giovedì 12 ottobre 2017

බැදුම්කරේ ගැන අගමැති රනිල් කැදවා ප‍්‍රශ්න කරන්නැයි කොමිසමෙන් ඉල්ලයි !

බැදුම්කරේ ගැන අගමැති රනිල් කැදවා ප‍්‍රශ්න කරන්නැයි කොමිසමෙන් ඉල්ලයි !


තමා මහ බැංකුව භාර ගත්තේත්, මහ බැංකුව බැඳුම්කර වෙන්දේසි ආරම්භ කළේත්, අර්ථසාධක අරමුදල හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් විවිධ තීරණ ගත්තේත් මහ බැංකුව භාර වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයන්ට අනුව බවත්, එබැවින් ඒ සම්බන්ධයෙන් ඔහු කැඳවා ඔහුගෙන්ම විමසිය යුතු බවත් ඊයේ (10දා) බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කියා සිටියේය.
ඔහු එසේ ප්‍රකාශ කර සිටියේ ජේ‍යෂ්ඨතම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් දිගින් දිගටම ඔහුගෙන් නඟන ලද හරස් ප්‍රශ්න හමුවේ ඊට ප්‍රතිචාර දක්වමිනි.

එක් වරක් නොව තුන් හතර වරක්ම ඔහු කියා සිටියේ තමාගෙන් එම කරුණු විමසා පලක් නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ම විමසා ඒවා නිශ්චය කර ගත හැකි බවත්ය.
තමා අධිපති පදවියට පත්වීමට පෙර මහ බැංකුව ක්‍රියාත්මක කොට ඇති සෘජු ස්ථානගත ක්‍රමය වහාම අත්හිටුවා බැඳුම්කර වෙන්දේසි ක්‍රමය තමා විසින් ආරම්භ කරන ලද්දේ තම බෑනා වන අර්ජුන ඇලෝසියස්ගෙ සමාගමට අසීමිත ලාබ ලබාගැනීම සඳහා යැයි තමාට යෝජනා කරන්නේ යැයි දප්පුල ද ලිවේරා මහතා සාක්ෂිකාර මහේන්ද්‍රන්ට යෝජනා කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ එය අගමැතිවරයාගේ නියමය අනුව සිදුකරන ලද බවය.
ප්‍රාථමික ගැනුම්කරුවකු ලෙස වෙන්දේසිවලට ඉදිරිපත් වීමට සේවක අර්ථසාධක අරමුදල ට තිබූ අවස්ථාව අහිමි කරන ලද්දේද තම බෑනා වන ඇලෝසියස්ගේ සමාගමට අසීමිත ලාභ ලබාගැනීමට ඉඩ සැලසීම සඳහාම නොවේදැයි නැඟූ ප්‍රශ්නයට දුන් පිළිතුර වූයේද එයද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මතම සිදුකරන ලද බවය.
ජාතික සේවක සංගම් වෘත්තීය සමිති ක්‍රියාකාරියකු වන සමන් කුමාර නමැත්තාට අදාළ කිසිදු සුදුසුකමක් හෝ පළපුරුද්දක් නොමැතිවත් ඔහුව සේවක අර්ථ සාධක අරමුදලේ භාණ්ඩාගාර කටයුතු භාර ප්‍රධානියා ලෙස ක්‍රියා කරන්නට බලය දුන්නේත් ඔහු එම තනතුරට පත්කළේත් තමා විසින්ම නොවේ දැයි අසන ලද ප්‍රශ්නයේදීද ඔහු කියා සිටියේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයකු ලෙස අගමැතිතුමාත්, මුදල් ඇමැතිතුමාත්, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන ඇමැතිවරුනුත් සමඟ තිබූ කිට්ටු සම්බන්ධතාව නිසා ඔහුට එම අවස්ථාව ලබාදීමට සිදුවූ බවය.
ඔබ කටයුතු කළේ මහ බැංකු අධිපතිවරයා ලෙස ඔබගේ අභිමානයට හෝ ඔබගේ බලාධිකාරියට අනුව හෝ මහ බැංකුවේ සංස්ථාපිත නීති රීතිවලට අනුව හෝ නොව අගමැතිවරයාගේ මග පෙන්වීම හා නියමයන්ට අනුව යැයි කියා ඔබ පවසන්නේ දැයි අසන ලද ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේද මහ බැංකුව භාරව ඇත්තේ අගමැතිවරයාට බවය.

