venerdì 21 dicembre 2018

‘‘අපගේ පිපාසය දෙමළ ඊළමයි.. සටන අමතක වෙලා නෑ ‘‘ කොටි ලාංජන සහිතව යාපනය පුරා පෝස්ටර ඇලවෙයි

‘‘අපගේ පිපාසය දෙමළ ඊළමයි.. සටන අමතක වෙලා නෑ ‘‘ කොටි ලාංජන සහිතව යාපනය පුරා පෝස්ටර ඇලවෙයි

දෙමළ ජාතික කොටින්ගේ සටන අමතක කොට නොමැති බව සදහන් කරමින් අද (20) අලුයම යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ එල් ටි ටි ඊ සංවිධානයේ ලාංජනයෙන් යුතු පෝස්ටර අලවා තිබු බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යාපනය වල්ලෙයි මුනීශ්වරන් කෝවිල ආසන්න ප්‍රදේශයේ අදාළ පෝස්ටර අලවා තිබු බවයි.

කොටින්ගේ පිපාසය දෙමළ ඊළමයි යනුවෙන්ද අදාළ පෝස්ටරයේ සදහන්ව පවතින බවද ආරක්ෂක අංශ සදහන් කළේය.

පසුගියදා මුලතිව් වෙරළ තීරයේ තිබී එල් ටි ටි සංවිධානයේ කොඩියක්ද ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබු අතර,ආරක්ෂක අංශ පැවසූවේ පැරණි නොවු කොඩියක් එලෙස සොයාගෙන ඇති බවයි.

යාපනය වඩමාරච්චි පෝස්ටර ඇලවීම හා මුලතිව් ප්‍රදේශයෙන්  එල් ටි ටි සංවිධානයේ කොඩියක් සොයා ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වයි.


තව කෙනෙකුට කියවන්න Share  කරන්න

mercoledì 19 dicembre 2018

යුධ අපරාධ චෝදනා - ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර යුධ අධිකරනය සැරසෙයි.

ද්‍රවිඩ ජාතිකයන් 500 ක්‌ අතුරුදන්වීම පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් ඒකකයේ ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරි යස්‌මින් සුකා ජාත්‍යන්තර අධිකරණය ඉල්ලා ඇත.
2017 මැයි 17 සිට මැයි 19 තෙක්‌ හමුදාවට බාරවූ පිරිස අතුරුදන් වී ඇති බවට විමර්ශන වාර්තාවක්‌ මගින් ජාත්‍යන්තර අධිකරණයට පෙන්නුම් කර තිබේ.
ළමුන් 29 ක්‌ ඇතුළු කොටි ක්‍රියාකාරීන්ගෙන් පවුල් හමුදාවට බාර වී ඇති බවද යස්‌මින්සුකා දන්වා ඇත. එහෙත් මේ විමර්ශන වාර්තාව සනාත කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌ පෝරාවේ සහාය මත කටයුතු කරන හිටපු බීබීසී වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරීසන් බව හෙළිවී ඇත.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය පිළිගෙන නැති නිසා එහි විමර්ශන නිලධාරීන්ට මෙරටට පැමිණ ජෙනරාල්වරයාගෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක්‌ නැත.
– Divaina
තව කෙනෙකුට කියවන්න Share  කරන්න

sabato 15 dicembre 2018

දශක දෙකක බෙදුම්වාදී න්‍යායපත්‍රය අහෝසි කළ ඔක්තෝබර් 26 මෙහෙයුම
(නොපෙනෙන දේශපාලනයේ ඇත්ත හඳුනාගන්න )
=========================================

මහින්ද රාජපක්ශ විසින් ඔක්තෝබර් 26 වන දින  අගමැති ධූරයට පත්වීමත් සමඟ රට පුරා රැල්ලක් ලෙස නැඟී ආ ප්‍රශ්නය වූයේ තව වසරක් බලා සිටියානම් 2/3 ඡන්ද පදනමක් සහිතව බලය ලබා ගත හැකිව තිබූ බවත් ඔහු සඉඅ ජනප්‍රියත්වය කලබලවීමෙන් අහිමි කරගත් බවත්ය, දෙසැම්බර් 13 වැනි දින අධිකරණ තීන්දුවත් සමඟ මෙම පැනය දෙගුණ තෙගුණ වී ඇසෙන ඇත. නමුත් මේ පැනය අසන කිසිවෙකු මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ජාතිකවාදී කඳවුරට කිසිලෙසින් අවංකව සහයෝගය නොදෙන්නන් වූවත්, මේ කිඹුල් කඳුළු සඳහා පැහැදිලි පිළිතුරක් දිය යුතුය. ඒ ඔක්තෝබර් 26 දේශපාලන යතාර්ථය අප සිතනවාට වඩා ගැඹුරු බවයි. සයුරමත පාවෙන හිම කන්දක මතුපිට බලා එහි මුළු ප්‍රමාණය නිගමනය කිරීමට නොහැකිවාක් මෙන් මෙම බලහුවමාරුව පිටු පස ඇති සැබෑ දේශපාලනික ගාමක බලය අවබෝධ කර ගැනීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අයිතිය මෙන්ම වගකීමද වන්නේය. මෙම ලිපියෙන් පැහැදිළි කරන්නේ ඒ දේශපාලන යතාර්ථයේ දිග පළලය.


