පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිමෙන් පසුව අද එම නඩුව සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරිමට හා ඒ සම්බන්ධව විරෝධය දැක්විමට අදාළ පෙත්සම්කරුවන් හා ඊට අදාළ පාර්ශවයන් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය කැදවා තිබුනි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරුන් තුන් දෙනෙකු හමුවේ කැදවු අවස්ථාවේදි රජය නිතීපතිවරයා වෙනුවෙන් අතිරේක නීතීපති සංජය රාජරත්නම් විසින් පෙත්සම සම්බන්ධව මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කල අතර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ එම කරුණු අනුව මෙම පෙත්සම නොසලකා නිශ්ප්‍රභා කරන ලෙසයි.
එමෙන්ම එයට සහයෝගය දක්වමින් දෙමළ සංධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණය අමතමින් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයාගේ පෙත්සමට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරිමට උත්සහ ගත්තත් ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ල එයට අවස්ථාවක් නොදි පුරවැසියෙකු ලෙස සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයාට නීතිපතිවරයා ගෙනහැර දැක්වු කරුණු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාව දුනි.එහිදි ඉතා පැහැදිලිව තීතිපතිවරයා වෙනුවෙන් ගෙන ආ තර්කවලට විනාඩි 45 ක් පමණ වාචිකව පිලිතුරු දීමේ ඓතිහාසික අවස්ථාව ඒ අනුව හිටපු අගවිනිසුරුවයාට හිමිවිය. කිහිප අවස්ථාවක්ම ඔහුගේ කරුණු ඉදිරිපත් කිරිම හමුවේ දැඩිසේ බාධා කිරිමට දෙමළ සංධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පි සුමන්තිරන් උත්සහ ගත් අතර විනිසුරුවන්ගේ අවවාද හමුවේ සමාව අයැද ඔහු නිශ්ශබ්ද විය.
අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ පි සුමන්තිරන්ට ද විනාඩි 5 ක කරුණු ඉදිරිපත් කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථාව ලබදුන් අතර ඔහුගේ තර්කය වූයේ “2003 වර්ෂයේදි අගවිනිසුරු සරත් එන් සිල්වා විනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මුදල් පනතක් පාර්ලිමේන්තුවේ අනුමත කරගත් අවස්ථාවක ඊට බැංකු පනතට සම්බන්ධව සංශෝධනයන් එකතු කිරිමක් කර තිබු බවත්, ඒ සම්බන්ධව මෙවෙනි මූලික අයිතිවාසිකම් නඩුවකදි ම ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරුන්ගේ තීරණය වූයේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වීමෙන් පසුව කථානායකවරයා සහතික කල පසු එය නීතියක් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට එයට මැදිහත් වීමට නොහැකිය යන්න” ය.එහෙත් එහිදි කරුණු දක්වමින් සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කලේ තමා ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම ජනතාවගේ ඡන්ද අයිතිය හා පරමාධිපත්‍යය සම්බන්ධ කරුණක් බැවින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසු එය නීතියක් බව තමා පිලිගත්තත් පසුගිය දා පලාත් සභා මැතිවරණය සම්බන්ධ සම්මත කරගත් පනත සම්පූර්ණයෙන්ම ජනතාවට ගැසට් කොට ඉදිරිපත් කල කෙටුම්පතට පරිභාර එකක් බවයි. එමෙන්ම මෙම හේතුව නිසා උතුරු මැද, සබරගමුව, හා නැගෙනහිර නිසියාකාරව පැවත්වීමට නියමිතව තිබු පලාත් සභා මැතිවරණය දින නියමයකින් තොරව කල් ගොස් ඇති බවයි. එම නිසා එම අවස්ථාවේදි තිබු වලංගු නිතිය අනුව නිසියාකාරව මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂාකර දෙන ලෙසත් අවශ්‍යනම් අනාගතයේදි මෙසේ සම්මත කරගන්නා නිතී අනුව ඡන්දය පැවත්වුවාට ගැටලුවක් නොමැති බවයි.
මෙම කරුණු සලකා බැලු ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ල ලබන 19 වෙනිදා නැවත මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී සලකා බැලීමට තීරණය කලේ ය.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පි...
-
උදැල්ල රැගෙන කසිප්පු බොන්න යන අපේ රටේ හොර ගොවියෝ පොලිසියට මාට්ටු! ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂ...
-
සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි නැගෙනහිර ආණ්ඩුකාර M.L...