domenica 8 novembre 2015

දේශීය යාන්ත්‍රණයට විදේශීය විනිසුරන් ඕනෑමයි.. – විග්නේෂ්වරන් දන්වයි…


දේශීය යාන්ත්‍රණයට විදේශීය විනිසුරන් ඕනෑමයි.. – විග්නේෂ්වරන් දන්වයි…




යුද අපරාධ චෝදනා පිළිබඳව රජය ආරම්භ කරන දේශීය යාන්ත්‍රණය සඳහා ද්‍රවිඩ සන්ධානය විසින් යෝජනා කීපයක්‌ ලබන සතියේදී රජයට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම යෝජනා වාර්තාවක්‌ ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කෙරේ.
මේ අතර ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් එකී දේශීය යාන්ත්‍රණයට විදෙස්‌ විනිසුරුවන් අවශ්‍ය බව තරයේම ප්‍රකාශ කර ඇත. ඔහු යාපනයට පැමිණි ජපන් තානාපති නෙනිචි සුගුවා වෙත මේ බව පවසා තිබේ. දේශීය යාන්ත්‍රණයට මෙරට විනිසුරුවන් පත් වූවොත් අභියාචනා මගින් යුද අපරාධකරුවන් නිදහස්‌ වනු ඇතැයි විග්නේෂ්වරන් තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ විනිසුරුවන් සිටියත් ඔවුන් නිවැරදි තීරණයක්‌ ගන්නේ නැතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
– දිවයින
තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...