කොටි සංවිධානයේ පරාජයෙන් පසුව ඔවුන් සතුව පැවැති බෙදුම්වාදි න්‍යාය පත්‍රය අතර ගත්තේ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සහ ලංකාවේ ඔවුන්ගේ (දෙමළ ජනතාවගේ නොව ) ලංකාවේ සෘජු නියෝජිතයා වන දෙමළ ජාතික සංධානයයි. ඔවුහු එවකට එල්ටීටීඊයේ මූලික පරමාර්ථය වූ වෙනම රාජ්‍යයක් ලබා ගැනීම යුධමය නොවන ව්‍යවස්ථානුකූල පෙරමුණකින් දියත් කරන ලදී. අවාසනාව වූයේ මෙම අභියෝගය හඳුනාගැනීමට බහුතර ශ්‍රී ලාංකිකයන් අසමත් වීම සහ අදටත් උත්සාහ නොකිරීමයි. එක්සත් ජාතික පක්ශ නායකත්වය ලිබරල් ධනවාදී දර්ශනයක් දැරුවද ඉන් කිසිදු ජාතික ජග්‍රහණයක් ලබාදීමට අසමත් වර්තමානයේදී අසමත් වී ඇත. මේ හේතුව සහ ඔව්න්ගේ උපන්ගෙයි දෝෂ කිහිපයක් නිසා විධායක ජධිපතිධූරයට තරඟ කර පත්වීමට රනිල් වික්‍රමසිංහ අසමත් විය. වර්ෂ කිහිපයක අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසුව ඔවුන් 2015 දී ඉතා සැලසුම්සහගත ව්‍යාපෘතියක් දියත් කරන ලදී. ශ්‍රී.ල.නි.ප ලේකම් මයිත්‍රීපාල සිරිසේන තමාගේ  "රයිඩ්" එකකට ගත් අතර ජයග්‍රහණය ලැබීමට හැකි විය. නමුත් ඔහු දැන හෝ නොදැන සිදු වූයේ දෙමළ ජාතික සංධානය  විසින් එ.ජා.ප ය "රයිඩ්" එකකට ගැනීමයි. ඒ පිලිබඳ දැනුම ඔහුට තිබුනද ඔහුගේ දේශපාලනික බෙලහීනත්වය විසින් වෙන විකල්පයක් ඉතිරිකර නොතිබුණි. දෙ.ජා.ස විසින් රනිල් හරහා ද්යත් කරනු ලැබුවේ වසර 20 කට වැදි කාලයක් ඔස්සේ ඔවුන් ජාත්‍යන්තරය සමඟ ක්‍රියාත්මක කරමිනි පැවැතුනු වෙනම රාජ්‍යක් සඳහා වූ ගමන් මඟෙහි අවසන් අඩියට ක්‍රියාත්මක කිරීමටය. මෙය විවිධ පියවර ගණනකින් එකතු වූ සංකීර්ණ ක්‍රියාවලියකි.



ඒජාප නියෝජුතයින් 2013 දී දෙමළ ඩයස්පෝරාව සමග සිංගප්පූරුවේ දී ඇති වූ පූර්ව ගිවිසුමක් අනුව ෆෙඩරල් ක්‍රමයේ විසදුමක් ලබාදීමට ඔහු එකඟ විය. මෙහි මූලික අදියර වූයේ චන්ද්‍රිකා රජය සමයේ දී ලියම් ෆොක්ස් හරහා එජාපය සමඟ යුද්ධයට විසන්දුමක් ලෙස බලය බෙඩීමකට එකඟ වීමය. ඔසුව මෙය 2000 පැකේජය , එජාප-එල්ටීටීඊ සටන් විරාමගිවිසුම හරහා සුනාමි සහන මංඩලය දක්වා වර්ධනය විය. 2015න් පසුව මෙම ක්‍රියාවලිය නැවතත් පන ගැන්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කමිටුව හමුවේ ඇමරිකා එක්සත් ජනපදය සමග සම සහයෝගීත්වයෙන් ඇතිකරගන්නා ලද 30/1 යෝජනාවය සමඟය. මෙම බෙදුම්වාදී යෝජනාව හරහා ඇතිකරගන්නා ලද එකඟතාවයන් අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පියවර දියත් විය. ජාතියේ අවාසනාවකට මෙම ක්‍රියාවලියේ පෙර ගමන් කරුවන් වූයේ ඒබ්‍රහම් සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න, ලාල් විජේනායක වැනි කොටි හිතවාදී කුප්‍රකට නීතිඥයින්ය. මහජන අදහසක් මත ව්‍යවස්ථා සම්පාදනයේ මූලික ක්‍රියාවලිය සිදු වුණ බවට වුන් කියා සිටියද දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් කිසිවකුට මේ සඳහා අදහස් ලබා දීමට අවස්ථාවක් ලබා නොදුනි ඔවුන් විසින් තෝරාගත් සීමිත පිරිසක් ගෙන් අදහස් ලබා ගත් අතර එය විනිවිදභාවයකින් තොරව කාරකසභා අවස්ථා වලදී බහුතර යහපාලනවාදී මන්ත්‍රීවරුන් විසින් සම්මත කරගන්නා ලදී. 2015 සිට සෑම වර්ෂයකම මාර්තු සහ සැප්තැම්බර් මාස වල දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිත යෙන් ම ක්‍රියාවලියේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ ඔවුන්ගේ මනදොළ සැපිරීම සදහා රජය විසින් ඊනියා මානව හිමිකම් චෝදනා යටතේ රණවිරුවන් සිය ගණනක් සිර ගෙවල් වලට දක්වන ලදී. එමෙන්ම  යුද ගැටුම් සඳහා සෘජුව දායක වූ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සඳහා වන්දි ලබා දෙන ක්‍රියාවලිය නව පනතක් හරහා සම්මත කරගත්ත.