2016 මාර්තු මස 28 වැනි දින රවි කරුණානායක ඇමැතිවරයා විසින් කැඳවන ලද මුදල් අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී රාජ්‍ය බැංකු තුනෙහිම සභාපතිවරුන් අමතා ඊට පසු දින එනම් 29 වැනි දින පැවැත්වෙන වෙන්දේසියේදී පහළ මිල ගණන් ඉදිරිපත් කරන ලෙස දන්වමින් එකී අනුපාතයන්ද ඔවුන්ට ලබාදී ඇති බව දන්නෙහිදැයි අසන ලද ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ එවැන්නක් ගැන තමා දැන නොසිටි බවය.
ඉකුත් දිනයක මෙම කොමිසම හමුවේ එම කරුණු දිවුරුම් සහිතව එකී රාජ්‍ය බැංකු ප්‍රධානීන් හා උප ප්‍රධානීන් විසින්ද තහවුරු කළ බවටත් ඔබ නොදන්නෙහිදැයි ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම පුවත්පත් හරහා ඒ බැව් දැනගත් බවය.
මුලාශ්‍රය – මව්බිම
තව කෙනෙකුට කියවන්න Share කරන්න

රුසියානු යුධ නැවේ දූෂිත ගනුදෙනුව – සියලු විස්තර මෙන්න –

රුසියානු යුධ නැවේ දූෂිත ගනුදෙනුව – සියලු විස්තර මෙන්න –




දස වසරක් පැරණි රුසියානු යුද නැවක් හා පැරණි ජෙට් යානා හයක්, හෙලිකොප්ටර් දෙකක්, යුද ටැංකි තිස් තුනක් මෙරටට මිලදී ගැනීමක් හරහා රුපියල් කෝටි දහස් ගණනක වංචාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ බෑණනුවන් හා පුද්ගලික මාධ්‍ය ජාලයක හිමිකරු එක්ව සිදු කරන බවට එජාප හිතවාදී වෙබ් අඩවියක් විසින් හෙලි කර ඇත.
මෙම ගණුදෙනුවෙන් රටට රුපියල් 13,464 ක් අලාබ සිදුවන බවත් ජනාධිපති බෑණා ඇතුළු අතරමැදියන් අතට ඉන් කෝටි 4039 බෙදී යන බවත් එම වාර්තාවේ දැක්වෙයි.
මෙම ගණුදෙනුව සිදුකිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවක්ද සමාජ ජාලයන්හි පලවෙයි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

lunedì 9 ottobre 2017

ශ්‍රේෂ්ඨාධිකරණය රන් අකුරෙන් ලියැවේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිමෙන් පසුව අද එම නඩුව සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරිමට හා ඒ සම්බන්ධව විරෝධය දැක්විමට අදාළ පෙත්සම්කරුවන් හා ඊට අදාළ පාර්ශවයන් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය කැදවා තිබුනි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරුන් තුන් දෙනෙකු හමුවේ කැදවු අවස්ථාවේදි රජය නිතීපතිවරයා වෙනුවෙන් අතිරේක නීතීපති සංජය රාජරත්නම් විසින් පෙත්සම සම්බන්ධව මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කල අතර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ එම කරුණු අනුව මෙම පෙත්සම නොසලකා නිශ්ප්‍රභා කරන ලෙසයි.

