martedì 9 gennaio 2018

කොමදෝරු ඇතුළු හයට ඇප.

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ අද (09) විභාගයට ගත්තේය.

එහිදී එක් එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැඟින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වු ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

සියලු සැකකරුවන් සෑම සෙනසුරාදා දිනයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද විනිසුරුවරයා මෙහිදී නියෝග කර තිබේ.

එමෙන්ම පරීක්ෂණවලට බාධා එල්ල කිරීමක් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමක් පිළිබඳව අධිකරණයට තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද මනිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රකාශ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2008 වසරේදී කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු මෙම නාවික හමුදා නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

sabato 6 gennaio 2018

පුංචි චන්දයට පක්ෂ නායකයින්ගේ මුහුනු දැමිමට බිය ඇයි..?

මෙවර පුංචි චන්දයට ඒ.ජා.ප. අලියා ලකුණෙන්ද , ශ්‍රි ල.නි.ප බුලත් කොලය ලකුණෙන්ද, ජ.වි.පේ සීනුව ලකුණෙන්ද ෛදිරිපත් කරන අතර එහිදී එම පක්ෂ නායකත්වය දරන රනිල් වික්‍රමසිංහ මහතාගේ, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හෝ අනුර කුමාර දිසානායක මහතාගේ චායාරූප නොයොදා ගන්නා ලෙස තීන්දු කර ඇත.

එයට හේතුවන් දෙකක් ඍජුවම බලපා ඇත.

ඉන් එකක් නම් යහපලන ආණ්ඩුව ගෙන ඒමට මහත් වෙහෙසක් ගත් මෙම පක්ෂ තුනෙහි නායකත්ව මූහුණු පෙන්වීමෙන් හා ජනතාව නිතර දැකීමෙන් සිදු වන්නේ යහපාල්නය රටට කල විනාශය මතක් කිරීම බැවින් එය නුවනට හුරු දෙයක් නොවන නිසා එසේ සිදු කිරීමටත් සමහරුන් රටට වඩා පක්ෂයට අදරය කලද ඔවුන්ගේ නායකත්වය පිළිගැනීමට දක්වන මැලි කමත් සහා ඔවුන්ගේ මූහුණු යොදා ගැනිම තිය චන්දයත් නැති වීමට හේතු වන බැවින් බව තැන් තැන් වල තියන කසු කුසුව නිසාත් සමස්ථයක් ලෙස නායකයාගේ මුහුණු නොයෙදීමට තීරනැය කර ඇත.

මින් අනෙක් කරුණ නම්. මෙවර චන්දටට වෙන වෙනම ඉදිරිපත් උවද චන්දයෙන් පසු නැවත එක්ව යහපාලනය ගෙන යන බැවින් පක්ෂ නායකයින් පුම්බා දැක්වීම පළක්නැති බැවින් පක්ෂ තුනේම එකගතාවය මත කිසිදු නායකයකුගේ මුහුණක් ගමෙන් චන්දය ඉල්ලන අයට නොයොදා ගන්නා ලෙස දැනුම් දී ඇත. තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...