මේ සංකීර්ණ ක්‍රියාවලියේ සෙමින් සිදුවන විවිධ පියවරයන් ශ්‍රි ලාංකිකයාට කිසිසේත්ම අවබෝධ කරගැනීමට නොහැකි විය නමුත් නායයාමට පෙර කන්දක් තුළින් ගලන දිය දහරක් සේ එය අඛණ්ඩව ඉදිරියට ගියේය. 2019 මාර්තු යනු ඉතාමත් වැදගත් කඩඉමකි මක්නිසාදයත් සම්ප්‍රදායට සහ විවස්තානුකූල ප්‍රතිපාදන වලට පිටින් සකසා ගන්නා ලද විවස්තාව පාර්ලිමේන්තුව තුළ සම්මත කර ජනමත විචාරණයක් හරහා නීතියක් බවට පත් කරගැනීම රනිල් වික්‍රමසිංහ රජය විසින් පොරොන්දු වී තිබුනේ 2019 මාර්තු වලට පෙරය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් 2019 මාර්තුවලදී ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ්‍රි ලංකාව තුල නීතිගත වූ නව ව්‍යවස්ථාව දැක බලා ගැනීමට ය. සිය පොරොන්දු ඉෂ්ඨ කරගැනීමට ඇති අවසන් අවස්ථාව බව දත් රනිල් වික්‍රමසිංහ සැලසුම් කර තිබුණේ නොවැම්බර් මස ව්‍යවස්ථාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය. ජාතික ආණ්ඩුව තවදුරටත් පැවතුනේ නම් ඔවුන් සතුව පැවති තුනෙන් දෙකේ බහුතරය විතා කර ඉතා පහසුවෙන් මෙම දේශද්‍රෝහි ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ඔවුන්ට අවස්ථාව තිබුණි. ඒකාබද්ධ විපක්ෂය තමා රජය සතුව තිබූ තුනෙන් දෙකේ බහුතරය අහිමි කළ බවට කෙතරම් පුරසාරම් කීවද ඔවුන් සතුව ඇත්තටම තිබුණේ මන්ත්‍රීධූර හැත්තෑවක් පමණි. ව්‍යවස්ථාවක් වැනි ඉතාමත් තීරණාත්මක අවස්ථාවක බටහිර බලපෑම සහ පෞද්ගලික වරප්‍රසාද මත මන්ත්‍රීවරුන් ඒ සඳහා නම්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ හොඳින් දනී. මේ අයුරින් බලන කල ඔක්තෝබර් 26 න්ද රාජපක්ෂ විසින් බාර ගනු ලැබුවේ හුදු අගමැති තනතුරක් නොවේ ඔහු විසින් ශ්‍රී ලංකාව දෙවැනි වරටද අති බිහිසුණු මර උගුලකින් ගලවා ගෙන ඇත අවාසනාවට මෙවර ඔහු විසින් ශ්‍රී ලංකාව ගලවා ගනු ලැබුවේ අදෘශ්‍යමාන මර උගුලකිනි. එයට හේතුව වන්නේ ව්‍යවස්ථා වගන්ති වල ඇති බෙදුම්වාදී අභිලාෂයන් සාමාන්‍ය ජනතාවට විෂය නොවීමය. මහින්ද රාජපක්ෂ සිය දේශපාලන අනාගතය මෙන්ම ජාත්‍යන්තරය හමුවේ සිය කීර්ති නාමය උගස් කළේ මේ බරපතළ අභියෝගය හමුවේ දේශය ගලවා ගැනීමටය එසේත් නැත්නම් රනිල් වික්‍රමසිංහගේ ගෝලයෙන් පවසන පරිදි ඔහුට මේ තනතුරෙන් කිසිම වරප්‍රසාදයක් නොමැත.

 තව කෙනෙකුට කියවන්න Share  කරන්න

martedì 11 dicembre 2018

ප්‍රදීප් එක්නැලිගොඩ ජීවතුන් අතර.

ප්‍රදීප්   එක්නැලිගොඩ  ජීවතුන් අතර

ඩුබායි ප්‍රසංගය හමාර කර පිටි පසින් පිටව නොයා අපේ උන් අතරෙන් ඇදෙමින් තිබුනු කලාකරුවන් දෙපලකි. එකෙක් මදු මාදව වෙන මම සහ අනිකා මගෙ මිතුරු අතුල අධිකාරි ය.....

දේශපාලනය තුල මා තිබ්බ සිංහල ලකුනට ආදරේ අපේ උන්  අපේ සිංහලයා කියා ආදරෙන් පිට අත ගානකොට ජාතියක් යනු අකුරු වලට එහා ගිය බැදීමක් බව යලි යලි උගතිමි....

මගේ ජාතියට වින කරන් එකෙක් මරාගෙන යන්න ඇත්තම්... මගේ නිවන මගේ ස්වර්ගය එය බව මාව දන්නො දනිති....

මරා දමන උන් ජීවත්විය නොහැක....
මරනය විකුනා ජීවත් වෙන උන්ද ඇත....

ප්‍රසංගය අවසන අපේ උන්ගෙ ආදරය මැද එන මගෙ කනට ලන් වූ එකෙක් කී පනිවිඩයෙන් ඇග කිලි පොලා ගියේය......

අයියේ අර එක්නැලිගොඩ ජීවත් වෙනවා...
ගෑනියෙක් එක්ක.....ඩුබායි වල - - මාන් වල...

කලබලයෙන් කියූ ඒ කතාව මගේ පපුව හරහා විදුලි වේගයෙන් දිව ගියා.... මගේ අත තදින් ඇල්ලූ ඒ මල්ලී... අතේ තුන්ඩුවක් රදවා... සෙනග මැද්දෙන් නොපෙනී ගියා...

කල බල යෙන් ලියන ලද දුරකථන අංකය....
මුලු රෑ පුරා මට බොහෝදේ මතක් කරත්..ප්‍රසංගයක් අවසන පාන්දර වෙනකම් අපිට තනි රකින මිතුරන් සුපුරුදු ලෙසම අපි සමග රැය පහන් කලා.  jecobs garden හෝටලයේ, 161 කාමරය හිස් උනේ පාන්දර පහට....අවසන් මිතුරන්ද නික්ම ගිය පසු.... මුලු කාමරයේම තිබුනේ මහ වැස්සකට පසු අහස මෙන් නිහඩ කමක්.... වහා ප්‍රසංගයට ඇන්ද ඇදුමේ ඇති...ගුලි කරගත් දුරකථන අංකයට කතා කලා......

ඉතා පැහැදිලිව කතා කල ඔහු ... එම දුරකථන අංකයට ආයෙත් කතා නොකරන ලෙස ඉල්ලා. දහවල් 12 ට හෝටලයෙන් එලියට් පැමිනෙන ලෙස ඉතා කරුනාවෙන් ඉල්ලා සිටියා..... ඩුබායි යන්නට පෙර මගේ මිතුරන් දිගින් දිගටම කියා සිටියේ කිසි තැනක තනියම නොයන ලෙසයි......

මගේ මුරන්ඩු හිත මාව හරියටම 11.55 ට හෝටලයෙන් එපිටට ගෙන ගියා.... වේගයෙන් පැමිනි වාහනයක් හරියටම 12.01ට හෝටලය ඉදිරිපස නැවතුනා.....පිටිපස tint කර තිබුන දොර පැමිනි වෑන් රථයේ ඇරුන... ඔව් ඒ රුව මට මතකයි.... ස්තූතියි අයියෙ මාව විශ්වාස කරාට..... ඔහු මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලා මිමුනුවා......