එමෙන්ම එයට සහයෝගය දක්වමින් දෙමළ සංධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණය අමතමින් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයාගේ පෙත්සමට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරිමට උත්සහ ගත්තත් ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ල එයට අවස්ථාවක් නොදි පුරවැසියෙකු ලෙස සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයාට නීතිපතිවරයා ගෙනහැර දැක්වු කරුණු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාව දුනි.එහිදි ඉතා පැහැදිලිව තීතිපතිවරයා වෙනුවෙන් ගෙන ආ තර්කවලට විනාඩි 45 ක් පමණ වාචිකව පිලිතුරු දීමේ ඓතිහාසික අවස්ථාව ඒ අනුව හිටපු අගවිනිසුරුවයාට හිමිවිය. කිහිප අවස්ථාවක්ම ඔහුගේ කරුණු ඉදිරිපත් කිරිම හමුවේ දැඩිසේ බාධා කිරිමට දෙමළ සංධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පි සුමන්තිරන් උත්සහ ගත් අතර විනිසුරුවන්ගේ අවවාද හමුවේ සමාව අයැද ඔහු නිශ්ශබ්ද විය.

අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ පි සුමන්තිරන්ට ද විනාඩි 5 ක කරුණු ඉදිරිපත් කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථාව ලබදුන් අතර ඔහුගේ තර්කය වූයේ “2003 වර්ෂයේදි අගවිනිසුරු සරත් එන් සිල්වා විනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මුදල් පනතක් පාර්ලිමේන්තුවේ අනුමත කරගත් අවස්ථාවක ඊට බැංකු පනතට සම්බන්ධව සංශෝධනයන් එකතු කිරිමක් කර තිබු බවත්, ඒ සම්බන්ධව මෙවෙනි මූලික අයිතිවාසිකම් නඩුවකදි ම ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරුන්ගේ තීරණය වූයේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වීමෙන් පසුව කථානායකවරයා සහතික කල පසු එය නීතියක් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට එයට මැදිහත් වීමට නොහැකිය යන්න” ය.එහෙත් එහිදි කරුණු දක්වමින් සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කලේ තමා ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම ජනතාවගේ ඡන්ද අයිතිය හා පරමාධිපත්‍යය සම්බන්ධ කරුණක් බැවින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසු එය නීතියක් බව තමා පිලිගත්තත් පසුගිය දා පලාත් සභා මැතිවරණය සම්බන්ධ සම්මත කරගත් පනත සම්පූර්ණයෙන්ම ජනතාවට ගැසට් කොට ඉදිරිපත් කල කෙටුම්පතට පරිභාර එකක් බවයි. එමෙන්ම මෙම හේතුව නිසා උතුරු මැද, සබරගමුව, හා නැගෙනහිර නිසියාකාරව පැවත්වීමට නියමිතව තිබු පලාත් සභා මැතිවරණය දින නියමයකින් තොරව කල් ගොස් ඇති බවයි. එම නිසා එම අවස්ථාවේදි තිබු වලංගු නිතිය අනුව නිසියාකාරව මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂාකර දෙන ලෙසත් අවශ්‍යනම් අනාගතයේදි මෙසේ සම්මත කරගන්නා නිතී අනුව ඡන්දය පැවත්වුවාට ගැටලුවක් නොමැති බවයි.

මෙම කරුණු සලකා බැලු ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ල ලබන 19 වෙනිදා නැවත මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී සලකා බැලීමට තීරණය කලේ ය. තව කෙනෙකුට කියවන්න Share කරන්න

sabato 7 ottobre 2017

දූෂණ විරෝධි වසන්ත සමර සිංහගේ දූෂණ පොළිසියට අතේ මාට්ටු...!

