giovedì 20 giugno 2019
සජිත් ලවා සංගා ජනාධිපති වේදිකාවට ගෙන ඒමට රනිල් සැරසේ..?
සජිත් ලවා සංගා ජනාධිපති වේදිකාවට ගෙන ඒමට රනිල් සැරසේ..?
කාලාන්තරයක් තිස්සේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පොදු මතය වූ අතර එම වෙනස ඉතා ඉක්මනින් සිදු කරන බව පොරොන්දු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව 2018 අප්‍රේල් මස ගෙනෙන ලද විශ්වාස භංගයට පවා අත ඔසවා ගැනීමට එතුමන් තම පක්ෂයේ ඇමති මණ්ඩලය එකග කරවා ගත් යුගයක් වීය.
එය එසේ පුස්සක්ව පහව යද්දි ජනතාව ඉන් නොනැවති ජනාධිපති අපේක්ෂකයා කිරීමට අදටත් පොරබදිමින් සිටින කාලයක පසු ගියදා තම පක්ෂයට දන්වා සිටියේ අනාගත ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා කතා නොකරන ලෙසයි. එහි යටි අරමුණක් ඇත.
රනිල් වික්‍රම සිංහ මහතා අග්‍රාමාත්‍ය වූයේද උකුනන් ලවා කොස් ඇට බෑමේ කපටි නුවණින්ය. මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව වේදිකාවට නංවා බලයට ගෙන ආ ඔහු තම පාක්ෂිකයින් ලවා කතිරය ගැස්ස වූයේ පොරොන්දු මල්ලක් ඔවුන් වෙත තබාය. ඒ අතර ලැම්බොගිනි, රං අශ්වයෝ, මාලිගා , හෙලිකොප්ටර් , බැංකු ගිණුම් වේදිකාවේ සිටි උන්ගේ මුඛයේ තිබුන විශේෂ ආම්පන්න විය. ඔවුන් මාතෘකා බෙදා ගත්තේය. ශ්‍රී ලනිප ය විවිද ව්‍යාපෘති වල අක්‍රමිකතා, ලැම්බොගිනි ,මාලිගා ආදිය කියමින් රෑ එලිවෙනකල් උනත් කියන්න සූදානම් බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීම ඉටු කලේය. Jvp ශිරන්ති මහත්මියගේ මොන්ටිසෝරිය, නාමල්ගේ කාර් රේස් එකට ගත්ත කාර්, මොණරාගල හරක් කොටු ආදිය බලා ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ඇසිමට ජනතාව එකතු කරමින් වේදිකාවේ මිරිස් කරල් උඩ දැමුහ, වයිෆයි, වොක්ස් වැගන් ආයතන, පුංචිකාර් පිළිබද ජනතාවට සිහින මැව්වේය. සෝභිත රතන හිමිවරු මොවුන්ට චන්දය දෙන ලෙස බල කරමින් සිංහල බෞද්ධ ජන පදනමට ගැසුවේය.
මේ සියලු කරුණු කාරනා බොරු කරමින් තව දුරටත් බලයේ සිටීමට නම් තමා දේශපාලන වේදිකාවේ තිරය පිටු පස සිට මෙහෙය වීමට නගුල අතට ගත යුතු බව ඕනෑම කෙනෙකුට වැටහෙන කාරණයකි. එක වරක් ජනතාව මුලා කල හැකි නමුත් නැවත එය කරනේ නම් තම පාක්ෂිකයන්ගෙන් වේදිකාවට ගල් මුල් ඒම නතර කල නොහැක. මේ වන විට ඒ තරමට ජනතාව කෝපයෙන් සිටින බව දන්නා වික්‍රමසිංහ මහතා මෙදා වෙනම ගැටයක් ගැසීමට අර අදින්නේ ද එකවර දෙදෙකු ලව්වා කොස් ඇට බෑමටය.
මේ කතාවේ ජනතා අපේක්ෂා භංග වන්නේ දැන් ය. ජනතාව ජනප්‍රියත්වයට තාරුන්‍යය ඇදී යන බව වික්‍රමසිංහ මහතා තදින්ම විශ්වාස කරන්නෙකි. ඒඅනුව ඔහු තෝරා ගන්නේ ඔහු කලක පටන් ඇසුරු කරන, ජනාදරය දිනූ කුමාර් සංගක්කාර මහතාය. නමුත් ගැටලුව නම් ඔහුට දේශපාලන පිටියේ හසල දැනුමක් නැත. එයට විකල්පයක් ලෙස තමාට ඔහු සමග වේදිකාවට නැගීමෙන් වන්නේ තියන චන්දයත් අහිමි වීම බවත් පක්ෂයේ ජනප්‍රියත්වය සජිත් මහතා මත තිබියදී ඒ වෙත ජන කැරලි ගැසීමට ඇති අවධානමත් ඔහු හොදින්ම දනී.
එම නිසා මෙවර වික්‍රමසිංහ මහතාගේ අගමැති සිහිනයේ ඉලක්කය වී ඇත්තේ සජිත්ගේ දේශපාලන භුමිකාවෙන් උපරිම ඵල තමන් නෙලා ගැනීමටය. මේ ආණ්ඩුව ඒමෙන් පසු යම් තරමකට හෝ යමක් කල කෙනෙකුට සිටින්නේ සජිත් පමණි. ( නිවාස සංවර්ධන අමාත්‍යාංශය යටතේ නිවසට ලක්ස පහක් සහා මාකටින් එකට ලක්ෂ තිහක් වැය කිරීම පිළිබදව වෙනම කතාවකි) සජිත් සමග , සංගක්කාර වේදිකාවට නංවා සජිත් ලවා ඔහුට චන්දය දීමට ජනතාව පෙළඹවීම මීලග ජනාධිපති වරණයේ ඉලක්කය බව ඒ.ජා.ප පක්ෂ කාර්යාලයෙ පැවති රහස් සාක්ච්චාවකින් පසු ලැබෙන තොරතුරු අනුව සදහන්. එවිට සංගක්කාර මහතා වටා එක්වන තරුන පාවෙන චන්ද සහා සජිත් ප්‍රේමදාස මහතා විශ්වාස කරන ජනතා චන්ද ලෙස ද තවත් එක්වන මහා සංඝරත්නයේ කිහිප දෙනෙකු දැනටපත් පොරොන්දු වී ඇති අතර උන් වහන්සේලා බෞද්ධ බලවේග,බදුර්දීන් වැනි මුස්ලිම් බලවේග ,දමිල කුඩා පක්ෂ එක් කර ගනිමින් ජයග්‍රහනය කල හැකි බව රනිල් වික්‍රමසිංහ මහතාගේ විශ්වාසය වන බව එම සාක්ච්චාවේදි සදහන් කර ඇත. මෙය දැනට පක්ෂයේ පොදු මතය නොවන බව දැන ගන්නට ලැබුන මුත් තවමත් පක්ෂ නායක වික්‍රමසිංහ මහතා වන බැවින් සහා ඔහු සිතු දෙය කතාවකින් තොරව කිරීමේ හැකියාව හා නුවනක් ඇති බැවින් මේ පිළිබදව නොසලකා හැරිය නොහැක.
දැනටමත් ඒ පසුබිම සකසමින් සිටින බවට මෙම චායාරූප සාක්ෂි දරනු ඇත.
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පි...
-
උදැල්ල රැගෙන කසිප්පු බොන්න යන අපේ රටේ හොර ගොවියෝ පොලිසියට මාට්ටු! ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂ...
-
සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි නැගෙනහිර ආණ්ඩුකාර M.L...