අයියේ මම කසාද බැදපු එකෙක්... මට පුතෙක් ඉන්නව...මන් බැදල ඉන්නෙ ඉන්දියානු ගැහැනියක්.... මගේ ගෑනි හරි හයියයි....
අපි ඉන්නෙ   - - මාන් වල...( ඔහුට දුන් පොරොන්දුව මත මට ඔහුගෙ නම ලිපිනය සහ ඇතැම් කරුනු හෙලි කල නොහැක.සමාවෙන්න)

ඔහු කියවගෙන කියවගෙන යයි....වාහනය එලවන ඉන්දියානුව හට මේ කිසිවක් නොතේරෙන බව දැනුනේ ඔහු කිසිම අපේ කතාවට වචනයක් පිට නොකල බැවිනි....

මල්ලි ඊයෙ උබ අදට වඩා වෙනස්.... රාත්‍රී යේ කලබලේ තොප්පියක් සමග පැමින ගිය ඔහු අද වෙනස් බැවින්... මා විමසූවෙමි....

ඔහු නිහඩ විය....... පසු පස පුටුවට බර විය... වාහනය නතර විය..... වාහනයේ රියදුරු වාහනයෙන් බැස පිටිපසින් ගොඩ වෙන විට වාහනයේ මෙතෙක් කතා කල මල්ලී වාහනයෙ රියදුරු විය.....
මගේ හිත මදක් තිගැස්සුනි..
ඔහු වහා මගේ හිත සන්සුන් කරන්න පටන් ගත්තේ....

"ඌ කිව්වෙ මගේ කතාව අයියේ"

ඊයේ රෑ ආවෙ මම.... මම හොදින් බැලුවෙමි ...ඔව් ඒ ඔහු තමා...

අපි -- -- මාන් වල විලා එකක් අරගෙන ඉන්නෙ...
මගේ නෝන ඉන්දියානු කෙනෙක්... අපේ විලා එකේ කාමර හයක් තියෙනව කුලියට දීල.. මගෙ ගෑනී ඉන්දියානු කෙනෙක් නිසා අපි ඔක්කම කාමර දුන්නෙ ඉන්දියානුවන්ට....

අයියේ මාස හයකට කලින් අපේ කාමරයකට ආව ජෝඩුවක් ඉන්දියානු ගෑනියෙක් නිසා අපි කාමරය දුන්න අවුරුද්දකට.....

මම ගෙදර කතා කරන් නේ හින්දියෙන්....

ඒත් අයියෙ.... අපි කුලියට දුන්න කාමරයෙන් හැම වෙලේම ඇහෙන සිංහල ප්‍රවෘත්ති මාව පුදුම කලා.......

ඔහු එක දිගට කියවන් යයි.... අයියෙ මන් හමුදාවෙන් පැන්න එකෙක්..... ඒ නිසා තමා මන් ඉන්දියානු ගෑනියෙක් එක්ක් ජීවත් වෙන්නෙ.... මා ප්‍රසංග බලන්න එන් නෑ... මට ලංකාවෙ යාලුවො නෑ....

අපේ ගෙදර කාමරයකට අලුතෙන් අපු වැඩි කතා නැතිව කාමරෙ අස්සෙම ඉන්න එකා ගේ මූන මට හරි හුරුයි...කියල මගෙ හිත කිව්ව අයියෙ....

ඒ වගේම අපේ කාමරේ  තලතුනා හින්දි ගෑනියෙක් එක්ක ඉන්න එකා, ලංකාවෙ ප්‍රවෘත්ති මේ හැටි අහන්නෙ... මොකද කියල මගෙ හිත වද දුන්න අයියෙ....

ඒ මිනිහා හැම වෙලේම අහන නන්දා මාලනීගේ ගීත හරහා මන් මූට ලන් උනේ මා හින්දි එකෙක් කියමින්.... (සැබැවින් ඔහුට හින්දි පෙනුමක් විය)

ඔහු කොයි වෙලෙත් ලැප් ටොප් එකේ අකුරු කරමින් සිටියා.... හැම දෑම රාත්‍රියෙ ඩුබායි වෙලාවෙන් හතට ඔහු නිවසේ ඉදිරිපිට ඇති..කොහොබ ගහ යට සිට ඇමතුමක් ගන්න එක අපිට හුරු උනා...

දිනක මම ඒ අසල රැදුනේ මොහු වැඩි කතා නැති ගුප්ත චරිතයක් නිසා.....

ඔය කියන දින කිසිවෙක් හමු වන්නට නොඑන සිංහල ප්‍රවෘත්ති අහන ගීත අහන ඉන්දියානුවා ඇමතුම පිට කරන බොත්තම ඔබා අහස දෙස බලා සිටියා.....

හමුදාවෙන් පැන්න කෙනෙක් නිසා මගේ හිත ටිකක් ගැස්සිල තිබ්බෙ අයියෙ... ඔහු කිය ගෙන කියා ගෙන යයි.....

දුරකථන ය ගත් සැනින් ඔහු සිංහලෙන් ඉලක්කම් කිහිපයක් කිව්ව.... අනික් පැත්තෙන් කියූ දේ ඇසුන් නැතත්....

ඔහු ඇමතුවෙ ... සන්ධ්‍යා කියන නමට.....

අයියේ ඒ ඌ තමා.... ඌ කතා කල සියල්ල මගේ පපුවට හෙන ගැහුව් වගේ අයියෙ....

        අයියෙ ඌ තමා එක්නැලිගොඩ

උන් ගේ කතාව අහගෙන ඉන්න කොට මට මූව කෑලි කෑලි වලට කපන්න තරම් තරහයි අයියේ....

මම පත්තර වල විතරක් දැකපු මේ කාලකන්නිය ඉන්දියානු ගෑනියෙක් එක්ක ඩුබායි වල ඉන්න ගමන්.... මූ මැරිල කියල.. මූව මරල කියල...
ලෝකෙට කරන මේ බොරුව... මට උහුලන්න බැරි උනා අයියේ.... අදුරෙන් එලියට ඇදුන මගෙ දිහා ඌ ඉතා තියුනුව බැලුව.... මන් හින්දියෙන් "උබ ඔතන හිටිය එක් මන් දැක්කෙ නෑ "කියද්දි... උගේ මූන මලක් වගේ පිපුන....

