lunedì 24 giugno 2019

අනුරාධපුර යුගයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්ථූපයත් ඩෝසර් කරලා...


අනුරාධපුර යුගයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්ථූපයත් ඩෝසර් කරලා...
******************************

නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින්  ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක්  ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විසිරී පවතින නටඹුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථූපය  හා  ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවඩිවෙම්බු ග්‍රාම සේවා වසමේ මෙම ස්තූපය හා ආරාම සංකීර්ණය පිහිටා ඇත.

වාලච්චේන මඩකලපුව මාර්ගයේ ADS හංදියෙන් වමට හැරී කිලෝමීටර් 04ක් පමණ දුරක් ගමන් කිරීමෙන් මෙකී ස්ථානයට ළඟාවීමේ හැකියාව පවතී. කලපු කොටසකින් වටවූ භූමියේ තරමක් උස් ස්ථානයක ආරාම සංකීර්ණය පිහිටා ඇත.

මෙහි ප්‍රධාන ස්තූපය හා ආරාම සංකීර්ණයේ කොටසක් ඩෝසර් කර මිරිස්, මෑ, බටු හා පොල්  වැනි බෝග වගාකර ඇත. ස්තූපයට අමතරව ඉපැරණි  ගොඩනැගිලි 07ක අවශේෂ හඳුනාගත හැක. ස්තූපයට නැගෙනහිරට වන්නට  පිහිටි  අවශේෂ ගොඩනැගිලි තවමත් විනාශකර නොමැත.

ස්තූපයේ උතුරු දිශාවට  වන්නට සිරිපතුල් ගල් දෙකක් හා කැටයම්  රහිත සඳකඩ පහණක්  දැකිය හැකිය. ස්තූපයට අයත් විශාල ප්‍රමාණයේ  ශිලා පුවරු, ස්තම්භ  හා ගඩොල් යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් ඉවත්කර ඉඩමේ  කෙළවර ගොඩගසා ඇතැයි පුරාවිද්‍යා ආරංචි මාර්ග පවසයි.

තවත් ගඩොල්  කොටස්  ස්තූපය අසළම ගොඩගසා ඇත බවත් ස්තූපයේ විශ්කම්භය මීටර් 32ක් පමණ බවත් සඳහන් වෙයි.

ස්තූපයේ පේසා වළලු හා ගර්භයේ බිත්ති කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මෙයට අයත් බොරදම් ගඩොල් තැන තැන විසිර පවතී. ස්තූපයට නැගෙනහිර දිශාවට වන්නට පෙරලා දමන ලද යූපස්ථම්භය දැකිය හැකිය. භූමිය පුරා රක්ත වර්ණාලේපිත මැටිබඳුන් කොටස් මෙන්ම උළු හා ගඩොල් විසිර පවතී.

(උපුටා ගැනීම නෙත් ගොසිප්)






මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

sabato 22 giugno 2019

තුඹසින් එලියට ආ මොහු කවුද?


