වාලන සංඝටක අඩංගු බව හෙළිවී ඇත.
ශ්‍රී ලංකාවේ දේශිය වෛද්‍ය ක්‍රමය හැරුන විට වෙනත් රටවල වෛද්‍ය ක්‍රම මගින්ද පිළිකා රෝගීන්ට යම් යම් සහන සලසයි චීන කටු චිකිත්සාව මින් එක් ක්රමයකි. චීන කටු චිකිත්සාව මගින් පිළිකා රෝගීන්ගේ දැඩි වේදනාව ඖෂධවලින් තොරව පාලනය කළ හැක.
ස්වභාවික වෛද්‍ය විද්‍යා හෙවත් නැචුරොපති ක්‍රමය ස්වභාවික ඖෂධ ජලධාරා ප්‍රතිකාර, ව්‍යායාම හා චිත්ත සමාධි ක්‍රම මගින්ද පිළිකා රෝගීන්ට සහන සැලසිය හැකි අතර හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන්ද පිළිකා නාශක ඖෂධ රැසක් හදුන්වා දී ඇත.
25 තක්කාලි
25 තක්කාලි
පිළිකා වැඩීමේ වේගය අඩුකරන හා ග්ලියෝමා නම් මොළයේ පිළිකා ගැටිති වලට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ඇති විටමින් ඒ සහ ලයිකොපේන් අඩංගු වේ.
26 තද දුඹුරු පැහැති චොක්ලට්
26 තද දුඹුරු පැහැති චොක්ලට්
කොකෝවා 70්% කට වැඩි ප්‍රමාණයක් අඩංගු චොක්ලට්වල පිළිකා සෛල වැඩීමේ වේගය අඩු කරන Proauthocyanidins සහ Phyphenols යන ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ.
27 මල්ගෝවා
27 මල්ගෝවා
මේවායෙහි Sulforaphane සහ Indole/3(arbinols(13c) අඩංගු වන අතර පිළිකාකාරක ද්‍රව්‍යන්ගේ විෂ නැසීමට සමත් ප්රතිපිළිකාකාරකයකි.
28 පිළිකා සෛල පැතිරීම වම්බටු මගින් පාලනය කරයි.
28 පිළිකා සෛල පැතිරීම වම්බටු මගින් පාලනය කරයි.
වම්බටු ටර්පේන් ලබා ගත හැකි හොඳම මාර්ගයකි. අනෙක් පටකයන් ආක්‍රමණය කිරීමට පිළිකා සෛලවලට අවශ්‍ය එන්සයිම අවහිර කිරීෙමන් පිළිකා කාරක ගැටිති මත මේවා ක්‍රියා කරයි. රොස්මේරි මිංචි ආදී පැළෑටි ද ටර්පේන් පවුලට අයත් අත්‍යාවශ්‍ය තෙල්වලින් පොහොසත්ය.
29 කුම්බලා මාළු පිළිකා සෛල පැතිරීම නතර කරයි.
29 කුම්බලා මාළු පිළිකා සෛල පැතිරීම නතර කරයි.
පෙණහලු, පියයුරු, මහ බඩවැල, පුරස්ථි ග්‍රන්ථි හා වකුගඩු ආදියේ අර්බුදකාරී ගැටිතිවල පිළිකා සෛළ වැඩීම අඩු කරන ඔමෙගා 3 වැනි මේද අම්ල ලබා ගත හැකි ප්‍රධාන මාර්ගයක් ලෙස කුම්බලාවන් සැලකේ. සතියකට දෙවරක් මාළු ආහාරය ගැනීමෙන් පිළිකා හට ගැනීම වළක්වා ගත හැකි බව අධ්‍යයනයන් ගෙන් හෙළි වී තිබේ. ප්‍රතිශක්ති සෛල උත්ෙත්ජනය කරන සිලේනියම් (Selenium) වලින්ද මේවා පොහොසත්ය.
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Iscriviti a:
Post (Atom)
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන්න ඇමති අලි අමාරුවක… වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා.. මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
-
කිරිඇල්ල ගේ මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… මහා මාර්ග අමාත්‍යාංශය ය...