මම එතනින් එනකොට ඌ කිව්ව සිංහලෙන් ගෙදර අයිති එකා මෙතනින් ගියා ... කියල...අනික් පැත්තෙන් කියපු දේ මොකක්ද ඇහුන් නැතත්.. ඒ ගෑනු කට හඩක් බව තේරුනා.... ඒ අපේ හාමුදුරුවන් ව හිරේ දැම්ම සක්කිලි ගෑනි කියල දැනෙද්දි මූව මට මරන්න හිතුනා අයියෙ....

ඩුබායි දේශයම මට වාහනයේ ඇති බව හිතෙන තරම් මහා අමුත්තක් දැනුනි...

ඒ මලයා කතා කරයි.....
අයියේ...මම එක පාරටම මුගෙ කාමරේ පැත්තට ගියා.....ඕනෙ දෙයක් වෙන්න කියල කාමරේ ඇරිය... හින්දි ගෑනි ඒ වෙලාවෙ හිටියෙ නෑ.... මුගෙ මේසෙ පුරා තිබ්බෙ කොල කෑලි... ලියල ලියල දාපු කොල කෑලි... ඔක්කම සිංහල අකුරු..... මුගේ පාස්පොර්ට් එක හෙව්වට ඒක හමු උනේ නෑ.. මම කලබලෙන් කලබලෙන් මොකක් හරි සාක්කියක් හෙව්ව අයියේ.... මුගෙ ලාජ්චුව ඇරිය වෙලාවෙ....

පරන වෙච්ච බැන්කු කාර්ඩ් එකක් තිබ්බ අයියෙ...

ගැහි ගැහී මම වෙව්ල වෙව්ල ඒ කාර්ඩ් එක කියෙව්ව අයියේ...

ඒ තමා ප්‍රදීප් එක්නැලිගොඩ කියන පරයා.....

මම මගෙ ජන්ගම දුරකථන ය අරන් එන්න පැන්න කාමරෙන් එලියට....අට ඕනෙ උනේ මොකම් කරන්න කලිනුත් චායාරූපයක් ගන්න... එය රැගෙන මම නැවත උන කොට....

දොර ලග සිට ඇරුන අගුල දිහා බලා හිටි ඒ පර බල්ලා මන් හරියටම ඇදුනුවා....ඌ ලොක් එක දිහා බලාගෙන ලොකු කල්පනාවක... මන් කිසිත් නොදන්න විදිහට උඩට ගියා... මට නින්ද ගියෙ නෑ අයියේ.... දවසම මට රටේ නැති දේවල් හිතුනා... මූව මරල හන්ගන්න හිතුනා... vedio කරල පෙන්නන්න හිතුනා...
මගෙ දරුවගෙයි නෝනගෙයි අපේ හමුදුරුවන් ගෙ මූනයි මාරුවෙන් මාරුවට මට පෙනුනා..

අර කාල කන්නි ගෑනි ලෝකෙටම බොරු කරමින් යන ගමන්... මූ මෙහෙ ඉන්දියානු ගෑනියෙක් එක්ක එකිට බොරු කරනව.. නැත්තම් මූ දුරකථන ඇමතුම ගන්න එලියට එන් නෑ.... මම රෑ පුරාම හිතුව අයියෙ...මොකද කරන්නෙ කියල.....

උදේ මම හිතුව මුගෙන් කෙලින්ම අහනව කියල..... මම උන් හිටිය කාමරේ ඉස්සරහට් උදේ ම ගියා.... දොර ලොක් එක කරකල ඇරිය දොර ඕනෙ දෙයක් වෙන්න කියල.... අයියේ මුන් දෙන්න කාමරේ ම හිස් කරල යන්නම ගිහින් තිබ්බ.....

මට සමාවෙන්න අයියෙ.. මන් මූව රෑම කුදලල තලල හරි කියව ගත්තනම්.. vedio කලා නම්.අර බැල්ලිගෙ කට වැහෙයි... සන්ධ්‍යා එක්නැලිගොඩ කියන ඩොලර් කාක්කි එහෙනම් රගල ඉවරයි....

මා හොයනව අයියෙ... මම කොහොම හරි හොයනව මුලු --- --- මාන් එකම පීරල... අයියෙ මන් බොරු කියන්නෑ.....
ප්‍රදීප් එක්නැලිගොඩ කියන පරයා , ජීවතුන් අතර......

එතනින් පසු බොහෝදේ ඔහු කියා.... මාව නැවත නවාතැන් පල වෙත ගෙන එන්නෙ...දහසකුත් දේ හිතේ පුරවමිනි...ඔහු බොරුවක් කීවනම් ඒ බොරුවෙන් ඔහුට ලැබෙන දෙයක් නැත.. නම ගමවත් නොකියූ ඔහු එසේ කීවේ ඇයි....

කාලයට ඉඩ දෙමු.. ඔබ ඩුබායි ඉන්න කෙනෙක් නම්... හොයන්න බලන්න..

ඔහු කියන හැටියට...
ප්‍රදීප් එක්නැලිගොඩ ජීවතුන් අතරලු.....
දැක්කොත් චායාරූපයක් ,vedio shot එකක් ගන්න... ජාතියට වින කරපු පරයෙක් සහ බැල්ලියක් ගේ බොරුව හෙලි කරන්න හොදින් විමසිලිමත් වෙන්න.....

ඔහුව මරා දැම්මාට කම් නැත... මොකද ඔහු ගේ මිනිය මගේ රට විකුනමින් ජීවත්වෙන බැවිනි

චායාරූප සියල්ල නැවත් බැලීමේදී එකම එක සාක්කියක් ඉතිරිවී තිබුනි.....
                                  -මධු මාදව අරවින්ද-

තව කෙනෙකුට කියවන්න Share  කරන්න

sabato 8 dicembre 2018

~ මම ජේවීපී එකටයි ටීඑන්ඒ එකටයි සල්ලි ගෙවල තියෙන්නේ වැඩේ අවශ්‍ය වෙලාවට වෙයි - මලික් ~

~ මම ජේවීපී එකටයි ටීඑන්ඒ එකටයි සල්ලි ගෙවල තියෙන්නේ වැඩේ අවශ්‍ය වෙලාවට වෙයි - මලික් ~

ඊයේ (06) අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්වුනි. ඒ සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු අමාත්‍යවරුන් වන රාජිත , පාඨලී සහ මලික් සහභාගී වී ඇත. මෙහි ප්‍රධාන අරමුණ ඉදිරියේදී එජාප රජයක් බිහිකිරීම වෙනුවෙන් බව සඳහන් වේ.