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් ගහපු ඩබල් ගේමක් අද දිනයේ අතේ පත්තු වී තිබේ. ඒ ඔහු විසින්ම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.
නාමල්‍ රාජපක්ෂ මහතා තම කාර්‍යාලය පවත්වමින් තිබූ කොළඹ 5 ගවර්ස් පෙදෙසේ අංක 7 දරණ ඉඩම සහ ගොඩනැගිල්ල නාමල් රාජපක්ෂ මහතා සතු ඉඩමක් බව පවසමින් ඒ පිළිබඳව විමර්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා, වසන්ත සමරසිංහ මහතා විසින් පැමිණිලි කර ඇත. මේ පිළිබඳව කල පොලිස් පැමිණිලි වලින් එම චෝදනා වසන්ත සමරසිංහටම ආපසු එල්ලවන තත්ත්වයට පැමිණීම නිසා ඊයේ දිනයේදී එම විමර්ෂණය ඉහල නියෝග වලින් නවතන්නට කටයුතු කර ඇත.
එම ගොඩනැගිල්ලේ වත්මන් හිමිකරු ගේ කට උත්තරයේ වසන්ත සමරසිංහගේම නම සඳහන් වීම නිසා බලධාරීන් ගේ ඇස් උඩ ඉන්ද වී තිබේ. නිමල් පෙරේරා පවසා ඇත්තේ, මෙම ඉඩම හා ගොඩනැගිල්ල තමන් භූතානි නම් අයෙකුගෙන් මිලියන 800කට මිලට ගත් බවත්, ඒ සදහා සම්භන්ධීකරණ කටයුතු කලේ මෙම පැමිණිල්ල දැමූ වසන්ත සමරසිංහම බවත්‍ ය.
වැඩි දුරටත් නිමල් පෙරේරා මහතා පවසා සිටින්නේ, මේ සම්භන්ධීකරණ කටයුතු කිරීම නිසා බ්‍රෝකර් ගාස්තු ලෙස භූතානි අඩු කල මුදල වන මිලියන විසි හතරක මුදල තමන් විසින්ම වසන්ත සමරසිංහට ලබා දුන් බවයි. ඒ වගේම භූතානි සතුව තිබූ තවත් ඉඩම් හතරක් විකිණීම වසන්ත සමරසිංහගේ සම්භන්ධීකරණයෙන් විකුණූ බව තමන් හොදාකාරයෙන්ම දන්නා නමුත් එහි බ්‍රෝකර් ගාස්තු පිළිබඳව තමන් නොදන්නා බවද පැවසීය.
නාමල් රාජපක්ෂ තම ගොඩනැගිල්ල සිය කාර්‍යාලය ලෙස භාවිතා කල බවත්, නියමිත කාලය අවසානයේ ඔහු එයින් ඉවත් වී ගොස් ඇති බවත් නිමල් පෙරේරා විසින් පොලීසියට වැඩි දුරටත් දන්වා ඇත. ඒ අනුව සුදු රෙදි පෙන්වමින් අනුන්ව බොරු පැටලවිලි වල හිර කරන්නට ගත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගේ රෙදි සියල්ල ලිහී නිරුවත් වී සිටින බව අප ඔබට ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කර සිටිමු.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

martedì 3 ottobre 2017

ෆොන්සේකා ෆේස්බුක් සටනට බලඇනියක් යොදවයි.


සරත් ෆොන්සේකා මේ වන විට සමාජයේ මහත් අප්‍රසාධයට ලක් වීමත් සමග මුහුනුපොතේද පසු ගිය කාලය තුල වැඩි වශයෙන් ඔහුට බැන වදිමින්  ඔහුගේ පාවා දීම්, සහා මහා සංඝරත්නයට කල අපහාසයන් රැසකට අප්‍රසාදය පල කරමින් ප්‍රචාරය වීමත් සමග මෙලෙස සිදුකරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙහිදී ඔහුට ඇති ස්ත්‍රී දූශන චෝදනා, යුධ හමුදා සේවයේ සිටියදී  ඩෙන්ඩර් හරහා කල වංචා, සුදු කොඩි නඩුවෙන් රට පාවා දීම, පෞද්ගලික පලිගැනීම් මත ජගත් ජයසූරිය මහතාට කරන චෝදනා, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ චෝදනා, මහා සංඝරත්නයට කරන අපහාස , කොටි හිතවාදීන්ගේ ප්‍රසංසා, ngo පොම්ප කරන මුදල් නිසා කෙරෙන බොහෝ දෑ හෙළිවෙමින් ඔහුට එල්ලවන චෝදනා යටපත් කිරීමට හැකි පුහුණුව ලත් සන්නද්ධ පිරිසක් වැටුප් ලබාදෙමින්  මුහුණුපොතට යොදවා ඇති අතර ඔවුන් බහුතරයක්  හමුදාවේ සේවයේ සිටි අය වන අතර හමුදා සේවයේ නියුතු අය මේ සදහා යොදා ගන්නේද නිසි තොරතුරු මෙතෙක් ලැබී නැත... 
-උපුටා ගැනීමකි.


