ලොව ඉහළ ම උද්ධමන අනුපාතයක් වාර්තා කරන රටවල් ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පැමිණෙන්නට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව ප්‍රවීණ අර්ථ ශාස්ත්‍රඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසනවා.
ඇමරිකාවේ බැල්ටිමෝර්හි ජෝන් හොප්කින්ස් (Johns Hopkins) විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හෑන්ක් 2922 මාර්තු මාසය වෙනුවෙන් නිකුත් කළ උද්ධමන ප්‍රතිශතය ඇතුළත් නවතම වාර්තාව අනුවයි ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇත්තේ.
මහාචාර්ය ස්ටීව් හෑන්ක් විසින් පසුගිය පෙබරවාරි මාසයේදී නිකුත් කළ මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටියේ 6 වන ස්ථානයයි.
නමුත් මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව තවත් ස්ථාන 3 කින් ඉහළට පැමිණෙන්නට සමත් වී තිබෙනව.
මෙම නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන අනුපාතය දැක්වෙන්නේ 119% වශයෙන්.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන සිම්බාබ්වේ රාජ්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාත දැක්වෙන්නේ 207% ක් වශයෙන්.
එමෙන්ම දෙවැනි ස්ථානයේ පසුවන ලෙබනනය 150%ක වාර්ෂික උද්ධමන අනුපාතයක් වාර්තා කරනවා.
ශ්‍රී ලංකාව හැරුණු විට මෙම ලැයිස්තුවේ සිටින අනෙක් එකම ආසියාතික රට වන පාකිස්තානය පසුවන්නේ එකොළොස් වන ස්ථානයේයි.
පාකිස්තානය පෙබරවාරි මාසයේ නිකුත් කළ වාර්තාවේ ද එකොළොස් වන ස්ථානයේම රැඳී සිටියා.
මේ අතර ශ්‍රී ලංකාවේ රොකට්ටු වේගයෙන් ඉහළ නගින උද්ධමන අනුපාතය සම්බන්ධයෙන්ද දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරන අර්ථ ශාස්ත්‍රඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් වැඩි දුරටත් පවසා සිටින්නේ මෙම උද්ධමන වේගය ඉහළ යෑම නව රජය පත්වීමෙන් අනතුරුව ගන්නා ලද ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් බරපතළ තත්ත්වයකට පත්වූ බවයි.
මේ තත්ත්වයට ශ්‍රී ලංකාව ගොදුරු වීමට හේතු වූ දේශපාලනික සහ ආර්ථික හේතු කාරණා පැහැදිලි කරන මහාචාර්යවරයා පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව ඔහු පවුලේ සාමාජිකයන් ආණ්ඩු පාලනයට එක් කර ගැනීම මෙම අර්බුදයට මුල් වූ බවයි.
මේ හේතුවෙන් මිලියන විසි 22ක ජනගහණනයක් සිටින ශ්‍රී ලංකාව අද වන විට බරපතල ආර්ථික කඩා වැටීමකට ලක් වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පැවැති මහ මැතිවරණයෙන් තුනෙන් දෙකකට වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගෙන අත්පත් කර ගත් විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඔහු ප්රමුඛ වත්මන් ආණ්ඩුව විසින් සිදු කළ ව්‍යවස්ථා සංශෝධන, ආර්ථිකය සහ මහ බැංකුව දැඩි ලෙස දේශපාලනීකරණයට ලක් කිරීම අද පවතින ආර්ථික ගැටලු තීව්ර කිරීමට හේතු වී ඇති බවයි මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වා දෙන්නේ.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 44ක්%කින් අව ප්‍රමාණය වී ඇති අතර වාර්ෂික උද්ධමන අනුපාතය විශ්මයජනක ලෙස 74.5%ක අගයක් ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.
මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ රට තුල උද්ගත වී ඇති බරපතළ ආර්ථික අවපාතය හමුවේ පසුගිය සතියේ දී ශ්‍රී ලංකාව නිල වශයෙන් සිය ණය ගෙවීම් අත්හිටුවන බව සියලුම ණය ලැබීම් කරුවන්ට දන්වා සිටි අතර ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ මහජනතාව වීථි බැස සිදුකරන විරෝධතා සහ උද්ඝෝෂණ මෙම අර්බුදය තවදුරටත් ගැඹුරු කිරීමට සමත් වී ඇති බවටයි.
මෙම තත්ත්වය වහාම කළමනාකරණය නොගතහොත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය තත්ත්වය තවත් අවුලෙන් අවුලට පත් වන බවට මෙම ආර්ථික විශේෂඥයා අනතුරු අඟවනවා.
ශ්‍රී ලංකාවේ උද්ධමනයට හේතුව තීරණය කිරීම සඳහා, මෙම විශේෂඥයා සිදු කළ ගණනය කිරීම්වලදී පසුගිය වසරක පමණ කාලය තුළ මෙරට ආර්ථිකයට දැඩි ලෙස ප්‍රේෂණය වූ දේශීය මුදල් ප්‍රමාණය ඉහළ යාම තීරණාත්මක කාර්ය භාරයක් සිදු කර ඇති බව පැහැදිලියි වන්නේ යැයි ඔහු ගේ වාර්තාවේ සඳහන්.
එහිදී ඔහු 2010-2019 කාලය සඳහා මුදල් සැපයුම ගණනය කර ඇති අතර එම කාලය තුළ දී දේශීය ආර්ථිකයට ප්‍රේෂණය වූ ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය සහ ඉන්පසු කාලසීමාවේ දී ආර්ථිකයට ප්‍රේෂණය වූ ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය අතර ඇදහිය නො හැකි වෙනසක් ඇති බවත් ඔහු සඳහන් කරනවා.
ඔහුගේ ගණන් බැලීම් අනුව 2010-2019 සඳහා, 15.5% ක් වූ මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය, 15.8% ක් වූ රන් වර්ධන අනුපාතයට ගැලපුනු බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස එම කාලසීමාව සඳහා වසරකට සාමාන්‍යයෙන් 5.2% ක උද්ධමන අනුපාතයක් තිබූ බවත් මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසනවා.
නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුක රාජපක්ෂ පාලනය බලයට පත් වීමෙන් පසු, මුදල් සැපයුමේ වර්ධන වේගය අහස උසට නැඟෙන්නට පටන් ගත් අතර එය 2021 පෙබරවාරි මාසයේදී වසරකට සියයට 23.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අවසන් කර ගැනීමට සිදු කළ හැකි හොඳම ක්‍රියා මාර්ගය ලෙස ඔහු නැවත නැවතත් අවධාරණය කරන්නේ වර්ෂ 1884 සිට 1950 දක්වා මෙරට ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලය නැවත බලාත්මක කිරීම බවයි.
ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සිදු කරන මෙම මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ 1884 මැයි මස තුන් වැනි දින ඔරියන්ටල් බැංකු පද්ධතිය අසාර්ථක වීමත් සමග ඊට ප්‍රතිචාර වශයෙන් ලංකා මුදල් මණ්ඩලය පිහිටුවනු ලැබූ බවයි.
ඒ අනුව ලංකාවේ කඩදාසි මුදල් ආඥාපනත (1884 අංක 32), 1884 දෙසැම්බර් 10 දින සම්මත කරන ලද අතර, ඒ සමඟ මුදල් මණ්ඩලය ද පිහිටුවනු ලැබුවා.
මෙම මුදල් මන් මණ්ඩලය කොමසාරිස්වරුන් තිදෙනෙක් - එවකට ජනපද ලේකම්, භාණ්ඩාගාරික සහ විගණක - මණ්ඩලයක අධීක්ෂණයට ද යටත් වුණා.
ඔහු සඳහන් කරන්නේ හිතුමතයට මුදල් මුද්‍රණය කිරීමේ අධිකාරීමය බලයක් නො මැති මෙවැනි මණ්ඩලයක් හරහා ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලසුම් සහ බැංකු පද්ධතිය පරිපාලනය කළ යුතු බවටයි.