මෙම හමුවේදී යම් ආන්දෝලනාත්මක කතා බහක් සිදුව ඇත.

රාජිත :- මොකක්ද අර අනුර දැන් කියන්නෙ, ඇයි එයා ඔබතුමා අගමැති කරන්න බෑ කියල කියන්නෙ ?

මලික් :- මම ජවිපෙටයි, ටීඑන්ඒ එකටයි සල්ලි ගෙවල තියෙන්නේ. ඒ නිසා ඒ ගැන අවුලක් හිතන්න එපා. වැඩේ වෙයි.

රනිල් :- හරි. මලික් ඒ වැඩේ භාරගත්තනෙ. මලික් ඒක කරල තියෙන්නේ කියල මටත් කන්ෆර්ම් කලා.

චම්පික :- අපි ඒ වැඩ බලාගන්නම් රාජිත ඔයා පැත්තකට වෙලා ඉන්න.


තව කෙනෙකුට කියවන්න Share කරන්න

"ප්‍රභාකරන් යුද්දෙට දක්ෂයෙක්.....-එරික් සෙහයිම්

"ප්‍රභාකරන් යුද්දෙට දක්ෂයෙක්. ඔහුව පරාජය කරන්න කිසිවකුට බැරි වුණා. ඉතින් ඔබ කොහොමද ඒක කරන්නේ..? ඒක හරියට සිය දිවි නසා ගැනීමක් වගේ" මහින්ද රාජපක්ෂ එක්ක මෙහෙම කීවේ එරික් සෝල්හයිම්ය. ඒ 2006 මාර්තු මාසයේදීය.

හැබැයි මහින්ද සෝල්හයිම්ට කිස් කන උත්තරයක් දුන්නේය. "ඔබ හිතාගෙන ඉන්නේ එයා මුලතිව් කැලයේ ඉන්න කොල්ලෙක් කියලා වෙන්න ඇති. හැබැයි මතක තියා ගන්න මමත් දකුණේ කැලේ කොල්ලෙක්. අපි ඉස්සරහට බලමු.." මහින්දගේ මේ උත්තරෙන් පස්සේ සෝල්හයිම් "කරකවා අතෑරියා" වාගේ විය.

සෝල්හයිම් මහින්දගෙන් එහෙම "කිච" වෙන කොට සටන් විරාම නිරීක්ෂකයන් දෙන්නෙක් වූ ජෝන් හැන්සර් බවර් සහ හාන්ස් බ්‍රැට්ස්කාර් ගෝඨාභයගෙන් ඒ වගේම කන් රත්වෙන කතාවක් අසා ගත්තේ 2006 අප්‍රේල් 6 දාය..

"ඔබ හිතනවද මේ ප්‍රශ්නේ යුද්දෙන් ඉවර කරන්න පුළුවන් කියලා?" නියෝජිතයෝ දෙන්නා ගෝඨාගෙන් ඇසීය.

"ඔව්, අපි ඒක ඉක්මනින් ඔප්පු කරලා පෙන්නනවා" ගෝඨා උත්තර දෙන්නේය.

"යුද්දේ ඉවර කරන්න බෑ"

මේක න්‍යායක් තරම් මුල් බැස්ස කතාවක් විය. හැමෝම කීවේ "බෑ" කියලාය. බෑ කියද්දී "පුළුවන්" කියා කීව පිරිසක් දකින්න හැකි වුණේ කලාතුරකින්ය.

2002 ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ලංකාව ගැන වාර්තාවක් පළ කළේය. ලංකාවට යුද්ධය ජයගන්නට පුළුවන්ය. එහෙම කී එකම විදෙස් ආයතනය වූයේ ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවය.

යුද්ධය දිනන්නට ඕන කරන මූලිකම සිද්ධාන්තය දැන ගෙන හිටියේ ගෝඨාභය ය. හමුදාවේ පිරිස් බලය වැඩි කොට හමුදාව වෘත්තීය මට්ටමෙන් ශක්තිමත් කිරීම එක් සිද්ධාන්තයක් විය.

අනෙක නවීන ආයුධවලින් හමුදාව සන්නද්ධ කිරීමය. බින්දුවට වැටී තිබූ හමුදාවේ චිත්ත ධෛර්ය නැංවීම උදෙසා "අපි වෙනුවෙන් අපි" සංකල්පය හදන්නට මුල් වුණේ ගෝඨාය.

යුද්ධයේදී දිවි පුදන සෙබළාට අභිමානවත් මරණයක් සේම ඒ පවුල හුදෙකලා නොවූ පවුලක් බවට පත් කරන්නට පාදම දැමුවේ ගෝඨාය.

එල්. ටී. ටී. ඊ.ය "කොටි හඬ" හරහා සත්‍යය උඩු යටිකුරු කරන විට ඊට උත්තර දෙන්නට ශක්තියක් රාජ්‍ය මාධ්‍යවලට නොතිබුණේය. ගෝඨා කළේ යුද හමුදා වෙබ් අඩවිය "සක්‍රිය කොට" යාවත්කාලීන කරවීමය. 2006 වෙන කොට ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසක් එය පරිශීලනය කොට තිබිණි.

තීරණාත්මක යුද්ධයේ සාධනීයම මැදිහත් වීමේ මුල් පුරුක් අතර ගෝඨා හිටියේය. ඔහු "ගජබා" සෙබළෙක් විය. ශ්‍රී ලාංකේය හමුදාව වෘත්තීය මට්ටමෙන් ශක්තිමත් කිරීමේ නියමුවා වූ විජය විමලරත්නගේ ඇසුර ඔහු මනාව පාවිච්චි කළේය.

අන්තිමට යුද්ධය ජයග්‍රාහී තලයට ගෙන එන්නට ඔහු උපරිම ශක්තිය දුන්නේය.

1930 පසු ලොව ඇති වූ බිහිසුණුම ආර්ථික අවපාතය තිබ්බේ 2009 වසරේදීය. ශ්‍රී ලංකාව සිටියේ "යුද්ධයේ තීරණාත්මකම" කඩඉමට ඇවිත්ය. ආර්ථික අවපාතයේ කුණාටුවට හසු වූ ආයෝජකයන් රටින් පලා යද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දෙන්නට සිටි ණය මුදල ප්‍රමාද කළේය.