තව කෙනෙකුට කියවන්න Share කරන්න

ඩිපෙන්ඩර් කුමාරිට වැඩ වරදියි-ගම්මන්පිලට අපහාස කලාට බිලියන බාගයක් වන්දි ගෙවීමට තීන්දු වෙයි”


“ඩිපෙන්ඩර් කුමාරිට වැඩ වරදියි-ගම්මන්පිලට අපහාස කලාට බිලියන බාගයක් වන්දි ගෙවීමට තීන්දු වෙයි”

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට රූපවාහිනී සාකච්චාවක ප‍්‍රසිද්ධියේ අපහාස කලේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මියට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව ඒකපාර්ශකව විභාග කර තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව මන්ත‍්‍රී උදය ගම්මන්පිලට රුපියල් බිලියන බාගයක වන්දි මුදලක් ගෙවන ලෙසද ඇයට නියෝග කර ඇත.පිවිතුරු හෙල උරුම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.‘2015 ජූලි 02 දින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමිය රූපවාහිනි වැඩසටහනකට ඇවිත් මම හොරෙක් යැයි කියමින් මට අපහාසාත්මකව කතා කළා. අම්මා තාත්තා පවා පචයා කියලා නම දාපු ඇමතිවරයෙකුගේ ඉගැන්නුම් බසටයි එසේ කලේය.මට සිදු වුණු අපහාසයට වන්දි ලෙස ඇය ගෙන් රුපියල් මිලියන පන්සියක් අය කර දෙන මෙන් ඉල්ලා මම කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරුවා. පච ඇමති කියූ කතා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නොමැති නිසා ඇය අධිකරණයට පැමිණියේ නෑ. එසේ අධිකරණයට පැමිණියා නම් අර බ්‍රයන් ෂැඩික්ට උනා වගේ මට මතක නෑ මම දන්නෙ නෑ කියන්න තමයි ඇයටත් වෙන්නේ.ඒකපාර්ශවිකව නඩුව විභාග කරලා මට රුපියල් මිලියන 500ක් ගෙවන්න කියලා අධිකරණය ඇයට නියෝග කළා. මට යුක්තිය ඉටු කිරීම පිළිබඳ මම අධිකරණයට හිස නමා ආචාර කරනවා. තමන්ගේ කළු ඩිෆෙන්ඩරය අහිමි වේවි කියන බියට කල් මැරීම සඳහා ඇය අභියාචනා කර තිබෙනවා. නමුත් ඇගෙ ඉරණම දැන් තීන්දු වී හමාරයි’


තව කෙනෙකුට කියවන්න Share කරන්න

domenica 1 ottobre 2017

"ලේ කිරි දුන් උන් ලේත් උරා බී" 10 කොටස (නිමි)

෴  1948   ලැබුණා  යැයි    කියන   නිදහසෙන්   පසුව....  අර්ධ   ස්වාධීන   රාජ්‍යයක්   ලෙස   ලෝක  සිතියමේ    පෙනෙන්නට   තිබුනද....  රටේ  බහුතර  ජනතාවක්  ඒ  නිදහසවත්   භුක්ති   වින්දේ  නැත...

දෙවන   ලෝක   යුද්ධයෙන්  සහ   වසර  ගණනාවක    යටත්  විජිත   යුගයකින්   පසු    පෙරදිග  ධාන්‍යාගාරය   යැයි   විරුදාවලි   ලබා  තිබූ   මේ  පින්  බිමේ   මිනිසුන්  අතලොස්සක්  මහා  ධන  කුවේරයන්   වූ   බවද....සෙස්සන්   කූපන්  පොතට   සමූපකාරය   හරහා  පිනට  දෙන    හාල්  ටිකෙන්  ජීවත්වන...නිකමුන්   වූ  බවද  මෑත  ඉතිහාසය  සාක්ෂි  දරන්නේය...