තමා එංගලන්තයේ නිතිඤයෙකු ලෙස කටයුතු කලායැයි පවසන නාගානන්දගේ සෑබෑ ස්වරූපය දැන් එලිවෙමින් පවතී..වසර 30 ක කුරිරු යුද්දය සිදු වෙමින් තිබූ කාලය තුල රනවිරුවන් වෙනුවෙන් හා ත්‍රස්තවාදයට එරෙහිව එංගලන්තයේ සිටින ලාංකිකයින් දහස් ගනනින් පාරට බහිද්දී නාගානන්ද සිටියේ කෝහේදැයි කිසිවෙකු දන්නේ නැත..ltte හිතවාදීන් එවක ආණ්ඩුවට සහ රණවිරුවන්ට විරුද්දව එංගලන්තයේ අධිකරණයට යද්දී ඊට එරෙහිව ලාංකික නිතීඤයන් කටයුතු කරද්දී "නිතිඤ"😀 නාගානන්ද හිටියේ කොහිදැයි කවුරුත් දන්නේ නැත..නමුත් අද ඔහු එක්වරම අහසින් මතු වී ජාතියේ එකම ගැලවුම් කරුවා සේ අපුරුවට රගපාමින් සිටී...එදා පොලොවෙන් මතුවූ එකාට අසුවී හුස්මක් කටක් ගන්න බැරිව හතිවැටි සිටින උන් අද කිසිදු ලැජ්ජාවකින් තොරව නැවතත් කට බලියාගෙන ඒ දෙස බලා අත්පුඩි ගසන්නේ තමන්ගේ උපන්ගෙයි මරි මොල් ගොන්කම ඇර ගැනීමට තරම් පිනක් නැති බැවිනි..
                                          ශ්‍රී ලංකා රේගුව තුල කල වංචාවට වැරදිකරු වූ නාගානන්ද තම හිතවතුන්ට මුහුන දී ගත නොහී පනින්නේ එංගලන්තයට..එංගලන්තයේ නිතිඤයෙකු ලෙස කටයුතු කලායැයි පැවසුවත් ඔහු  රැකියාව ලෙස කලේ Tesco නම් සුපර්මාර්කට් ජාලයේ ගබඩාවක බඩු ඇසුරුම් කරන්නෙකු ලෙසය..ශ්‍රී ලංකාවට එනතුරුත් ඔහුගේ රැකියාව එයය..යුරෝපයේ රැකියාවෙන් පුද්ගලයෙකු මනින්නේ නැති නමුත් ලාංකිකයින්ට මොහු කරන ප්‍රෝඩාව එලිකල යුතු නිසා මෙසේ ලියමි..
                                           ඔහු එංගලන්තයේ අධිකරණයකට ගොඩ වූයේ නම් ගොඩවූයේ එක්වරක් පමණි..ඒ චූදියෙක් වෙනුවෙන් පෙනී සිටීමට නොව තමන්ට එරෙහි නඩුවක චූදිතයෙක් ලෙසය.. ඒ මෙසේය.. ලංඩනයේ දීර්ඝ කාලයක් සිට ජීවත් වන ලතා ගුණතුංග මැතිණිය ආගම දහමට දැඩි ඇල්මක් දැක්වූ මැදි වයසද ඉක්මවූ තැනැත්තියක් විය.. ඇය කොතරම් බුදුදහමට ලැදිද කිවහොත් ඇය ජීවත් වූ Letchworth පෙදෙසේ විහාරස්තානයක් ආරම්භ කිරීමට පවා පෙරමුණ ගත්තාය..ඒ එම පෙදෙසේ සිටින බෞද්දයින්ට වන්දනා මාන කි‍රීමට විහාරස්තානයක් නොතිබූ නිසාය..ඒ මීට වසර 15 ට පමණ ඉහතදීය..කෙසේ හෝ තම හිතවතුන් සමග එක්වී ඇය නො.69 pix road, Letchworth, garden city යන ලිපිනයේ ගොඩනැගිල්ලක් කුලියට ගෙන ශ්‍රී ලංකාවේ සිට ස්වාමීන්වහන්සේ නමක්ද වැඩමවා විහාරස්තානයේ වැඩ කටයුතු ආරම්භ කලාය. එය ලාංකික බෞද්ධයන්ගේ පමණක් නොව වෙනත් රටවල බෞද්ධයන්ගේත් ප්‍රශංසාවට ලක්වූයේ ඔවුන්ගේ කාලීන අවශ්‍යතාවයක් පිරිමැසුනු නිසාවේනි..