2009 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමට ගිය අජිත් නිවාඩ් කබ්රාල් (Ajith Nivard Cabraal) කරකවා අතෑරිය උත්තරයක් ලැබුණේය.

"තවමත් සල්ලි පාස් කරලා නෑ"

ඊට මුල් වී සිටියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරියය. ඒ වෙලාවේ පිහිටට ආවේ මුහම්මර් ගඩාෆිය. ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ද්විපාර්ශ්වීය ණයක් දෙන්නට ඔහු පොරොන්දු විය. තීරණාත්මක අවධියේ අන්තිම හෝරා කිහිපය සුරක්ෂිත වුණේ "උපක්‍රම" නිසාමය.

2009 අප්‍රේල් 29 ලංකාවට ආව බර්නාඩ් කුෂ්නර් සහ ඩේවිඩ් මිලිබෑන්ඩ් ගෝඨාගෙන් ඉල්ලුවේ "සටන් විරාමයක්"ය.

කිසිසේත් ආපසු හැරීමක් නෑ. ගෝඨා කීවේ එහෙමය.

එක්කෝ ප්‍රභාකරන් පණ පිටින් අල්ලනවා. නැත්නම් මරා දමනවා. ගෝඨා කෙළින්ම කීවේය.

කොටි අතරේ සිරවී ඉන්න සිවිල් වැසියන් බේරා ගැනීමට මට එහේ යෑමට ඉඩ දෙන්න. කුෂ්නර් අන්තිමට එහෙමත් කීවේය.

"ඔබට යන්න දෙන්න බෑ. කොටින් ඔබව ප්‍රාණ ඇපකරුවෙක් කර ගනීවි" ගෝඨා කීවේය.

"ඒ මිනිස්සු වෙනුවෙන් මම ජීවිතය වුණත් දෙන්නම්" කුෂ්නර් එහෙම කීවේ බැරිම තැනය.

"මට ඔබේ ජීවිතය ගැන ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නේ මේ තීරණාත්මක වෙලාවේ මොහොතකටවත් යුද්ධය නතර කළොත් හමුදාවේ ගැම්ම නවතින එකයි. ප්‍රභාකරන් හැකි ඉක්මනින් අල්ලන්නයි අපට ඕන'' ගෝඨා කුෂ්නර්ගේ කනේ ඇඟිලි ගසා ගන්නට කීවේය.

"එදා ජාත්‍යන්තරෙන් ආව බලපෑමක් නෑ" කියා කියන "නොදරුවන්" මේවා දන්නේ නැත. සමහරවිට දැන උන්නත් ඉන්නේ නොදන්නා ගාණටය.

එක්සත් ජාතික පක්ෂ සටන් විරාම ගිවිසුම කාලයේ කොටි ආයුධ නැවක් නිරීක්ෂණය කොට පහර දෙන්නට ගිය හමුදාවට එවක ආරක්ෂක ලේකම් කතා කළේ "හමුදාව බල්ලන් ගාණට" දමලාය. කොටින්ට ආයුධ දුන් පක්ෂයකින් ඊට එහා දෙයක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්කමක් නැත.

වසර 30ක යුද්ධය නිමා කිරීමේ කටයුත්තේ "ශක්තිමත් පාදම" ගෝඨා බව ඔහුගේ විරුද්ධවාදීන් පවා හොඳින්ම දනී.

"ගෝඨා කළොත් වැඩක්, ඒකේ ආයෙ අහන්න දෙයක් නෑ" ගෝඨා ගැන දන්න කවුරුත් කියන්නේ එහෙමය.

හරියට බැලුවොත් විදෙස් බලවතුන් මහින්ද එක්ක හැප්පෙනවාටත් වඩා හැප්පුණේ ගෝඨා එක්කය. එහෙමත් නැත්නම් මහින්ද හමුවී යුද්ධය නවත්වන්නට "බලපෑම්" කළ හැමෝම ගෝඨා හමුවෙලාත් බලපෑම් කළහ. හැබැයි අන්තිමට ඒ දෙදෙනාම නවත්වන්නට පුළුවන් වුණේ නැත.

"මම මගේ වෙලාවෙන් 60%ක්ම වෙන් කරන්නේ ලංකාවේ ප්‍රශ්නය ගැන හොයන්න" ඒ දවස්වල මිලිබෑන්ඩ් හිතවතුන්ට කියා තිබුණේ එහෙමය.

යුද්දෙට පස්සේ ලෝකයම ආවේ මහින්ද සහ ගෝඨා දඩයම් කරන්නටය. 2011 කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සම්බන්ධීකාරක ලෝරන්ස් ස්මිත් ලංකාවට පැමිණ "ගෝඨා" මාට්ටු කරන ඇමක් දැම්මේ හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වූ මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහටය.

එක්තරා සම්භාෂණයකදී ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු ප්‍රධානී පෝල් කාටර්, සමරසිංහට කියා තිබුණේ "ගෝඨා"ව උගුලකට හසුකරන්නේ නම් වරප්‍රසාද බොහෝ දෙන බවය.

(මව්බිම - 2017-10-26) තව කෙනෙකුට කියවන්න Share  කරන්න

කිරිඇල්ලගේ මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න....

කිරිඇල්ල ගේ මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න…

කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න…
මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘මඟ නැඟුම’ ආයතනයේ විවිධ තනතුරු දරන සේවකයන් බව හඳුන්වමින් බාහිර පුද්ගලයන් 44 දෙනකුට රුපියල් 25,000 සිට රුපියල් එක් ලක්‍ෂ විසිපන් දහස බැගින් නීත්‍යනුකූල නොවන අයුරින් ගෙවීම් කළ ලැයිස්තුවක් අනාවරණය කර වී තිබේ.