මේ    සමාජ   ක්‍රමය   නොඉවසූ    සමාජවාදී   කඳවුර   නියෝජනය   කල   සරත්  මුත්තෙට්ටුවේගම ඇතුලු   පිරිස...සූරිය මල්  ව්‍යාපාරය    හරහා   ජනතාව    දැනුවත්  කරවීය..  ඔවුන්ගේ     ජනප්‍රියත්වය....වලව් වල     පදනම   දෙදරන්නක්ම   විය  ..එබැවින්   ඔවුන්ම   දෙපිල  බෙදී    දේශපාලන  ප්‍රෝඩාව   දියත්  කලෝය....
ඒ  අනුව...D.S.  සේනානායක  ගෙන්   වෙන්වුණු   බණ්ඩාරනායක..  වෙනම  පක්ෂයක්  නිර්මාණය  කර    බලයට  පත්  වුනේය... 
ඔළු  ගෙඩි   මාරු  වීමෙන්   පාලන  ක්‍රමයේ   ලොකු   වෙනසක්  නම්    සිදු වුනේ    නැත...

හත්  හවුල  යන  අන්වර්ථ  නාමයෙන්   හැඳින්වූ   සමගි   පෙරමුණු   රජය.... ලංකා   මාතාව....නිදහසේ   සළු  පිළි   අන්දවා   හැඩ  කලේය.... තව  අවුරුදු   කීපයක්  පැවතියේ  නම්...  අසියාවේ.....ශක්තිමත්ම   ආර්ථිකයක්   හිමි  රට  බවට  පත්වීමේ    මග  සලකුණු  පැවතියේය....
එකල    සිංගප්පූරුවේ....අගමැති කීවේ....ඔවුන්   සිංගප්පූරුව...ලංකාවක්...කරන..බවය....ඒ...ඔවුන්ට..වඩා..ඉහලින්..අපි..සිටිය...නිසාය....
නමුත්   සිංහලයා...ගේ   අමන  කම   පෙන්වමින්....1977දී   ජේ.ආර්...ජයවර්ධන....නම්...සිංහල   ජාතියේත්... සංස්කෘතියේත්.....නිදහසේත්    වෛරක්කාරයා      බලයට   පත්  කලේය.....

එතැනින්    ඇරඹී   ලංකාවේ....සමාජ....ආර්ථික...අධ්‍යාපනික.....ශාසණික....බිඳ වැටීම....  වසර   තිහකට   ආසන්න    යුද්ධයකින්   පීඩා  විඳි   අඳුරු   යුගයකට....රට    ඇද   දැම්මේය...
රටේ  සුභසිද්ධිය....වෙනුවට...තම..මඩිය..තර.කර...ගන්නා.....පරම්පරා  ගනනකට   සෑහෙන මුදලක්  උපයා  ගන්නා...ව්‍යාපාරයක්   බවට    පත්  කර   ගත්    ගුණාත්මක  භාවයෙන්   හීන  වූ   මිනිසුන්......පාලකයන්   බවට  පත් විය....
1977   සිරිමාවෝ  මැතිනිය   රජය   බාර  දෙන  විට   මහා  භාණ්ඩාගාරයේ     මුදල්    අතිරික්තයක්   ඉතිරිව   පැවතියේය...ඉන්   වසර  කීපයකට  පසු   ලක්මව   නිර්වස්ත්‍ර  කර     විදේශිකයන්ට   විකුණා  හමාරය....මතු උපදින   පරම්පරා  ..ගනනක්  ණයකාරයින්  කර  හමාරය..