                                        නාගානන්දද සිටියේ මේ ප්‍රදේශයේමය.. උපන්ගෙයි කපටියෙකු හා අවස්තාවදියෙකු වූ නාගානන්ද දිනෙන් දින දියුනුවන හා ජනතාව අතර ප්‍රසාදයට පත්වන මේ දෙස බලා සිටියේ කෙසේ හෝ මේ තුලට පැන එහි මූලිකත්වය ගැනීමටය..ඒ සදහා ඔහු කලේ විහාරස්තානය වැදපුදාගැනීමට ඒ තුලට ගොස් එහි සිටි කන්ඩායමක් බිලි බා ගැනීමය..අනතුරුව කුමන්ත්‍රණය ක්‍රියාත්මක කෙරිනි..විහාරස්තානය තුල කමිටුවක් සාදාගත් ඔහු ස්ත්‍රීන්ට  විහාරස්තාන තුල මූලිකත්වය ගෙන කටයුතු කල නොහැකි බවත් එය සමාජ විරෝධී  බවත් ඒදහා නියම සුදුස්සා තමන් බවත් පවසමින් කලහකාරී ලෙස හැසිරී ඇත.ඒ අතර letchworth නගර සභාව මොහුට ගෙවන ලද සමාජ සුභසාදන ගෙවීම්ද නතර කර ඇත..ඒ ලංකාවේ විශාල වත්කමක් තබාගෙන නිත්‍යානුකූල නොවන ලෙස රැකියාවක් කරන අතර රැකියාවක් නොමැති බව පවසමින් නගරසභාවෙන් පවුලේ වියදමට   මුදල් ගෙන ඇති අතර ඒ වංචාව ඔවුනට හසුවීම නිසාය..දූෂන ගැන කතා කරන සුචරිතවාදියා එංගලන්තයේ නගරසභාවට වංචා කලේ එසේය. ..මේ සියල්ලට මුල්වූයේ ලතා මැතිනියැයි සිතූ උපන්ගෙයි මූලග්ගිනි කාරයෙකු වූ නාගානන්ද ඇගේ නිවසට ගොස් ඇය තල්ලු කොට ඇයට මරණ තර්ජන කලේ ඇයගේ වයස ගැනවත් නොසිතාය..ඇයගේ හිතවතුන් මේ ගැන පොලිසියට පැමිණිලි කලහ..පොලිසියෙන් ඔහුට විරුද්දව කටයුතු කරනු ලැබුවේ කාන්තාවකට මරණීය තර්ජනය කිරීම සම්බන්දවය..
                       වරදකරු වූ නාගානන්දට අදටත් ලතා ගුණතුංග මැතිණිය සිටින ස්තානයකට මීටර් 150 ක් වත් ලගකින් යා නොහැක..ඔන්න අනාගත ජනපති අපේක්ෂගේ ලංඩනයේ තත්වය..
                       ජිවිතේටම වාහනයක් නොපැදවූ පුද්ලයෙකුට එක්වර වාහනයක් ධාවනය කිරීමට දුන්නොත් තත්වය කෙසේවේවිද...අවම වශයෙන් උදැල්ලක් නොඇල්ලුවෙක්ට කානුවක් කැපීමට දුන්නොත් කෙසේවේවිද..එසේනම් ගම්සභාවකවත් නිලයක් නොදැරුවෙක් ජනපති වූවොත් කෙසේ වෙයිද 😀...ඒ නිසා රෑ වැටුනු වලේ දවල් වැටීමට තරම් ඔබ අනුවන නොවන්න...ඕනෑම කෙනෙකුට සුරංගනා කතා කී හැකිමුත් ඒවා විස්වාස කිරිමෙන් හානි වන්නේ ඔබටමය ..ඔවැනි සුරගන කතා දහසක් කියා බලයට පැමිනි යහපාලනයෙන් හෙම්බත් වී සිටින ඔබට අවශ්‍ය නැවත කබලෙන් ලිපට වැටීමටද නැතිනම් මේ තීරණාත්මක අවස්තාවේ නියම සිංහල ජාතිකවාදියාට මේ රට භාරදී රට වැටි තිබෙන අගාදයෙන් රට ගොඩ ගැනීමටද.. මේ රට බෙරා ගැනීමට ඔබටත් මටත් ලැබෙන අවසාන අවස්තාව බවත් මෙවර ලාංකිකයාට වැරදුනහොත් නැවත නිවැරදි කිරීමට කාලයක් එලඹෙන්නේ නැති බවත් තරයේ සිහිතබා ගන්න..
                                          මෙවර නාගානන්ද එංගලන්තයෙන් පිටවීමට පෙර තම ලගම හිතවතාට පවසා ඇත්තේ මෙසේය...මම ලංකාවට ගිහින් හොලවන්නේ අතයි කටයි විතරයි..ඒ කරල එනකොට මට මිලියන තුන් හාරසීයක් නිකන්ම හොයා ගන්න පුලුවන්..එහෙම ගානක් කොහොමද  මෙහේ ඉදල හොයා ගන්නේ යනුවෙනි...