ඒ අනුව “මාර්ග සතිය” ව්‍යාපෘතිය වැඩසටහනේ කළමනාකරු මහනුවර දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධීකාරක තනතුරු දෙකක් සඳහා ද, ව්‍යාපෘති සම්බන්ධීකාරක / මෙහෙයුම් සහායක වශයෙන් බාහිර පුද්ගලයන් 19 දෙනකුට ද, අලෙවි හා විකුණුම් නියෝජිතයන් ලෙස හඳුන්වමින් පුද්ගලයන් 23 දෙනකුටද, 2016 ජනවාරි සහ 2018 මාර්තු අවසානය දක්වා වන කාලය තුල විවිධ කාල සීමාවන් යටතේ මෙම ගෙවීම් සිදුකර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස හඳුන්වමින් ආර්.එස්. පුෂ්පකුමාර නමැත්තකුට රුපියල් එක්ලක්‍ෂ විසිපන් දහසක් ද ඉන්ධන ලීටර් 300 සමඟ වාහනයක් ද ලබා දී ඇත.

“මාර්ග සතිය” වැඩසටහනේ ව්‍යාපෘති කළමනාකරු බවට සඳහන් කරමින් එච්.එම්. ජයවීර බණ්ඩාර නමැති අයට මසකට රුපියල් පනස් දහසක් සමඟ ඉන්ධන ලීටර් 300ක් බැගින් වාහනයක් ද ලබා දී ඇත.

“මඟ නැඟුම” ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක / මෙහෙයුම් සහායකවරුන් ලෙස රු.50,000 බැගින් මාසිකව ගත් පුද්ගලයන් මෙසේය.

එස්.එන්.ඩබ්. සොයිසා – නාවින්න, මහරගම
ජී.පී. රවි හර්ෂණ – ඉඹුල්ගස්වැව, කැකිරාව
කේ.යූ.ඉසෙඩ්. මොහොමඩ් – වීරකෝන් ගාඩ්න්ස්, මහනුවර
පී.අයි. චාමර රොඩ්රිගු – ගුණතිලක පාර, වාද්දුව
එච්.එම්.සී.එස්. ද හේරත් – හිද්දව, ඇහැටුවැව, ගල්ගමුව
ඒ.ජේ.සී. අකරවිට – නැදිමාල, දෙහිවල
එස්.එන්. දික්කුඹුර – වනරතන මාවත, ගල්කිස්ස
එස්.ඩබ්.ඒ.එම්.එම්. බුලන්කුලම – කෝට්ටේ පාර, රාජගිරිය
එච්.එම්.එන්.සී. ජයසිංහ – නව නිවාස සංකීර්ණය, හාලිඇල
ජේ.බී.ජී.සී. ක්‍රිෂාන්ති – පල්ලෙකන්ද පාර, වලස්මුල්ල
ටී.පී. රත්නායක – ගුණසේකර පාර, හබරාදුව
එස්.ඩී.වී රාජපක්‍ෂ – කොන්ඩ්‍රාඩ් ප්‍රේමතිලක මාවත, සීදුව
කේ.එච්.එන්. පූර්ණජිත් – වීරපාන, ඕපාත
එම්.ඒ.සී.ටී.ජේ. පෙරේරා – ජයන්ති මාවත, බියගම
කේ.ඒ.ජේ.බී. කළුආරච්චි – කලාකරඹෑව, කැකිරාව
කේ.එන්. සමරකෝන් – තලංගම උතුර, මාලඹේ
එන්. උදය ශාන්ත – මහවත්ත, කුඩාමඩුව, පිළියන්දල
පී.එන්.එන්. පුංචිහේවා – කුරුප්පු හන්දිය, පොළොන්නරුව
පී.ජී. චමින්ද කුමාර – නවගමුව දකුණ, රනාල

ඊට අමතරව අලෙවි හා විකුණුම් නියෝජිතයන් ලෙස මාසිකව රුපියල් 25,000ක දීමනාවක් ලද පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව මෙසේය.

පී.ජී.අයි. සඳමාලි පිලපිටිය – නිල්ලඹෙ ග්‍රාමය, නිල්ලඹේ
ටී.එම්. සුරේන්ද්‍ර බණ්ඩාර – මහකන්ද, හිඳගල
එච්.එම්. අබේරත්න -හිඳගල, මහනුවර
යූ.ඒ. විජේසිංහ – කිවුලතැන්න, මයිලපිටිය
ඩී.එච්.වී. හේමාලි ජයවර්ධන – බලගොල්ල, කෙන්ගල්ල
ඩබ්.එල්.යූ. ප්‍රසාද් ලියනගේ – බේස්ලයින් පාර, බොරැල්ල
ඩී.ඩී.එස්. ලක්මිණී දේවිපුර – ජල්තර, හංවැල්ල
ජී.තිස්සකුට්ටිආරච්චි – උඩහමුල්ල, නුගේගොඩ
එම්.යූ.කේ. ආරියවංශ – බෝබැබිල, මකුළුදෙණිය
ඊ.එන්.අබේසේකර – පන්සල පාර, මහරගම
ඩී.එම්.ජී.එස්.යූ. අබේවර්ධන – දන්තුරේ, මහනුවර
එම්.චිත්‍රලතා පෙරේරා – කොහොල්විල පාර කැලණිය
ඩබ්.එම්.වයි. තෙරේස් ප්‍රනාන්දු – මිරිස්වත්ත, පිළියන්දල
එච්.එස්. සමරසේකර – ගලවිලවත්ත, හෝමාගම
එච්.සී. ලක්මාල් හෙට්ටිආරච්චි – ක්ලසන් වතුයාය, උලපනේ
එස්.එම්.පී.ජී.ඒ.වී. බණ්ඩාර සුබසිංහ – බඹරබැද්ද, හුන්නස්ගිරිය
එච්.එම්.ජේ. බණ්ඩාර හේරත් – දඹගහවෙල, බරවර්ධනඔය
ආර්.එම්.යූ.ජී. පළිඟුමැණිකේ – උඩවෙල, කහටලියැද්ද
කේ.එම්.එන්.නාලක කෝණාර – අමුණුගොඩ, ඉඹුල්ගොඩ
එස්.මසීනා බකර් – සොයිසා නිවාස සංකීර්ණය, මොරටුව
ආර්. ඒ. නිමල් යසසිරි – දළුපිටිය කඩවත
එන්.ඒ.ඩී.එච්. නිවුන්හැල්ල – හීනැටිකුඹුර, පිලවල
එල්.ජී. දයාසිරි – වැවකුඹුර පාර, පිලවල

 තව කෙනෙකුට කියවන්න Share  කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...