සිංහලයා   මෝඩයා...ගුණමකුවා...නිවටයා...කියන්නට....හොදම...උදාහරනයක්...පොඩි  මැණිකේ   නැන්දාගේ    කුඩා  කාලයේ    සිදු  වූ  බව  කීවාය....එය...මෙසේය....
එවර  බලංගොඩ....මැතිවරන   කොට්ඨාශයට.....එ.ජා.ප.  යෙන්   තරඟ  කලේ...එම්.එල්.එම්.  අබුසාලි...නම්...මුස්ලිම්   ජාතිකයා  වූ   අතර....ශ්‍රී.ලං.නි.ප.  තරඟ  කලේ   සිරිමාවෙ⁣ා්   මැතිණියගේ   නෑනා   වූ   මල්ලිකා...රත්වත්⁣තයි.....එවකට  බලංගොඩ  මුස්ලිම්   පවුල්  දහයකට  වඩා   නොසිටියේය...

බහුතර  සිංහල   මිනිසුන්  ජයපැන්  බිව්වේ   අබුසාලි   සමගය.... එදා   සිංහලයාගේ   සටන්  පාඨය  වූවේ....*අබුසාලිට....ආසනේ....රත්වත්තෙට  පාචනේ..*  කියාය......අද..එහි...විපාක...ඔවුන්ගේ  බාල   පරම්පරාව  විඳින්නේය...

එතැන්  පටන්   විධායක  බලය   හිමි  ජනාධිපතිවරු   හතර  දෙනෙකු    යටතේ   බෙදුම්වාදී   අරගලය...වර්ධනය  වූවේය....

අවසානයේ    විශාල   දේපොල   හානි  සහ  ජීවිත  හානි   සමගින්  රට   අරාජික  වී  මරණ   බය   පමනක්   දැනෙන ..ඊළඟ  මොහොතේ   මරණය   වැලඳ  ගැනීමට සූදානමි   මිනිසුන්   ඉතිරිවිය.....

ඊ...ලඟට   පත්වූ   පස්වෙනි  ...විධායක...ජනාධිපති...වූ....මහින්ද
රාජපක්ෂ...හමුවේ   අභියෝගයක්ව  පැවතියේ....යුද්ධයේ....අවසානයක්..දැකීමයි..ජනතාව...ඔහුගෙන්..ඉල්ලුවේද...එපමනයි...

ඔහුගේ   දුර දක්නා   නුවනින්...සහ..නොපසුබට.....උත්සාහයෙන්..... දින...දින...ගොඩ  ගැහුණු...මළ මිණී.....රණවිරු   මාවත්....රණවිරු..බස්නැවතුම්.... දුක්  කඳුළු   අඳෝනා.....වියැකී....ලක්මව...සැනසුම්..  සුසුම්   හෙළුවේය.....

එපමණකින්    නොනැවතුණු  ඔහු   විශ්මිත   සංවර්ධනයක්  කරා  මේ  පුංචි   පින්බිම...ඔසවා  තැබුවේය....නමුත්   සිංහලයාගේ   අමනකම  නැවතත්  මතුව   ආවේය....

ලෙනින්  ලාගේ  ලෙයින්  කඳුලින්   ගොඩනැගූ  රුසියාව....විනාශ  කරන්නට....මිහායෙල්   ගොර්බචොප්.....රජ  වූවා...සේම....අපේ..රටද   අඳුරට..වැටුනේ..ඉතිහාසයේ...කවරදාටත්  වඩා...  කණගාටු දායකවය.....  
ඉතින්...ඉවසීමේ   අවසානයේ.....පොඩි  මැණිකේ  නැන්දලාට....ජයමිණිලාට......කැති   මුගුරු  ගෙන  නැගිටින්නට....වෙන්නේ....නිවට...නියාලුව   නිදිවැද   සිටින....සුරනිමලලාගේ...මහාසෝනලාගේ...නන්දිමිත්‍රලාග්...  බොටුව  පාගාගෙන   බව   නොකිව  මනාය.....
====================================
******අදින්   අවසන්   කරමි....අවසානය  මෙය....නූනත්.....මං   විපුල....*****
තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...