 ලන්ඩනයේ letchworth පොලිසියෙන් මෙන්ම නගරසභාවෙන්ද මේ ගැන කරුණු දැනගත හැකි බවද සලකන්න ..

සත්‍යයේ සටහන ඔබේ බුද්දියේ විමසුම සදහාමය..
                                                       
(උපුටා ගැනීමක්)


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

giovedì 20 giugno 2019

සජිත් ලවා සංගා ජනාධිපති වේදිකාවට ගෙන ඒමට රනිල් සැරසේ..?



සජිත් ලවා සංගා ජනාධිපති වේදිකාවට ගෙන ඒමට රනිල් සැරසේ..?

කාලාන්තරයක් තිස්සේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පොදු මතය වූ අතර එම වෙනස ඉතා ඉක්මනින් සිදු කරන බව පොරොන්දු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව 2018 අප්‍රේල් මස ගෙනෙන ලද විශ්වාස භංගයට පවා අත ඔසවා ගැනීමට එතුමන් තම පක්ෂයේ ඇමති මණ්ඩලය එකග කරවා ගත් යුගයක් වීය.

එය එසේ පුස්සක්ව පහව යද්දි ජනතාව ඉන් නොනැවති ජනාධිපති අපේක්ෂකයා කිරීමට අදටත් පොරබදිමින් සිටින කාලයක පසු ගියදා තම පක්ෂයට දන්වා සිටියේ අනාගත ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා කතා නොකරන ලෙසයි. එහි යටි අරමුණක් ඇත.

රනිල් වික්‍රම සිංහ මහතා අග්‍රාමාත්‍ය වූයේද උකුනන් ලවා කොස් ඇට බෑමේ කපටි නුවණින්ය. මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව වේදිකාවට නංවා බලයට ගෙන ආ ඔහු තම පාක්ෂිකයින් ලවා කතිරය ගැස්ස වූයේ පොරොන්දු මල්ලක් ඔවුන් වෙත තබාය. ඒ අතර ලැම්බොගිනි, රං අශ්වයෝ, මාලිගා , හෙලිකොප්ටර් , බැංකු ගිණුම් වේදිකාවේ සිටි උන්ගේ මුඛයේ තිබුන  විශේෂ ආම්පන්න විය. ඔවුන් මාතෘකා බෙදා ගත්තේය. ශ්‍රී ලනිප ය විවිද ව්‍යාපෘති වල අක්‍රමිකතා, ලැම්බොගිනි ,මාලිගා ආදිය කියමින් රෑ එලිවෙනකල් උනත් කියන්න සූදානම් බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීම ඉටු කලේය.  Jvp ශිරන්ති මහත්මියගේ මොන්ටිසෝරිය, නාමල්ගේ කාර් රේස් එකට ගත්ත කාර්, මොණරාගල හරක් කොටු  ආදිය බලා ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ඇසිමට ජනතාව එකතු කරමින් වේදිකාවේ මිරිස් කරල් උඩ දැමුහ, වයිෆයි, වොක්ස් වැගන් ආයතන, පුංචිකාර් පිළිබද ජනතාවට සිහින මැව්වේය. සෝභිත රතන හිමිවරු මොවුන්ට චන්දය දෙන ලෙස බල කරමින් සිංහල බෞද්ධ ජන පදනමට ගැසුවේය.

මේ සියලු කරුණු කාරනා බොරු කරමින් තව දුරටත් බලයේ සිටීමට නම් තමා දේශපාලන වේදිකාවේ තිරය පිටු පස සිට මෙහෙය වීමට නගුල අතට ගත යුතු බව ඕනෑම කෙනෙකුට වැටහෙන කාරණයකි. එක වරක් ජනතාව මුලා කල හැකි නමුත් නැවත එය කරනේ නම් තම පාක්ෂිකයන්ගෙන් වේදිකාවට ගල් මුල් ඒම නතර කල නොහැක. මේ වන විට ඒ තරමට ජනතාව කෝපයෙන් සිටින බව දන්නා වික්‍රමසිංහ මහතා මෙදා වෙනම ගැටයක් ගැසීමට අර අදින්නේ ද එකවර දෙදෙකු ලව්වා කොස් ඇට බෑමටය.

මේ කතාවේ ජනතා අපේක්ෂා භංග වන්නේ දැන් ය. ජනතාව ජනප්‍රියත්වයට තාරුන්‍යය ඇදී යන බව වික්‍රමසිංහ මහතා තදින්ම විශ්වාස කරන්නෙකි. ඒඅනුව ඔහු තෝරා ගන්නේ ඔහු කලක පටන් ඇසුරු කරන, ජනාදරය දිනූ කුමාර් සංගක්කාර මහතාය. නමුත් ගැටලුව නම් ඔහුට දේශපාලන පිටියේ හසල දැනුමක් නැත. එයට විකල්පයක් ලෙස තමාට ඔහු සමග වේදිකාවට නැගීමෙන් වන්නේ තියන චන්දයත් අහිමි වීම බවත් පක්ෂයේ ජනප්‍රියත්වය සජිත් මහතා මත තිබියදී ඒ වෙත ජන කැරලි ගැසීමට ඇති අවධානමත් ඔහු හොදින්ම දනී.

එම නිසා මෙවර වික්‍රමසිංහ මහතාගේ අගමැති සිහිනයේ ඉලක්කය වී ඇත්තේ සජිත්ගේ දේශපාලන භුමිකාවෙන් උපරිම ඵල තමන් නෙලා ගැනීමටය. මේ ආණ්ඩුව ඒමෙන් පසු යම් තරමකට හෝ යමක් කල කෙනෙකුට සිටින්නේ සජිත් පමණි. ( නිවාස සංවර්ධන අමාත්‍යාංශය යටතේ නිවසට ලක්ස පහක් සහා මාකටින් එකට ලක්ෂ තිහක් වැය කිරීම පිළිබදව වෙනම කතාවකි) සජිත් සමග , සංගක්කාර වේදිකාවට නංවා සජිත් ලවා ඔහුට චන්දය දීමට ජනතාව පෙළඹවීම මීලග ජනාධිපති වරණයේ ඉලක්කය බව ඒ.ජා.ප පක්ෂ කාර්‍යාලයෙ පැවති රහස් සාක්ච්චාවකින් පසු ලැබෙන තොරතුරු අනුව සදහන්. එවිට සංගක්කාර මහතා වටා එක්වන තරුන පාවෙන චන්ද සහා සජිත් ප්‍රේමදාස මහතා විශ්වාස කරන ජනතා චන්ද ලෙස ද තවත් එක්වන මහා සංඝරත්නයේ කිහිප දෙනෙකු දැනටපත් පොරොන්දු වී ඇති අතර උන් වහන්සේලා  බෞද්ධ බලවේග,බදුර්දීන් වැනි මුස්ලිම් බලවේග ,දමිල කුඩා පක්ෂ එක් කර ගනිමින් ජයග්‍රහනය කල හැකි බව රනිල් වික්‍රමසිංහ මහතාගේ විශ්වාසය වන බව එම සාක්ච්චාවේදි සදහන් කර ඇත. මෙය දැනට පක්ෂයේ පොදු මතය නොවන බව දැන ගන්නට ලැබුන මුත් තවමත් පක්ෂ නායක වික්‍රමසිංහ මහතා වන බැවින් සහා ඔහු සිතු දෙය කතාවකින් තොරව කිරීමේ හැකියාව හා නුවනක් ඇති බැවින් මේ පිළිබදව නොසලකා හැරිය නොහැක.

දැනටමත් ඒ පසුබිම සකසමින් සිටින බවට මෙම චායාරූප සාක්ෂි දරනු ඇත.



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...